පුන ච පරං භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්ති.
නැවත වෙනත් කායානුපස්සනා භාවනාවක් පවසමි. පින්වත් මහණෙනි, මේ ධර්මයෙහි හැසිරෙනු කැමති ශ්රාවකයා යටිපතුලෙන් උඩ සිට හිසකෙස් වලින් පහළට සමකින් සීමාවී පවතින නොයෙක් අපිරිසිදු දෙයින් පිරී පවතින මේ කය පිළිබඳව ම අවබෝධයෙන් යුතුව විමසා බලයි. මේ කයෙහි වනාහී කෙස් ඇත්තේය, ලොම් ඇත්තේය, නිය පොතු ඇත්තේය, දත් ඇත්තේය, සම ඇත්තේය, මස් ඇත්තේය, නහර වැල් ඇත්තේය, ඇට ඇත්තේය, ඇටමිදුළු ඇත්තේය, වකුගඩු ඇත්තේය, හදවත ඇත්තේය, අක්මාව ඇත්තේය, දලබුව ඇත්තේය, බඩදිව ඇත්තේය, පෙනහළු ඇත්තේය, කුඩාබඩවැල ඇත්තේය, මහාබඩවැල ඇත්තේය, ආමාශය ඇත්තේය, අසුචි ඇත්තේය හිස්මොළය ඇත්තේය. පිත ඇත්තේය, සෙම ඇත්තේය, සැරව ඇත්තේය, ලේ ඇත්තේය, දහඩිය ඇත්තේය, තෙල්මන්ද ඇත්තේය, කඳුළු ඇත්තේය, වුරුණුතෙල් ඇත්තේය, කෙළ ඇත්තේය, සොටු ඇත්තේය, සඳමිදුළු ඇත්තේය මූත්‍රා ඇත්තේ ය යනුවෙනි.
සෙය්යථාපි භික්ඛවේ, උභතෝමුඛා මුතෝළි පූරා නානාවිහිතස්ස ධඤ්ඤස්ස සෙය්යථීදං; සාලීනං වීහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. තමේනං චක්ඛුමා පුරිසෝ මුඤ්චිත්වා පච්චවෙක්ඛෙය්ය, ඉමේ සාලී, ඉමේ වීහී, ඉමේ මුග්ගා, ඉමේ මාසා, ඉමේ තිලා, ඉමේ තණ්ඩුලා’ති.
පින්වත් මහණෙනි, දෙපසින් ම මුව තිබෙන ඇසුරුමක ඇල් හාල් ද වී ද මුං ඇට ද මෑ ඇට ද තල ද සහල් ද වශයෙන් නානා වර්ගයේ ධාන්‍යයන් පුරවා ඇත්තේ වෙයි ද එකල්හී ඇස් ඇති පුරුෂයෙක් ඒ ඇසුරුම ලිහා විමසා බලා මේ තිබෙන්නේ ඇල් හාල් ය, මේ තිබෙන්නේ වී ය, මේ තිබෙන්නේ මුං ඇට ය, මේ තිබෙන්නේ මෑ ඇට ය, මේ තිබෙන්නේ තල ය, මේ තිබෙන්නේ සහල් ය යනුවෙන් එම ධාන්‍ය වර්ග වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නේ යම් ආකාරයෙන් ද
ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්ථලුංගං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්ති.
