භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 1 කොටස

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    https://www.facebook.com/photo/ ?fbid=5983099281774651&set=a.222991201118850

    භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 1 කොටස
    බුදුහාමුදුරුවන්ගේ සිට ධර්මකීර්ති හාමුදුරුවන් දක්වා

    යම් දර්ශනයක එහෙමත් නැත්තං දාර්ශනික චින්තනයක ඉතිහාසය දැක්වීමේදී දුෂ්කරතා කීපයක් තියෙනවා. ඒවා මං මුලින්ම කියන්නම්.
    (අ) රාජපරම්පරාවක් අසවල් දවසේ ඉවර වුණා ඊට පස්සේ පටන් ගත්තේ අනෙක් රාජ වංශයයි කියන්නා වගේ එක් චින්තනයක් අසවල් දවසේ අලුතින් පටන් ගත්තා අසවල් දවසේ ඉවර වුණා කියලා හරියටම කියන්න බැහැ. පවතින මතවාදයකට විරුද්ධව අලුතින් මතවාදයක් නැඟී සිටියත්, පරණ චින්තනය එක විට නැති වෙන්නේ නැහැ. ඒ නිසා මං මෙහිදී දක්වන කාල සීමාවන් සියල්ල දියාරු ඒවා බව මුලින්ම තේරුම් ගන්න.
    (ආ) රුවන්මැලිසෑය හැදුවේ දුටුගැමුණු රජතුමා, සාංචිය හැදුවේ අශෝක රජතුමා කියන්නා වගේ යම් දර්ශනයක්, මතවාදයක් ඉදිරිපත් කිරීමේදී, විශේෂයෙන්ම භාරතීය බෞද්ධ චින්තනයේදී, අපට හරියටම කියන්න බැහැ අසවලා තමා මේ මතය ගෙනාවේ කියලා. සමහර විට ඔහුට පෙර ඒ මතය ඉදිරිපත් කළ අය ඉන්න ඇති. ඒත් අප හඳුනා ගන්නේ යම් මතයක් දියුණු කිරීමට හෝ පළමුවරට විධිමත් ලෙස ඉදිරිපත් කරන්න හෝ සමත් වූ තැනැත්තා එහි කර්තෘවරයා ලෙස.
    මං මෙහිදී කාල අනුක්‍රමය අනුව අංක පිළිවෙළකට කරුණු දක්වන්නම්. ඒ අංක ඒ පිළිවෙළටම මතක තබා ගෙන කියවන්න.

    1. බුදුහාමුදුරුවෝ - බෞද්ධ දර්ශනය ආරම්භ වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙන්. හැබැයි බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ දර්ශනය අප විමසා බලන්න ඕනේ උන්වහන්සේගේ කාලයට සහ පරිසරයට අනුව. කරුණු කීපයක් තියෙනවා අපේ අවධානයට ලක් විය යුතු: (1) උන්වහන්සේ ධර්මය දේශනා කළේ විවිධ බුද්ධිමට්ටම්වල අයට (2) උන්වහන්සේ ඒවා දේශනා කළේ ඒ මිනිසුන් එදිනෙදා භාවිත කළ භාෂාවෙන් (3) උන්වහන්සේගේ දේශනා බොහෝ වෙලාවට ඒ සංදර්භය ඇතුළේ අඩු වැඩි වශයෙන් සැකසුණා මිස හැම විටම ඒකරූපීතාවකින් (consistent) විදිහට දේශනා කරන්න උන්වහන්සේ උත්සාහ කළේ නැහැ.
    කොටින්ම කියනවා නම්, විධිමත් ඥානවිභාගයක් (epistemology), විධිමත් පර්යේෂණක්‍රමයක් (research method), සාධනක්‍රමයක් (proof method), ශිල්පීය වාක්කෝශයක් සහිත භාෂාවිලාසයක් (technical terminology) සහිත දර්ශනයක් නෙවේ බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළේ. හැබැයි එහෙම දෙයක් අවශ්‍ය නම් ඒ සියල්ල සකස් කරගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බුදුහාමුදුරුවන් ඉදිරිපත් කරල තිබුණා.
    බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ සරල, අව්‍යාජ දර්ශනය ශාස්ත්‍රීය විධිමත් භාවයකට පෙරළන්න අවශ්‍ය වුණේ ඇයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක බෞද්ධ චින්තාව පරිණාමය වීමට බලපෑ ප්‍රධානම ප්‍රශ්නය කීවොත් නිවැරදියි. ඒ ප්‍රශ්නය මේකයි.

    “බුදුහාමුදුරුවන් ඇත්තටම දේශනා කරන්නට උත්සාහ කළේ කුමක්ද?”
    මේ ප්‍රශ්නය බැලූ බැල්මටම ඉතා සරලයි වගේ පෙනුනට අර මං උඩ කියපු කරුණු තුන නිසා මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරය සරල වුණේ නැහැ. එක සූත්‍රයක් හෝ දෙකක් දිහා බලලා, එහෙම නැත්තං සූත්‍ර කීපයක් සංසන්දනය කරල හරියටම කියන්න බැහැ මොකද්ද බුදුහාමුදුරුවන් කියන්න උත්සාහ කළේ කියල. සමහර තැනකදී ඒක හරිම ලේසියි. ඒත් සමහර තැනකදී ඒක ලේසියි වගේ පෙනුනට දිගින් දිගට හොයාගෙන යද්දි තේරෙනවා ඒක පට්ටම අමාරුයි කියලා.
    ඉතිං මේ ප්‍රශ්නයට උත්තර හොයන්න උන්වහසේගේ දේශනා සියල්ල, ධර්ම කාරණා වශයෙන් වෙන වෙනම ගෙන ඒවා සසඳා බලා විමර්ශනය කරන්න අතීත මහරහතුන් වහනසේලා උත්සාහ කළා. එහි ප්‍රතිඵලය තමයි - අභිධර්මය.
    අභිධර්මය ප්‍රකට වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිසා මං එය බෞද්ධ දර්ශන විකාසයේ අංක 2 යනුවෙන් හැඳින්වුවත්, මුලදීම කිව්වා වගේ, ඒක දියාරු සීමාවක්. කවුරුවත් වැරදි වැටහීමක් ගන්න ඕනේ නැහැ අභිධර්මය කියන්නේ බුදුහාමුදුරුවන් පිරිනිවන් පෑවාට පසුව පටන් ගත් වැඩක් කියා. ඇත්තටම ඒක උන්වහන්සේ ජීවත්ව සිටි කාලයේදීම ආරම්භ කළ වැඩ පිළිවෙළක විකාසය.

