ලෝකෙ අඩුම ගුරුත්වාකර්ෂණ බලය ලංකාවේ තියෙනවා වුනාට ලංකාවේ ගුරුත්වාකර්ෂණයෙ අගයයි ලෝකෙ අනිත් තැන් වල ගුරුත්වාකර්ෂණයෙ අගයයි අතරෙ එච්චර ලොකු වෙනසක් නෑ කියලත් කියනවා. ලංකාවේ ගුරුත්වාකර්ෂණය 9.7773 m/s² වගේ අගයකලු තියෙන්නේ. Florida වල ගුරුත්වාකර්ෂණය 9.7979 m/s² වගේ අගයකලු තියෙන්නේ. ඒ අගයන් දෙක අතරේ එච්චර ලොකු වෙනසක් නෑ කියලා තමයි කියන්නෙ නම්. ඒත් මේ medium article එක ලියපු කෙනා සඳහන් කරලා තියෙන ආකාරයට SpaceX එකට ලංකාවෙ ඉඳන් Rocket එකක් යවනවනම් Florida ඉඳන් Rocket එකක් යවනවට වඩා $190,000 ක වාසියක් තියනවලු. හැබැයි Rocket එකක් යවන්න වියදම් වෙන සම්පූර්ණ ගානත් එක්ක බැලුවහම $190,000 ක් කියන්නෙ එච්චර ලොකු ගාණක් නෙමෙයි කියලත් කියනවා.
https://link.medium.com/WW5ZvJ7bQub
Credit - Indrajit Samarajiva
අඩෝ ඔය video එක සම්පූර්ණයෙන්ම 2019 යෙ ලියපු මේ medium article එක බලාගෙන ද කොහෙද හදලා තියෙන්නේ. Elon Musk කොහෙදිවත් ලංකාවේ ඉඳන් Rocket එකක් Launch කරන කතාවක් කියල නෑ bro. මේක ලංකාවේ කොල්ලෙක් ලියපු medium article එකක්.
හැබැයි අනාගතේ දවසක ලංකාවේත් Spacecrafts Launch කරන්න පුළුවන් Spaceport එකක් හැදුවොත් පට්ට නේද.
