වැඩිම හානිය තටු කපන්න හදපු ජෝන්ස්‍ටන්‍ට! බේරි ඇත්තේ එක් ව්‍යාපාරික ස්ථානයක් පමණයි.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පසුගිය නවවැනි දින දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ඒ වන විට ආණ්ඩු පක්ෂය නියොජනය කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බොහොමයකගේ දේපළ වලට හානි සිදුවුනා.

    එයින් වැඩිම දේපොළ හානියක් සිදුව ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    ඔහුට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන දහනවයකට මෙලෙස හානි සිදුව ඇති බව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක සඳහන් වෙනවා.ඒ අතර කුරුණෑගල රත්තරව්වේ පිහිටි නිවස, වැව රවුම පාරේ පිහිටි නිවස, බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි නිවස සම්පූර්ණයෙන් ගින්නෙන් විනාශ වී තිබෙනවා. බත්තරමුල්ල වැව පාරේ පිහිටි නිවසට පහර දීමක් සිදුකර ඇති අතර කුරුණෑගල විල්ගොඩ පිහිටි දේශපාලන කටයුතු සිදු කළ කාර්යාලය, මල්කඩුවාවේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයද ගිනි තබා විනාශ කර ඇති අතර. ලග්ගල පිහිටි ගොවිපොළේද සතුන් එලවා දමා ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම ස්ථානවලට අමතරව කුරුණෑගල මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි ස්ථානවලට පහර දී තිබෙනවා. ගල්කිස්ස පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු වී ඇති අතර හිටපු ඇමැතිවරයාට අයත් ව්‍යාපාරික ස්ථානවලින් එක් ව්‍යාපාරික ස්ථානයකට පමණක් කිසිදු හානියක් වී සිදු වී නැහැ.

    නෙත් නිව්ස්
     

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,099
    2,423
    113
    මුතු ඇටේ
    Noice Thats Nice GIF
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    billion ගානක් වන්දි ගනීවි, හපුටු කබල් මැෂින් වෙනුවට වන්දි වලින් අලුත්ම මැෂින් ගනීවි. ව්‍යාපාරයට හානි වුනා කියල බදු සහනයක් එහෙමත් ගනීවි. අන්තිමට ඌ තමයි දිනුම්.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කෝ බන් "තටුකපන ජොන්ස්ටන්"???

    "ඔලුපලන නිසාන්ත" නම්එස්ටේට් එකක සෙල්පි දැම්ම
     
    • Like
    Reactions: NRTG