කාලතරනය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එක ගන්න වෙන්නේ ඔයාට සහ ඔයාගේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂව. එහෙම ගත්තොත් අවකාශයෙ දිගක් පලලක් ඔයාට කියන්න බැ ඔයාගේ තියන සෙන්ස් වලින්. එකට සාපේක්ෂ දෙයක් තියෙන්නම ඕනේ. කාලය ,අවකාශයෙ ශුන්‍යත්වය හෝ නොවීම හිතනවට වඩා එකේ මානයක් ගන්න බැරි එක තමා ඔතන ප්‍රශ්නේ. ඒ නිසාම තමා ශුන්‍යත්වය ද නැද්ද කියල කියන්නත් බැරි

    එච් ඒ නියෝට අනුව බුදුදහමේ කාලතරණය තියෙනවද?
    ඒ මොන ආකාර වලටද?

    රෙෆරන්ස් දාන්න අවශ්‍ය නැහැ. නියෝගෙ අන්ඩර්ස්ටෑන්ඩින් එකට අනුව එහෙම තිබිය හැකියි කියලා හිතෙන තැන් හෝ ක්‍රම මොනවද.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,021
    165,956
    113
    එකමත් එක රටක
    එව්න්ට් නැතුව කාලයක් ඩෙෆයින් කරන්න බැ කිව්වම්ම, එක එක ඉවෙන්ට් වගයකුයි, සත්යාබොදයකුයි උස්සගෙන එනව..උබට හොදටම තේරිල වගේ දැන්...අනේ බන්.
    උබම තමයි ඹය සත්‍ය අවබෝද වෙච්ච කෙනෙක් ගැන කතාව කිව්වේ..
    දැන් පෘතක්ජන උන්ගේ විඩියෝ ශෙයා කරාට :lol:
    දැන් උබ ඔය කතාකරන්නේ හැමෝම දන්න රෙෆරන්ස් එකකට සාපේක්ෂව කියන කාලය උනාට උබ කලින් කියපු සත්‍යවබෝද සෙටි එකට විතරක් තේරෙන එක පොඩ්ඩක් කියපන් කෝ..

    සත්යාවබොදවූ කෙනෙකුට කාලය කියල ගන්න දෙයක් නැ (පරමාර්තව ). කාලයක් නැති තැන, කාලාවතරනයක් තියෙන්න විදිහකුත් නැ. කාලය, මම, ලෝකය ඔය සියල්ල පවතින්නේ මෝඩ පෘතක්ජන හිත තුලයි
     

    nipund

    Well-known member
  • May 17, 2007
    794
    1,084
    93
    නිරීක්ෂකයෙක් හෝ සාපේක්ෂ දෙයක් නැතුව ඔය කිසිම එකෙක්ට නිර්වචනයක් දෙන්න බැ කියන අදහසේ මම ඉන්නේ.
    අදහසක් ගන්න බෑ** කියන එක දැනට ගමු. (Spacetime concept එක විදිහට කාල අවකාශය වෙන් වෙන් නොකර ගමු)
    ඊලගට ඔයා කාලය හා අවකාශය ගැන දැන ගන්න කෝමද ? Sensory වලින් තොරව ගන්න පුලුවන් ද ? Camera recording එකක් උනත් අයෙ ඇස් දෙකෙන් බලන්න එපැයි .
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    හරි ඕක අයිස්ටයින් හිතුවේ මෙහෙමයි. පොර දැක්කා ඉනිමගකින් වැටෙන මිනිහෙක්ව. එයා ගුරුත්වය යටතේ නේ වැටෙන්නේ. අයින්ස්ටයින් විශුවලයිස් කළා පොර ස්පේස් එකේ ඉන්නවා නම් වැටෙන්නේ නැනේ. ගුරුත්වයක් නැ . ගුරුත්වයේ තවරණයෙන් යන රොකට් එකක මේ මිනිහා ඉන්නවා කියල හිතන්න. දැන් මිනිහා ස්කෙල් එකක ඉදන් බර බැලුවොත් පෘතුවියේ තියන බරම තියෙන්න ඕනේ. ඒ කියන්නේ රොකට් එකේ ත්වරණය නිසා ඇග මත (පල්ලෙහාට ) බලයක් ඇති වෙනවා. දැන් මේ වෙලේ එයා ලයිට් එකක් ගැහුවොත් ඉන්න කාමරේ කෙලින් එහා කෙලවරට එකත් පල්ලෙහාට බෙන්ඩ් වෙන්න ඕනේ නේද කියල පොර හිතුවා(Count kala නොහැකි ඉතා කුඩා ප්‍රමාණයක්). ඒ කියන්නේ ආලෝක කිරණ බෙන්ඩ් උනා ෆෝර්ස් එකක යටතේ. ඒ ෆෝර්ස් එක ග්රවිටි එකට සමාන නිසා තියරියක් අවා "ආලෝක කදම්බ ගුරුත්වය යටතේ බෙන්ඩ් වෙනවා කියල."

