හම්බන්තොට, ට්‍රැක් තුනේ ෆ්‍රී හයිවේ ටික නැත්තං, හරක්ට ගොම ටික දාගන්න තැනක් නැතිවෙනව...
තැන් තැන්පොලේ හදපු ඇවිදින මංතීරු නැත්තං, මේවෙනකොට මිනිස්සු ලෙඩවෙලා මැරිල...
ගම් වල තියෙන කරත්ත පාරවල් වලට, ඉන්ටර්ලොක් ගල් අල්ලල, ඊට උඩින් කොන්ක්‍රීට් දාල, ඊටත් උඩින් කාපට් එක දැම්මෙ නැත්තං, මේ වෙනකොට පාරවල් ටික මුහුදු මට්ටමට එනකල් ගිලාබැහැල...
හම්බන්තොට වරාය නැත්තං, රටින් එන කාර් ටික බාගන්න තැනක් නෑ....
මත්තල එයාපෝට් එක නැත්තං, සුවහසක් බයි මහජනයාට රස්සාවල් නෑ...
ආර්ථික මධ්‍යස්ථාන, මාළු වෙලඳසැල් ටික, නෙළුම් කොලේ හැඩේට වහලවල් දාල හැදුවෙ නැත්තං මිනිස්සුන්ට මාළු එළෝලු කැවෙන්නෙ වෑ..
ෆ්ලොටින් මාකට් එක නැත්තං කොළඹට සංචාරකයො එන්නෙ නෑ...
නෙළුම් පොකුණ නැත්තං, මියුසිකල් ශෝ එකක් ගහන්න තැනක් නෑ...
කැළණි ගඟ උඩින් එල්ලෙන පාලමක් නොදැම්මනං, කොළඹට වාහන වලට එන්න විදිහක් නෑ..
සෙන්ට්‍රල් කොලේජ් වල පාරට පේන්න, "රාජපක්ශ" නමින් නිල්පාට බිල්ඩිමක් හැදුවෙ නැත්තං, ඉස්කෝල වලට විද්‍යාගාර පහසුකම් නෑ...
(විද්‍යාගාර 4ක් තියෙන අපේ ඉස්කෝලෙත් වොලිබෝල් කෝට් එක තිබුණ බිමේ මේක ඇටෙව්ව... ඉස්කෝලෙ ඕනෙ තරම් ඉඩ තියෙනතැන් තිබුණත් හොඳට පාරට පේන තැනකට තිබුණෙ වොලිබෝල් කෝට් එක විතරයි...

)