මගේ නම් මතය මේ පොළවෙ ජීවත් වෙන්න අයිතිය තියෙන්නෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. හැම සතාටම ජීවත්වෙන අයිතිය තියෙනව. මනුස්සය කියන්නෙ තවත් එක සත්තු කෝටසක් විතරයි. හැබැයි උන්ගෙ මොලේ දියුණු නිසා අනිත් සතුන්ට කරදර කරනව. ඒක නේ කියන්නෙ ලෝකෙ ඉන්න භයානකම සතා මනුස්සය කියල. ළඟදි ලක්ෂපති එකේ ප්‍රශ්නෙකදි මම දැනගත්තෙ ලෝකෙ වැඩියෙන්ම මිනිස්සු මැරෙන්නෙ මදුරුවගෙන්ලු, ඊට පස්සෙ මැරෙන්නෙ මිනිස්සු අතින්මලු, ඊට පස්සෙ බල්ලොන්ගෙන්ලු. ඒ කියන්නෙ බල්ලොන්ටත් වැඩිය මිනිස්සු මිනිස්සුම මරණව කියන එක. ඉතිං හිතාගනිං මිනිස්සුන්ගෙ තරම මනස දියුණු උනා කිව්වට. මේ ත්‍රෙඩ් එකේ ගොඩක් කමෙන්ට්ස් දැක්කමත් පේනව දියුණු මනසක් තිබ්බට ඇත්තටම මනස දියුණු නෑ කියල.
හැබැයි මම අත්දැකීමෙන් දන්න, විශ්වාස කරන දෙයක් තියෙනව. මිනිස්සු ස්වභාවධර්මය Manipulate කරන්න ට්‍රයි කරොත් මේ විදියට ස්වභාවධර්මයෙන් රිටන් එක දෙනව ආයිත් මිනිස්සු හැඳිගෑවිලා යන්නම. ඒ රිටර්න් එක එද්දි එන්නෙ තෝරල බේරල නෙමෙයි. හොඳට අරගෙන බලපං ඔය ජරා වැඩ කරන රටවල් වලට තමයි වැඩියෙන්ම රිටර්න් එක ලැබෙන්නෙ. ඒ නිසා අපිට නොපෙනෙන දේවල් ගොඩක් මේ ලෝකෙ තියෙනව. ඒව නිකංම බැහැර කරන්නෙ මෝඩකමට.
පාරෙ යන සත්තු මරල දාන්න කියන එක කොහෙත්වම සාධාරණීකරනය කරන්න බෑ. මේ සිද්දිය ගත්තොත් දෙපැත්තම වැරදියි. සත්තුන්ට කෑම දාන එක හරියට කරන්න ඕන ඉතිං. මම උනත් ගෙදර යන ගමන් කොහේ හරි බඩගින්නෙ වගේ සතෙක් දැක්කොත් ගෙනියන කෑම එකක් හරි දෙනව. දවසක් බීච් එකේ ඉද්දි එතැනට බල්ලෙක් ඇවිල්ල අහිංසක විදියට බලාගෙන හිටිය එතැන තිබ්බෙ KFC එකක් ඒකෙන් කෑම එකක් අරගෙන ඒ සතාට දුන්න. මට එවෙලෙට ගොඩක් සතුටුයි මොකද ඒව සෝෂල් මීඩියා වල දාන්න කරපුව නෙමෙයි. හැබැයි මෙහෙම බැනගන්නෙ නැතුව ඒක හරි විදියට කියන්න තිබ්බ.
මේකෙ ගොඩක් අය කියල තිබ්බ පාරෙ යන බල්ලො පනින කතාවක්, මගේ ජීවිත කාලෙටම ගෙදර බල්ලෙක් ඇරෙන්න පිට බල්ලෙක් මාව හපල නෑ. ඉස්සර බයික් එකේ යද්දි බල්ලො බයික් එකට පනිනව ඒ පාරෙ ඉන්න බල්ලොන්ගෙ හැටි ඒත් උන් හපන්න නෙමෙයි පනින්නෙ. මම එහෙම බල්ලොන්ගෙන් ආතල් අරගෙන තියෙනව සමහරවෙලාවට. බයික් එක එකපාර නවත්තල බැලුවම ඌ අනිත් පැත්තට හැරිල දුවනව. මම දන්න විදියට ලෙඩක් නැත්නම් පාරෙ ඉන්න බල්ලෙක් එහෙම මිනිස්සු හපන්න පනින්නෙ නෑ. වාහන වලට පනින එක සාමාන්‍ය දෙයක් ඒ වෙලාවට ඒක බැලන්ස් කරගෙන යන්න ඩ්‍රයිවර් කෙනෙක් විදියට දැනගන්න ඕන. උදාහරණයක් විදියට ලර්නස් එකක උගන්නන්නෙ බල්ලෙක් පාර පනිද්දි කරන්න ඕන දේවල් අන්න ඒ වගේ. හැබැයි ගෙවල් වල හදන බල්ලො ලිහල තිබ්බොත් පනිනව ඒක වෙනම කතාවක්. ඒ වෙලාවට බේරෙන්න කරන්න තියෙන්නෙ කලබල නොකර ඉන්න තැන ඒ විදියටම ඉන්න එක. මම පොඩි කාලෙ දවසක් එහෙම හපන්න ඇවිල්ල මම එතැනම හිටිය හෙල්ලෙන්වෙත් නැතුව එතකොට ඌත් නැවතුනා. හැබැයි මේ ගෙවල් වල හදන බල්ලො ගැන නෙමෙයි නේ කතා කරන්නෙ ඒ නිසා ඒක අදාළ නෑ. පාරෙ ඉන්න බල්ලො එහෙම හපාගෙන කන්න පනින්නෙ නෑ මම දන්න විදියට එහෙම දේවල් මටනම් වෙලා නෑ.
මට නම් කියන්න තියෙන්නෙ මනසින් උසස් මිනිස්සු විදියට කිසිම තේරුමක් නැති සත්තු මරනව වගේ අමානුෂික කතා නොකිය, එහෙම කෑමවේලක් දෙන්න පුලුවන් නම් ඒවට උදව් කරල. මෙහෙම කෑම වේලක් දෙන්න එන එකෙක්ට පුලුවන් උදව්වක් කරල ඒක තමන්ට කරදරයක් නම් ඒක හරි විදියට Communicate කරල. ඉන්න ටිකේ හොඳට ඉන්න කියන එක.