    දැන් තමා ගේම. බෙන්ඩ් උනා කියන්නේ දිග වැඩි කියන එකනේ. අයින්ස්ටයින් තීරණය කළා බෙන්ඩ් වෙලා වගේ තිබ්බට එක තමා කෙටිම මග කියන එක. උද්දහරන විදිහට පෘතුවියේ මතුපිට ඉරක් ඇන්දොත් පොයින්ට් දෙකක් අතර එකට වඩා කොටයි කරව් එකක් ඇන්දොත් ඒ දෙක අතරම. ඒ වගේ වැඩක් ස්කන්දය සහ ශක්තිය තියන තැනක් වටේ ස්පේස් එක බෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ කෙටිම මග ස්ට්‍රේට් ලයින් එකක් නෙමේ. බෙන්ඩ් උන එක. මොකද ස්පේස් එක බෙන්ඩ් වෙනවා ඒ තැනදී.

    space-time.png


    මේක බලන්න ස්පේස් එක කරව් වෙලා තියන නිසා ඔය රෙඩ් පාත් එකේ තමා ආලෝකය යන්නේ. එක තමා කෙටිම දුර. හැබැයි ඕක අපිට පෙන්නේ නැති නිසා අපිට පෙන්නේ ආලෝකය නැවිලා යනවා වගේ. එත් ආලෝක කිරණ ගිහින් තියෙන්නේ ශෝටෙස්ට් ම පාත් එකේ.

    හරි දැන් මේක උපකල්පනයක් නේ. මේක ප්‍රක්ටිකලි ඔප්පු උනේ අර ෆුල් සෝලා ඉක්ලිප්ස් එකේදී වෙනදා තරුව තියෙන්න ඕනේ තැන නෙමේ තියෙන්නේ කියල ඔප්පු කළා ඊට පස්සේ. ඒ කියන්නේ ඉර ලගින් ආලෝක කදම්බ එනකොට ඉරේ ගුරුත්ව බලය යටතේ ස්පේස් එක බෙන්ඩ් වෙනවා. එකෙන් ආලෝක කදම්බත් අර උඩින් කිව්වා වගේ බෙන්ඩ් උනා. ඒ කියන්නේ ආලෝකය හැම වෙලේම කෙටිම දුරෙන් යන්නේ.
    figure-1.jpg




    අයින්ස්ටයිල් ලොක්කාගේ සාපේක්ෂතා වාදයත් මෙතැනින්ම ඕනේ නම් ඔප්පු කරන්න පුළුවන්.
    ========================================================================

    එක වෙන්නේ මෙහෙමයි. දැන් උඩින් යන්නේ ස්පේස් එක. ටයිම් ඒක ගැන බැලුවා නම් රිලටිවිටි තියරි එක හරි.
    එක හරිම සිම්පල්.

    space-time-2.png


    පල්ලෙහා රූපේ පොයින්ට් A ඉදන් B යන්න ග්‍රවිටි නැති වෙලේ එක දුරකුත් , ග්රවිටි එක යටතේ තව දුරකුත් යනවා නේ. ආලෝකයේ වේගය එක සමානයි.

    වේගය = දුර/කාලය

    එහෙනම් පුතේ එකම වේගයක් තියාගෙන වෙනස් දුරවල් යන්න නම් කාලය කියන සදකේ නේද වෙනස් වෙන්න ඕනේ. එහෙම පුතේ ගුරුත්වය හෝ වෙනයම් ඒ සමාන බලයක් යටතේ කාලය ගලන වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනස් ගුරුත්ව ඇති ලෝක හෝ ස්ථාන වල කාලය යන්නේ වෙනස් විදිහට. ඕක තමා ලොක්කගේ ස්පෙෂල් රිලෙටිවිටි කියන්නේ
    thanks machan.. tikak theruna..
     
