🛑ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීන්ගේ ඝාතනයට සැකපිට ඇයගේ ස්වාමියා අත්අඩංගුවට

hitter

Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරීන්ගේ ඝාතනයට සැකපිට ඇයගේ ස්වාමියා, ඝාතනයට යොදාගත් බව කියන පොරවද සමඟ (5) වෙනිදා සවස අත්අඩංගුවට ගත් බව ලංකාපුර පොලිසිය කියයි.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,328
    6,381
    113
    නිලධාරීන්ගේ ඝාතනයට

    kidenek maralada?

    එක්කෙනෙක්



    ඉකුත් 4 වැනිදා අලුයම දෙකයි තිහට පමණ තල්පොත ලංකාපුර නිවසේ පදිංචිව සිටියදී පරිපාලන නිලධාරිනිය වූ යමූනා පද්මිණී මහත්මිය ඝාතනයට ලක්වූ අතර ඇගේ සැමියා (41) දෙදරු පියා මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් බව ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. .පී. කේ. පතිරණ මහතා පැවැසීය.

    තම බිරිඳ තමාට මත්පැන් බී නිවසට නොපැමිණෙන ලෙසත්, ගෙවීමට ඇති ණය මුදල් ගෙවන ලෙසට බැණ වැදුණු බවත්, ඒ අනුව දෙදෙනා අතර බහින් බස් වීමක් දුරදිගයාම හේතුවෙන් තමා පොරවෙන් පහර දුන් බවට සැකකරු පොලිසියට පාපොච්චාරණය කර බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.

    මෙම ඝාතනය සම්බන්ධ තවදුරටත් සැකකරුවෙක් ප්‍රකාශ ලබා ගන්නා අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු පොලොන්නරුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ඕශාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි ලංකාපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී. පී. කේ. පතිරණ මහතා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් සිදුකරති.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,213
    21,047
    113
    මට නිව්ස් එක බලද්දිම පොර ගැන සැක හිතුනා. ඌ වොයිස් කට් එක දීපු විදියයි කියපු කතාවයි නිසා. :yes::yes::yes:
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,213
    21,047
    113
    matath. api cid ekata join wemutha
    මන් ජොයින් වෙන්න ගිහිල්ල ඉන්ටව් එකෙදිම වෙච්ච අසාදාරන වැඩ වලට කෑගහල වලි දාගෙන ආවා බන්. පොලීසියට දැන් වෙලා තියෙන දේ ගැන පුදුමයක් නෑ ඒක් නිසා. :baffled::baffled::baffled::baffled:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    මන් ජොයින් වෙන්න ගිහිල්ල ඉන්ටව් එකෙදිම වෙච්ච අසාදාරන වැඩ වලට කෑගහල වලි දාගෙන ආවා බන්. පොලීසියට දැන් වෙලා තියෙන දේ ගැන පුදුමයක් නෑ ඒක් නිසා. :baffled::baffled::baffled::baffled:
    haffa......
     
    • Sad
    Reactions: pathaleiretta

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    මන් ජොයින් වෙන්න ගිහිල්ල ඉන්ටව් එකෙදිම වෙච්ච අසාදාරන වැඩ වලට කෑගහල වලි දාගෙන ආවා බන්. පොලීසියට දැන් වෙලා තියෙන දේ ගැන පුදුමයක් නෑ ඒක් නිසා. :baffled::baffled::baffled::baffled:
    මටත් උබ ගැන සැක හිතුනා cid කාරයෙක් කියලා. පත්තරෙට රිලා වගේ නමක් දාගෙන ඉද්දී