https://www.facebook.com/photo/ ?fbid=5983099281774651&set=a.222991201118850
භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 1 කොටස
බුදුහාමුදුරුවන්ගේ සිට ධර්මකීර්ති හාමුදුරුවන් දක්වා
යම් දර්ශනයක එහෙමත් නැත්තං දාර්ශනික චින්තනයක ඉතිහාසය දැක්වීමේදී දුෂ්කරතා කීපයක් තියෙනවා. ඒවා මං මුලින්ම කියන්නම්.
(අ) රාජපරම්පරාවක් අසවල් දවසේ ඉවර වුණා ඊට පස්සේ පටන් ගත්තේ අනෙක් රාජ වංශයයි කියන්නා වගේ එක් චින්තනයක් අසවල් දවසේ අලුතින් පටන් ගත්තා අසවල් දවසේ ඉවර වුණා කියලා හරියටම කියන්න බැහැ. පවතින මතවාදයකට විරුද්ධව අලුතින් මතවාදයක් නැඟී සිටියත්, පරණ චින්තනය එක විට නැති වෙන්නේ නැහැ. ඒ නිසා මං මෙහිදී දක්වන කාල සීමාවන් සියල්ල දියාරු ඒවා බව මුලින්ම තේරුම් ගන්න.
(ආ) රුවන්මැලිසෑය හැදුවේ දුටුගැමුණු රජතුමා, සාංචිය හැදුවේ අශෝක රජතුමා කියන්නා වගේ යම් දර්ශනයක්, මතවාදයක් ඉදිරිපත් කිරීමේදී, විශේෂයෙන්ම භාරතීය බෞද්ධ චින්තනයේදී, අපට හරියටම කියන්න බැහැ අසවලා තමා මේ මතය ගෙනාවේ කියලා. සමහර විට ඔහුට පෙර ඒ මතය ඉදිරිපත් කළ අය ඉන්න ඇති. ඒත් අප හඳුනා ගන්නේ යම් මතයක් දියුණු කිරීමට හෝ පළමුවරට විධිමත් ලෙස ඉදිරිපත් කරන්න හෝ සමත් වූ තැනැත්තා එහි කර්තෘවරයා ලෙස.
මං මෙහිදී කාල අනුක්‍රමය අනුව අංක පිළිවෙළකට කරුණු දක්වන්නම්. ඒ අංක ඒ පිළිවෙළටම මතක තබා ගෙන කියවන්න.
1. බුදුහාමුදුරුවෝ - බෞද්ධ දර්ශනය ආරම්භ වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙන්. හැබැයි බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ දර්ශනය අප විමසා බලන්න ඕනේ උන්වහන්සේගේ කාලයට සහ පරිසරයට අනුව. කරුණු කීපයක් තියෙනවා අපේ අවධානයට ලක් විය යුතු: (1) උන්වහන්සේ ධර්මය දේශනා කළේ විවිධ බුද්ධිමට්ටම්වල අයට (2) උන්වහන්සේ ඒවා දේශනා කළේ ඒ මිනිසුන් එදිනෙදා භාවිත කළ භාෂාවෙන් (3) උන්වහන්සේගේ දේශනා බොහෝ වෙලාවට ඒ සංදර්භය ඇතුළේ අඩු වැඩි වශයෙන් සැකසුණා මිස හැම විටම ඒකරූපීතාවකින් (consistent) විදිහට දේශනා කරන්න උන්වහන්සේ උත්සාහ කළේ නැහැ.
කොටින්ම කියනවා නම්, විධිමත් ඥානවිභාගයක් (epistemology), විධිමත් පර්යේෂණක්‍රමයක් (research method), සාධනක්‍රමයක් (proof method), ශිල්පීය වාක්කෝශයක් සහිත භාෂාවිලාසයක් (technical terminology) සහිත දර්ශනයක් නෙවේ බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළේ. හැබැයි එහෙම දෙයක් අවශ්‍ය නම් ඒ සියල්ල සකස් කරගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බුදුහාමුදුරුවන් ඉදිරිපත් කරල තිබුණා.
බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ සරල, අව්‍යාජ දර්ශනය ශාස්ත්‍රීය විධිමත් භාවයකට පෙරළන්න අවශ්‍ය වුණේ ඇයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක බෞද්ධ චින්තාව පරිණාමය වීමට බලපෑ ප්‍රධානම ප්‍රශ්නය කීවොත් නිවැරදියි. ඒ ප්‍රශ්නය මේකයි.
“බුදුහාමුදුරුවන් ඇත්තටම දේශනා කරන්නට උත්සාහ කළේ කුමක්ද?”
මේ ප්‍රශ්නය බැලූ බැල්මටම ඉතා සරලයි වගේ පෙනුනට අර මං උඩ කියපු කරුණු තුන නිසා මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරය සරල වුණේ නැහැ. එක සූත්‍රයක් හෝ දෙකක් දිහා බලලා, එහෙම නැත්තං සූත්‍ර කීපයක් සංසන්දනය කරල හරියටම කියන්න බැහැ මොකද්ද බුදුහාමුදුරුවන් කියන්න උත්සාහ කළේ කියල. සමහර තැනකදී ඒක හරිම ලේසියි. ඒත් සමහර තැනකදී ඒක ලේසියි වගේ පෙනුනට දිගින් දිගට හොයාගෙන යද්දි තේරෙනවා ඒක පට්ටම අමාරුයි කියලා.
ඉතිං මේ ප්‍රශ්නයට උත්තර හොයන්න උන්වහසේගේ දේශනා සියල්ල, ධර්ම කාරණා වශයෙන් වෙන වෙනම ගෙන ඒවා සසඳා බලා විමර්ශනය කරන්න අතීත මහරහතුන් වහනසේලා උත්සාහ කළා. එහි ප්‍රතිඵලය තමයි - අභිධර්මය.
අභිධර්මය ප්‍රකට වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිසා මං එය බෞද්ධ දර්ශන විකාසයේ අංක 2 යනුවෙන් හැඳින්වුවත්, මුලදීම කිව්වා වගේ, ඒක දියාරු සීමාවක්. කවුරුවත් වැරදි වැටහීමක් ගන්න ඕනේ නැහැ අභිධර්මය කියන්නේ බුදුහාමුදුරුවන් පිරිනිවන් පෑවාට පසුව පටන් ගත් වැඩක් කියා. ඇත්තටම ඒක උන්වහන්සේ ජීවත්ව සිටි කාලයේදීම ආරම්භ කළ වැඩ පිළිවෙළක විකාසය.
2. අභිධර්මය - අභිධර්මය ගැන කියද්දි හැමෝම පළමුව අහන්නේ, ‘ඒක බුද්ධභාෂිත නෙවේද?’ කියලා. ඇත්තටම ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න මං මේ වෙලාව යොදා ගන්නේ නැහැ. යම් දේශනයක් බුද්ධභාෂිතද නැද්ද කියල තීරණය කිරීම අද වන විට දාර්ශනික ප්‍රශ්නයක් මිස, ශබ්දවිද්‍යාත්මක හෝ භාෂාවේදීය ප්‍රශ්නයක් නෙවේ. ඒ නිසා, මං මෙහෙම කියන්නම්. ඉතා ආරක්ෂිත කලාපය නම් - අද වන විට ලෝකයේ බොහෝ විද්වතුන් - ප්‍රතිශතයක් හරියට දෙන්න බැහැ - පිළිගන්නේ අභිධර්මය සූත්‍ර සහ විනය යන කොටස්වලට වඩා පසුකලෙක සැකසුණු බවයි.