    2. අභිධර්මය - අභිධර්මය ගැන කියද්දි හැමෝම පළමුව අහන්නේ, ‘ඒක බුද්ධභාෂිත නෙවේද?’ කියලා. ඇත්තටම ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න මං මේ වෙලාව යොදා ගන්නේ නැහැ. යම් දේශනයක් බුද්ධභාෂිතද නැද්ද කියල තීරණය කිරීම අද වන විට දාර්ශනික ප්‍රශ්නයක් මිස, ශබ්දවිද්‍යාත්මක හෝ භාෂාවේදීය ප්‍රශ්නයක් නෙවේ. ඒ නිසා, මං මෙහෙම කියන්නම්. ඉතා ආරක්ෂිත කලාපය නම් - අද වන විට ලෝකයේ බොහෝ විද්වතුන් - ප්‍රතිශතයක් හරියට දෙන්න බැහැ - පිළිගන්නේ අභිධර්මය සූත්‍ර සහ විනය යන කොටස්වලට වඩා පසුකලෙක සැකසුණු බවයි.
    භාරතීය අභිධර්මය කියන්නේ එක දවසක, එක රැයක වැඩක් නෙවේ. එය පූර්ව 5 සියවසේ සිට අඩුම තරමේ අවුරුදු 1000ක් පමණ කාලයක් ක්‍රමිකව විකාසය වුණු චින්තන පරම්පරාවක්. එහි ඇති වැදගත්ම කාරණය නම් කාලෙන් කාලෙට අලුත්වන හෝ ජනප්‍රිය වන හෝ පිටපත ඉදිරියට පවත්වාගෙන යාමයි. ඒ අනුව, (1) පාලි අභිධර්ම පිටකය (පූර්ව 5 -3 සියවස් පමණ), (2) සර්වාස්තිවාදි අභිධර්ම පිටකය (පූර්ව 4-2 සියවස් පමණ), (3) මහාවිභාෂා ශාස්ත්‍රය (පූර්ව 2 සිට ව්‍යවහාර වර්ෂ 1 සියවස දක්වා), (4) අභිධර්මකෝශය සහ එහි භාෂ්‍ය (4-5 සියවස්වල) යන පිටපත් කාලෙන් කාලෙට ජනප්‍රිය වුණා. මීට අමරතව තවත් අභිධර්ම කෘති සහ සම්ප්‍රදායයන් ගණනාවක් තිබුණත්, මේවා තමා ප්‍රධාන ප්‍රවාහයේ තිබුණේ. මේ හතර මං දැක්වූයේ කාලනුක්‍රමයේ පිළිවෙළට. මේවා හැම විටම එකක් අනෙක පරයා ජනප්‍රිය වුණු ඒවා. උදා. ලෙස පාලි අභිධර්මයට අයත් පට්ඨානප්පකරණයේ එන ප්‍රත්‍යය 24 සර්වාස්තිවාදී ඥානප්‍රස්ථානයේ ප්‍රත්‍යය 4ක් බවට වෙනස් කරවීම දක්වා බෞද්ධ දාර්ශනිකයන්ට සෑහෙන දාර්ශනික පරිශ්‍රමයක නිරත වෙන්න සිදු වුණා. හැබැයි ඊට පස්සේ පට්ඨානප්පකරණය වෙනුවට ඥානප්‍රස්ථානය තමා ජනප්‍රිය වෙන්නේ. මහාවිභාෂාව ජනප්‍රිය වුණාට පස්සේ ඥානප්‍රස්ථානයෙන් කෙළින්ම කරුණු උපුටනවා වෙනුවට මහාවිභාෂාවට අනුව කරුණු උපුටා ගැනීම තමයි සිදු වුණේ. මහාවිභාෂාව ඉතා විශාල නිසා, අභිධර්මකෝශය ලිව්වට පසුව හැමෝම අභිධර්මයේ අත්පොත කරගත්තේ ඒක.
    කෙසේ වෙතත් මේ අභිධර්ම ව්‍යාපෘතිය බුදුදහම නොසිතූ තැනකට ගෙන ගොස් තිබුණා. ඒ තමා, පැවැත්ම පිළිබඳ වස්තුමීමාංසාත්මක විග්‍රහය. අභිධර්මය ආරම්භ කළ යුගයේදී ඒ සඳහා පාදක වුණේ ප්‍රපංචවේදීය (phenomenological) එහෙම නැත්තම් සාමාන්‍ය මිනිස් අද්දැකීම් විමර්ශනය කිරීම. ඒත් මහාවිභාෂාව ලියැවෙන යුගය වන විට බාහිර පදාර්ථවලට වාස්තවික (objective) පැවැත්මක් ඇති බව පිළිගෙන තිබුණා.
    දැන් ඔන්න ආපහු පරණ ප්‍රශ්නය මතුවෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවන්ට කියන්න ඕනේ වුණේ එහෙම දෙයක්ද? ඒකට උත්තර දෙන්න ඉදිරිපත් වුණේ නාගාර්ජුන හාමුදුරුවන්. ඒක ඊළඟ කොටසින්.

    From - Bertram Gregory Liyanage

    @S_M_S @greenthunder
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    තෑන්ක්ස්
    වලියක් නම් උසි උසි
    ඔය මතුපිටින් වලි දාගත්තට අපිට ගැඹුරට යන්න දැනුම මදි දර්ශනය වගේ විෂයන් ගත්තම. අපිට ඕව්ව ටච් වෙන්නෙ ආගමත් එක්කනෙ එතකොට ඒක එහෙමද කියල ප්‍රශ්න කරන එක වෙන රටක මේ විශය ගැන දැනුම තියෙන කෙනෙක්ගෙන් ඒක එහෙමද කියල ප්‍රශ්න කරනවට වඩා වෙනස් වෙනව. ලන්කාවෙ සයන්ස් උනත් ගොඩක් වෙලාවට විශ්වාසයක් විදියට ඉස්සරහට ඉගෙන ගන්නව මිසක් ආයෙ එහෙම වෙන්න බෑද කියල ප්‍රශ්න කරන්නෙ නෑ. දහය වසරෙ වගේ ඉදල බටහිර පෙරදිග දර්ශන විශයන් විදියට ඉගෙන්නුව නන් ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙනව.

    භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 2 කොටස
    බුදුහාමුදුරුවන්ගේ සිට ධර්මකීර්ති හාමුදුරුවන් දක්වා
    (කරුණාකර පළමු කොටස කියවා ඉන්න)
    3. මධ්‍යමක දර්ශනය - නාගාර්ජුන හාමුදුරුවන් දැක්කා ආභිධාර්මිකයන් බරපතල වරදක් කරන බව. ඒක මෙහෙම පැහැදිලි කරගමු. බුදුහාමුදුරුවන් ‘සත්ත්වයෙකු/පුද්ගලයෙකු’ නැහැ කියා පෙන්වන්න, එය කොටස් පහකට කඩල පෙන්නුවා. රූප, වේදනා, සංඥා ආදි වශයෙන්. මෙහෙම කොටස් කළාම, ඒකෙන් කියැවෙන්නේ සත්ත්වයෙකු/පුද්ගලයෙකු නැහැ නමුත් අර කොටස් තියෙනවා කියන එකද? ආභිධාර්මිකයන් හිතුවේ එහෙම තියෙනවා කියල. ඒ නිසා ඒ අය මොකද කළේ අර රූප, වේදනා ආදී කොටස් ටික වෙන වෙනම අරගෙන ඒවා බාහිර ලෝකයේ පවතින්නේ කොහොමද කියල හොයන්න පටන් ගත්තා. උදා. ලෙස රූපයට මහාභූත වශයෙන් පවතින්න හැකි බව, ඒවා නිසා උපාදාන රූප හටගන්න බව ඔවුන් හිතුවා. අභිධර්මය ඇතුළට පරමාණුවාදය එකතු වෙන්නේ පූර්ව පළමු සියවසේදී. ඒ ධර්මශ්‍රී හාමුදුරුවන් ලියන පිටු දෙකක් පරමාණු විග්‍රහය නිසා. ඒක වෛශේෂික දර්ශනයේ ආභාසයෙන් ලියපු සටහනක්. නාගාර්ජුන හාමුදුරුවන් ඉන්නේ 2 සියවසේ. මේ නිසා ඒ යුගය වෙද්දි මේ අභිධර්මයේ ඉගැන්වූ ‘ධර්ම’ පරමාණු ස්වරූපයෙන් පවතිනවා කියන කරුණ බෞද්ධයන් අතර මුල් බැහැගෙන තිබුණා.
    නාගාර්ජුන හාමුදුරුවන් මේ විග්‍රහයට විරුද්ධ වුණා. උන්වහන්සේ දැක්කේ මේක හරියට, අන්න පුතේ හඳ කියල ඇඟිල්ල දික්කරල පෙන්නුවාම හඳ වෙනුවට ඇඟිල්ල බලනවා වගේ වැඩක් කියල. බුදුහාමුදුරුවන් සත්ත්වයෙකු/පුද්ගලයෙකු නැහැ කියා පෙන්වන්න එය කොටස් පහකට කැඩුවේ, අප සත්ත්වයෙකු/පුද්ගලයෙකු වශයෙන් දකින දේ ඇත්තටම මේ කොටස් පහේ අන්තර් යැපීම නිසා එහෙමත් නැත්නම් ප්‍රතීත්‍යසමුත්පන්න බව නිසා ඇති වන බව පෙන්වන්න මිසක ඒ නැතිව රූප, වේදනා ආදි කොටස්වලට ස්වාධීන පැවැත්මක් තියෙන බව පෙන්වන්න නෙවේ. කොටින්ම කියනවා නම් නාගාර්ජුන හාමුදුරුවන්ට අනුව, බුදුහාමුදුරුවන් දේශනා කළේ නැහැ, සත්ත්වයා බොරුය, රූපස්කන්ධය ඇත්තය කියා. ඒ අනුව, නාගාර්ජුන හාමුදුරුවන් තේරුම් ගත්තා බුදුහාමුදුරුවන් කියන්න උත්සාහ කළේ සෑම සංකල්පයක් මේ සත්ත්වයන්/පුද්ගලයන් සේ ප්‍රතීත්‍යසමුත්පන්නව හට ගන්න දේ මිසක ස්වාධීන පැවැත්මක් ඇති දේ නෙවේ කියලා.
    මේ අලුත් චින්තනය අභිධර්මයට මරු පහරක් වුණා. නාගාර්ජුන හාමුදුරුවන්ගෙන් පසුව ආර්යදේව, බුද්ධපාලිත, භාවවිවේක, චන්ද්‍රකීර්ති වගේ හාමුුදුරුවරු මේ මතය තව තවත් දියුණු කළා. අද අප මධ්‍යමක දර්ශනය කියා හඳුන්වන්නේ එය.
    මධ්‍යමක දර්ශනය ජනප්‍රිය වීම ආරම්භ වුණේ දකුණු ඉන්දියාවේ. මේ නිසා, සියලු අභිධර්ම සම්ප්‍රදායයන් ඇෆ්ගනිස්ථානය, පකිස්ථානයේ සිට කාශ්මීර් දක්වා ඉන්දියාවේ වයඹ සහ උතුරු ප්‍රදේශවලටත්, මහාරාෂ්‍ට්‍රය සහ කේරළය දක්වා බටහිර ප්‍රදේශවලටත් සීමා වුණා. බෙංගාලය, බිහාර් සහ තමිල්නාඩුවත් ඇතුළත් වන ලෙස ආන්ද්‍රාප්‍රදේශ් දක්වා දකුණු ඉන්දියාවේ තිබුණු අභිධර්ම සම්ප්‍රදායයන්ට යන එන මං නැති වුණා. ඉතිං ඒ අය කළේ, අතට අහුවුණු අභිධර්ම පොතක් අරගෙන ලංකාවට පැන ගැනීම. ලංකාවේ මහාවිහාරය ඒ ආපු විවිධ අභිධර්ම චින්තකයන්ට ක්ෂේමභූමියක් වුණා. අනෙක් අතට අභයගිරිය ඒ වන විටත් ජනප්‍රිය වෙමින් පැවැති මධ්‍යමකදර්ශනයට විවෘත වී තිබුණා.
    හැබැයි මෙහෙමයි කියලා උතුරු ඉන්දියාවෙත් අභිධර්මයට යහතින් ඉන්න ලැබුණේත් නැහැ. ඒකට විරුද්ධව උතුරු ඉන්දියාවේත් බෞද්ධ දර්ශන සම්ප්‍රදායයක් බිහි වුණා. ඒ තමයි යෝගාචාර දර්ශනය.
    4. යෝගාචාර දර්ශනය - යෝගාචාර දර්ශනය මාධ්‍යමිකයන්ට විරුද්ධව මතු වුණා කියන කථාව බොරු. ඔවුන් දෙගොල්ලන් කරට කර මුණ ගැහැනේනේ 7 සියවසේදී. යෝගාචාර දර්ශනය බිහි වෙන්නේ 4-5 සියවස්වල.
    යෝගාචාරිකයනුත් තේරුම් ගත්තා ආභිධාර්මිකයන් කළ වැඩේ වැරදියි කියල. හැබැයි ඔවුන් මාධ්‍යමිකයන් වගේ අභිධර්මය එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කළේ නැහැ. ඔවුන් දැක්කා අභිධර්මයේ ගත යුතු සහ ගත හැකි කරුණු තියෙන බව. මේ නිසා යෝගාචාරිකයන් තමුන්ගේ විග්‍රහය අරන් ආවේ මේ විදිහට.
    සත්ත්වයෙකු/පුද්ගලයෙකු නැහැ කියා පෙන්වන්න බුදුහාමුදුරුවන් කොටස් පහකට කඩල පෙන්නුව බව ඇත්ත. හැබැයි මේ කොටස් පහ කැඩුවෙ කොහොමද? කියතකින් කපලද? පොරවෙන් කොටලද? නැහැනේ. සම්පූර්ණයෙන්ම මනසින් තමා මේ බෙදීම කළේ. ඒ නිසා අපට අඩුම තරමේ පිළිගන්න වෙනවා ‘මනස’ කියල එකක් තියෙනවා ඒකෙන් තමා මේ සේරම කරන්නේ කියා. ඇත්තටම යෝගාචාරිකයන් ‘මනස’ කියල යමක් පරමාර්ථ වශයෙන් තියෙනවා කියල පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ අපේ බුද්ධිමය පරිශ්‍රමය පටන් ගන්න අපට තැනක් තියෙන්න ඕනේ. අන්න ඒ තැන හැටියට, මනස භාවිත කරන්න පුළුවන් කියන කාරණය. ඒ අනුව, යෝගාචාරිකයන් කීවේ මනසේ ක්‍රියාකාරිත්වයට සාපේක්ෂව බුදුදහම තේරුම් ගැනීම එය තේරුම් ගැනීමේ නිවැරදිම ක්‍රමයයි කියල.
    ඉතිං ඒ අය මනසේ ක්‍රියාකාරිත්වය තේරුම් කරන්න විවිධ සිද්ධාන්ත ඉදිරිපත් කළා. ලෝකයේ පළමු මනෝවිශ්ලේෂණ සිද්ධාන්තය ඉදිරිපත් කළේත් ඔවුන්.
    මාධ්‍යමිකයන් වගේ යෝගාචාරිකයන් අභිධර්මය ප්‍රතික්ෂේප කළේ නැහැ කියා මං කිව්වනේ. ඔවුන් කළේ තමුන් ඉදිරිපත් කළ මෙම අලුත් මනස කේන්ද්‍රකරගත් විග්‍රහයට ගැළපෙන පරිදි අභිධර්මය නැවත ඔපමට්ටම් කළා. යෝගාචාර අභිධර්මය කියා අප අද හඳුන්වන්නේ එය.
    යෝගාචාර දර්ශනය බිහි කළේ අසංග සහ බසුබන්ධු කියන සහෝදර හාමුදුරුවන් වහන්සේලා දෙනම. ඇත්තටම, නාගාර්ජුන හාමුදුරුවන්ටත් වඩා ඉතා ඉහළ බුද්ධිමය ප්‍රභාවක් පෙන්නුව දාර්ශනිකයන් වහන්සේ තමා වසුබන්ධු හාමුදුරුවන්. ඒ දෙදෙනා වහන්සේට පසුව, දිග්නාග, ධර්මකීර්ති, ධර්මපාල, ස්ථිරමති වගේ හාමුදුරුවරුත් චාන්ද්‍රගෝමීන්, කරණකගෝමීන් වගේ ගිහි පඬිවරුත් මේ දර්ශනවාදය ඉදිරියට දියුණු කළා.
    මේ කාලේ වන විට බෞද්ධ දර්ශනය තව ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තිබුණා. ඒ ගැන ඊළඟ කොටසින්.
    ------ Post added on Mar 22, 2023 at 6:40 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 3 කොටස
    බුදුහාමුදුරුවන්ගේ සිට ධර්මකීර්ති හාමුදුරුවන් දක්වා
    (කරුණාකර 1 සහ 2 කොටස් කියවා ඉන්න)
    5. මහායානය බිහි වීම සහ අභියෝගාත්මක සමය - මං මුලදි කිව්වනේ, බෞද්ධ දර්ශනය බිහි වෙන්නේ බුදුහාමුදුරුවන් ඇත්තටම දේශනා කළේ මොනවද කියන ප්‍රශ්නයට උත්තර හොයන්න දරපු වෑයමේ ප්‍රතිඵලයක් වශයෙන් කියා. ඉතිං ඒ යුගයේ කැපී පෙනෙන විශේෂත්වයක් තිබුණා. ඒ තමයි, කවුරුන් හෝ කෙනෙකු යමක් කියන කොට, මෙන්න මේකයි බුදුහාමුදුරුවන් කීවේ කියා, 'හා එහෙනම් එහෙම කියපු තැනක් පෙන්වන්නකෝ' කියා ප්‍රතිවාදියා අභියෝග කළා. එතකොට අපේ හාමුදුරුවන් කළේ අසවල් සූත්‍රයේ අසවල් තැන මෙන්න මෙහෙම ලියල තියෙනවා කියා පෙන්නීම.
    ඉතිං එහෙම කියන සමහර කාරණාවලට පෙන්වන්න සූත්‍ර නැහැ. ඇතැම් වෙලාවට සූත්‍ර තියෙනවා, හැබැයි අදාළ කාරණය ඒ සූත්‍රය ඇතුළේ හරියට පැහැදිලි කරල නැහැ. සමහර විට ඒ පැහැදිලි කිරීම් එක ප්‍රශ්නයකට උත්තර දෙන ගමන් තවත් ප්‍රශ්න පනහක් විතර මතු කරනවා. මේ නිසා, පූර්ව 3 සියවසේ සිට ව්‍යවහාර වර්ෂ 5 සියවස වෙනකම්ම අපේ බෝසත් ගුණෝපේත උගත් හාමුදුරුවරු සූත්‍ර ලිව්වා. මහායාන සූත්‍ර වුණේ ඒවා.
    කවුරුන් හෝ හිතනවා නම් මේවා කළේ, මේ නගරබද ඉන්න, උගත් බෞද්ධ භික්ෂූන් කියලා, ඒක වැරදියි. මහායාන සූත්‍ර බිහිවෙන්නේ, ආරණ්‍යවාසීව භාවනායෝගීව සිටි උගත් භික්ෂූන්වහන්සේලා අතින්. අනෙක් අතට කවුරුන් හෝ හිතනවා නම් මේවා මේ හිතුවක්කාර විදිහට හදා ගත්තු සූත්‍ර කියලා, ඒකත් වැරදියි. උන්වහන්සේලා මේ සූත්‍ර ලිව්වට උන්වහන්සේලා මේවා ප්‍රබන්ධ කළේ නැහැ. දිව්‍යලෝකවල සිටින විවිධ බෝධිසත්ත්වයන් වහන්සේලා, දෙවිවරුන්, බ්‍රහ්මයන්, නාගයන් වැනි අය ඇවිත් තමුන්ට කියපු විදිහට තමා මේවා ලිව්වේ. තවත් විධිහකින් කියනවා නම්, පාලි සූත්‍රපිටකයේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවන් මතක තියා ගත්තු සූත්‍ර. මේවා විවිධ බෝධිසත්ත්වයන්, දෙවියන්, නාගයන් වැනි අය මතක තියා ගත්තු සූත්‍ර. බුදුහාමුදුරුවන් බණ කියන කොට අහං හිටිය සියදහස් ගණන් දෙවියන්ට ඒ සූත්‍ර අමතකද? අප භාවනා කරල හිත දියුණු කරගෙන ඒ අයට ආරාධනා කළොත් ඒ අය ඇවිදින් ඒ සූත්‍ර කියා දෙන්නේ නැතිද? හිතල බලන්න වටිනවා. අනෙක් අතට ආනන්ද හාමුදුරුවන් මතක තියා ගත්තොත් විතරද ඒක බුද්ධභාෂිත සූත්‍රයක් වෙන්නේ? මෛත්‍රී බෝධිසත්ත්වයන් මතක තියා ගත්තාම ඒක බුද්ධභාෂිත නෙවේද? ඒකත් ගැටලුවක් තමා. ඒ නිසා, මේ සූත්‍ර සියල්ල ප්‍රාමාණික වශයෙන් ඒ කාලේ සිටි සියලු බෞද්ධ උගතුන් පිළිගත්තා.
    කොහොම නමුත් එක දෙයක් පැහැදිලිව කියන්න ඕනේ. මුල් සූත්‍ර පසු සූත්‍ර කියල බෙදන්නේ නැතිව, මහායාන සූත්‍ර, හීනයාන සූත්‍ර කියල බෙදන්නේත් නැතිව භාරතීය බෞද්ධ දාර්ශනිකයන් හැමෝම මේ සූත්‍ර දෙවර්ගයම භාවිත කළා. නාගාර්ජුන හාමුදුරුවනුත් එහෙමයි, වසුබන්ධු හාමුදුරුවනුත් එහෙමයි.
    5 සියවසේ සිට 7 වන සියවස දක්වා කාලය සමස්ත භාරතීය දර්ශනයටම ඉතාම අභියෝගාත්මක කාලයක්. ඒ කාලේ මේ සූත්‍ර කෙරුවාව තවදුරටත් කරන්න බැරි වෙනවා. එයට ප්‍රධාන වශයෙන් හේතුවෙන්නේ න්‍යාය දර්ශනය සහ මීමාංසා දර්ශනය බිහි වීම. එක පැත්තකින් වාත්ස්‍යායන පඬිතුමා නාගාර්ජුන හාමුදුරුවන්ට විරුද්ධව ලියනවා. උද්‍යෝතකර පඬිතුමා වසුබන්ධු, දිග්නාග දෙනම වහන්සේට විරුද්ධව ලියනවා. ලොකුම අභියෝගය වුණේ කුමාරිල. ඇත්තටම කුමාරිලව නොකියවා බෞද්ධ දර්ශනය තේරුම්ගන්න යාමම බොරු වැඩක්.
    කුමාරිල අවුරුදු 30ක් බෞද්ධ භික්ෂුවක් විදිහට මහණවෙලා බුදුදහම ලෙල්ලටම හදාරනවා. ඊට පස්සේ සිවුරු අතහැරල මීමාංසා දර්ශනයේ භාට්ට ගුරුකුලය බිහි කරනවා. ඊට පස්සේ කුමාරිල බෞද්ධ දර්ශනය කුඩේ කුඩු වෙන්න ලියන්න පටන් ගන්නවා. කවුරු කොහොම බුදුදහමට විරුද්ධ ලිව්වත් කුමාරිලට තරම් බුදුදහම ගැන ඒ අයට අවබෝධයක් තිබිල නැහැ.
    කොහොම නමුත් මේ අභියෝගාත්මක කාලයේ තවත් කරුණු දෙකක් සිදුවෙනවා.
    (5.1). දිග්නාග-ධර්මකීර්ති පරපුර - ලංකාව හැරුණු කොට ලෝකයේ සෑම රටකම සිටි භික්ෂූන් වහන්සේට තිබුණා සුවිශේෂ හැකියාවක්. ඒ තමයි, ලෝකය කාලෙන් කාලෙට වෙනස් වන නිසා ඒ වෙනසට ගැළපෙන පරිදි කොහොමද වෙනස් වෙන්නේ කියා තේරුම් ගැනීමේ හැකියාව. වසුබන්ධු හාමුදුරුවන් තමා ඒ අතර ඉදිරියෙන්ම ඉන්න චරිතය. උන්වහන්සේ තවත් අවුරුදු සියගණනක් බුදුදහම භාරතයේ තියා ගන්න විදිහ ගැන හිතල, තමුන්ගේ ශිෂ්‍ය දිග්නාග හාමුදුරුවන්ට පවරනව තර්කානුකූලව බුදුදහම ඉදිරිපත් කිරීමේ කලාව ප්‍රගුණ කරන්න කියා. අජන්තාවේ ගල්ගුහාවක් ඇතුළට වී දිග්නාග හාමුදුරුවන් ප්‍රමාණසමුච්චය කුරුටු ගාන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට.