පින්වත් මහණෙනි, ඒ ආකාරයෙන්ම මේ ධර්මයෙහි හැසිරෙනු කැමති ශ්රාවකයා යටිපතුලෙන් උඩ සිට හිසකෙස්වලින් පහළට සමකින් සීමාවී පවතින නොයෙක් අපිරිසිදු දෙයින් පිරී පවතින මේ කය පිළිබඳව ම අවබෝධයෙන් යුතුව විමසා බලයි. මේ කයෙහි වනාහී කෙස් ඇත්තේය, ලොම් ඇත්තේය, නිය පොතු ඇත්තේය, දත් ඇත්තේය, සම ඇත්තේය, මස් ඇත්තේය, නහර වැල් ඇත්තේය, ඇට ඇත්තේය, ඇටමිදුළු ඇත්තේය, වකුගඩු ඇත්තේය, හදවත ඇත්තේය, අක්මාව ඇත්තේය, දලබුව ඇත්තේය, බඩදිව ඇත්තේය, පෙනහළු ඇත්තේය, කුඩාබඩවැල ඇත්තේය, මහාබඩවැල ඇත්තේය, ආමාශය ඇත්තේය, අසුචි ඇත්තේය හිස්මොළය ඇත්තේය. පිත ඇත්තේය, සෙම ඇත්තේය, සැරව ඇත්තේය, ලේ ඇත්තේය, දහඩිය ඇත්තේය, තෙල්මන්ද ඇත්තේය, කඳුළු ඇත්තේය, වුරුණුතෙල් ඇත්තේය, කෙළ ඇත්තේය, සොටු ඇත්තේය, සඳමිදුළු ඇත්තේය, මූත්‍රා ඇත්තේය යනුවෙනි.
ඉති අජ්ඣත්තං වා කායේ කායානුපස්සී විහරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහරති. අජ්ඣත්තබහිද්ධා වා කායේ කායානුපස්සී විහරති.
මේ ආකාරයෙන් තමාගේ ශරීරයෙහි දෙතිස් කුණප පිළිබඳ හෝ සැබෑ තත්වය අවබෝධයෙන් ම දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අනුන්ගේ ශරීරයෙහි දෙතිස් කුණප පිළිබඳ හෝ සැබෑ තත්වය අවබෝධයෙන් ම දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. තමාගේ ශරීරයෙහි දෙතිස් කුණප පිළිබඳ හෝ අනුන්ගේ ශරීරයෙහි දෙතිස් කුණප පිළිබඳ හෝ සැබෑ තත්වය අවබෝධයෙන් ම දකිමින් අසුභානුස්සති කායානුපස්සනාවෙන් වාසය කරයි.
සමුදයධම්මානුපස්සී වා කායස්මිං විහරති. වයධම්මානුපස්සී වා කායස්මිං විහරති. සමුදයවයධම්මානුපස්සී වා කායස්මිං විහරති.
දෙතිස් කුණපයෙන් යුත් මේ කය හටගන්නා ආකාරය හෝ අවබෝධයෙන් ම දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. දෙතිස් කුණපයෙන් යුත් මේ කය නැසීයන ආකාරය හෝ අවබෝධයෙන්ම දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. දෙතිස් කුණපයෙන් යුත් මේ කය හටගන්නා ආකාරය හෝ නැසී යන ආකාරය හෝ අවබෝධයෙන් ම දකිමින් අසුභානුස්සති කායානුපස්සනාවෙන් වාසය කරයි.
අත්ථි කායෝ’ති වා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඤාණමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝ ච විහරති. න ච කිඤ්චි ලෝකේ උපාදියති.
දෙතිස් කුණපයකින් යුක්ත වූ කයක් හෝ පවතින්නේ යයි ඔහුගේ සිහි නුවණ මනාව පිහිටන්නේය. එය වනාහී ඔහු හට තවදුරටත් අවබෝධ ඤාණය දියුණු කරගැනීම පිණිස ද සිහිනුවණ බලවත් කරගැනීම පිණිස ද උපකාරී වෙයි. ලෝකයෙහි කිසිවක් කිසිම අයුරකින් මාගේ කියා හෝ මම වෙමි යි කියා හෝ මාගේ ආත්මය කියා හෝ දැඩිව අල්ලා නොගෙන වාසය කරයි.
ඒවම්පි ඛෝ භික්ඛවේ, භික්ඛු කායේ කායානුපස්සී විහරති.
ඔය ආකාරයෙනුත් පින්වත් මහණෙනි, මේ ධර්මයෙහි හැසිරෙනු කැමති ශ්රාවකයා කයෙහි පවතින සැබෑ තත්වය අවබෝධයෙන්ම දකිමින් කායානුපස්සනා සතිපට්ඨානයෙන් යුතුව වාසය කරන්නේ වෙයි.
https://mahamevnawa.lk/sutta/dn2_9/
https://www.thripitakaya.org/tipitakaya/Index/71?s=27