භාරතීය අභිධර්මය කියන්නේ එක දවසක, එක රැයක වැඩක් නෙවේ. එය පූර්ව 5 සියවසේ සිට අඩුම තරමේ අවුරුදු 1000ක් පමණ කාලයක් ක්‍රමිකව විකාසය වුණු චින්තන පරම්පරාවක්. එහි ඇති වැදගත්ම කාරණය නම් කාලෙන් කාලෙට අලුත්වන හෝ ජනප්‍රිය වන හෝ පිටපත ඉදිරියට පවත්වාගෙන යාමයි. ඒ අනුව, (1) පාලි අභිධර්ම පිටකය (පූර්ව 5 -3 සියවස් පමණ), (2) සර්වාස්තිවාදි අභිධර්ම පිටකය (පූර්ව 4-2 සියවස් පමණ), (3) මහාවිභාෂා ශාස්ත්‍රය (පූර්ව 2 සිට ව්‍යවහාර වර්ෂ 1 සියවස දක්වා), (4) අභිධර්මකෝශය සහ එහි භාෂ්‍ය (4-5 සියවස්වල) යන පිටපත් කාලෙන් කාලෙට ජනප්‍රිය වුණා. මීට අමරතව තවත් අභිධර්ම කෘති සහ සම්ප්‍රදායයන් ගණනාවක් තිබුණත්, මේවා තමා ප්‍රධාන ප්‍රවාහයේ තිබුණේ. මේ හතර මං දැක්වූයේ කාලනුක්‍රමයේ පිළිවෙළට. මේවා හැම විටම එකක් අනෙක පරයා ජනප්‍රිය වුණු ඒවා. උදා. ලෙස පාලි අභිධර්මයට අයත් පට්ඨානප්පකරණයේ එන ප්‍රත්‍යය 24 සර්වාස්තිවාදී ඥානප්‍රස්ථානයේ ප්‍රත්‍යය 4ක් බවට වෙනස් කරවීම දක්වා බෞද්ධ දාර්ශනිකයන්ට සෑහෙන දාර්ශනික පරිශ්‍රමයක නිරත වෙන්න සිදු වුණා. හැබැයි ඊට පස්සේ පට්ඨානප්පකරණය වෙනුවට ඥානප්‍රස්ථානය තමා ජනප්‍රිය වෙන්නේ. මහාවිභාෂාව ජනප්‍රිය වුණාට පස්සේ ඥානප්‍රස්ථානයෙන් කෙළින්ම කරුණු උපුටනවා වෙනුවට මහාවිභාෂාවට අනුව කරුණු උපුටා ගැනීම තමයි සිදු වුණේ. මහාවිභාෂාව ඉතා විශාල නිසා, අභිධර්මකෝශය ලිව්වට පසුව හැමෝම අභිධර්මයේ අත්පොත කරගත්තේ ඒක.
කෙසේ වෙතත් මේ අභිධර්ම ව්‍යාපෘතිය බුදුදහම නොසිතූ තැනකට ගෙන ගොස් තිබුණා. ඒ තමා, පැවැත්ම පිළිබඳ වස්තුමීමාංසාත්මක විග්‍රහය. අභිධර්මය ආරම්භ කළ යුගයේදී ඒ සඳහා පාදක වුණේ ප්‍රපංචවේදීය (phenomenological) එහෙම නැත්තම් සාමාන්‍ය මිනිස් අද්දැකීම් විමර්ශනය කිරීම. ඒත් මහාවිභාෂාව ලියැවෙන යුගය වන විට බාහිර පදාර්ථවලට වාස්තවික (objective) පැවැත්මක් ඇති බව පිළිගෙන තිබුණා.
දැන් ඔන්න ආපහු පරණ ප්‍රශ්නය මතුවෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවන්ට කියන්න ඕනේ වුණේ එහෙම දෙයක්ද? ඒකට උත්තර දෙන්න ඉදිරිපත් වුණේ නාගාර්ජුන හාමුදුරුවන්. ඒක ඊළඟ කොටසින්.
From - Bertram Gregory Liyanage
@S_M_S @greenthunder