    දිග්නාග හාමුදුරුවන් බිහි කළ බෞද්ධ තර්කශාස්ත්‍රය සහ ඥානවිභාගීය පරපුර ඉහළම තැනට ඔසවා තබන්නේ ධර්මකීර්ති හාමුදුරුවන්. ඊට පසුව, විනීතදේව, ධර්මෝත්තර, ප්‍රඥාකරගුප්ත, ඥානශ්‍රීමිත්‍ර, රත්නාකරශාන්ති, මෝක්ෂාකරගුප්ත වගේ හාමුදුරුවරු මේ සම්ප්‍රදායය ඉදිරියට ගෙනියනවා. මෙතැන තියෙන වැදගත්ම කාරණය නම් බෞද්ධයන් විතරක් නෙවේ නාලන්දාවෙන් සිය ධර්මශාස්ත්‍ර දැනුම සකස් කරගත් හරිභද්‍රසූරී වගේ ජෛන පඬිවරුත් අර්චට, දුර්විවේකමිශ්‍ර වැනි බ්‍රාහ්මණ පඬිවරුත් බෞද්ධ දර්ශනය දියුණු කරන්න දායක වුණා.
    (5.2) මාධ්‍යමික-යෝගාචාර ගැටුම - බාහිරින් එන බලපෑම්වලට මුහුණ දීමට බෞද්ධ තර්කශාස්ත්‍රය බිහි කළත් මේ යුගයේ තවත් ඇතුළතින් ගැටුමක් තිබුණා. ඒ තමයි මාධ්‍යමික යෝගාචාරය ගැටුම.
    ක්‍රමිකව මධ්‍යමක සහ යෝගාචාර දර්ශන ජනප්‍රිය වන විට අභිධර්ම ව්‍යාපෘතිය එහෙමම අභාවයට ගියා. පස් වන සියවසේ සංඝභද්‍ර හාමුදරුවන් න්‍යායසාරය ලිව්වට පසුව බරපතල අභිධර්ම කෘතියක් අපට භාරතයෙන් හමු වෙන්නේ නැහැ. දැන් ප්‍රශ්නය තියෙන්නේ මාධ්‍යමිකයන් ද යෝගාචාරිකයන්ද බුදුහාමුදුරුවන් කියන්න උත්සාහ කළ දේ හරියටම කියා දෙන්නේ කියන කරුණ.
    මෙතැනදි මාධ්‍යමිකයන් දෙකට කැඩුණා. භාවවිවේක හාමුදුරුවන් යෝගාචාරිකයන්ගේ නව සොයා ගැනීම් සමග එකඟ වුණා. උන්වහන්සේ මධ්‍යමක දර්ශනයේ මුකුත් නැහැ වගේ පෙනෙන ශූන්‍යත්වයට යමක් තියෙනවා කියන විඥානවාදය එකතු කළා. ඒ අනුව ශූන්‍යයි කියන්නේ මුකුත් නැහැ කියන එකයි කියලා තවදුරටත් කටවහගෙන ඉන්න ඕනේ නැහැ කියලා උන්වහන්සේ පෙන්වල දුන්නා. ඒත් චන්ද්‍රකීර්ති වගේ හාමුදුරුවරුන් ඒයට දැඩි සේ විරුද්ධ වුණා. සැබෑ බෞද්ධයාට දෘෂ්ටිවාදයක් නැත. තොපි සේරම කරන්නේ බුදුහාමුදුරුවන් කියපු දේවල් අල්ලාගෙන දෘෂ්ටිවාද හදන එකයි. මං එහෙම කරන්න දෙන්නෑ කියල චන්ද්‍රකීර්ති හාමුදුරුවන් තරයේ කියා සිටියා. වසුබන්ධු හාමුදුරුවන් හිටියේ මීට වඩා මධ්‍යස්ත තැනක. උන්වහන්සේට අනුව සියල්ල අවසානයේදී පට්ටපල් බොරුවක්. ඒ නිසා අප බලන්න ඕනේ මේ බොරුවෙන් වැඩක් ගන්නේ කොහොමද කියන කාරණය පමණයි. එහෙම හිතල බුදුදහමට අලුතින් කොටස් එකතු කළා.
    කොහොම නමුත් මේ විදිහට ඇතුළතින් පැන නැඟුණු විවිධ මතවාද 7 සියවසේදී ගැටුණා. අවසානයේදී මධ්‍යමක පැරදුණා. යෝගාචාර දිනුවා. එහි ප්‍රතිඵලය වුණේ 7 සියවසින් පසුව මධ්‍යමක දර්ශනය ක්‍රමයෙන් අභාවයට ගියා. ඒකට කවමදාකවත් උතුරු ඉන්දියාවට යන්න බැරි වුණා. දකුණින් තමිල්නාඩුව දක්වා ඇවිදින් නතර වුණා. අනෙක් අතට යෝගාචාරය සමස්ත භාරතය පුරා පැතිරී ගියා. කලින් අභිධර්මය තිබුණු ප්‍රදේශවලත් යෝගාචාර අභිධර්මයට තැනක් ලැබුණා.
    මේ සියල්ලේ දිගුවක් විදිහට තමා බෞද්ධ දර්ශනයේ ඊළඟ පරිච්ඡේදය ධර්මකීර්ති හාමුදුරුවන් ලියන්නේ. ඒක ඊළඟ කොටසින්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 4 (අවසාන කොටස)
    බුදුහාමුදුරුවන්ගේ සිට ධර්මකීර්ති හාමුදුරුවන් දක්වා
    (කරුණාකර 1, 2 සහ 3 කොටස් කියවා ඉන්න)
    6. සෞත්‍රාන්තිකයන්ගේ සහ ලෝකෝත්තරවාදීන්ගේ පහළ වීම - යෝගාචාර දර්ශනයේ ව්‍යාප්තියත් සමග තවත් යටිපෙළ දර්ශනවාද දෙකක් බිහිවෙමින් තිබුණා. මේ දෙකම බිහි වුණේ දකුණු ඉන්දියාවේ. එකක් තමිල්නාඩුවෙන් බිහි වන සෞත්‍රාන්තික දර්ශනය, අනෙක ආන්ද්‍රාප්‍රදේශ්වලින් බිහිවෙන ලෝකෝත්තරවාදී චින්තනය.
    සෞත්‍රාන්තිකයන් ඇත්තටම බිහි වෙන්නේ පූර්ව 3වන සියවසේ විතර. ඒත් කවමදාකවත් ප්‍රධාන බෞද්ධ දර්ශන ප්‍රවාහයට මුහු වෙන්නේ නැහැ. කථාවත්ථුප්පකරණය, මහාවිභාෂා ශාස්ත්‍රය වගේ ග්‍රන්ථ ලියැවෙන කාලයේදී මේ අය තේරුම් ගන්නවා, මේ ආභිධාර්මික තෙරුන්වහන්සේලා බුදුදහම බුදුහාමුදුරුවන් හිතුවේවත් නැති තැනකට අරන් යනවා කියලා. ඒ නිසා ඒ කාලේ ඉඳලම අභිධර්මය නැතිව සූත්‍ර පමණක් ප්‍රමාණ ලෙස ගන්න මේ අය කටයුතු කරනවා. පස්වන සියවසේදී අභිධර්මය යටපත් වෙන්න පටන් ගත්තාම අනෙක් අයට මෙන්න මේ අයගෙ වටිනාකම පේන්න පටන් ගන්නවා. ඒ වනවිට මේ අය කේන්ද්‍රවෙලා හිටියේ තමිල්නාඩුවට. මේ අයගේ මුල් ග්‍රන්ථ පවා ලියන්නේ පාලියෙන් සංස්කෘතයෙන් නෙවේ දෙමළෙන්. දෙමළ භාෂාවට ව්‍යාකරණයක් පවා හදන්නේ මේ හාමුදුරුවරු. මේ සෞත්‍රාන්තික භික්ෂූන් එදා දෙමළෙන් ලියපු බුදුබණ අදටත් තමිල්නාඩුව පුරා සෙල්ලිපිවලින් හමුවෙනවා. ඒත් ඒ අය ලියපු දෙමළ පොත් සියල්ල මේ වන විට ගිනිබත් කරල අවසන්. මේ නිසා අපට සෞත්‍රාන්තිකයන් ගැන යමක් හරියට කියන්න බැහැ.
    ලෝකෝත්තරවාදීන් මහාසාංඝිකයන්ගෙන් බිඳී එන පිරිසක්. මේ අය දර්ශනයට යමක් එකතු කරන්නේ නැහැ. හැබැයි වන්දනා සම්ප්‍රදායයක් හදනවා. බුදුහාමුදුරුවන් කියන්නේ මනුෂ්‍යයෙකු නෙවේ, උත්තරීතර පුද්ගලයෙක්, උන්වහන්සේ සියල්ල දන්නවා, උන්වහන්සේ අපට බොරුවට පිරිනිවන් පාල පෙන්නුවට ඇත්තට එහෙම නැහැ, උන්වහන්සේ සැමදා වැඩ ඉන්නවා, වගේ කතන්දර ගොඩක් මේ අය හදපුවා. පිරිත් කියන්න, බෝධිපූජා තියන්න, පඬුරු ගැටගහන්න වගේ බෝහෝ දේවල් මේ අය හඳුන්වල දුන්නා. මේ සම්ප්‍රදායය වැඩි කාලයක් තිබුණෙ නැහැ. පටන් ගත්තේ 3 සියවසේ විතර, 5 සියවස වන විට උන්වහන්සේලා යෝගාචාර සම්ප්‍රදායයටම එකතු වුණා. ඒකෙන් මිඳුණු කීප දෙනෙකු, බෙංගාලයට ගියා, ඇතැමෙක් ලංකාවටත් ආවා.
    7. ධර්මකීර්ති හාමුදුරුවෝ - ධර්මකීර්ති හාමුදුරුවන් බිහිවෙන්නේ 7 සියවසේ. උන්වහන්සේ වෙනස්ම චරිතයක්. පොඩි කාලෙම මහණ වෙනවා හීනයාන සෞත්‍රාන්තික සම්ප්‍රදායයක. එහිදී හීනයාන ත්‍රිපිකය හොඳට ඉගෙන ගෙන සිවුරු අතහරිනවා. ඔහු තේරුම් ගන්නවා කුමාරිල තමයි ශාසනයට තියෙන ලොකුම තර්ජනය කියා. ඒ නිසා වෙස්වලාගෙන කුමාරිලගෙ ගෙදර සේවකයෙකු විදිහට වැඩට යනවා. එතනැදි කුමාරිලගෙ දර්ශනය හොඳට ඉගෙන ගන්නවා. පසුව නාලන්දාවට ඇවිදින් ධර්මපාල හාමුදුරුවන් යටතේ පැවිදි උපසම්පදා ලබලා යෝගාචාර දර්ශනයයි මධ්‍යමක දර්ශනයයි ඉගෙන ගන්නවා. ඊට පස්සේ දිග්නාග හාමුදුරුවන් හොයාගෙන අජන්තාවට යනවා. අතමග හමුවෙන ඊශ්වරසේන හාමුදුරුවන්ගෙන් දැන ගන්නවා දිග්නාග හාමුදුරුවන් අපවත් වෙලා කියල. ඊට පස්සේ ඊශ්වරසේන හාමුදුරුවන්ගෙන් ප්‍රමාණසමුච්චය ඉගෙන ගන්නවා.
    මේ සියල්ල ඉගෙන ගත්තට පස්සේ උන්වහන්සේ බෞද්ධ දර්ශනයේ හැඩය වෙනස් කරන්න පටන් ගන්නවා. කුමාරිල බුුදුදහමට විරුද්ධ එල්ල කළ සෑම තර්කයකටම උත්තර දෙනවා. උත්තර දීමට තරම් ඒ වන විට තිබුණු බෞද්ධ දර්ශනය පොහොසත් නැති නම්, අලුතින් කෑල්ලක් එකතු කරල බුදුදහම පෝෂණය කරල ඊට පස්සේ උත්තර දෙනවා.
    උන්වහන්සේ කරපු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා.
    (1) ඒ වන විට තිබුණු සියලු බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන් එකට එකතු කිරීම
    (2) බෞද්ධ දර්ශනය තර්කානුකූලව ඉදිරිපත් කළ හැකි ලෙස ප්‍රතිසංස්කරණය කිරීම
    පළමු කරුණ දෙසට හැරුණොත් උන්වහන්සේ තේරුම් ගන්නවා ඉතිහාසය විසින් ආභිධාර්මිකයන්ට බරපතල අසාධාරණයක් කර තිබෙන බව. අභිධර්මයේ කියෙන කරුණු නිකම්ම නිකම් බැහැර කරන්න බැරි බව උන්වහන්සේ තේරුම් ගන්නවා. අනෙක් අතට නාගාර්ජුන හාමුදුරුවන්ගේ මධ්‍යමක දර්ශනයවත් වසුබන්ධු හාමුදුරුවන්ගේ යෝගාචාර දර්ශනයවත් වැරදි නැහැ. මේ නිසා උන්වහන්සේ එනවා යම් මතයකට. ඒ තමයි, මේ ලෝකය ඉතා සංකීර්ණයි. ඒ නිසා ඒ සංකීර්ණ ලෝකයට සරල එක දර්ශනයක් ප්‍රමාණවත් නැහැ කියන මතය. උන්වහන්සේට තේරෙනවා බුදුහාමුදුරුවන් නිවැරදි බව. බුදුහාමුදුරුවන් උන්වහන්සේගේ දර්ශනය විධිමත් නිශ්චිත රාමුවකට අනුව දේශනා නොකළේ ඒහම කරන්න බැරි නිසා නිවේ, එහෙම කරන එක වැරද්දක් නිසා. ඒ නිසා, ධර්මකීර්ති හාමුදුරුවන් එකිනෙකට ගැළෙපෙන්නේ නැති දර්ශන ගොඩක් එකතු කරල අච්චාරුවක් හදලා ඒ අච්චාරුව තැනට ගැළපෙන පරිදි භාවිත කරන්නේ කොහොමද කියල පෙන්නුවා.
    දෙවැනි කාරණය ඉතාම වැදගත්. බුදුදහමේ නැතහෝත් බෞද්ධ චින්තාවේ එන හැම දේම තර්කානුකූලයි කියල පෙන්වන්න උත්සාහ කළොත් ඒ මනුස්ස පිස්සෙකු වන බව ධර්මකීර්ති හාමුදුරුවන් තේරුම් ගන්නවා. මේ නිසා, බුදුදහම ඇතුළේ තියෙන කරුණු ඒ විදිහටම පිළිගන්න කැමති කෙනෙකුට ඒවා විශ්වාසයෙන් යුතුව පිළිගන්න ඉඩ ඇරල, එහෙම නොවන කෙනෙකුට තර්කානුකූලව ඒවා දකින්නේ කොහොමද කියල පෙන්වල දෙන්න උත්සාහ කළා. එහිදී තර්කානුකූලව තහවුරු කරන්න බැරි බොහෝ දේ උන්වහන්සේ තමුන්ගේ දර්ශනයෙන් බැහැර කළා. පිරිත් කියනවා, බෝධිපූජා තියනවා වගේ දේවල් ගැන උන්වහන්සේ කතා කළේම නැහැ. අනෙක් අතට බුදුහාමුදුරුවන්ව දැක්කේ මනුෂ්‍යයෙකු විදිහට. බුදුහාමුදුරුවන් සියල්ල දන්නේ නැහැ. හැබැයි අවශ්‍ය හැම දේම දන්නවා. භාවනා කළා කියා අමුතු දැනුමක් එන්නේ නැහැ. තියෙන දැනුම තහවුරු වෙනවා. මෙන්න මේ විදිහෙ විප්ලවීය වෙනස්කම් රැසක්ම බෞද්ධ දර්ශනයට එකතු කළා.
    වැදගත්ම දේ බුදුහාමුදුරුවන් දේශනා කළ මුල් සූත්‍රවලට අනුවම උන්වහන්සේ සිය දර්ශනය ඉදිරිපත් කරන්න උත්සාහ කළා.
    8. ධර්මකීර්ති උරුමය - භාරතයේ බෞද්ධ දර්ශනය බුදුහාමුදුරුවන්ගෙන් ආරම්භ වෙලා ධර්මකීර්ති හාමුදුරුවන්ගෙන් අවසන් වුණා හා සමාන දෙයක් තමයි සිදු වුණේ. ධර්මකීර්ති හාමුදුරුවන් 7 වන සියවසේ නේ. ඉන් පසුව 12 සිවවස දක්වා සියවස් 5ක් බෞද්ධ දර්ශනය යම් මට්ටමිකින් භාරතය තුළ තිබුණා. මේ සියවස් 5 තුළ යම් බෞද්ධ දාර්ශනික කෘතියක් ලියැවුණා නම් ඒ සියල්ල ඍජුව හෝ වක්‍රව ධර්මකීර්ති හාමුදුරුවන්ව උපුටා දක්වමින් ලියපුවා. කාටවත් බැරි වුණා ධර්මකීර්ති හාමුදුරුවන්ව මඟ හැරල ලියන්න.
    මේ යුගයේ කතා කළ යුතු විශේෂ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඉන්නවා. ඒ තමයි ශාන්තරක්ෂිත හාමුදුරුවන් සහ කමලශීල හාමුදුරුවන්. ධර්මකීර්ති හාමුදුරුවන් සියලු සම්ප්‍රදායයන්ට තම දර්ශනය ඇතුළේ තැනක් දුන්නට, ඒවා වෙන වෙනම පැහැදිලි කරල එක පද්ධතියක් හදලා පෙන්නුවේ නැහැ. ඒත් ශාන්තරක්ෂිත හාමුදුරුවන් සහ කමලශීල හාමුදුරුවන් තත්ත්වසංග්‍රය ලියල ඒ අඩුව පිරිමැහුවා. ඒකෙන් පස්සේ තවදුරටත් යෝගාචාර, මධ්‍යමක ආදි වශයෙන් ස්ථිර සීමා බෞද්ධ දර්ශනය ඇතුළේ අඳින්න බැරි වුණා.
    යෝගාචාර දර්ශනයට දියවෙලා හැංගිලා හිටිය මහාසාංඝික ලෝකෝත්තරවාදීන් මේ වන විට වෙනස් මුහුණුවරක් ගෙන තිබුණා. ඒ ඔවුන් බෙංගාලයේදී වජ්‍රයානය බිහි කිරීම. පසුව යෝගාචාර දර්ශනය සහ මධ්‍යමක දර්ශනය පාදක කරගෙන ඔවුන් භාරතයේ විවිධ ප්‍රදේශවලට ව්‍යාප්ත වුණා. වැඩිම පිරිසක් රැඳුණේ, දකුණු ඉන්දියාවේ, ලංකාවේ සහ ටිබෙටයේ. සමන්තභද්‍ර හාමුදුරුවන් 9 සියවසේදී ලංකාවට වජ්‍රයානය නිල වශයෙන් ගෙන ආවා.
    අවසානයේදී මුස්ලිම්වරු ඉන්දියාව ආක්‍රමණය කරල බෞද්ධ භික්ෂූන්වහන්සේලාව අමු අමුවේ ඝාතනය කරල බෞද්ධ පොත් සියල්ල ගිනිබත් කරල භාරතයෙන් බුදුදහම අතුරුදහන් කරල දැම්මා.
    ධම්මචක්කප්පවත්ත සූත්‍රය කියන්නේ බුදුහාමුදුරුවන් භාරතයට බුදුදහම හඳුන්වා දෙන්න කළ පළමු දේශනය. ඒක සිදු කළේ ‘චතුරාර්යසත්‍යය’ කුමක්ද කියා පැහැදිලි කරදෙන්න. මෝක්ෂාකරගුප්ත හාමුදුරුවන් 12 සියවසේදී ලියූ ‘තර්කභාෂා’ කෘතිය ලියැවුණේ ඒ චතුරාර්ය සත්‍යය ධර්මකීර්ති හාමුදුරුවන් පැහැදිලි කළේ කොහොමද කියා පැහැදිලි කරන්න. එය භාරතයේ ලියැවුණු අවසාන බෞද්ධ කෘතිය.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    https://www.facebook.com/photo/ ?fbid=5983099281774651&set=a.222991201118850

