සමපෝෂ දැන් අවුලක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඒ දවස් වල ඉදලා අපි මේවා ගන්න එක නැවත්තුවා දැන් අවුලක් නැද්ද මේ වගේ ?

    සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි.

    ඒ අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කර තිබේ.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත් අඩංගුවට ගෙන ඒවා පරීක්ෂාවට යවා ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය ඉක්මවා ඇති බවට හෙලිව ඇතැයි අධිකරණයට කරුණැ වාර්තා කර තිබිණි.

    සෝස් සී නිවුස්

    මේක ඇත්තක්ද?







    කියවිය යුතුම ලිපියක් කියලා හිතුනා...
    🙏🙏🙏❤️❤️❤️
    අම්මලා මෙක ගොඩාක් වැදගත්..
    මේක ඔයාලා මොන ආකාරයට තෙරුම් ගනිවිද මොන ආකාරයට විශ්වාස කරය්ද කියන්න මම දන්නේ නැහැ.ඒත් මේ වගේ ඒවා නොකියා ඉන්න පුලුවන් කමක් නැහැ අම්මාලා. අපි සේරමලා අපේ දරුවන්ට ආදරය නිසා.
    මගේ නන්ගි chemist කෙනෙක්.එයාලා තමයි ලන්කාවෙ ගොඩාක් products testing කරන්නේ.ලන්කාවේ තියෙන සේරම brands එයාලා තමයි ටෙස්ට් කරන්නේ.එයාලගේ certificate එක අනිවාර්යයෙන් government එකෙන් ගන්නවා .මගෙන් අහන්න එපා මොකක්ද company එක කියලා.මට ඒක කියන්න පුලුවන්කමක් නැහැ.අම්මලා කමතිනම් විතරක් මේක පිලිගන්න.
    එයාලට අවිත් තියෙනවා මේ පාර අලුතින් ආපු ත්‍ර්පෝෂ එක ටෙස්ටින් වලට .අම්මලා ඒකේ පිලිකා කාරක ගොඩාක් high range එකේලූ තියෙන්නෙ අම්මලා.ඒකේ තියෙනවලු Aflatoxin .අම්මලා මේක google එකේ search කරලා බලන්න.මේක පිලිකා කාරකයක්.සාමාන්‍යයෙන් මේක මොකක්හරී product එකක තියෙනවනම් ඒක තියෙන්න ඕනේ range එක 5 ට වඩා අඩු ප්‍රතිශතයක්ලු.ඒත් මේ පාර ත්‍ර්පෝෂ් වල ඒක 400 ත් පන්නලලු තියෙන්නේ.ඉතින් බලන්න අම්මලා ඔයාලා ඒක කොච්චර high ද කියලා .මේවා දුන්නම අපේ දරුවන්ට මොනවා වෙනවාද කියලා.මුන්ට මේවා ගානක් නැහැ.උන්ගේ දරුවන්ට මේවා ගන්නේ නැහැ.අපේ දරුවෝ තමයි අම්මා අපේක්ෂා එකට යන්නේ මේවා කාලා. ත්‍ර්පෝෂ් , සමපෝශ , යහපෝශ ( thriposha , samaposha , yahaposha ) . මේ එකක්වත් දරුවන්ට ගන්න එපා අම්මලා plz. ඒ brands 3 ම testing fail .මේ සේරම brands එක විතරක්ලු වෙනස් වෙන්නේ.සුපෝශ නම් තාම මේ පාර testing ආවේ නැහැ කිව්වා.ඒත් එයාලා සේරම grains ගන්නේ එකම place එකකින්ලු. ත්‍ර්පෝෂ හදන company එකෙන්මලු සුපෝශ හදන්නෙත්. ඒ නිසා ඒකත් එපා කීවා. නන්ගිලා ඒවා fail කරලා report ගහුවත් උන් ඒ reports වෙනස් කරනවලු අම්මලා.ඒ නිසා ඒවා දරුවන්ට ගන්න එපා . දරුවන් හම්බවෙන්න ඉන්න අම්මාලා කන්නත් එපා අනේ.පව් දරුවෝ .මට මේක ඔයාලාට ඔප්පු කරන්න විතරක් පුලුවන්කමක් නැහැ.ඒත් මේවා නොකියා ඉන්න බලාගෙන ඉන්න පුලුවන්කමක් නැහැ මට.ඒක නිසා තමයි මම මෙහෙම post එකක් ලියුවේ.එක දරුවෙක් හරි බේරගන්න මට පුලුවන් වුනොත් ඒක මට අති.එක අම්මා කෙනෙක් හරි මේක පිලිගනීවිනේ.

