ගොඩක් හොඳට ඉන්න ගෑනු සැර වෙන්නෙ උඹලගෙම වැරදි නිසා බං. තව වගකීම් වැඩි එක, බබාලා ඉන්නවා නම් නින්ද අඩු එක එහෙමත් හේතු. උන්ටත් එපා වෙනවා කියල දෙයක් තියෙනවානෙ.
නිතරම පොඩ්ඩක් අගය කරලා, කලින් තිබ්බ අාදරේ අඩු කරන් නැතිව, පුළුවන් විදිහට ඉවසීමෙන් හිටපං. කරේ නග්ග ගන්නත් එපා, පාගලා දාන්න යන්නත් එපා. ගොඩක් කසාද ලස්සනට තියෙන්නෙ දෙන්නාම සම මට්ටමෙන්, හොඳම යාලුවො විදිහට ඉන්න පුළුවන් වුණාම.
Power play බයිලා විශ්වාස කරන්න එපා. දෙන්නම දෙන්නට අවංක වෙලා, තමන්ගෙ දුර්වලතා වහන්න හදන්නෙ නැතිව එ‍්වා පිළි අරන් ජීවත් වෙන්න බලන්න ඕන. ඔය ego එක අයින් කරගත්ත දවසට ගොඩක් සම්බන්ධතා හරිම ලස්සනයි.
