කොස් ඇට

Hurtz

Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    අපේ වත්තේ කොස් ගෙඩි 50ක් විතර තියෙනවා... කදු බාපු නිසා... කොස් ඇට කල් තියාගන්නේ කොහොමද? කොස් ඇට උයලා එහෙම කනවා නේද? වේලලා මොනාද කරන්න පුළුවන්? මම බැලුවේ කොස් ඇට ටික එකතු කරන්න... කාට හරි දෙන්න උනත් පුළුවන් නේ! මේවා මෙතන අහන්නේ අහන්න වැඩිහිටියෙක් නැති නිසා...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපේ වත්තේ කොස් ගෙඩි 50ක් විතර තියෙනවා... කදු බාපු නිසා... කොස් ඇට කල් තියාගන්නේ කොහොමද? කොස් ඇට උයලා එහෙම කනවා නේද? වේලලා මොනාද කරන්න පුළුවන්? මම බැලුවේ කොස් ඇට ටික එකතු කරන්න... කාට හරි දෙන්න උනත් පුළුවන් නේ! මේවා මෙතන අහන්නේ අහන්න වැඩිහිටියෙක් නැති නිසා...

    බයිට් වලට හදලා කඩවලට දාපන්..

     
    Last edited:

    Hurtz

    Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    අඩෝ කොස් ඇට එක එක විදියට උයන්න පුළුවන් නේ..
    වේලපුවා උයන්න පුලුවන්ද?
    koheda ban inne ubala hoda rasa waraka gedi 2ka 3k witara ganna nadda ? salli gewannam
    මම නුවර...සල්ලි ඕනේ නැහැ... කොස් පොලොස් උනත් ඕනේ නම් දෙන්න පුළුවන්...
    බයිට් වලට හදලා කඩවලට දාපන්..
    අහ්හ් ඒකත් හොද අදහස...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපේ වත්තේ කොස් ගෙඩි 50ක් විතර තියෙනවා... කදු බාපු නිසා... කොස් ඇට කල් තියාගන්නේ කොහොමද? කොස් ඇට උයලා එහෙම කනවා නේද? වේලලා මොනාද කරන්න පුළුවන්? මම බැලුවේ කොස් ඇට ටික එකතු කරන්න... කාට හරි දෙන්න උනත් පුළුවන් නේ! මේවා මෙතන අහන්නේ අහන්න වැඩිහිටියෙක් නැති නිසා...
    වේලිච්ච වැලි ගොඩක ඇතුලෙ දාලා වැලි වලින් වහල නොතෙමෙන්න තියන්න.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    කොස් ඇට හොදට හෝදලා මද පවනේ වේලා ගන්න තද අවුව නැතුව වතුර ඉවත් වන තෙක්. කලු පාට ෂොපින් උරයක් අරන් ඒකට කොස් ඇට දාලා
    හොදින් කට ගැට ගහන්න. ඒක තවත් කලු ෂොපින් කවරෙක දාලා ආපහු ගැට ගහලා කාඩ්බෝඩ් පෙට්ටියක දාලා ( කිරිපිටි පෙට්ටි හරි කමක් නැ) සෙලෝටේප් ගහල සීල් කරන්න. කල් තියා ගන්න පුලුවන් අවුරුද්දක් වගේ. භාවිතා කරන්න ගන්න පමණක් විවෘත කරන්න
     

    Hurtz

    Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    කොස් ඇටයක් කාල කාලා ලබ්බක් කරන්නද?
    මම දන්න පවුලක් ඉන්නවා... එක දවසක් උයන්න දෙයක් නැතුව පොලොස් උයලා කාලා තියෙන්නේ... පොලොස් නිකන් බත් නැතුව... පොඩි ළමයි දෙන්නෙකුත් ඉන්නවා...කොස් ඇටේ උනත් වටින මිනිස්සු ඉන්නවා...

    ai yako dan kadubaawe
    awuwa watenne naha...
    ------ Post added on Jun 7, 2022 at 6:05 PM
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කොස් ඇට කන්න එපා බන් පඩ යනවා.

    මැවිල පේනවා සිංහලු ඉස්සරහට බත් නැතුව කොස් කාලා ඇවිත් හැම තැන ම පැඩ පැඩ යන හැටි. 😂
    ------ Post added on Jun 7, 2022 at 6:50 PM

    බස් එකක යන්න බැරි වෙයි හැම තැනින් ම සද්දයි පඩ ගදයි එන්න ගත්ත ම.
    ඔහොම තමයි ස' කියල එකෙක් හොදට ම කරේ කියල ඉතිහාස ගත වෙයි
    ------ Post added on Jun 7, 2022 at 6:51 PM
     
