මහන වෙන්න.....

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    https://elakiri.com/threads/meyage-nedda-mokuthma.1829113/


    මූ මහන වෙන්නත් අහලා 😂😂😂 ඒ අස්සේ ඔන්න
    ඒ ඌ අවුරුදු ගාණකට කලින් දාපු එකක්නෙ.
    එහෙම හිටපු එකෙක් හැම වැරැද්දක්ම අත ඇරලා, හරි පාරට ආවහම.....


    යෝ ච පුබ්බේ පමජ්ජිත්වා
    පච්ඡා සෝ නප්පමජ්ජති
    සෝ ඉමං ලෝකං පභාසේති
    අබ්භා මුත්තෝ’ව චන්දිමා​

    යම් කෙනෙක් බාහිර වැඩකටයුතු කරමින් ඉඳලා, බණ භාවනා කිරීම ප්‍රමාද කරමින් ඉඳලා, පස්සෙ කාලෙක ඒ බාහිර කටයුතු අඩු කරනවා. අප්‍රමාදී වෙනවා.
    ඒ තැනැත්තා තමයි වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ මේ ලෝකෙ එළිය කරන්නෙ.

    (ජේතවනාරාමයේදී සම්මුඤ්ජනී තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)


    යස්ස පාපං කතං කම්මං
    කුසලේන පිථීයති
    සෝ ඉමං ලෝකං පභාසේති
    අබ්භා මුත්තෝ’ව චන්දිමා​

    යම් කෙනෙක් තමන් කරපු පව්, ආර්ය මාර්ගයේ ගමන් කිරීම නිසා උපදවාගත්තු කුසල් බලයෙන් වහලා දානවා නම්,
    ඔහු මේ ලෝකය ආලෝකමත් කරනවා. වළාකුලින් මිදිලා අහස් කුස එළිය කරන පුන්සඳක් වගේ.

    (ජේතවනාරාමයේදී අංගුලිමාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
    ඉතා උතුම් අදහසක් මහත්මය. අර @Amathi Putha මහත්තය කිව්වා වගෙ එක පාරට මහණ වෙන්න යන්න එපා, ගොඩක් වෙලාවට අපේ impulsive තීරණ වරදින සම්භාවිතාව වැඩියිනෙ. ඔබතුමා පළමුවෙන් හොඳට කාලය අරන් ධර්මය ගැන ගැඹුරින් අධ්‍යයනයක් කරන්න. මේ අධ්‍යයනය bios නොවී කිරීම ඉතාම වැදහත් නැත්නම් ඔබතුමා ඔබතුමාටම වංචාවක් කරගත්ත වෙනව.

    පුළුවන් හැම ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙම බණ අහන්න, හැම දෙයක්ම එහෙයි කියල පිළිගන්න එපා. හොඳට ධාරණය කරගෙන ජීවිතයට apply කරල බලන්න. මම ඔබතුමා නම්, මම මුලින් පටන්ගන්නෙ ඔය සමාජය විකුර්ති කියල label ගහපු තැන් වලින්. හේතු දෙකක් උඩ
    1. ලෝකයේ නිවන් දකින්නේ ඉතා සුළු පිරිසක් නම්, විශාල පිරිසක් අහන බණ නිවන් දකින බණ වීමට ඉඩ කඩ අඩු වීම
    2. ඒ බණ ඇත්තටම විකුර්ති නම් වැඩි කාලයක් මිඩංගු නොකර මග හැරීමට හැකිවීම

    වැදගත්ම දේ තමයි මොනම හේතුවකටවත් පුද්ගල සරණ නම් යන්න නම් එපා, ඔබතුමාගේ ඉලක්කය වෙන්න ඕනි ත්‍රිවිධ රත්නයේ සරණ යෑම පමණයි.

    ඔබතුමාට තෙරුවන් සරණයි. සියලු කටයුතු සාර්ථක වෙල, වහ වහා ධර්මය අවබෝධ වේවා කියල ප්‍රර්ථනා කරනව.
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    @dilann වගෙ හාමුදුරුවන්ව පේන්න බැරි, බුද්ධාගමටත් විරුද්ධ, මිනිසුන්ගෙ වැරදිම දකින, මිනිසුන්ට හිනාවෙන, පාතට දාන, අබ්බ ගොබ්බ හද්ද මොංගල් පොප්සියො කිරියෙ විතරක් නෙවෙයි හැමතැනම ඉන්නවා.

    ඔය වගෙ ගොඩක් එවුන්ගෙ මුල් ළමා කාලෙ හරියට සංවර්ධනය වෙලා නෑ.

    උඹ ඔය වගෙ හිපාටුවො අමතක කරලා, හොදට හිතල කිරල මැනලා උඹේ හිතට එකඟව ගැලපෙන තීරණයක් ගනින්.

    @Amathi Putha,@GobbaSira , @usa_nihaal @පෝරිසාදයා @greenthunder @S_M_S @pasansnoop @MalSeven වගේ උන්ගෙ constructive criticism ideas ටිකත් හිතල බලපන්.

