මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    බලන් ගියාම ලංකාවේ හැම එකාටම එකම සේතේ. බැන්දට පස්සේ වත් වෙනම ඉන්න වෙනම life එකක් ගෙවන්න දෙන්නේ.නෑ. ආශ්‍රය කරන්න යන එකාගේ ඉඳන්ම පාලනය කරන්න යනවා. එතින් වල..

    මට හිතෙනවා සමහර ගෙවල් වල නැන්දම්මලා, මාමණ්ඩි ලා couple එක හු@#*^ වෙලාවටත් ඇවිල්ලා හොරට අහන් ඉන්නවා ඇති
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,631
    5,776
    113
    KALUTHARA
    Point bn. Mokekwat oniwata wada agata ganna oni na. Tmange paule unat. Hamoma ekka ganata idiyaam hari
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මට උන දෙයක්...

    අපිට බැදලා ඉන්න උනෙ වයිෆ් ගෙ තාත්තලාගෙ ඉඩමේ ගෙයක, ටිකක් ලොකු ඉඩමක් ගෙවල් 3ක් තිබුනා, එයින් එකම අපි වෙනම හිටියෙ, අපි විතරයි.
    බැදලා ආපු දවසේ ඉදන්ම අපි දෙන්න වෙනම උයාගෙන කාලා බිලා, ලයිට්, වතුර බිල් ගෙවාගෙන හිටියා.... ( පුරුදු වෙනකම් ගෙදරින් කන කතා නැ )
    (ඔනේ කරන උපාංග අපි දෙන්නම ගත්තා, තෑගි ලැබුනා එව්වා)

    එහෙම කාලයක් හිටියා අවුරුදු 1ක් පහු උනා
    අවුලක් නැ, අපි අපේ පාඩුවෙ, අපි තමයි තීරණය කරන්නෙ අපි ඉන්න ගෙදර වෙනස් කම් කරන ඒවා, පොඩි පොඩි වැඩ.. (වෙනදා මාමණ්ඩියා තමයි ඔව්වා කරන්නෙ)
    කොටින්ම වෙන අයගෙ කීමට අපි හිටියෙම නැ, :rofl: අපි වැඩි කතාබහකුත් නැ, කාටවත් වදයක් වෙන්න යන්නෙත් නැ

    අවුරුදු 2ක් ගියා,
    මාව ටිකක් නොරුස්සනා ගතියක් මට දැනෙන්න ගත්තා.. (වයිෆ් ගෙ ගෙදර අයට), මට මොකො ඉතිං ටයිප් එකෙ හිටියා මමත්..
    වයිෆ්ට කිව්වා මම ඔය සීන් එක, අපි යමු කියලා වෙන කොහෙ හරි වැඩෙ අල වෙන්න කලින්....
    (කොල්ලොන්ට ඉව තියෙනවා නෙහ් ) :ROFLMAO::rofl:
    වයිෆ්ගේ ජොබ් එකට ලඟයි, එහෙම සීන් එකෙ පොඩ්ඩක් පහු කරා එ වැඩෙත් (වෙන තැනකට යන එක)

    3 අවුරුද්ද ගෙවිලා යද්දි
    වයිෆ්ට ජොබ් එකේ මාරුවක් හම්බුනා නගරයකට (අපි හිටපු තැන ඉදන් දුරයි, 100කි.මි වගේ)
    අපි ඉතිං ඒ ලියකියවිලි වැඩ ඉවර කරන්, ගෙවල් දේකෙම (අපේ සහ වයිෆ්ගේ) අයටත් කිව්වා අපි මෙහෙන් යනවා කියලා :yes: ( no big deal එහ්)

    මේ කාලෙ අපි දෙන්නා රෙන්ට් එකට ගෙවල් හොයාගෙන, එව්වා බලලා
    බඩුමූට්ටු පැක් කරලා, පෙට්ටි හොයාගෙන ඒවට ඔක්කොම පැක් කරලා. ටික ටික යන්න ලේස්ති උනා... (අපි දෙන්න විතරයි මේවා කරගන්නෙ)

    ලොරියක් හොයන එක තමයි ටිකක් ගේමක් උනෙ, ෆුල් වහපු ලොරියක් තිබ්බෙ නැ, තිබ්බත් පොඩියි,
    කොහෙන් කොහොම හරි ලොරියක් සෙට් උනා...(බයිසිකලෙ නැගලා රවුම් ගහලා හොයාගත්තා)

    ගෙවල් අස්කරන් යන දවස අවා..
    උදෙ 10ට වගෙ එන්න කියලා තිබ්බෙ ලොරියට, (මාමන්ඬියා දන්නෙ නැ ලු වෙලාව, වයිෆ්ට කියන්න මිස්වෙලා හරි මොකක් හරි එකක් , දවස දන්නවා)
    ලොරිය ආවා උදෙ, හුකාරිස් ඒක ගන්න බැ කියපන්කො ඇතුලට වත්තෙ, ගහක වදිනවා පිටිපස්සෙ වහපු ඒරියා එක...
    දැන් වැඩෙ අල, ලොරිය අවුල්, ඩ්‍රයිවර් අවුලක් නැ පොර ගියා කරන්න දෙයක් නැති නිසා....