    වෙනත් සමූහයකින් උපුටා ගන්නා ලදී.
     
    • Like
    Reactions: NRTG

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    සමපෝශ කන වයසක්ද උබට
    බතල කිලොවක් ගෙනල්ල තම්බල කාපම්

    කිලොවම 200යි

    පොල් එක්ක මරු

    මම ඉරිදට කන්නෙම බතල
    ලේසියෙන් ඕනේ වෙලාවකට හදා ගෙන කන්න පුලුවන් නිසා බන් කන්නේ
    අවුල් කිව්වට පස්සේ නම් ගත්තේ ම නෑ
    suposha hodai. dan aluthen enawa. Thriposha eken gahana eka.
    එක අවුල් කිව්වා නේද කලින් ?

    Ane manda mchn, langadi oke chocolate dapu ekanam gatta
    මමනම් අර කතාව දැක්කට පස්සේ තාම ගත්තේ නැහැ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අනේ බන්.. ආන්ඩුව කවදාවත් කොම්පැනි එකකට විරුද්දව ගියාද මේක ලංකාව
    පුලුවන් තරම් ඔවා නොකා ඉදපන්

    සමපෝශ කන වයසක්ද උබට
    බතල කිලොවක් ගෙනල්ල තම්බල කාපම්

    කිලොවම 200යි

    පොල් එක්ක මරු

    මම ඉරිදට කන්නෙම බතල

    බතල වල අනික් අල වලට වඩා සීනි පොඩ්ඩ්ක් වැඩියි නේද
    හිගුරල, කිරි අල , දම් අල, සුදු අල,ගහල සෙට් එකත් එකතු කර ගන්න
    ------ Post added on Apr 20, 2023 at 7:20 AM
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    😍
    🌸
    ගෙදර හදපු සමපෝෂ
    🌸
    😍

    👉
    සමපෝෂ රෙසපි එක
    👈

    ⚡️
    බඩ ඉගුරු ඇට (popcron) -100g කබලේ බදිනකොට පොප්කොන් එකක් හැදෙනකොට ලිපෙන් අයින් කරන්න
    ⚡️
    සෝයා ඇට - 70g කබලේ බැදෙනකොට යාන්තමට කලු පාට වෙන්න පටන් ගන්නවා ලිපෙන් අයින් කරන්න
    ⚡️
    මුංඇට - 30g කබලේ බදිනකොට යාන්තමට සුවද එන්න පටන් ගන්නකොට ලිපෙන් අයින් අරන්න
    ⚡️
    සුදු හාල් - 15g හාල් දුඹුරු වෙනකම් බදින්න එපා
    ⚡️
    මුලින්න හැම එකම කබලේ බැද ගන්න පස්සේ ඔක්කොම එකට දලා බ්ලෙන්ඩ කරා අන්තිමට ඒ ටික හලා ගත්තා
    ⚡️
    කැමතිනම් කිරිපිටි මේස හැන්දක් එකතු කරන්න පුලුවන්

    ⚡️
    සාමාන්‍ය විදියට සමපෝෂ හදා ගන්න. කඩෙන් ගන්න සමපෝෂ එකට වඩා මාරම රසයි හදලා බලන්න
    ⚡️
    කල් තියා ගන්නවා කියලා මාස ගණන් තියන්න එපා. සති දෙකක් වගේ තියා ගන්න ප්‍රමාණයට හදා ගන්න. කඩෙන් ගන්න එවා කල් තියා ගන්නත් එක එක දෙවල් පාවිච්චි කරන එකේ අපි ගෙදර හදන එක මාස ගානක් තියා ගන්න එක තෙරුමක් නෑ
    from fb