O/L ඉවර වෙලා british council එකේ ඉංග්රීසි කොස් එකකට අම්මා දැම්මා මාව. එකේ ලස්සන කෙල්ලෙක් හිටියා .. මගේ වයසමයි ..මාර ලස්සන කෙල්ලෙක් .ලස්සන ඇගක් එහෙමත් තිබුනා කියලා\ මතකයි ..අන්තිමට කෝ ස් එක ඉවර උනා .. මන් ඒ කාලේ එච්චර forward නෑ .. කෙල්ලෝ මාව ටෝක් කරලා දාගන්නකම් හිටියේ .. පන්තිය ඉවර වෙන්න ලං වෙලා එයා ලගට ගිහින් කතා කරා .. හැබැයි නම්බර් එක ඉල්ලගන්න කොන්දක් තිබුනේ නෑ .. පන්තිය ඉවර වෙන්න වෙලාව ලං උනා .. එයා මන් දිහා බලනවා දැක්කා කලින් නැති විදිහකට..ටික වෙලාවකට පස්සේ එයා මන් ලගට අවා.. ඇවිත් කිව්වා " මෙන්න මගේ නම්බර් එක ..O/L result ආවට පස්සේ මට කතා කරලා කියන්න කියලා " මට හිතා ගන්න බැරි උනා .. මාර සතුටුයි .. ලග පාත කොලයක් තිබුනෙත් නෑ ලියාගන්න .. මම අල්ලේ ලියා ගත්තා .. පස්සේ හීන මව මව ගෙදර අවා .. ඇවිත් අල්ල දිහා බැලුවා SMS දාන්න කියලා .. එක මැකිලා කියහන්කෝ ..මොකුත් පේන්නෙම නැති ගානටම මැකිලා ගිහින් .. ඇඩෙන්න වගේ අවා.. .. ආය british council එක ලග කැ රකුනා , අවරුදු ගානකට පස්සේ facebook එකේ බැලුවා , තාම හොයනවා .. එත් හොයාගන්න බැරි උනා ...
මන්දිර සඳලුතල සින්දුවේ විෂුවල් එක බලනකොට එයාව මතක් වෙනවා .. එකේ ඉන්ෆා ස් කාරයාට වෙන්නෙත් මට උනා වගේ සීන් එකක්
අප්පට ජිල් බෝල ගහන සින් එකක් නේ ඔයි එක. ගත යුතු පාඩම් බොහොමයි.


ඉස්සර අපි නම් 100 කොලේ තමා නොම්බරේ ලියල දෙන්නේ . ආයි නැති කරගන්නේ නැනේ. මොකද අපිට වඩා 100 වටිනවා කෙලොන්ට
