බුදුන් වහන්සේ මා කියන දෙවත් එලෙසින්ම පිලිගන්න එපා කියලා තියෙනවද? තියෙනවානම් ත්‍රිපිටකයේ තියෙන තෑන කොහෙද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,104
    7,123
    113
    Back Bay-Beacon Hill, Boston

    I guess it is very hard to shoot a moving target 😂

    නැත්නම් ඔබතුමා මේක නිවහල් චින්තනය කියල හිතුවද දන්නෙ නැහැ... මේක වෙන එකක්නෙ
    ආං ඒකයි! නිදහස් , නිවහල් කියන්නේ දෙකක් නේ!

    ඔව් එන්සිනා, හරමානිස් සහ ඔබතුමා ගොඩනගන්නේ වෙනස් තර්ක තමයි මොකද ඔය greenthunder මහත්තය කියනව වගේ ඒවා අපේ චරිත ලක්ෂණ, විශ්වාස, අධ්‍යාපනය,අත්දැකීම්,හැදුනු වැඩුනු පසුබිම ... යනාදියට සාපේක්ෂයි, නමුත් සිධාන්තය එකයි.

    edit:
    මෙම තර්ක වැරදි වෙන්නත් පුළුවන් හරි වෙන්නත් පුළුවන් ඒක depend වෙන්නේ බුද්ධි මට්ටම අනුව
    ------ Post added on Dec 27, 2022 at 2:12 PM
    හෑ? හුටා! තව වේරියබල් එකක් ආව නේහ්, එක පාරටම...නෑ ඉතිං ඒකත් හොඳයි.. මේ කියන විදියට තර්කේ හරි හෝ වැරදි මොනම හෝ තර්කයක් තියෙනකං ගොඩ?
     
    • Like
    Reactions: greenthunder

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    එහෙමනම් නිදහස් චින්තනයක් පෙන්වගන්න පුලුවන්ද ?
    ඔව් පුළුවන් මහත්තය

    I guess it is very hard to shoot a moving target 😂
    නටන්න බෑ පොළව ඇදයි :rofl:
    ආං ඒකයි! නිදහස් , නිවහල් කියන්නේ දෙකක් නේ!
    දැන්ද දන්නෙ?:P
    හෑ? හුටා! තව වේරියබල් එකක් ආව නේහ්, එක පාරටම...නෑ ඉතිං ඒකත් හොඳයි.. මේ කියන විදියට තර්කේ හරි හෝ වැරදි මොනම හෝ තර්කයක් තියෙනකං ගොඩ?
    මහත්තය වැඩේ දෙල් වෙනකොට discussion වෙන වෙන directions වලට ගෙනිහිල්ල දැන් variations ගැන කතා කරන්න එපා, මුලින් අපි කතා කලේ චතුරාර්‍ය සත්‍ය තාර්කික ද කියන එකනේ, ඒක කතාකරන්න අමාරුයි වගේනම් අල්ලලා දාමු :D
    ------ Post added on Dec 27, 2022 at 7:01 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,104
    7,123
    113
    Back Bay-Beacon Hill, Boston
    මහත්තය වැඩේ දෙල් වෙනකොට discussion වෙන වෙන directions වලට ගෙනිහිල්ල දැන් variations ගැන කතා කරන්න එපා, මුලින් අපි කතා කලේ චතුරාර්‍ය සත්‍ය තාර්කික ද කියන එකනේ, ඒක කතාකරන්න අමාරුයි වගේනම් අල්ලලා දාමු :D
    ------ Post added on Dec 27, 2022 at 7:01 PM
    වේරියබල් ... විචල්‍යක් කියල කිව්වේ. වේරියේශන් නෙවෙයි:lol:

    චතුරාර්ය සත්‍ය තාර්කිකයි කියල පටන් ගත්ත සැර් නේද දැන් කන්ඩිශන් 2ක් දාල තර්කේ හරි වෙන්ඩත් ඕනේ, තර්කේ ගොඩ නගන එකා බුද්ධිමත් වෙන්ඩ ඕනේ කියාගෙන දඟලන්නේ...:rofl:
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    වේරියබල් ... විචල්‍යක් කියල කිව්වේ. වේරියේශන් නෙවෙයි:lol:

    චතුරාර්ය තර්කිකයි කියල පටන් ගත්ත සැර් නේද දැන් කන්ඩිශන් 2ක් දාල තර්කේ හරි වෙන්ඩත් ඕනේ, තර්කේ ගොඩ නගන එකා බුද්ධිමත් වෙන්ඩ ඕනේ කියාගෙන දඟලන්නේ...:rofl:

    ඔබතුමා ඉහතදී නෝටිස් කරපු ගෝල් පෝස්ට් එක සැරින් සැරේ වෙනස්කරන ගතිය ත්‍රෙඩ් එක කියවන අයට දැන් පැහැදිලි ඇති කියලා හිතනවා මමත්.
     