    භාරතීය බෞද්ධ දර්ශනයේ කථාව - 1 කොටස
    බුදුහාමුදුරුවන්ගේ සිට ධර්මකීර්ති හාමුදුරුවන් දක්වා

    යම් දර්ශනයක එහෙමත් නැත්තං දාර්ශනික චින්තනයක ඉතිහාසය දැක්වීමේදී දුෂ්කරතා කීපයක් තියෙනවා. ඒවා මං මුලින්ම කියන්නම්.
    (අ) රාජපරම්පරාවක් අසවල් දවසේ ඉවර වුණා ඊට පස්සේ පටන් ගත්තේ අනෙක් රාජ වංශයයි කියන්නා වගේ එක් චින්තනයක් අසවල් දවසේ අලුතින් පටන් ගත්තා අසවල් දවසේ ඉවර වුණා කියලා හරියටම කියන්න බැහැ. පවතින මතවාදයකට විරුද්ධව අලුතින් මතවාදයක් නැඟී සිටියත්, පරණ චින්තනය එක විට නැති වෙන්නේ නැහැ. ඒ නිසා මං මෙහිදී දක්වන කාල සීමාවන් සියල්ල දියාරු ඒවා බව මුලින්ම තේරුම් ගන්න.
    (ආ) රුවන්මැලිසෑය හැදුවේ දුටුගැමුණු රජතුමා, සාංචිය හැදුවේ අශෝක රජතුමා කියන්නා වගේ යම් දර්ශනයක්, මතවාදයක් ඉදිරිපත් කිරීමේදී, විශේෂයෙන්ම භාරතීය බෞද්ධ චින්තනයේදී, අපට හරියටම කියන්න බැහැ අසවලා තමා මේ මතය ගෙනාවේ කියලා. සමහර විට ඔහුට පෙර ඒ මතය ඉදිරිපත් කළ අය ඉන්න ඇති. ඒත් අප හඳුනා ගන්නේ යම් මතයක් දියුණු කිරීමට හෝ පළමුවරට විධිමත් ලෙස ඉදිරිපත් කරන්න හෝ සමත් වූ තැනැත්තා එහි කර්තෘවරයා ලෙස.
    මං මෙහිදී කාල අනුක්‍රමය අනුව අංක පිළිවෙළකට කරුණු දක්වන්නම්. ඒ අංක ඒ පිළිවෙළටම මතක තබා ගෙන කියවන්න.

