කොස් ඇට කළුපොල් මාලුව.
අද කියන්න යන්නේ කොස් ඇට වලින් හදා ගන්න පුළුවන් රසවත් වෑංජනයක් ගැන. මේ කළු පොල් මාලුව හදන්න අලුත් කොස් ඇට ගන්න. ඒ වගේම මිරිස් තුනපහ ගලේ අඹරලා ගන්න පුළුවන් නම් මේ වෑංජනය ඉතාම රසවත්.මට ඒ පහසුකම් නැති නිසා මම හැදුව සරල පහසු විදිහ ලියන්නම්.
අවශ්‍ය ද්‍රව්‍ය
කොස් ඇට 25ක් පමණ .
හාල් මේසහැඳි 1ක්.
පොල් මේසහැඳි 1ක්.
මිරිස් කුඩු තේහැඳි 1.1/2 ක්
බැදපු තුනපහ තේහැඳි 1.1/2ක්.
කහ තේහැඳි 1/4ක් පමණ .
ගම්මිරිස් ඇට තේහැඳි 1ක්
රම්ප /කරපිංචා
පොඩිවට කපාගත් ලූනු ටිකක්.
ගොරක කැබැල්ලක් .හෝ සියඹලා .
සුදුලූනු බික් 2ක් පමණ .
ලුණු ..
පොල්කිරි කප් 1.1/2ක්..
කොස් ඇට ටික පොත්ත පුපුරන තුරු තම්බාගන්න. පසුව වෙනත් බාජනයකට දමා පොත්ත ඉවත් නොවන විදිහට යාන්තම් තලා ගන්න.
පොල් සහ හාල් ටික රන්වන් පාටවනතුරු බැද ගන්න.පසුව ගම්මිරිස් සුදුලූනු .සහ බැදගත් හාල් පොල් ටික අඹරාගන්න.නැත්නම් ග්‍රයින්ඩ් කර ගන්න.
මැටි වලඳක් ගෙන එයට තලාගත් කොස් ඇට.පොල්කිරි.මිරිස් තුනපහ.කහ.රම්ප කරපිංචා.අඹරාගත් හාල් පොල් මිශ්‍රණය . ලූනු .ගොරක හෝ සියඹලා යුෂ..ලුණු දමා හොඳින් කලවම් කර ලිපේ තබා හොද්ද උකු ගතියට එනතුරු මද ගින්දරේ පිස ගන්න...
රේශානි ජයවර්ධන .
කරුණාකර ජායාරූපයේ ඇති නම සහ පෝස්ට් එක අවසානයට ඇති නම අවසර නැතිව ඉවත් කරන්න එපා...
--
copied --