    • Love
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,104
    7,123
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔබතුමා ඉහතදී නෝටිස් කරපු ගෝල් පෝස්ට් එක සැරින් සැරේ වෙනස්කරන ගතිය ත්‍රෙඩ් එක කියවන අයට දැන් පැහැදිලි ඇති කියලා හිතනවා මමත්.
    මල් හතේ සෑර්ට සංගතව කරුනු දැක්වීමේ, සංගතව එක් මතයක් ඩිෆෙන්ඩ් කිරීමේ අඩුවක් තිබෙන බවයි පේන්නේ, සංගතව තර්කයක් ගොඩනැගීමේ දුර්වලතාවයක් මේ තත්වයට හේතු වන බවයි පේන්නේ.

    එක එක පුද්ගලයාගේ බුද්ධිමට්ටම අනුව එකකින් එකකට පැන පැන යන්නත් පුළුවන්, හරි පොටක් පාදුනොත්, එක චින්තනයක් තුල ඉන්නත් පුළුවන් මේක පුද්ගල බද්ධයිනේ. මේ දෙකම නිදහස්.

    ඔව් කොටු වෙනව, නමුත් මගේ අදහස ඒක එකකට කොටු වීමට වඩා හොඳයි කියල, එතකොට අපිට හිතන්න තියන avenues ගණන වැඩිවෙනව නේද?
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,274
    164,460
    113
    එකමත් එක රටක
    උන් උන්ම කෙලගන්න ත්‍රෙඩ්…

    michael jackson smile GIF
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    මල් හතේ සෑර්ට සංගතව කරුනු දැක්වීමේ, සංගතව එක් මතයක් ඩිෆෙන්ඩ් කිරීමේ අඩුවක් තිබෙන බවයි පේන්නේ, සංගතව තර්කයක් ගොඩනැගීමේ දුර්වලතාවයක් මේ තත්වයට හේතු වන බවයි පේන්නේ.

    ඔව්. එකිනෙකට පරස්පර කතා තමා කියන්නෙ. ඒක ඩෙමොන්ස්ට්‍රේට් වෙන එක තමා වෙන්න ඕනෙ.

    එක එක පුද්ගලයාගේ බුද්ධිමට්ටම අනුව එකකින් එකකට පැන පැන යන්නත් පුළුවන්, හරි පොටක් පාදුනොත්, එක චින්තනයක් තුල ඉන්නත් පුළුවන් මේක පුද්ගල බද්ධයිනේ. මේ දෙකම නිදහස්.

    ඔව් කොටු වෙනව
    , නමුත් මගේ අදහස ඒක එකකට කොටු වීමට වඩා හොඳයි කියල, එතකොට අපිට හිතන්න තියන avenues ගණන වැඩිවෙනව නේද?
     
    • Like
    Reactions: ewijesekara

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    කිසිම දෙයක් මත රඳා නොපවතින/කොටු නොවෙන නිදහස් චින්තනයක් පෙන්වගන්න පුලුවන් ? පෙන්වන්න බලන්න ?
    ඔබතුමා කතා කරන්නේ නිරපේක්ෂ චින්තනයක් ගැන මම කතා කරන්නේ එහෙම දෙයක් ගැන නෙමයි එක නිසා ඔබතුමාට යලිත් කරුණු දැක්වුවත් කෙලවර වෙන්නේ මෙතැනින්ම තමයි ඒ නිසා ඔබතුමාට මේක පැහැදිලි කිරීමට යාම pointless.

    වේරියබල් ... විචල්‍යක් කියල කිව්වේ. වේරියේශන් නෙවෙයි:lol:

    චතුරාර්ය සත්‍ය තාර්කිකයි කියල පටන් ගත්ත සැර් නේද දැන් කන්ඩිශන් 2ක් දාල තර්කේ හරි වෙන්ඩත් ඕනේ, තර්කේ ගොඩ නගන එකා බුද්ධිමත් වෙන්ඩ ඕනේ කියාගෙන දඟලන්නේ...:rofl:
    හරි විචල්‍යක් කියමුකෝ එහෙනම්. කොහොම වෙතත් ඔබතුමන්ලා චින්තනයක් ගැන කතා කරන්න ගියානේ චතුරාර්ය සත්‍ය තාර්කිකයි කියල පටන්ගත්ත discussion එකේ. ඒ conditions දෙකක් නෙමෙයිනෙ characteristics දෙකක් නෙ මහත්තය. හොඳට කියවන්න
    එකේ ප්‍රශනයක් නැහැ තමුන්ට කැමති දේ හිතන්න නිදහසක් තියනවනෙ.

    ඔව්. එකිනෙකට පරස්පර කතා තමා කියන්නෙ. ඒක ඩෙමොන්ස්ට්‍රේට් වෙන එක තමා වෙන්න ඕනෙ.

    පරස්පර වෙන්නේ ඔබතුමාට එකදෙයක් ආකාර කීපයකින් දකින්න බැරි නිසා නෙමෙයිද?

    p.s:
    1. සංගතව කරුනු දක්වන්න බෑ
    2. ගෝල් පෝස්ට් වෙනස් වෙනව
    3. සද්භාවයක් නැහැ
    4. ඩිෆෙන්ඩ් කිරීමේ අඩුවක්
    5. පරස්පර කතා
    6. වහරක පිල්ලි
    List is growing....