    1. බුදුහාමුදුරුවෝ - බෞද්ධ දර්ශනය ආරම්භ වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙන්. හැබැයි බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ දර්ශනය අප විමසා බලන්න ඕනේ උන්වහන්සේගේ කාලයට සහ පරිසරයට අනුව. කරුණු කීපයක් තියෙනවා අපේ අවධානයට ලක් විය යුතු: (1) උන්වහන්සේ ධර්මය දේශනා කළේ විවිධ බුද්ධිමට්ටම්වල අයට (2) උන්වහන්සේ ඒවා දේශනා කළේ ඒ මිනිසුන් එදිනෙදා භාවිත කළ භාෂාවෙන් (3) උන්වහන්සේගේ දේශනා බොහෝ වෙලාවට ඒ සංදර්භය ඇතුළේ අඩු වැඩි වශයෙන් සැකසුණා මිස හැම විටම ඒකරූපීතාවකින් (consistent) විදිහට දේශනා කරන්න උන්වහන්සේ උත්සාහ කළේ නැහැ.
    කොටින්ම කියනවා නම්, විධිමත් ඥානවිභාගයක් (epistemology), විධිමත් පර්යේෂණක්‍රමයක් (research method), සාධනක්‍රමයක් (proof method), ශිල්පීය වාක්කෝශයක් සහිත භාෂාවිලාසයක් (technical terminology) සහිත දර්ශනයක් නෙවේ බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළේ. හැබැයි එහෙම දෙයක් අවශ්‍ය නම් ඒ සියල්ල සකස් කරගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය බුදුහාමුදුරුවන් ඉදිරිපත් කරල තිබුණා.
    බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ සරල, අව්‍යාජ දර්ශනය ශාස්ත්‍රීය විධිමත් භාවයකට පෙරළන්න අවශ්‍ය වුණේ ඇයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒක බෞද්ධ චින්තාව පරිණාමය වීමට බලපෑ ප්‍රධානම ප්‍රශ්නය කීවොත් නිවැරදියි. ඒ ප්‍රශ්නය මේකයි.

