සම්මතයක් විදියට LK ඩොමේන් විකුනන්න බැහැ මොකද NIC හරි BR එකට attach වෙන නිසා.
කළින් තිබුනේ, ඩොමේන් එක අයිති කෙනා රික්වෙස්ට් එකක් දානවා ඩොමේන් එක ඩිලීට් කරන්න කියල.
LK එකෙන් ඩොමේන් එක ඩිලීට් කරලා පබ්ලික් රිලීස් කරනවා ආපහු.
එතකොට අනිත් කෙනා අලුතින්ම ගන්න ඕන.
අවුරුදු 2 කට වගේ කලින් ප්රොසෙස් එක ඕක. දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ.
කොහොම උනත් ඔයාට එකවුන්ට් එක වෙන කෙනෙක්ට දෙන්න නම් බැහැ කොහොමත්. NIC LK එකට ඉන්ෆොර්ම් කරලම තමයි විකුනන්න වෙන්නේ.
ICANN එක වගේ නෙවෙයි මේක ලංකාවේ නිසා උන්ට හිතුනොත් මූට මේක දෙන්න බෑ කියල, දෙන්නේ නෑ.
හැබැයි සර්විස් එකෙත් කියන්න තරම් වරදක් නම් නෑ. ඉස්සර වෙබ් එකේ එකවුන්ට් එකක් වත් තිබ්බේ නෑ, ඔක්කොම උනේ ඊමේල් වලින්. දැන් හොඳයි.
PS:
ඕක යුටුබ් වගේ කරන ආයුර්වේද ඩොකෙක් වගේ ටාර්ගට් කරලා විකුනන්න. ඊමේල් එකක් වගේ දාල බලන්න.
අවුරුදු 2 කට කළින් මගේ පාවිච්චි නොකරපු ඩොමේන් එකක් ඩොකෙක් කෝල් කරලා 50 කට ඉල්ලුවා. (කිවර්ඩ් එකක් එකත්)
එතකොට තමයි මන් අර කලින් කියපු විදියට රීලිස් කරේ ඩොමේන් එක.
ටෙක්නිකලි මගේ ඩොමේන් එක ඩිලීට් කරන්න ඌ මට 50 ක් ගෙව්වා

------
Post added on Apr 19, 2023 at 12:49 AM