    වැඩේ දෙල් - personal attacks කරමු? :D :D :D
    ------ Post added on Dec 28, 2022 at 3:29 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ත්‍රිපිටකය කියන්නෙ පොතක්නෙ මහත්තය බුදුන් නෙමෙයිනෙ. ධර්මය විකුර්තියි කීමත් පුද්ගල සාපෙක්ෂයිනේ ඉතින් ඔබතුමා මොනවා කොහොම කිව්වත් මේක තර්කයෙන් තමයි එක එක අයට පැහැදිලි (reason) වෙන්නේ. නැත්නම් මේක කවුරුත් පිළිගන්නේ නැහැ (ඔබතුමා ඇතුළුව). පිළිඅරගෙන තමයි මාර්ගය වඩන්නේ.

    එක එක්කෙනා දර්මයට එන්නෙ එක එක විදිහටන මහත්තය... පටාචාර එක විඩිහට අවා..සෝපාක එක විදිහට ආව.. කෙනෙකුට දර්මයට එන්න තර්කානුකුල වීම රීසන් එකක් උනා කියල, එකෙන් කියවෙන්නෙ නැනෙ මහත්තය දර්මය තර්කානුකුලයි කියල... ඒක ඉතින් එන මනුස්සයගෙ චොයිස් එක..ඔබතුමාට දර්මයට එන්න එක නම් හෙතුව...මට අවුලක් නැ වැරදි අදහස උනත් හොද දෙයක් නෙ වෙලා තියෙන්නෙ..

    අලුත් ආගමක අවශ්‍යතාවයක් නැහැ මොකද තර්කය හොඳට ධර්මයට ගැලපෙනව ඔබතුමාට ඒක නොපෙනුනාට. මේක මගේ මතය, අනික් මතවාදත් තියනව ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි.

    ඕක තර්කයට ගලපන්න මහ කජ්ජක් නෙවේ මහත්තය... හාමුදුරු 10 දෙනෙක් ලගට ගියානම්, ඕක දහ විදිහට තර්කානුකුලව වෙරිෆයි කරයි යස අගේට..කැමති විද්හට දුකක්යි තන්හාවකුයි දැම්ම ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්

    බුදු හාමුදුරුවො, X කියල පාටකුයි ‍Y කියල පාටකුයි එකට දම්මම Z පාටක් හැදෙනව කිව්වම්ම..

    පාට නොදන්න අන්දයට...ඕකට ලස්සනට එයා දන්න නම්බර්ස් ටිකක් දාල කැමති විදිහට වෙරිෆ්යි කරගත හැකි. ඊට පස්සෙ එය හිතනව ඉතින් බුදුන් කිය්පු දෙයත් එයාගෙ ලොජික් එකට සෙට් වෙනව කියල..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔබතුමා කතා කරන්නේ නිරපේක්ෂ චින්තනයක් ගැන මම කතා කරන්නේ එහෙම දෙයක් ගැන නෙමයි එක නිසා ඔබතුමාට යලිත් කරුණු දැක්වුවත් කෙලවර වෙන්නේ මෙතැනින්ම තමයි ඒ නිසා ඔබතුමාට මේක පැහැදිලි කිරීමට යාම pointless.

    නැහැ නැහැ මම ඇහුවෙම ඔයා ඔය කියන චින්තනය නිදහස් කියලා කියන්නෙ කොහොමද කියන එකනෙ. ඔයා ek_roshට කිව්වෙත් ඒකෙන්. හරියට නිදහස් චින්තනයක් තියනවා වගේනෙ. දැන් ඔයාගෙන් පිලිවෙලින් ප්‍රශ්න කළාම ඔයාට "නිදහස්" චින්තනයක් පෙන්වන්න බැහැ. ඔයාටම පෙන්නගන්න බැරිකම තුල ඔයාගෙ වචන වලින්ම පැහැදිලි වුනා එහෙම චින්තනයක් නිදහස් නැහැ කියලා. සරලවම කිව්වොත් ප්‍රශ්න කිරීම තුල ඔයා හිරවුනා.

    ඉගෙන ගන්නවානම් ඔන්න තැන. ඕනම තමා චින්තනයේ දුර්වලතාවය, ඕකම තමා චින්තනයේ කෙලවර, ඕකම තමා තර්කයේ දුර්වලතාවය, ඕකම තමා තර්කයේ කෙලවර.

    චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ), තර්කය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ) එහෙමනම් තර්කයෙන් පැමිණෙන චතුරාර්‍ය සත්‍ය නිගමනයක් කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ)

    ඒ කියන්නෙ මුලින් තර්කයෙන් බැසගෙන නිගමනයට එලඹියා වු චතුරාර්‍ය සත්‍යයේ හරය, ඒ එළඹීම උදෙසා පවත්වන කූඤ්ඤ මත පදනම් වෙනවා. මමත් @ewijesekara ත්, @ek_rosh ත් විවිධ ක්‍රම වලින් කිව්වෙ ඔන්න ඔය එකම කාරණය...