    දැන් දවල් වෙලා 1 ,2 පැනලා
    අපි දෙන්නා කතා කරලා, හෙට උදෙන්ම ආයෙ ලොරියක් හොයන්න ප්ලැන් කරා...

    හවස් වෙද්දි මාමාන්ඩියා හෙන සද්දෙ පොරගෙ ගෙදර ඉදන්...
    " මුන් අපිට දේවල් කියන්නෙ නැ,"
    "අපිත් දන්නවා ලොරි තියෙන තැන්,"
    "අතන ටවුන් එකට ගියානම් ඕනෙ තරම් තියෙනවා"
    "මුකුත් කියන්නෙ නැ අපිට"
    "blaaa bla blaa"

    දැන් අපි දෙන්නමට ඇහෙනවා :rofl:
    වයිෆ් ගියා එපාර ඒ පැත්තට, අම්මටසිරි එපාර ගින්නට පැට්‍රල් ගැහුවා වගෙ උනා,,, :rofl:

    සද්දෙ වැඩියි, දැන් එන්න එන්නා වීරයා වේගන එනවා මාමාන්ඩියා
    මට ගහන්න ටයිප් එකෙන් දැන් මාමා ටෝක් කරනො :rolleyes:, (මම තාම එක වචනයක් කියලා නැ)
    නැන්දම්මයි, නෑනයි එකතු වෙලා පොරව ගෙ ඇතුලට දාලා දොර වහගත්තා...

    මම වයිෆ්ට කතා කරන් අපි දෙන්නා රෑට කෑවා...
    සද්දෙ ඇහෙනවා අපිට, වයිෆ්ට අවුල් වැඩෙ හොදටම...

    පහුවෙනිදා උදෙන්ම මම ගිහින් ලොරියක් හොයන් ආවා... (මාමා කාරයත් ගිහින් එකක් හොයන්න, )
    ඒ ලොරිය ශේප් උස, දාගත්තා බඩු ටික අපි ආවා එන්න...

    තවම අපි ගෙවල් පැත්තෙ යනවා..( මම හැබැයි විසිට් විතරයි, වයිෆ් බැස්සුවා මම ටිකකින් එලියට බැස්සා )
    ---------------------------------------------

    මොරාල් ඔෆ් ද ස්ටෝරි
    බැදලා එක වත්තෙවත් ඉන්න එපා.....
    වයසක මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ අවුරුදු 20+ බැදගෙන ඉදපු ලණුව ලිහන්න...
    එයාලා හිතන්නෙ, කරන කියන, කරන්න ඉන්න හැම දේම රපොර්තු කරන්න ඕනෙ කියලා
    තමන්ගෙම ලමයින්ට වෙනම ලයිෆ් එකක්, වෙනම ටාර්ගට්ස් තියෙනවා කියලා ඔලුවට යන්න ඕනෙ...

    --------------------------------------------------------

    පුංචි දෙයකින්, මිනිස්සු වෙනස් වෙනවා,
    සියල්ලොගෙ හිත සුව පිනිස වෙනම ජීවත් වෙයල්ලා.........
    -----------------------

    👉මගෙ පොඩි එක්ස්පිරියන්ස් එක ලියලා, උබලගෙ එක්ස්පිරියන්ස් ශේයාර් කරගන්න දැම්මෙ ඉතිං...
    සහතික ඇත්ත. ඒ අතින් අපේ මාමන්ඩියා පට්ට. උ ඉගෙනගත්ත ඩයල් එකක්. කවදාවත් හිතරිද්දලා නෑ . මන් මොකක් හරී වැඩක් ගොන් විදියට කලොත් මිනිහා කියන්නේ ඔව් ඉතින් එක ඔහොමත් කරන්න පුලුවන් කියලා . එතකොට තෙරෙනවා ගොන් වැඩක් කරලා කියලා 😁
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    හිනා යනව ඉතින් මාමණ්ඩියගෙම වත්තෙ, මාමණ්ඩියගෙම ගේක පදිංචි වෙලා තව ලොකු සීනුත් දෙනකොට.