    • Like
    Reactions: S_M_S and HAneo

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    කාලය සහ හිතෙන් හදාගත්තු ලෝකය ගැන බුදු දහම ඇතුලේ කියන දේවල් ගැන මට හිතෙන දේ

    බුද්ධ ධර්මයේ කාලය කියන දේට වැඩිය වෙනස්වීම ගැන තමයි කතා කරන්නේ. අභිධර්මයේ පරමාර්ථ සංග්‍රහයේ එන පරමාර්ථ 82 කේ කාලය කියල එකක් නැහැ. නිවන හැරුනම ඉතිරි 81 ම සකස් වුනු දේවල් (ප්‍රඥප්ති නැතිව) . එතකොට මේ සකස් වුනු දේවල් තමයි වෙනස් වෙන්නේ. වෙනස් වීම තියෙන තැන අපි කාලය කියන සංකල්පය යොදා ගන්නවා අපේ පහසුවට. ඉතින් රහතන් වහන්සේට කාලය අදාලද? රහත් වෙද්දී අස්මි මානයත් සම්පූර්ණයෙන් ගෙවුනත්, ඒ කය ආශ්‍රිතව චිත්ත පරම්පරාව තියෙන තාක් කල්, වෙනස් වීම කියන දේ අදාලයි. ඒ කය උපාදාන කර ගන්නේ නැති එක වෙනම කතාවක්. රහතන් වහන්සේගේ චුති සිත නිරුද්ධ වුනාම (පිරිනිවන් පෑවම), අර පරමාර්ථ ධර්ම 81ත් එක්කම තියෙන කතන්දරේ සම්පූර්ණයෙන් නවතිනවා. එතනින් එහා වෙනස් වීමක් නැහැ. කාලය අර්ථ දක්වන්න බැහැ. හැබැයි පිරිනිවන් පාන කල් කාලය කියන දේ වලංගු වෙනවා පංචස්කන්ධයට, ඉතින් මෙච්චර කාලෙකින් පිරිනිවන් පානවා කියන එකේ අවුලක් නැහැ.
    ඉතින් මේ ලෝකේ (ලෞකික) මොන දේ ගත්තත් වෙනස් වීම තියෙනවා, ඉතින් කාලය කියන දේ අර්ථ දැක්වෙනවා.

    මේ තියෙන කිසිම දෙයක් ඇත්ත නෙවෙයි කියන එකත් එක්තරා අන්තයක් වගේ තමයි. යමක් පෙන්නලා මේක ඇත්තට මෙතන තියේද කියන ප්‍රශ්නේ ඇහුවම ඒකට කෙලින් උත්තර දෙන්නේ නැත්තේ ඔය කියන අන්ත වලට වැටෙන නිසා. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මේක නෑ කියන්න බැහැ, තියෙනවා කියන්නත් බැහැ වගේ negation logic එකකින්. හේතු තියෙනකල් ඵලය තියෙනවා. හේතු නැතිනම් ඵලය නැහැ. ඒ හින්ද අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා මම මගේ කියල ගන්න සුදුසු නැහැ කියල තමයි බුදු දහමේ කියන්නේ. මම මගේ කියල ගන්න බැහැ කියල කියන්නේ නැහැ. ඕන නම් ගන්න පුළුවන්. හැබැයි ඒකෙ ආදීනව තියෙනවා. අන්න ඒ ආදීනව තමයි ජාති ජරා මරණ කියල අපි අත් දකින්නේ.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ තියෙන කිසිම දෙයක් ඇත්ත නෙවෙයි කියන එකත් එක්තරා අන්තයක් වගේ තමයි. යමක් පෙන්නලා මේක ඇත්තට මෙතන තියේද කියන ප්‍රශ්නේ ඇහුවම ඒකට කෙලින් උත්තර දෙන්නේ නැත්තේ ඔය කියන අන්ත වලට වැටෙන නිසා. ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ මේක නෑ කියන්න බැහැ, තියෙනවා කියන්නත් බැහැ වගේ negation logic එකකින්. හේතු තියෙනකල් ඵලය තියෙනවා. හේතු නැතිනම් ඵලය නැහැ. ඒ හින්ද අනිච්චයි, දුක්ඛයි, අනාත්මයි. ඒ නිසා මම මගේ කියල ගන්න සුදුසු නැහැ කියල තමයි බුදු දහමේ කියන්නේ. මම මගේ කියල ගන්න බැහැ කියල කියන්නේ නැහැ. ඕන නම් ගන්න පුළුවන්. හැබැයි ඒකෙ ආදීනව තියෙනවා. අන්න ඒ ආදීනව තමයි ජාති ජරා මරණ කියල අපි අත් දකින්නේ.