    මටනම් පුද්ගලිකව හරිම සතුටුයි එකෙක්ට මොළේ පෑදුන එක ගැන, උඹට වගේ ගටක් නිදහසක් තාම මට නෑ.

    ඒත් උඹ ඕක කළත් නොකළත් මම උබට සුබ පතනවා
     
    • Like
    Reactions: War Fighter

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    අභිධර්මය ඉගෙනගෙන යද්දි තමන්ටම තේරෙනව මහනවෙන්න ඕනි තමන්ගෙ යෝගී ජීවිතේ කොතනදිද කියල. එහෙම තේරිලා නැත්නම් මහන වෙලා තවත් ඝණයෙක් නොවී ගෙදරට වෙලා ඉන්න.
     
    • Love
    Reactions: Poththa

    nipund

    Well-known member
  • May 17, 2007
    795
    1,084
    93
    එහෙම හිතිච්ච එකම 🙏🙏🙏
    කරලම නැත්නම් ටික කාලයක් අරන් බණ (විවිධ ස්වාමීන්වහන්සෙලාගෙ) . අනික් spiritual teachers ලගෙ අහන්න . අනිවාර්යයෙන්ම භාවනාව පොඩ්ඩක් හරි කරන්න.
    මහණ වෙනකොට ඇයි මහණ වෙන්නෙ කියන එකට හොද උත්තරයක් ලැබෙන තැනට හොයන්න .
    Good luck !
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අවස්ථාවක් ලැබුණු ගමන් ගිහි ගෙදරෙන් පැන ගනින්...
    කල් යල් බලන්න වෙලාවක් නෑ... ඕක උගුලක්....
    සැබෑම පැවිදි ජිවිතයක් ගත කරන්න හොදම තැන මහමෙව්නාව විතරයි දැනට ඉතුරුවෙලා තියෙන්නේ...
    තමන්ට ගැලපෙන තැනක් හොයාගන්න....
    පන්සල් වල මහන උනොත් එකේ යථාර්තයට කලකිරෙන්න එපා...
    පැවිදි වෙන්න කරන්න ඕනේ එකම දේ අතහැරීම...
    මේකෙන් ගැලවෙන්න සුබ පතනවා ....
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මහන වෙනවානම් මොනාද....
    මුලින් කරගන්න ඕනී දේවල්....

    දැනට ජොබ් එකක් තියෙනවා....
    නය වෙලා තියෙනවා අද හෙටම ඒ නය ඔක්කොම ඉවරයි... ඒවා ඉඅවරයක් උන නිසාමයි මේ අදහස ආවේ... පවුලේ අයට ඒ නය බරක් මොකුත් නෑ.
    ජොබ් එකේ ග්‍රැටිවිටි අම්මගේ අප්පච්චිගේ නමට අරන් දෙනවා....
    අම්මට අප්පච්චිට ඉන්සූරන්ස් එකක් අරං දාන්න...

    ඒ වගේ මොනාද කරන්න ඕනී....

    යුතුකම් සියල්ල කරල යන්න තමා හිතන්නේ මොකද..... ආයේ ගෙදර පැත්ත පලාතේ එන්න... නෑයෙක්වත් හිතවතෙක්වත් මුන නොගැසී වනගත වෙලාම ඉන්න තමා හිතන් ඉන්නේ...

    ගිහි ජීවිතේ සම්බන්දව ආසාවක් නෑ දැන්....
    Kohomath ubawa eka sare nam mahana karanne na
    Awruddak inna wenwa :yes:
    Amma thatha sahodaryo/riyo wenuwen krana yuthukam tika athi
     
    • Like
    Reactions: S_M_S

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,017
    1
    28,397
    113
    එක සැරේ මහන වෙන්න එපා. ටික කාලයක් ගිහි ජිවිතේ අත ඇරලා. බාවනා යෝගී වෙලා දර්මය ඉගෙන ගන්න. ඊට පස්සේ පන්සලකට ගිහින් මහන වෙන්න. හදිස්සි වෙලා මහන වෙලා පස්සේ සිවුරු අරින්න හිතෙයි. කාලෙකට ඉදන් ආසාවෙන් හිටියා නම් අවුලක් නැති වෙයි.

    මේ කාලෙ ශාසනේ කන හොරුන්ගේ ගුබ්බෑයම් වැඩියි..
    මහමෙව්නා,වහරක, ධර්මයයි ඔබයි නිවාතාප හිමි, නිරපේක්ෂත්වයේ මග-වලස්මුල්ලෙ අබය, උමන්දාව වගේ පිස්සුන් වහන්සේලාට අහුවෙන්න එපා.
    මිතිරිගල නිස්සරන වනය, ගල්දුව යොගාශ්‍රමය,ලබුනොරුව වගේ තැනක මහන වෙන්න..

    ඉට කලින් රේරුකානේ හිමියන්ගේ පොත් පෙල කියවලා ඉන්න. ගිහි ජිවිතේ ප්‍රශ්න වලින් මිදෙන්න මහන වෙනන එපා.. අවබොධයෙන් මහන වෙන්න..
    කය මහන කිරිම විනාඩි ගනනයි (තට්ටෙ ගාල+සිවුර දාන එක )
    හිත මහන කිරිම පට්ට අමාරු කල් යන වැඩක්.

