මාරයා එක්ක සන්නා ප්‍රෝග්‍රෑම් එකක් කරලා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town

    මාරයා එක්ක සන්නා ප්‍රෝග්‍රෑම් එකක් කරලා තිබුන. සන්නා කරපු ප්‍රෝග්‍රෑම්වලින් මං ආසම එකක් ඒක. කවුරු හරි අහන්න පුළුවන් මොකක්ද බං ඒ පිස්සු ප්‍රෝග්‍රෑම් එක, ඩේටාත් අපරාදෙ කියල. ඔව්, ඒ ඩේටා අපරාදෙ තමයි ඒකෙ ලස්සන. ඒ ප්‍රෝග්‍රෑම් එකේ වෙන කිසි දෙයක් නෑ. ඒකෙ තියෙන්නෙ මනුස්සකම.

    මාරයා කියන්නෙ මගේ ආධ්‍යාත්මික ගුරුවරයෙක්. මං ගොඩක් දේවල් මාරෙ දිහා බලන් ඉඳලා ඉගෙන ගෙන තියෙනවා. මාරයාගේ ධ්‍යානය තමයි ඇල්කොහොල්. ඌ පරිසමාප්ත වෙන්නෙ මත්වෙලා ඉන්නකොට.

    මාරෙයි අපියි ඇසුරු කරපු දවස්වල කාලයට වටිනාකමක් තිබුනෙ නෑ. අපි දවස් ගනං කතා කර කර ගත කළා. ඒ කතාවල දැනුම හෝ මොකක් හරි තේරුමක් හෝ තිබුනෙ නෑ. එහෙම තේරුමක් නැතුව දවස් ගනං ගත කරන්න තරම් පොහොසත්කමක් අපිට තිබුන. අද මට ජීවිතේ දැනෙන ලොකුම අඩුවක් එහෙම පැවැත්මෙන් සම්බන්ද වෙන සංවාද නැතිකම.

    අද හැම සංවාදයක්ම අර්ථයකට සීමා වෙලා තියෙනවා. දත්ත, දැනුම, තර්ක, වාද මේවා සංවාද නෙමෙයි. සංවාද කියන්නෙ අනෙකාව දැනීම ඇතුලෙ සිද්ද වෙන රමණයක්. එතනදි වචන පාවිච්චි වෙන්නෙ ඒ දැනීම තවත් ගැඹුරු කරන්න විතරයි. ඒ සංවාද කෙලවරේදි අපිට දැනෙන්නෙ පැවැත්ම පූරණය කරන ආදරයක්.

    දෙයක් අව‍බෝධ වෙද්දි ඇස්වලට කඳුළු එනවා කියල මං විශ්වාස කරනවා. දෙයක් දැනගත්තට එහෙම වෙන්නෙ නෑ. ඒ දැනීම අපේ ජීවිතය ඇතුලට කිඳාබැහැලා ආදරෙන් ස්පර්ශ කරන මොහොතෙදියි අවබෝධය ඇතිවෙන්නෙ. තර්කයෙන් ස්පර්ශ කරන මොහොතෙදි නෙමෙයි.

    මාරයා එක්ක සන්නා කරපු සංවාදය මාව ආපහු ඒ ඕනෑතරම් කාලය තිබුනු පොහොසත් ජීවිතේට අරගෙන ගියා. ඒක නොස්තැල්ජියාවක් විතරක් නෙමෙයි. මේ ජීවිතේ දැනෙන කිසි දවසක නොපිරෙන හිස්කම ස්පර්ශ කරලා පෙන්නන තැනක්.

    දැන් මට මාරයා මුනගැහෙන්නෙ නෑ. උගේ කෝල්වලට මං ආන්සර් කරන්නෙත් නෑ. කිසිම තරහක් හෝ ආදරේ වෙනසක් හින්ද නෙමෙයි. මගේ මේ ජීවිතේ වේගය එක්ක මාරයා සම්පූර්ණයෙන්ම පිටස්තරයෙක් හින්ද. සින්ක් එක මිස් වෙලා හින්ද.