    “මහණෙනි, මේ කාල තුණෙක් වෙත්. කවර තුණෙක්ද යත්? අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය (යන තුණය) මහණෙනි, මේ වනාහි තුන් කාලයෝ වෙත් යයි.”

    මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

    “සත්වයෝ අක්ඛෙය්‍ය නම්වූ පඤ්චස්කන්ධය කෙරෙහි සංඥා ඇත්තෝ වෙත්. පඤ්චොපාදානස්කන්ධයෙහි පිහිටියාහුය. පඤ්චොපාදානස්කන්ධය ත්‍රිවිධ දැනීමෙන් නොදැන මාරයාගේ උපායට පැමිණෙති.

    “පඤ්චොපාදානස්කන්ධයද (විදර්ශනා සහිත මාර්ග ප්‍රඥාවෙන් පිරිසිඳ දැනීමෙන් ආත්මයක් නොමදනී. විමොක්ෂ යයිද සන්තිපදයයිද උතුම් නිර්වාණ ධර්මය සිතින් ස්පර්ශ කෙළේ පැමිණියේ වෙයි. ආර්ය මාර්ගය තෙමේ විමොක්ෂ නම් වෙයි. (ඒ ක්ෂීණාශ්‍රවයා විසින් මාර්ග සිතින් නිරුත්තරවූ නිර්වාණ පදය ප්‍රත්‍යක්ෂ කරණ ලද්දේවේ.

    ඒකාන්තයෙන් පඤ්චොපාදානස්කන්ධයන් පිරිසිඳ දැනීමෙන් උපන් සම්පත්තීන් යුක්තවූ කෙලෙස් සන්සිඳුනාවූ ශාන්තිපද නම්වූ නිවනෙහි ඇලුනාවූ නුවණින් සලකා සේවනය කරන දැන සෙවනය කරන (අශෛක්ෂ ධර්මයන්හි පිහිටියාවූ සිටියාවූ පරතෙරට ගියාවූ ඒ රහත්තෙම ගණනට නොපැමිණේයයි.”

    අද්ධා සූත්‍රය
     
    • Like
    Reactions: MrFrog and ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,260
    2,113
    113
    ඒ කය ආශ්‍රිතව චිත්ත පරම්පරාව තියෙන තාක් කල්, වෙනස් වීම කියන දේ අදාලයි. ඒ කය උපාදාන කර ගන්නේ නැති එක වෙනම කතාවක්. රහතන් වහන්සේගේ චුති සිත නිරුද්ධ වුනාම (පිරිනිවන් පෑවම), අර පරමාර්ථ ධර්ම 81ත් එක්කම තියෙන කතන්දරේ සම්පූර්ණයෙන් නවතිනවා. එතනින් එහා වෙනස් වීමක් නැහැ. කාලය අර්ථ දක්වන්න බැහැ. හැබැයි පිරිනිවන් පාන කල් කාලය කියන දේ වලංගු වෙනවා පංචස්කන්ධයට, ඉතින් මෙච්චර කාලෙකින් පිරිනිවන් පානවා කියන එකේ අවුලක් නැහැ.
    ඉතින් මේ ලෝකේ (ලෞකික) මොන දේ ගත්තත් වෙනස් වීම තියෙනවා, ඉතින් කාලය කියන දේ අර්ථ දැක්වෙනවා.

    මට තෙරෙන විදිහට, උපාදාන ස්කන්දයයි කාලයයි එකම කතාවක දේවල්.