    “බුදුහාමුදුරුවන් ඇත්තටම දේශනා කරන්නට උත්සාහ කළේ කුමක්ද?”
    මේ ප්‍රශ්නය බැලූ බැල්මටම ඉතා සරලයි වගේ පෙනුනට අර මං උඩ කියපු කරුණු තුන නිසා මේ ප්‍රශ්නයට දෙන්න පුළුවන් උත්තරය සරල වුණේ නැහැ. එක සූත්‍රයක් හෝ දෙකක් දිහා බලලා, එහෙම නැත්තං සූත්‍ර කීපයක් සංසන්දනය කරල හරියටම කියන්න බැහැ මොකද්ද බුදුහාමුදුරුවන් කියන්න උත්සාහ කළේ කියල. සමහර තැනකදී ඒක හරිම ලේසියි. ඒත් සමහර තැනකදී ඒක ලේසියි වගේ පෙනුනට දිගින් දිගට හොයාගෙන යද්දි තේරෙනවා ඒක පට්ටම අමාරුයි කියලා.
    ඉතිං මේ ප්‍රශ්නයට උත්තර හොයන්න උන්වහසේගේ දේශනා සියල්ල, ධර්ම කාරණා වශයෙන් වෙන වෙනම ගෙන ඒවා සසඳා බලා විමර්ශනය කරන්න අතීත මහරහතුන් වහනසේලා උත්සාහ කළා. එහි ප්‍රතිඵලය තමයි - අභිධර්මය.
    අභිධර්මය ප්‍රකට වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව නිසා මං එය බෞද්ධ දර්ශන විකාසයේ අංක 2 යනුවෙන් හැඳින්වුවත්, මුලදීම කිව්වා වගේ, ඒක දියාරු සීමාවක්. කවුරුවත් වැරදි වැටහීමක් ගන්න ඕනේ නැහැ අභිධර්මය කියන්නේ බුදුහාමුදුරුවන් පිරිනිවන් පෑවාට පසුව පටන් ගත් වැඩක් කියා. ඇත්තටම ඒක උන්වහන්සේ ජීවත්ව සිටි කාලයේදීම ආරම්භ කළ වැඩ පිළිවෙළක විකාසය.

    2. අභිධර්මය - අභිධර්මය ගැන කියද්දි හැමෝම පළමුව අහන්නේ, ‘ඒක බුද්ධභාෂිත නෙවේද?’ කියලා. ඇත්තටම ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න මං මේ වෙලාව යොදා ගන්නේ නැහැ. යම් දේශනයක් බුද්ධභාෂිතද නැද්ද කියල තීරණය කිරීම අද වන විට දාර්ශනික ප්‍රශ්නයක් මිස, ශබ්දවිද්‍යාත්මක හෝ භාෂාවේදීය ප්‍රශ්නයක් නෙවේ. ඒ නිසා, මං මෙහෙම කියන්නම්. ඉතා ආරක්ෂිත කලාපය නම් - අද වන විට ලෝකයේ බොහෝ විද්වතුන් - ප්‍රතිශතයක් හරියට දෙන්න බැහැ - පිළිගන්නේ අභිධර්මය සූත්‍ර සහ විනය යන කොටස්වලට වඩා පසුකලෙක සැකසුණු බවයි.
    භාරතීය අභිධර්මය කියන්නේ එක දවසක, එක රැයක වැඩක් නෙවේ. එය පූර්ව 5 සියවසේ සිට අඩුම තරමේ අවුරුදු 1000ක් පමණ කාලයක් ක්‍රමිකව විකාසය වුණු චින්තන පරම්පරාවක්. එහි ඇති වැදගත්ම කාරණය නම් කාලෙන් කාලෙට අලුත්වන හෝ ජනප්‍රිය වන හෝ පිටපත ඉදිරියට පවත්වාගෙන යාමයි. ඒ අනුව, (1) පාලි අභිධර්ම පිටකය (පූර්ව 5 -3 සියවස් පමණ), (2) සර්වාස්තිවාදි අභිධර්ම පිටකය (පූර්ව 4-2 සියවස් පමණ), (3) මහාවිභාෂා ශාස්ත්‍රය (පූර්ව 2 සිට ව්‍යවහාර වර්ෂ 1 සියවස දක්වා), (4) අභිධර්මකෝශය සහ එහි භාෂ්‍ය (4-5 සියවස්වල) යන පිටපත් කාලෙන් කාලෙට ජනප්‍රිය වුණා. මීට අමරතව තවත් අභිධර්ම කෘති සහ සම්ප්‍රදායයන් ගණනාවක් තිබුණත්, මේවා තමා ප්‍රධාන ප්‍රවාහයේ තිබුණේ. මේ හතර මං දැක්වූයේ කාලනුක්‍රමයේ පිළිවෙළට. මේවා හැම විටම එකක් අනෙක පරයා ජනප්‍රිය වුණු ඒවා. උදා. ලෙස පාලි අභිධර්මයට අයත් පට්ඨානප්පකරණයේ එන ප්‍රත්‍යය 24 සර්වාස්තිවාදී ඥානප්‍රස්ථානයේ ප්‍රත්‍යය 4ක් බවට වෙනස් කරවීම දක්වා බෞද්ධ දාර්ශනිකයන්ට සෑහෙන දාර්ශනික පරිශ්‍රමයක නිරත වෙන්න සිදු වුණා. හැබැයි ඊට පස්සේ පට්ඨානප්පකරණය වෙනුවට ඥානප්‍රස්ථානය තමා ජනප්‍රිය වෙන්නේ. මහාවිභාෂාව ජනප්‍රිය වුණාට පස්සේ ඥානප්‍රස්ථානයෙන් කෙළින්ම කරුණු උපුටනවා වෙනුවට මහාවිභාෂාවට අනුව කරුණු උපුටා ගැනීම තමයි සිදු වුණේ. මහාවිභාෂාව ඉතා විශාල නිසා, අභිධර්මකෝශය ලිව්වට පසුව හැමෝම අභිධර්මයේ අත්පොත කරගත්තේ ඒක.
    කෙසේ වෙතත් මේ අභිධර්ම ව්‍යාපෘතිය බුදුදහම නොසිතූ තැනකට ගෙන ගොස් තිබුණා. ඒ තමා, පැවැත්ම පිළිබඳ වස්තුමීමාංසාත්මක විග්‍රහය. අභිධර්මය ආරම්භ කළ යුගයේදී ඒ සඳහා පාදක වුණේ ප්‍රපංචවේදීය (phenomenological) එහෙම නැත්තම් සාමාන්‍ය මිනිස් අද්දැකීම් විමර්ශනය කිරීම. ඒත් මහාවිභාෂාව ලියැවෙන යුගය වන විට බාහිර පදාර්ථවලට වාස්තවික (objective) පැවැත්මක් ඇති බව පිළිගෙන තිබුණා.
    දැන් ඔන්න ආපහු පරණ ප්‍රශ්නය මතුවෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවන්ට කියන්න ඕනේ වුණේ එහෙම දෙයක්ද? ඒකට උත්තර දෙන්න ඉදිරිපත් වුණේ නාගාර්ජුන හාමුදුරුවන්. ඒක ඊළඟ කොටසින්.