    සන්දකය, නැවත අනිකක්ද කියමි. මේ ලොකයෙහි ඇතැම් ශාස්තෘවරයෙක් තර්කයෙන් විමසන්නේ වෙයි. හෙතෙම මාර්ගයෙන් පැමිණෙන ලද විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීමෙන් ධර්මය දෙශනා කරයි. සන්දකය, තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘවරයා විසින් වනාහි

    1) මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි.
    2)නොමනාව තර්ක කරණ ලද්ද වෙයි.
    3)එසේත් වෙයි.
    4)අන් පරිද්දෙකිනුත් වෙයි.

    සන්දකය. එහි නුවණැති පුරුෂ තෙම මෙසේ සලකයි. මේ පින්වත් ශාස්තෘ තෙමේ වනාහි තර්ක කරන්නෙක් විමසන්නෙක් වෙයි. හෙතෙම තර්කයෙන් බැසගන්නාවූ විමසීම අනුව ගියාවූ තමන්ගේ වැටහීම පරිදි ධර්මදෙශනා කරයි. තර්ක කරන්නාවූ විමසන්නාවූ ශාස්තෘ විසින් වනාහි මනාව තර්ක කරණ ලද්දක්ද වෙයි. නොමනාව තර්ක කරණ ලද්දක් වෙයි. එසේත් වෙයි. අන් පරිද්දෙනුත් වෙයි. හෙතෙම මේ බ්‍රහ්මචර්යාව අස්වැසීම් රහිතයයි, මෙසේ දැන ඒ බ්‍රහ්මචර්යාවෙන් කලකිරී බැහැර වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    නැහැ නැහැ මම ඇහුවෙම ඔයා ඔය කියන චින්තනය නිදහස් කියලා කියන්නෙ කොහොමද කියන එකනෙ. ඔයා ek_roshට කිව්වෙත් ඒකෙන්. හරියට නිදහස් චින්තනයක් තියනවා වගේනෙ. දැන් ඔයාගෙන් පිලිවෙලින් ප්‍රශ්න කළාම ඔයාට "නිදහස්" චින්තනයක් පෙන්වන්න බැහැ. ඔයාටම පෙන්නගන්න බැරිකම තුල ඔයාගෙ වචන වලින්ම පැහැදිලි වුනා එහෙම චින්තනයක් නිදහස් නැහැ කියලා. සරලවම කිව්වොත් ප්‍රශ්න කිරීම තුල ඔයා හිරවුනා.

    ඉගෙන ගන්නවානම් ඔන්න තැන. ඕනම තමා චින්තනයේ දුර්වලතාවය, ඕකම තමා චින්තනයේ කෙලවර, ඕකම තමා තර්කයේ දුර්වලතාවය, ඕකම තමා තර්කයේ කෙලවර.

    චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ), තර්කය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ) එහෙමනම් තර්කයෙන් පැමිණෙන චතුරාර්‍ය සත්‍ය නිගමනයක් කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ)

    ඒ කියන්නෙ මුලින් තර්කයෙන් බැසගෙන නිගමනයට එලඹියා වු චතුරාර්‍ය සත්‍යයේ හරය, ඒ එළඹීම උදෙසා පවත්වන කූඤ්ඤ මත පදනම් වෙනවා. මමත් @ewijesekara ත්, @ek_rosh ත් විවිධ ක්‍රම වලින් කිව්වෙ ඔන්න ඔය එකම කාරණය...
    නැහැ මහත්තය මේක "නිදහස්" චින්තනයක්" ඔබතුමාට දැකගන්න බෑ කියල නිවැරදි වෙන්න ඕනි.

    මෙන්න මෙතනම ඔබතුමාල හිරවෙලා:

    චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ), තර්කය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ) එහෙමනම් තර්කයෙන් පැමිණෙන චතුරාර්‍ය සත්‍ය නිගමනයක් කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ)

    මේ දෙකේ barrier එක කඩා ගන්න ඔබතුමාලට බැහැ, ඔබතුමන්ලා තරයේ හිතන් ඉන්නවා දෙයක් මෙලෙස උනොත් අනික මෙහෙම වෙන්නම ඕනි කියලා. මම කියනව:

    චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ), තර්කය හැමවිටම ... මේ ටික හරි නමුත් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ඔය conditions වලට යට වෙන්නෙ නැහැ කියල. මොකද චතුරාර්‍ය සත්‍ය අවබෝධය කියන්නෙ ලෝකයෙන් එතෙර දෙයක්. නමුත් චතුරාර්‍ය සත්‍ය තාර්කික භාවය ලෝකයේ පවතින දෙයක්. මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්.

    තවද, චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් උනත් කෙනෙකුට unconditined චතුරාර්‍ය සත්‍ය අවබෝධයට පැමිණෙන්න වෙන්නේ මේ හරහා තමයි. මෙතන හිරවීමක් නැහැ ඔබතුමාලගේ පැත්තෙන් outside box හිතීමක් විතරයි තියෙන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    නැහැ මහත්තය මේක "නිදහස්" චින්තනයක්" ඔබතුමාට දැකගන්න බෑ කියල නිවැරදි වෙන්න ඕනි.

