ට්‍රෙෂරි බිල් කියන්නෙ බන් සරලවම කිව්වොත් රජයට ණය ලබා දීමක්.රජය වෙනුවෙන් මහ බැංකුව තමයි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නෙ ප්‍රාථමික ගැණුම්කරුවන්ට.ඒ කියන්නෙ ලංකාවෙ තියෙන බැංකු තමයි ඕව මුලින්ම ගන්නෙ.අපි ගන්නෙ ඒ බැංකු වලින්.අපි ද්විතීක ගැණුම්කරුවො.දැනට තියෙන ප්රතිලාභ අඩු, ඒත් වඩාත් සේෆ්ටි ආයෝජන ක්‍රමයක්.මම දන්න විදියට භාණ්ඩාගාර බිල්පත් සඳහා වගකීමට මහ බැංකුව, රජය පවා යටත් වෙනව.ස්ථාවර තැන්පතුවක වගකීම අදාළ බැංකුවට විතරයි නෙ.අනික භාණ්ඩාගාර බිල්පතේ පොලිය එවෙලෙම හම්බෙනව .උදාහරණෙකට උඹ රු.100000ක බිල්පත් මිලදී ගත්තොත් 10% පොලියකට ගත්තොත්, බැංකුව උඹෙන් ගන්නෙ 90000යි.කවදහරි බිල්පත නිරවුල් කරන දවසට උඹට 100000ක් ලැබෙනව.ගන්න ඕන බැංකුවත් එක්ක කතාකරල.දන්න විදියට කොලඹින් පිට බැංකුවල භාණ්ඩාගාර බිල්පත් නෑ.උඹ ගිහින් කිව්වම ඒගොල්ල හෙඩ් ඔෆිස් එකත් එක්ක කතාකරල සෙට් කරල දෙන සීන් එකක් තියෙන්නෙ.සෑහෙන්න කරුණු අඩුවෙන් කිව්වෙ.දන්න එකෙක් ඉන්නවනං මීට වඩා හොඳට උඹට කියා දෙයි මේක...