    සතුටු වෙයන් කනට ගහල එළෙව්වෙ නැති එකට
    :yes:
    දැන් සැපෙ ඉන්නෙ සිංහලයො...... ;):rofl:
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,188
    113
    සමහරක් උන්ට බැදලා බින්න බැස්සම ටික කාලයක් ගියාම අමුතුම උෂ්ණයක් ඇගට ගහනවා බන්. උන් හිතන් ඉන්නේ ගැනිගේ දෙමාපියෝ උන්ට වැදගෙන ඉන්න ඔනි වගේ සින් එකක්.
    කුලියට ගෙවල් වලට ගිහින් මාස දෙක යද්දි ගෙදර අයිතිකාරයො දාන සින් දැක්කම අරක දාහෙන් සම්පතයි කියලා හිතෙයි.

    මොනා නැතත් උබේ මාමණ්ඩියා හොද ඩයල් එකක්. වෙන එකෙක්නම් ඊලග දවසේ වාහන හොයන්න යන්නේ නැ. බොරු මාන්නේ පැත්තකින් තියලා උත් එක්ක කතා කරපන්. ගෙදර ඉන්න දුන්නට උබලගෙන් සල්ලි ගත්තේ නැනේ.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    යකෝ ඔය මොනවද බං... මගේ කතාව ඇහුවනං උඹ නැන්දට මාමට මල් තියල වදිනවා...
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    Agreed.
    ඔවා නම් මොනාද බං.
    මට වෙලා තියන කැ# වැඩ එක්ක.
    මැරුණාම ගෙනියන්නෙ නෑ කියල හිතලා හැමදේම අමතක කරනවා. නැත්නම් අද වෙනකොට එක්කො එකෙක් බාවලා, නැත්නම් මැරුම් කාලා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,578
    113
    මම දවසක් ප්‍රොපෝසල් ඒකක් බැලුවා...ඒ අම්මා තාත්තා කියනවා .බැදලා ඒයාලගේ ගෙදර ඉන්න ඔනි ලු..මට පව් කියලා හිතුනා...ඒකම දුවයි...ඒයාලා දුවට තියන ආදරයට තමයි ඒහෙම කියන්නේ..පව්..ඒ්ත් ඒ් දුවගේ දියුනුවට ඒ්ක සෑහෙන්න බලපානවා
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,312
    113
    Panadura
    බින්න බහින්න යනව නම් ඉතින් උබටත් හොඳට යමක් කමක් තියෙන්න ඕනේ එතකොට ඔය සීන් නෑ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,928
    12,267
    113
    Behind u :p
    මම නැන්දම්මව ගෙදරින් යැව්ව. බබා බලාගන්න ඇවිත් ටික දවසක් හොදට හිටිය, ඊට පස්සෙ ඔටුවට කූඩාරමට එන්න දුන්න වගෙ , හැම එකටම හොට දාන්න ගත්ත, වයිෆ් ව කොන්ට්‍රොල් කරන්න ගත්ත, දවසක් උදේ නැගිටින කොට වයිෆ්ට හෙන හයියෙන් බනිනව, අපේ අම්මත් අවිල්ල හිටිය, මම බැන්න මොකදරන්ඩු වෙන්නෙ කියල, මම බැන්න ගමන් ,මට බනින්න පටන් ගත්ත, බනින ගමන් අපේ අම්මට වචනයක් දැම්ම, එදාම ගෙට් අව්ට්.. වයිෆ් දන්නව එගොල්ලන්ගෙ අම්ම වැරදි කියල, මායි වයිෆුඉ එ සීන් එක ගැන තාම කතාකලේ නෑ,
    ඉදල හිටල බබාල බලල යන්න එනව.මාත් එක්ක තාම නෝ කතා...😁
     
    • Like
    Reactions: jusi

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,039
    4,827
    113
    බැදලා එක වත්තෙවත් ඉන්න එපා.....
    වයසක මිනිස්සුන්ට තෙරෙන්නෙ නැ අවුරුදු 20+ බැදගෙන ඉදපු ලණුව ලිහන්න...
    එයාලා හිතන්නෙ, කරන කියන, කරන්න ඉන්න හැම දේම රපොර්තු කරන්න ඕනෙ කියලා


    True 👍
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    වෙන්ඩ හිටපු නැන්දම්මා මට පට්ට ආදරෙයි,දුව මට දෙනවාමයි කියලා කීවා,මාමා කාරයා තමා කුලයක් ඇදලා අරන් ලව් එකටත් කෙලියෙ
     
    • Sad
    Reactions: Solo Rider