    @පෝරිසාදයා සහ @Amathi Putha කියලා තිබෙන උපදෙස් ගැලපෙන ඒවා. ඒ විදිහට කරලා බලන්න. රේරුකාණේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ "ශාසනාවතරණය" පොත කියවලා බලන්න.

    වනගත වෙන එක හොඳයි. නමුත් පිරිස අතරෙත් වනගතවූවෙක් මෙන් හැසිරෙන්න පුලුවන්. ඒකට මනස මහණ කරවන්න ඕනෙ. වනගතත වෙලත් හිත මහණ නොවුනොත් කැලයක හිටපු අත්දැකීම් ගොඩක් විතරයි ඉතිරි. ඒ වගෙම මහණවෙලා ගුරු ස්වාමීන්වහන්සේ කෙනෙක් යටතෙ අවුරුදු 5ක් විතර ඉන්න ඕනෙ ශාසන චර්යාව හරියට ඉගෙනගන්න. එතනින් පස්සෙ ස්වාධීන වෙලා යන්න පුලුවන්. ගිහි ජීවිතයේ වගේම පැවිදි ජීවිතයෙත් බැඳීම් තිබෙනවා. ඒවා නොසලකා හරින්නත් බැහැ.

    මේක හැකිනම් තේරුම් ගන්න " වර්ථමාන මේ ශාසනයේ පැවිදි වෙන්න සුදුසුම අවස්ථාව ගිහි ජීවිතයත් පැවිදි ජීවිතයත් යන දෙකම ගැන ධර්මානුකූල සාධාරණ කලකිරීමක් ඇතිවුන අවස්ථාවයි".

    It's a good thing to ordain mcho 🙏 But be honest with yourself and see clearly what you want or what you don't want from life.
    Meethirigala Nissarana is a very good place to practice meditation. They have 3 day, 7 day meditation 🧘‍♂️ retreats. Try them and experience such a life at least in layman terms.
    Form and maintain a good relationship with those monks. They can be a good influence. But let the buddha be your ultimate teacher. And be vigilant. Good luck. 🌄
    These are some of the best advice.

    ඉක්මනටම මේ සසරින් එතෙර වන්නට පෙර කුසල් ශක්තිය, වීර්යය, ශීලය, සමාධිය, ප්‍රඥාව පහළවේවා!
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අභිධර්මය ඉගෙනගෙන යද්දි තමන්ටම තේරෙනව මහනවෙන්න ඕනි තමන්ගෙ යෝගී ජීවිතේ කොතනදිද කියල. එහෙම තේරිලා නැත්නම් මහන වෙලා තවත් ඝණයෙක් නොවී ගෙදරට වෙලා ඉන්න.
    Correct :yes:
     

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මමනම් කියන්නේ අර කලින් කට්ටිය කියපු ටිකමයි. අවුරුද්දක් විතර පන්සලක ඉඳපන්. පන්සලක් කිව්වේ හැබැයි පන්සලක්, නිකන් ලංකාවේ සමහර කොන්ක්‍රීට් වැඩපලවලුයි ගෙවතු වගා සංග්රාමයි නෙවෙයි. පහසුකම් අඩු උනත්, තමන්ගේ හිතට සහනයක් දැනෙන නිතර බණ බාවනා කරන ස්වාමින් වහන්සේලා ඉන්න. පුළුවන් තරම් බර අඩු පන්සලක් තොරගෙන එතන නැවතිලා ධර්මය ඉගෙනගන්න. ගෙදර සැපට ඉඳලා පුරුදුනම් මෙට්ටයක් ඇඳක් ගෙනියන්න. මොකද ඇගක් එකපාර අලුත්ම ජිවිතෙකට පුරුදු වෙන්නේ නෑ. සුබ පතනවා දවසක නිවැරදි ධර්මය ප්‍රචාරය කරන ගුණවත් ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    ඒවාටනම් යන්න අදහසක් නෑ....
    වනගත වෙලා... බන භාවනා ඉගෙන ගන්න තමා... අදහස...
    Puluwannam Denma meditation tikak iganaganin mchan...
    Kamatahan dena then thiyanawa.
    Rupawachara Dhyana tika ehema puluwannam hadaganin yanna kalin.
    Ube ube method ekakata ubama meditaion peththa devolop karaganna balapan.
    (poth wala thiyana ewa, upades ,kamatahan dena thenwalin lebena dewal okkoma use karala)
    Issarahata yanna hoda tool ekak.
    Godak welawata samaThaya epa vipassanaawa ethi kiyala rellata kiyana tharka samaharu kiyanawa.
    Ewa echchara hithanna epa. Ewa kiyanne meditation karala nethi aya.

    Vipassanaawa peththatath okkoma krama balala study karala ubema model ekak mothodology ekak hadaaganin.
    Ethakota kaatawath kade yamak / mulaawe wetimal wenne ne
     
    • Like
    Reactions: S_M_S