මේ අයිස් ගැන කතාව අස්සේ වෙනම ගේමක් යනවද කියලා හිතෙනවා. මත්ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කළ යුතුයි ඒකේ කතාවක් නැහැ.
හැබැයි මේ සමාජ ගත කරන තොරතුරු ගැන නම් සෑහෙන්න ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා.
Bedrock Recovery Center කියන අමෙරිකාවේ තියෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කරන ආයතනයට අනුව සාමාන්‍යයෙන් ඉහළ දරාගැනීමක් සහිත පුද්ගලයෙකුට අයිස් නැත්නම් Meth දිනකට ග්‍රෑම් 1.75ක ප්‍රමාණයක් ඇති පැය 06 සිට 24ක් දක්වා බලපෑමක් ඇති කරන්න..
මේ කියන විදිහට දිනකට ග්‍රෑම් 25ක් ගත්තා නම් මේ කියන තරුණිය මේ වෙද්දී ජීවිතුන් අතර ඉන්න විදිහක් නැහැ.. ජීවතුන් අතර සිටියත් පියවී සිහිනයෙන් නම් ඉන්න විදිහක් නැහැ.
ග්‍රෑම් 25ක් ළඟ තියාගෙන ඉඳලා අහු වුණොත් සිංගප්පුරුවේ නම් මරණ දඬුවම දෙන්න පුළුවන් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් මේ මත්ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය එකක් ගත්තාම.
සමහර විට අනුමාන කරලා මෙච්චර ගත්තා කියනවද කියලා හිතලා නැත්නම් අනුමාන කරලා කිව්වා කියලා හිතුවත් මේ තොරතුරු වැරදි සම්පුර්ණයෙන්ම.
ඕස්ට්‍රේලියාවේ NADK නැත්නම් National Alcohol and Drug Knowledgebase එකට අනුව එයාලාගේ පර්යේෂණ අනුව එයාලාට හම්බ වෙලා තියෙන අයගෙන් බහුතරයක් දිනකට ග්‍රෑම් 0.11 සහ 0.25ත් අතර ප්‍රමාණයක් ගන්න අය. බහුතරයක් ඉන්නේ ග්‍රෑම් 01ට අඩුවෙන් ගන්න අය දිනකට.
ග්‍රෑම් එකකින් කොච්චර බලපෑමක් කරන්න පුළුවන් ඇතිද කියලා එකෙන් හිතන්න පුළුවන්.
8%ක් වගේ තමා Meth ග්‍රෑම් 01ට වඩා ගන්න අය ඉඳලා තියෙන්නේ.
මේ විදිහට අපේ රටේ මාධ්‍ය විසින් තොරතුරු ගැන හොයා නොබලා මේවා සමාජ ගත කරන එකේ අරමුණ මොකක්ද?
සමහර විට ඇත්තටම ICE මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රටේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විසඳන්න හදනවා නම් මේ වගේ තොරතුරු එළියට දාලා කරන වැඩෙන් ඒක විහිළුවක් වෙන එක විතරයි වෙන්නේ..