මෙහෙමයි මචං... උඹලගේ පවුලටම තියෙන්නේ ඔච්චරයිනම් වටිනා කියන දේකට ඒක ඉතිං උඹලා දෙන්නටම අයිතියි. දැන් උඹට තණ්හාව කියන එක තමයි ඔය ඔලුවට ඇවිත් තියෙන්නේ. ඕක දෙන්නටම බෙදවා ගනින් දෙමව්පියන්ට කියලා. තනියම කන්න යන්න හදන්න එපා. අක්කලට මොකවත්ම නැත්තන් ඒ මිනිස්සුන්ව එලවන්න හදන්න එපා. බෙදන්න තරම් ඉඩම ලොකු නැත්තන් විකුනලා දාලා එයාට හිමි කොටස එයාට දීපන්. සහෝදර කම තියා ගනින්. ඒ අතර තුර උඹේ අනාගතෙත් උඹ හදාගනින්. උඹ දැනට කන්නේ බොන්නෙත් ඔය කියන මිනිස්සුන්ගෙන් වෙන්න ඇතිනේ.
Good one..
ඕක දෙන්නටම අයිති. අක්කට වෙන දෙයක් දීල නැත්තන්.
හොඳම දේ අම්ම තාත්ත අක්ක උබ ඔක්කොමල හොඳින් ඉන්න කාලේ දේපල බෙදාගන්න ජිවිත බුක්තිය තියල අම්මලට. ජිවිත බුක්තිය තියල ලියපන් මතක ඇතුව.
දැන් ඔහොම ඉඳල පස්සේ ඕව කරන්න ගියාම සහෝදරයෝ තරහ වෙලා නයි මුගටි වෙනවා.
හැමෝම කියන දේවල් අහල වලි දාගන්න යන්න එපා. කවදාහරි උබට ඉන්නෙත් ඔය අක්කමනේ. එයාට ඉන්නෙත් උබනේ.
කවද හරි උබත් බැන්දට පස්සේ situation එක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ජිවිත බුක්තිය තියපන් අම්මලට. ඒවා එයාල හරිහම්බු කරපු දෙවල්නේහ්..
උබ ඕක මත්තෙම නැහෙන්න හදන්නත් එපා, තනියෙන් ගොඩ යන්න බලපන් ගේමක් ගහල. කාටත් නයත් නැ ලොකුත් නැ