    මෙන්න මෙතනම ඔබතුමාල හිරවෙලා:

    චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ), තර්කය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ) එහෙමනම් තර්කයෙන් පැමිණෙන චතුරාර්‍ය සත්‍ය නිගමනයක් කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ)

    චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් (නිදහස් නැහැ), තර්කය හැමවිටම ... මේ ටික හරි නමුත් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ඔය conditions වලට යට වෙන්නෙ නැහැ කියල. මොකද චතුරාර්‍ය සත්‍ය අවබෝධය කියන්නෙ ලෝකයෙන් එතෙර දෙයක්. නමුත් චතුරාර්‍ය සත්‍ය තාර්කික භාවය ලෝකයේ පවතින දෙයක්. මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්.

    තවද, චින්තනය හැමවිටම කන්ඩිශන්ඩ් උනත් කෙනෙකුට unconditined චතුරාර්‍ය සත්‍ය අවබෝධයට පැමිණෙන්න වෙන්නේ මේ හරහා තමයි. මෙතන හිරවීමක් නැහැ ඔබතුමාලගේ පැත්තෙන් outside box හිතීමක් විතරයි තියෙන්නේ.

    පෙන්වගන්න පුලුවන් කිව්ව නිදහස් චින්තනය පෙන්වගන්න බැරි උනා නේ ?

    තර්කය ලෝකයේ පවතිනවා තමා. එතකොට තමා එක එක චතුරාර්‍ය සත්‍ය එක එක්කෙනා කියන්නෙ. ඒක කවුරුත් නැහැ කිව්වෙ නැහැනෙ. ඒකම තමා මම ක්‍රිටීක් කලේ. අපි දන්න චතුරාර්‍ය සත්‍ය ගෝචර වීමත් සමග ඒ පුද්ගලයා නිර්වාණාවබෝධය කරනවා. එතනදි ඒ චතුරාර්ය සත්‍ය දෙකක් තුනක් හතරක් නැහැ. එතනදි ඒ අවබෝධය එකයි. ඒ නිසායි ඒ හැමෝම එකම අවබෝධයකින් (නිවන්) ගමන කෙලවර කරන්නෙ.

    ඔයාගෙ "තර්ක ගෝචර" ක්‍රමයට, චතුරාර්‍ය සත්‍ය ඕනෙ තරම් හදලා පෙන්නන්න පුලුවන්. විවිධ අය විවිධ චතුරාර්‍ය සත්‍ය ගෝචර වෙලා විවධ නිවන් ලබනවා.

    දැන් මේ සාකච්ඡාවම බලන්නකො, ඔයාම කියන විදිහට දෙන්නට දෙකක්නෙ කියන විදිහට තේරෙන්නෙ. එකම තමා තර්කයේ දෝශය.

    ඒකම තමා මම ක්‍රිටීක් කලේ.
     
    ඔබතුම පෙන්නන්න කියන චින්තනය පවතින දෙයක් නෙමෙයි, මම කියන චින්තනය

    මෙන්න මේකට මම සම්පූර්ණයෙන්ම එකඟයි:
    " එතනදි ඒ චතුරාර්ය සත්‍ය දෙකක් තුනක් හතරක් නැහැ. එතනදි ඒ අවබෝධය එකයි. ඒ නිසායි ඒ හැමෝම එකම අවබෝධයකින් (නිවන්) ගමන කෙලවර කරන්නෙ."

    මෙතන ඔබතුමා වරදයි:
    ඔයාගෙ "තර්ක ගෝචර" ක්‍රමයට, චතුරාර්‍ය සත්‍ය ඕනෙ තරම් හදලා පෙන්නන්න පුලුවන්. විවිධ අය විවිධ චතුරාර්‍ය සත්‍ය ගෝචර වෙලා විවධ නිවන් ලබනවා.

    මේක විවධ නිවන් නෙමෙයි එකම නිවන කියල නිවැරදි වෙන්න ඕනි.

    මෙහෙම ඕන තරම් තර්ක තියෙන හින්ද තමයි තථාගතයන් වහන්සේ විවධ ආකාරයෙන් චතුරාර්‍ය සත්‍ය දේශනා කරල තියෙන්නේ. එක එක අයගේ තර්කයන්ට ගැලපෙන්න. නැත්නම් උන්වහන්සේට තියෙන්නේ එක සුත්‍රයක් දේශනා කරල ඒක repeat කරන්න විතරනේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඔබතුම පෙන්නන්න කියන චින්තනය පවතින දෙයක් නෙමෙයි, මම කියන චින්තනය

    එහෙනම් ඇයි එහෙම "නිදහස්" චින්තනයක් පෙන්වන්න පුලුවන් කිය කියා බොරු කිව්වෙ ?

    මෙතන ඔබතුමා වරදයි:
    ඔයාගෙ "තර්ක ගෝචර" ක්‍රමයට, චතුරාර්‍ය සත්‍ය ඕනෙ තරම් හදලා පෙන්නන්න පුලුවන්. විවිධ අය විවිධ චතුරාර්‍ය සත්‍ය ගෝචර වෙලා විවධ නිවන් ලබනවා.