    රහතන් වහන්සේ කෙනෙක්කුගෙ ඉන්ඩ්‍රියබද්ද එක්ස්පිරියන්ස් එක පච්චුප්පන්නයි. හැම එක්ස්පිරියන්ස් එකක්ම ප්‍රත්ය උපන් මොහොතේ තියෙන් ප්‍රත්ය සහ පල විතර්යි. එතනින් එහාට සම්මුතියෙන් අරෙන්න, පුද්ගලයකු හෝ සිදුවීම් නැ. එහෙම නැති එක්ස්පිරියන්ස් එකක සම්මුතියෙන් අරෙන්න කාලයක එක්ස්පිරියන්ස් එකක් තියෙන්න විදිහක් නැ.

    උපාදාන ස්කන්ද තියෙන කෙනාට තමයි, ලෝකයක්, ලෝකය තුල සිදුවීම් සහ ඊට අදාලව කාලය පවතින්නෙ. කයේ වෙනස් වීමත් එහෙම තමයි. රහතන් වහන්සේ කෙනෙකුට කයේ වෙනස්වීමත්, ඒ ඒ මොහොත් ( පච්චුප්පන්න, කාලයක් නෙවේ මෙතන කියන්නෙ ) ප්‍රත්ය සහ පල විතරයි. එතනින් එහට, කලින් කය මේ වගේ, දැන් මෙහෙමයි කියල නැ.

    මේකෙන් කියවෙන්නෙ නැ රහතන් වහන්සෙ කෙනෙකුට සම්මුතිකව, පුද්ගලයන්, කාලය, ලෝකය ගැන කතා කරන්න බැ කියල. හැබයි ඒවා සම්මුතිකව පමනයි. පරමාර්ත නොවේ.


    මම මගේ කියල ගන්න බැහැ කියල කියන්නේ නැහැ. ඕන නම් ගන්න පුළුවන්. හැබැයි ඒකෙ ආදීනව තියෙනවා. අන්න ඒ ආදීනව තමයි ජාති ජරා මරණ කියල අපි අත් දකින්නේ.


    මේකෙන් අද්හස් වෙන්න පුලුවන්, ස්ඛන්දයන් තුල මම මගේ කියල ගන්න දෙයක් තිබිය හැක. නමුත් එහම ගත්තොත් ඊ ට අදාලව දුක අතිවෙන නිසා එහම ගැනීම සුදුසු නැ කියල. මට තෙරෙන විදිහට ඒක සම්පුර්න දර්ම හරයටම, නැත්තම් මද්යම ප්‍රතිපදාවටම විරුද්දයි කියල.

    යදනිච්ච සූත්‍රය:

    මහණෙනි, රූපය අනිත්‍ය යැ, යමක් අනිත්‍ය නම් එය දුක් යැ, යමක් දුක් නම් එය අනාත්ම යැ, යමක් අනාත්ම නම් එය “තෙල මා අයත් නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වෙයි” මෙසෙයින් තෙල යථාභූත කොට මනා නුවණින් දැක්කයුතු.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    මේකෙන් අද්හස් වෙන්න පුලුවන්, ස්ඛන්දයන් තුල මම මගේ කියල ගන්න දෙයක් තිබිය හැක. නමුත් එහම ගත්තොත් ඊ ට අදාලව දුක අතිවෙන නිසා එහම ගැනීම සුදුසු නැ කියල. මට තෙරෙන විදිහට ඒක සම්පුර්න දර්ම හරයටම, නැත්තම් මද්යම ප්‍රතිපදාවටම විරුද්දයි කියල.
    එහෙම දෙයක් අදහස් කලේ නැහැ. භාෂාව / වචන එක්ක එහෙම හිතෙන්න පුළුවන්.
    P.S.
    පුරුද්දක් විදියට මේ වගේ topic දිගට දිගට කතා කරන්නේ ලඟම කීප දෙනෙක් එක්ක විතරයි. ඒකත් කෝල් වලින් හරි මීට් වෙලා හරි තමයි. නැත්නම් easily misunderstand වෙන්න පුළුවන්. අනික ටයිප් කරන්නත් එපැයි :lol:
     
    • Like
    Reactions: ek_rosh