ඕවා මහා දේවල් නෙමෙයි බන්..කොහොමත් උබ ඔය කියන කාලේ ඕව මහා දේවල්ම නෙමෙයි...
විශේෂයෙන් වාසගම, ජාතිය වගේ දේවල්...කොටින්ම ජාතිය විතරික් නෙමෙයි, ඒ කාලේ කසාද පවා සිද්ද වුනේ එකම කුලය (caste ) ඇතුලේ...කුලය මත නේ රස්සාවල් තීරණය වුනේ...එතකොට එක කුලයක්, පිට කුලයකට බන්දන්නේ නැහැ..හේතුව, ඉපදුන දවසේ ඉදල දන්නා කර්මාන්තය තමයි ඒ ගෑනු අය පවා දන්නේ...එතකොට පිට කුලයකට කසාද බැඳලා ගියොත් උන්ට යන එන මන් නැති වෙනවා...
ඉතින් එහෙම එකේ, ජාතිය ගැන කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ...ගොඩක් වෙලාවට එකම ජාතිය,,,එතකොට අම්මගේ ජාතිය, තාත්තගේ ජාතිය කියල ලොකු දෙයක් එතන නැහැ...
අනිත් කාරණය වාසගම කියන්නේ පරම්පරාව නේ...අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ ළමයි දුසිම් ගණන් හැදුව...උන්ට ගෑනියෙක් බන්දවලා දීලා හෙන ගහල වගේ ඉන්න දෙයක් තිබුනේ නැහැ වෙන වාසගමක් ළමයින්ට වැටුනා කියල..මොකද පිරිමි ළමයි ගෑනු ළමයි එක පවුලේ ඕනේ තරම්...උන්ගේ පරම්පරා නවතින්නේ නැහැ දැන් කාලේ වගේ...
උබ අහන දේට නම් උත්තරේ පිරිමියා තමයි හැම දෙකම මූලිකත්වය අරන් වැඩ කරේ...එතකොට සමහර විට තමන්ගේ ගමේ හරි අහල ගමකින් උනත් අඳුරන්නේ පිරිමියා ගේ නම කිවම වෙන්න පුළුවන්..ඉතින් එහෙම එකේ ළමයි අදුරගන්න නමක් දානකොට කාගේ කවුද කියල හරියට හොයාගන්න අහවලාගේ අහවලා කියල නමක් දාන එක ලොකු දෙයක් නෙමෙයිනේ බන්..කවුරුත් නොදන්නා නමක් දාන එකේ තේරුමක් නැහැ නේ කොහොමත්...
මම අර කිව්වා වගේ මිනිස්සු තමන්ගේ හිතෙන පරාසයට විතරක් කොටු වෙලා බොරු තර්ක දාගෙන මැරෙන්න යනවා...ඒ කොටුවෙන් එලියට අවොත් උන්ගේ ලොජික් එකෙන්ම උන්ට කෙලවෙනවා...