    මේක විවධ නිවන් නෙමෙයි එකම නිවන කියල නිවැරදි වෙන්න ඕනි.

    දැන් මේ සාකච්ඡාවම බලන්නකො, ඔයාම කියන විදිහට දෙන්නට දෙකක්නෙ කියන විදිහට තේරෙන්නෙ. එකම තමා තර්කයේ දෝශය. ඒකම තමා මම ක්‍රිටීක් කලේ.

    චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචර නැහැ. බුදුන් කියාදුන් චතුරාර්‍ය සත්‍ය මාර්ගය වඩනකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඒ ප්‍රත්‍යක්ෂ වෙනතෙක් අපිටත් තියෙන්නෙ "ග්‍රීන්තන්ඩර් චතුරාර්‍ය සත්‍යක්, ඊවිජේසේකර චතුරාර්‍ය සත්‍යක්, ඊකේ_රෝශ් චතුරාර්‍ය සත්‍යක්, මල්හත චතුරාර්‍ය සත්‍යක්". ඒ ඇරෙන්න තර්කයෙන් චතුරාර්‍ය සත්‍ය ගෝචර වෙනවානම් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම පෙනෙන්න තියනවා වගේ තර්කයෙන් හැමෝටම එකම දෙයක් ගෝචර විය යුතුයි. ඒක වුනේ නැහැ.

    එම නිසා සත්‍ය තමන්ටම ගෝචර කරගන්න තර්කය ඉන්සෆිශියන්ට් මාධ්‍යයක්.
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    එහෙනම් ඇයි එහෙම "නිදහස්" චින්තනයක් පෙන්වන්න පුලුවන් කිය කියා බොරු කිව්වෙ ?
    බොරු කිව්වේ නැහැ මහත්තය ඔබතුම නිදහස් කියන එක එකක් මම නිදහස් කියන එක තව එකක්
    දැන් මේ සාකච්ඡාවම බලන්නකො, ඔයාම කියන විදිහට දෙන්නට දෙකක්නෙ කියන විදිහට තේරෙන්නෙ. එකම තමා තර්කයේ දෝශය. ඒකම තමා මම ක්‍රිටීක් කලේ.

    චතුරාර්‍ය සත්‍ය තර්කයට ගෝචර නැහැ. බුදුන් කියාදුන් චතුරාර්‍ය සත්‍ය මාර්ගය වඩනකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. ඒ ප්‍රත්‍යක්ෂ වෙනතෙක් අපිටත් තියෙන්නෙ "ග්‍රීන්තන්ඩර් චතුරාර්‍ය සත්‍යක්, ඊවිජේසේකර චතුරාර්‍ය සත්‍යක්, ඊකේ_රෝශ් චතුරාර්‍ය සත්‍යක්, මල්හත චතුරාර්‍ය සත්‍යක්". ඒ ඇරෙන්න තර්කයෙන් චතුරාර්‍ය සත්‍ය ගෝචර වෙනවානම් මේ ත්‍රෙඩ් එකේ පැහැදිලිවම පෙනෙන්න තියනවා වගේ තර්කයෙන් හැමෝටම එකම දෙයක් ගෝචර විය යුතුයි. ඒක වුනේ නැහැ.

    එම නිසා සත්‍ය තමන්ටම ගෝචර කරගන්න තර්කය ඉන්සෆිශියන්ට් මාධ්‍යයක්.

    ආයිත් වැරදියිනෙ. දැන් ඔබතුම කියනව ප්‍රත්‍යක්ෂ වෙන්න මාර්ගය වඩනවා කියල එතකොට කෙනෙක් මාර්ගය වඩන්නේ ඒ වඩන්නේ මොකක්ද කියල ප්‍රත්‍යක්ෂ නොවීද? මෙච්චර දේවල් දන්න ඔබතුමාට නිකමට හිතෙන්නේ නැද්ද මේක කොච්චර මෝඩද කියලා?

    මේක හරියට
    හරියට ඉලක්කයක් නැතිව වෙඩි තිබ්බ වගේ​
    කළුවා මාරපන ගිය වගේ​
    නෙමෙයිද?

    මම කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නෙ තර්කයෙන් අවබෝධ වෙන්නේ මාර්ගය වැඩීමෙන්. මේ දෙකේ වෙනස තමයි

    හිතන්න තරහයෑම;
    • ප්‍රත්‍යක්ෂවූ පුද්ගලය තරහයෑම තමන්ගේ ප්‍රත්‍යක්ෂ දැනීම මගින් පාලනය කරනව
    • අවබෝධවූ පුද්ගලයට තරහයෑම කියන හැගීමම නැහැ
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    බොරු කිව්වේ නැහැ මහත්තය ඔබතුම නිදහස් කියන එක එකක් මම නිදහස් කියන එක තව එකක්

    ආ ඔය ආවෙ එන්න ඕනෙ තැනට. ඕකම තමා තර්කයේ දුර්වලතාවය. ඔයා තර්කයෙන හිතලා හදාගන්න නිදහස වෙනස් මම තර්කයෙන් හිතලා හදාගන්න නිදහස වෙනස්. ඕක තේරිලා තිබිලා ආයෙ ආයෙත් නැහැ පෙන්වන්න පුලුවන් කීවා නම් "බොරු කීමක්" තමා කරලා තියෙන්නෙ.