    From - Bertram Gregory Liyanage

    @S_M_S @greenthunder

    මෙතුමා ඉස්සර බ්ලොග්ස්පියර් එකට ලියුවා ලියනරාල නමින්. මෙතුමා ඔය සඳහන් කරන්න යන්නේ ථේරවාද අභිධර්මය තුල ස්වාභාව කියන සංකල්පය ඇතිවීම වෙන්න ඕනෙ. ඒක සර්වාස්තිවාදීන් තුල තදින්ම තිබුනාය කියනවා. ඒ ස්වාභාවය කියන සංකල්පය බුදුන්වහන්සේ ඉදිරිපත් කරපු ඉගැන්වීමට පටහැනි බව පෙන්වාදෙන්න "මහායාන යැයි සම්මත" නාගර්ජුනපාදයන් මූලමාධ්‍යමකාරිකාව සංග්‍රහ කරනවා. ඒක සර්වාස්තිවාදීන් අරමුණු කරන්න ලියවුනු බවක් තමා මම දන්නෙ. උන්වහන්සේ එතනදි ශූන්‍යතාවය ඉස්මතු කරනවා. මෙතුලින් සර්වාස්තිවාදීන් ආමන්ත්‍රණය කලත් ථේරවාදයටත් ඇඟිල්ලක් දික් කලා කියලා ගන්න පුලුවන්.

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා නේ පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ ගැන. ආන්න ඒ ස්වාමීන්වහන්සේ තමා අපේ යුගයේදී මේ "ශූන්‍යතාවය" ථේරවාද පිටකය තුල තිබෙන අයුරු ඉස්මතු කරලා පෙන්වූයෙ.
     
    සෑහෙන කාලෙක ඉදල මම එෆ්බී එකේ ෆලෝ කරන කෙනෙක්. කොරොන නිසා සහභාගි වෙන්න බැරිව ගියා මෙතුම කරපු පන්තියකට ඔය විශය සම්බන්ධව.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    සෑහෙන කාලෙක ඉදල මම එෆ්බී එකේ ෆලෝ කරන කෙනෙක්. කොරොන නිසා සහභාගි වෙන්න බැරිව ගියා මෙතුම කරපු පන්තියකට ඔය විශය සම්බන්ධව.

    මේ ලිපිපෙළ එක හුස්මට කියෙව්වා. බොහොම පින් පෝස්ට් කලාට. මට කියවලා ඉවර උනාම හිතුන දෙයක් දාන්නම්.

    බුදුහාමුදුරුවො මේ ධර්මය ප්‍රචාරය කරද්දි විවිධ පරියායන් භාවිතා කලා. මනුශ්‍ය අත්දැකීම නාම-රූප (2) වලට බෙදලා පෙන්නුවා, ස්කන්ධ (5) වලට බෙදලා පෙන්නුවා, ආයතන (12) වලට බෙදලා පෙන්නුවා, තවත් විටෙක ධාතු (18) වලට බෙදලා පෙන්නුවා. ඔය හැම තැනකදීම පෙන්නුවෙ මේ මානුශ්‍ය අත්දැකීම් සමුදාය තුල මමය මගේය මගේ ආත්මයය කියලා ගන්න සුදුසු නැති බවත් එහෙම ගත හැකි කිසිවක් නැති බවත්ය.

    අභිධර්මයත් ඔය බෙදීම තවදුරටත් කරගෙන ගිහින්නෙ සිත් පනස් දෙකක් රූප විසි ගණනක් ආදී විදිහට බෙදන්නේ. ඔය කොයි ව්‍යාපාරයෙත් අරමුණ වුනේ අනාත්මය පැහැදිලිව ක්‍රමවත්ව සන්නිවේදන කරන්න. නාගර්ජුන ස්වාමීන් වහන්සේත් කලේ ඒ දේ කියලායි මම දන්නේ. එතනින් පහල කියවෙන ස්වාමීන්වහන්සේලා ගැන මම තවම කියවලා නැහැ. බොහෝදුරට ජීවිතකාලයක් මදි වේවි ඒක කරන්න.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    990
    840
    93
    mn ahala tiyenawa abidarmaya buduhamuduruwo kiwwe anik agam wala aya challenge krnna puluwn nisa kiyla.e tharam advance nethi unot aulk wena nisa mokada dhyana, samadi tibuna bamuno hitiya nisa,, bamuno oya kathandara tikak danagena hitiya..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    මේ ලිපිපෙළ එක හුස්මට කියෙව්වා. බොහොම පින් පෝස්ට් කලාට. මට කියවලා ඉවර උනාම හිතුන දෙයක් දාන්නම්.

    බුදුහාමුදුරුවො මේ ධර්මය ප්‍රචාරය කරද්දි විවිධ පරියායන් භාවිතා කලා. මනුශ්‍ය අත්දැකීම නාම-රූප (2) වලට බෙදලා පෙන්නුවා, ස්කන්ධ (5) වලට බෙදලා පෙන්නුවා, ආයතන (12) වලට බෙදලා පෙන්නුවා, තවත් විටෙක ධාතු (18) වලට බෙදලා පෙන්නුවා. ඔය හැම තැනකදීම පෙන්නුවෙ මේ මානුශ්‍ය අත්දැකීම් සමුදාය තුල මමය මගේය මගේ ආත්මයය කියලා ගන්න සුදුසු නැති බවත් එහෙම ගත හැකි කිසිවක් නැති බවත්ය.

    අභිධර්මයත් ඔය බෙදීම තවදුරටත් කරගෙන ගිහින්නෙ සිත් පනස් දෙකක් රූප විසි ගණනක් ආදී විදිහට බෙදන්නේ. ඔය කොයි ව්‍යාපාරයෙත් අරමුණ වුනේ අනාත්මය පැහැදිලිව ක්‍රමවත්ව සන්නිවේදන කරන්න. නාගර්ජුන ස්වාමීන් වහන්සේත් කලේ ඒ දේ කියලායි මම දන්නේ. එතනින් පහල කියවෙන ස්වාමීන්වහන්සේලා ගැන මම තවම කියවලා නැහැ. බොහෝදුරට ජීවිතකාලයක් මදි වේවි ඒක කරන්න.
    එකගයි
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    සමහර තැනකදී උදා. ලෙස පාලි අභිධර්මයට අයත් පට්ඨානප්පකරණයේ එන ප්‍රත්‍යය 24 සර්වාස්තිවාදී ඥානප්‍රස්ථානයේ ප්‍රත්‍යය 4ක් බවට වෙනස් කරවීම දක්වා බෞද්ධ දාර්ශනිකයන්ට සෑහෙන දාර්ශනික පරිශ්‍රමයක නිරත වෙන්න සිදු වුණා.

    Machan,
    මේක මට අලුත් දෙයක්. reference එකක් තියේද කියවන්න.
    ප්‍රත්‍ය විභාගයේ ප්‍රත්‍ය 24 ප්‍රත්‍ය 4කට ලඝු කරන්නේ කොහොමද කියල හිතා ගන්න අමාරුයි.
    tagging @greenthunder as well, for any insights..