    • Haha
    • Like
    Reactions: wqe123 and Hurtz

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මචන් ඔය ටික පරිසාන් කර ගන්න ඉස්සරහට සල්ලි තිබුනත් කන්න දෙයක් නැති වෙනවා.කොස් ඇට ටික හොදට වියලි වැලි දාපු මුට්ටියක දාලා වියලි තැනක තියලා තියන්න ගොඩක් කල් තියා ගන්න ප්ලුවන් කොස් කපලා වේලලා ගොඩක් කල් තියා ගන්න ප්ලුවන් පොලොස් කියන්නෙ සුපිරි ආහාරයක් ඒවත් වේලලා වගේ තියා ගතොත් ඉස්සරහට කන්න ප්ලුවන් න්ථිනම් මයිනගේ හැත්ත බුරුත්ත මරාගෙන තමා කන්න වෙන්නේ
     

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    මම නුවර...සල්ලි ඕනේ නැහැ... කොස් පොලොස් උනත් ඕනේ නම් දෙන්න පුළුවන්...
    Thank you machan Dura wadi ban :( oya patte ena wadak set unoth keyannam mehe hari raha teyana ekak set wenna ban malata keeya dunnath :(
     
    • Like
    Reactions: Hurtz

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොස් ඇටයක් කාල කාලා ලබ්බක් කරන්නද?
    කෝස් අට තම්බලා ලුණු දැල් කන්න පුළුවන්
    කළු පොල් මලුව හදන්න පුළුවන් (කළා නැති උන් ගැන දුකයි )
    කොස් ඇට මැල්ලුම හදන්න පුළුවන්
    තම්බලා කෝස් ඇට අග්ගලා හදන්න පුළුවන්
    කොස් පිටි වලින් තොසේ , රොටි හදන්න පුළුවන්
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    කොස් ඇට කළුපොල් මාලුව.
    🌶️
    🌿
    🥥
    🌿
    ❤


    අද කියන්න යන්නේ කොස් ඇට වලින් හදා ගන්න පුළුවන් රසවත් වෑංජනයක් ගැන. මේ කළු පොල් මාලුව හදන්න අලුත් කොස් ඇට ගන්න. ඒ වගේම මිරිස් තුනපහ ගලේ අඹරලා ගන්න පුළුවන් නම් මේ වෑංජනය ඉතාම රසවත්.මට ඒ පහසුකම් නැති නිසා මම හැදුව සරල පහසු විදිහ ලියන්නම්.

    අවශ්‍ය ද්‍රව්‍ය
    🥥
    🌿


    🌿
    කොස් ඇට 25ක් පමණ .

    🌿
    හාල් මේසහැඳි 1ක්.

    🌿
    පොල් මේසහැඳි 1ක්.

    🌿
    මිරිස් කුඩු තේහැඳි 1.1/2 ක්

    🌿
    බැදපු තුනපහ තේහැඳි 1.1/2ක්.

    🌿
    කහ තේහැඳි 1/4ක් පමණ .

    🌿
    ගම්මිරිස් ඇට තේහැඳි 1ක්

    🌿
    රම්ප /කරපිංචා

    🌿
    පොඩිවට කපාගත් ලූනු ටිකක්.

    🌿
    ගොරක කැබැල්ලක් .හෝ සියඹලා .

    🌿
    සුදුලූනු බික් 2ක් පමණ .

    🌿
    ලුණු ..

    🌿
    පොල්කිරි කප් 1.1/2ක්..

    කොස් ඇට ටික පොත්ත පුපුරන තුරු තම්බාගන්න. පසුව වෙනත් බාජනයකට දමා පොත්ත ඉවත් නොවන විදිහට යාන්තම් තලා ගන්න.
    පොල් සහ හාල් ටික රන්වන් පාටවනතුරු බැද ගන්න.පසුව ගම්මිරිස් සුදුලූනු .සහ බැදගත් හාල් පොල් ටික අඹරාගන්න.නැත්නම් ග්‍රයින්ඩ් කර ගන්න.
    මැටි වලඳක් ගෙන එයට තලාගත් කොස් ඇට.පොල්කිරි.මිරිස් තුනපහ.කහ.රම්ප කරපිංචා.අඹරාගත් හාල් පොල් මිශ්‍රණය . ලූනු .ගොරක හෝ සියඹලා යුෂ..ලුණු දමා හොඳින් කලවම් කර ලිපේ තබා හොද්ද උකු ගතියට එනතුරු මද ගින්දරේ පිස ගන්න...

    📷
    ✍️
    රේශානි ජයවර්ධන .
    🥥
    🌿


    කරුණාකර ජායාරූපයේ ඇති නම සහ පෝස්ට් එක අවසානයට ඇති නම අවසර නැතිව ඉවත් කරන්න එපා...

    -- copied --
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ow ow owa ekathu karagena thiyaaganin passata ona wenawa.

    kos ata tharam watina deyak me loke kohewath nathi wenawa thawa tika kaalekin.

    Samahara wita bitcoin wage aluth currency ekak widihata kos ata use karannath chance ekak thiyenawa.

    danma thiya invest karoth hondai aniwa owa manik wage watinna ganie.

    umbala danne naha oke thiyena watinakama.

    @bokasimon bro, munta kiyala wadak nathi weida mewa?