    ආයිත් වැරදියිනෙ. දැන් ඔබතුම කියනව ප්‍රත්‍යක්ෂ වෙන්න මාර්ගය වඩනවා කියල එතකොට කෙනෙක් මාර්ගය වඩන්නේ ඒ වඩන්නේ මොකක්ද කියල ප්‍රත්‍යක්ෂ නොවීද?

    වඩන එකයි වැඩුවාම ලැබෙන එකයි දෙකක්. ඒකත් තේරුණ එක ලොකු දෙයක්. චතුරාර්‍ය සත්‍ය වඩන්න බැහැ. චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න ඕනෙ. වඩන්නෙ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය. මාර්ගය වඩනකම් තියෙන්නෙ ශ්‍රද්ධාවක්. මේක හරි විය හැකියි කියලා විශ්වාසයක්. ඒක හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්. ඒ නිසා ගැඹුරු දහම ප්‍රත්‍යක්ෂය වෙලා නෙමෙයි මාර්ගය වඩන්න්න පටන් ගන්නෙ.

    මේක හරියට ඉලක්කයක් නැතිව වෙඩි තිබ්බ වගේ

    අන්න දැන් ඒකත් තේරුණා නේ. "හරියට" නෙමෙයි ඒකම තමයි වෙන්නෙ.

    ලෝකයට අයිති නැති දෙයකට අපි කොහොමද ඒම් කරන්නෙ ? කලින් දැකපු නැති දන්නෙ නැති දෙයකට අපි කොහොමද ඒම් කරන්නෙ ? තුවක්කුව, උණ්ඩ සහ කොකා ගස්සන හැටි සහ ඒම් කලයුතු දිශාව සේරම බුදුහාමුදුරුවො තමා හදලා තියෙන්නෙ. අපිට තියෙන්නෙ ඒ කියන විදිහට කොකා ගස්සන එක විතරයි. හැබැයි ඉතින් ඒක තීරණය වෙන්නෙ ඔයා බුද්ධ වචනයයි කියලා පිලිගන්න දේ අනුව. පේනවනෙ තර්කයේ/චින්තනයේ තියන දුර්වල කම.

    මගවඩා ලැබෙන දිටුදැමිය ප්‍රත්‍යක්ෂය/අවබෝධය විතරමයි වෙනස් නොවෙන්නෙ.

    හිතන්න තරහයෑම;
    • ප්‍රත්‍යක්ෂවූ පුද්ගලය තරහයෑම තමන්ගේ ප්‍රත්‍යක්ෂ දැනීම මගින් පාලනය කරනව
    • අවබෝධවූ පුද්ගලයට තරහයෑම කියන හැගීමම නැහැ

    මේ වචන විග්‍රහ ඔයාගෙම ක්‍රමයකට කරලා තියෙන්නේ. කොමන් ඇක්සෙප්ටඩ් ක්‍රමය නෙමෙයි. ප්‍රත්‍යක්ෂ සහ අවබෝධ කියන එක අපි දෙකකට වෙන් කරලා පෙන්වන්නෙ නැහැ. ඕක මම මීට ගොඩ කාලෙකට කලින් අත්දැකලා තියෙන නිසා තමා මම මුලදිම වෙන ත්‍රෙඩ් එකක් වෙනත් කෙනෙකුට කියපු දෙයක් මේක දැම්මෙ.

    මේ භික්ෂුව අර ........ අයගෙන් කෙනෙක්ද? එහෙමනම් එවැන්නන් ගෙන් බණ අහනකොට පරිස්සම් වෙන්න වෙයි. නාහන තරමට හොඳයි. ඔයා ඒ ව්‍යාකරණ, අර්ථ විවරණ නිවැරදිමයී කියන මතයේ ඉන්නවානම් මට ඔයත් එක්ක තවදුරටත් කතාකරන්න අපහසුයි. මොකද පාලිය ගැන බුරුම, චීන, තායිලන්ත, බටහිර, ලාංකික ස්කොලර්ස්ලා දෙන ව්‍යාකරණ නීතිරීති සහ අර්ථ විවරණ වලට සහමුලින්ම පටහැනි එක්සෙන්ට්‍රික් අර්ථ විවරණ තමා ඔය ක්‍රමයේ තියෙන්නෙ. ඉතින් ඔයයි මමයි කතාකළොත් අපි දෙදෙනා එකම දෙයක් ගැන කතාකරනවා වගේ පෙනුනත් ඇත්තටම වෙන්නෙ වෙනස්ම දේකක් ගැන කතා කිරීමක්.