    මේ ආදරනීය සංවාද තාමත් කරන්න පුළුවන් කීප දෙනෙයි ඉතුරු වෙලා ඉන්නෙ. එකෙක් මාරයා. අනෙකා සන්නා. ඊලගට සර්පයා. සන්නාට ඇරනේන අනිත් උන් දෙන්නටම ගැඹුරු විඥාණවාදී දැක්මක් තියෙනවා. සන්නාට ආදරේ තියෙනවා.

    එහෙම වෙලාව සහ ඩේටා ප්‍රශ්න නැති, තේරුමක් හොයාගෙන යන්න තරම් දුප්පත් නැති උන්ට පුළුවන් මාරයා එක්ක තේරුමක් නැති කතාව අහන් ඉන්න. ලින්ක් එක පහල ඇති.
    Chinthana Dharmadasa
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,149
    113
    යකෝ, මාරයත් දැන් ටියුෂන් කරනව ද? :eek: මාර පරාජෙන් පස්සෙ ද ටියුෂන් කරන්න පටන් අරන් තියෙන්නෙ? නැත්නම් ආර්ථික අවපාතෙ නිසා ද?:dull:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    භවගත ව වඩන ලද බුද්ධිය ධෛර්යය වැනි ගුණාංග සමුදායකින් යුතු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මර සෙනඟ පිරිවරා සිටි මරු සමඟ අවසන් සටනෙහි යෙදුණු අයුරු බෞද්ධ මූලාශ්‍රයන්හි අපූරු අයුරින් නිරූපිත ය. ඒවායෙහි මෙසේ දැක්වේ. එකල්හි මාර දිව්‍යපුත්‍රයා සිද්ධාර්ථ කුමරු මාගේ විෂයය ඉක්මවා යනු කැමැත්තේ ය. ඔහුට කාම විෂය ඉක්මවා යා නොදිය යුතු යැයි දහසක් අත් මවා ගිනිගෙන දිලිසෙන නොයෙක් ආයුධ ගෙන යොදුන් එක්සිය පණහක් පමණ වන ගිරිමේඛලා නම් ඇතකු පිට නැඟී ඉදිරියෙන්, වමෙන් හා දකුණෙන් දොළොස් යොදුන් හා පිටුපසින් පිට සක්වල දක්වා පොළොව පැළී යන තරම් ගොර බිරම් මහ හඬ ඇති මර සෙනඟ පිරිවරා පැමිණ සිද්ධාර්ථ කුමරුව ගන්ව, අන්ව, විදුව, පයින් අල්වා පර සක්වල ගසවයි අණවමින් ආයේ ය.

    ඒ දැක දෙව් බඹහු පවා හිස් ලූ ලූ අත පළා ගියහ. තැතිගත් මහකෙළ නම් නාරජ පොළොවෙහි කිමිඳ පන්සීයයක් යොදුන් මන්දේරික නම් නාග භවනයට ගොස් මුහුණ වසා නිදා ගත්තේ ය. බෝසත්හු “දස පාරමිතාවෝ මා විසින් බොහෝ කලක් පෝෂණය කළ යෝධයෝ වැන්නාහ” යැයි සිතා පාරමිතා බලයෙන් මර බල මැඬිය යුතු යැයි සිතා පෙරුම් දම් සිහි කරමින් වැඩ හුන්හ. එකල්හි මර සෙනඟ විසින් අහසින් එවන ලද දුනු හී අවි ආයුධ මල් මාලා බවට පත්ව බෝසතුන් පාමුල පතිත විය. අවසන්හි මරහු විසින් එවන ලද බිහිසුණු චක්‍රායුධය පුෂ්පමය ඡත්‍රයක් මෙන් පිහිටියේ ය. මෙබඳු දහසක් දෑ කළ ද සේනා සහිත මරුට බෝසතුන්ගේ එක් රෝම කූපයකුදු සෙළවීමට නොහැකි විය.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන්ගෙ සුක්රානු හොයන වීඩියෝ එක නැද්ද
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    මාරයගෙ හොරාව ලියපු මාරයද මේ.. සුන්දර මනුස්සයෙක්.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,884
    113
    Colombo, Sri Lanka