    ඇත්තටම මේකත් හොඳ උදාහරණයක් තර්කයේ දුර්වල බව පෙන්වන්න. තර්කය එලියට එන්නෙ භාශාව මාධ්‍යක් විදිහට යොදා ගනිමින්. භාශවක වචනවලට දෙන අර්ථකථන වෙනස් කලහොත් තර්කය සම්පූර්ණයෙන්ම හෝ යම් මට්ටමකට වෙනස්කල හැකියි. එතකොට අපි එකම වචන භාවිතා කලත් කතා කරලා තියෙන්නෙ දෙකක් ගැන.

    Edited - formatting
     
    Last edited:
    • Love
    Reactions: ek_rosh

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ආ ඔය ආවෙ එන්න ඕනෙ තැනට. ඕකම තමා තර්කයේ දුර්වලතාවය. ඔයා තර්කයෙන හිතලා හදාගන්න නිදහස වෙනස් මම තර්කයෙන් හිතලා හදාගන්න නිදහස වෙනස්. ඕක තේරිලා තිබිලා ආයෙ ආයෙත් නැහැ පෙන්වන්න පුලුවන් කීවා නම් "බොරු කීමක්" තමා කරලා තියෙන්නෙ.
    මේක ඔබතුමාට සපෙක්ෂ්යිනේ ඉතිං ඔබතුමා කැමතිනම් එහෙම හිතන්න, නිදහස් චින්තනයනෙ
    වඩන එකයි වැඩුවාම ලැබෙන එකයි දෙකක්. ඒකත් තේරුණ එක ලොකු දෙයක්. චතුරාර්‍ය සත්‍ය වඩන්න බැහැ. චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරන්න ඕනෙ. වඩන්නෙ ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය. මාර්ගය වඩනකම් තියෙන්නෙ ශ්‍රද්ධාවක්. මේක හරි විය හැකියි කියලා විශ්වාසයක්. ඒක හරියන්නත් පුලුවන් වරදින්නත් පුලුවන්. ඒ නිසා ගැඹුරු දහම ප්‍රත්‍යක්ෂය වෙලා නෙමෙයි මාර්ගය වඩන්න්න පටන් ගන්නෙ.

    දැන් තමයි හොඳම ටික එලියට ආවේ මේ තමයි ඔබතුමාගේ දැනුම් ප්‍රමානය. මේ අනුව ඔබතුමා දේව වාදී ආගම් අනුගාමිකයෙකුයි අතර කිසිම වෙනසක් නැහැනෙ. ඔබතුමාගේ මේ ප්‍රකාශයෙන් එය මනාව පේනවා "ශ්‍රද්ධාවක්. මේක හරි ඇතිවිය කියලා විශ්වාසයක්"
    දේව වාදී ආගම් පැත්තකින් තියන්නකෝ, විමුක්තිය හොයලා ගහකට හෝ ගලකට වැඳුම් පිදුම් කරන කෙනෙක්ගෙයි ඔබතුමගෙයි වෙනස මොකක්ද? අනික අමතක උනාද ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය කියන්නෙත් චතුරාර්‍ය සත්‍යම කොටසක් කියල? ඇයි අහල නැද්ද මහත්තය මාර්ග සත්‍ය? දැන් ඔබතුමා කියනව මාර්ගය ප්‍රත්‍යක්ෂ නොවී මාර්ගයේ යන්නලු. ප්‍රත්‍යක්ෂයෙන් නොදැන වඩන මාර්ගයක් ගැන මම දන්නා ධර්මයේ නැහැ මහත්තය.
    අන්න දැන් ඒකත් තේරුණා නේ. "හරියට" නෙමෙයි ඒකම තමයි වෙන්නෙ.

    ලෝකයට අයිති නැති දෙයකට අපි කොහොමද ඒම් කරන්නෙ ? කලින් දැකපු නැති දන්නෙ නැති දෙයකට අපි කොහොමද ඒම් කරන්නෙ ? තුවක්කුව, උණ්ඩ සහ කොකා ගස්සන හැටි සහ ඒම් කලයුතු දිශාව සේරම බුදුහාමුදුරුවො තමා හදලා තියෙන්නෙ. අපිට තියෙන්නෙ ඒ කියන විදිහට කොකා ගස්සන එක විතරයි. හැබැයි ඉතින් ඒක තීරණය වෙන්නෙ ඔයා බුද්ධ වචනයයි කියලා පිලිගන්න දේ අනුව. පේනවනෙ තර්කයේ/චින්තනයේ තියන දුර්වල කම.

    මගවඩා ලැබෙන දිටුදැමිය ප්‍රත්‍යක්ෂය විතරමයි වෙනස් නොවෙන්නෙ.

    දැන් මේ ටිකත් ඔබතුමා කියන්නේ ඔය ඔබ තුමාගේ විශ්වාසය මූලික කරගෙනනේ, ඒ නිසා comment නොකර ඉන්නම් :D. නමුත් එක දෙයක් දැන් ඔබතුමා කියනවනෙ "ඒක තීරණය වෙන්නෙ ඔයා බුද්ධ වචනයයි කියලා පිලිගන්න දේ අනුව" දැන් මේ පිලිගන්නේ කොහොමද? විශ්වාසයෙන්ද? නැතනම් කෙස් පැලෙන තර්ක ගෙනල්ලද?😉