ටයිටැනික් බලා ගිය සබ්මැරීනයේ විපත ගැන අහන්න දකින්න ලැබෙන්න ඇති. මේ සිදුවීමේ දී මිනිස්සු විදියට සමාජයේ හැසිරීමේ ප්‍රශ්න සහගත තැනක් මට දකින්න ලැබුන. තවම දුටුවේ සමාජ මාධ්‍ය තුළ විතරයි.
මේකයි, 'අව-මඟුල'ක් නැත්නම් 'මළ-මඟුල'කදී ඒක විහිළුවක් බවට පත්කරගන්න තරමට මානුෂීයත්වය අතින්, ශිෂ්ටභාවය අතින් පිරිහිනු තැනක සමාජය පසුවීම ඇත්තටම කළකිරීමක් සිතට ඇති කරන්න හේතුවක්. ඒවා බෙදාගැනීමත් ඒ හා සමාන දෙයක් ය කියන එකයි මගේ හැඟීම.
යම් අදහසක් බෙදාහැරීමක් කියන්නේ මොකක්ද? ඒ අදහස අන් අය අතර පැතිරවීමක්. ඔබේ සමාජ මාධ්‍ය ගිණුමේ 'ඔබ පමණක්' සිටියත්, එයින් කරන්නෙත් ඒ අදහස ඔබත් එක්කම බෙදාගැනීමක් නෙවෙයි ද?
අදහස් කියන්නෙ බොහොම තියුණු තල සහිත දෙපැති කැපෙන කඩුවක් වගෙ. බොහොම පරෙස්සමට භාවිතා කළ යුතුයි සහ ඉන් සමාජයට වන බලපෑම ගැනත් සිතා බැලිය යුතුයි කියන තැනයි මම ඉන්නෙ.
මෑතකදී සමාජ මාධ්‍ය ඇතුළේ සංසරණය වෙනව දකින්න ලැබුනා, උගතුන්, බුද්ධිමතුන් විහිළු බෙදාහරිද් දී, නූගතුන් උගත් භාවය ප්‍රකට කරන දේවල් බෙදාහැරීමක් කරනවා ය යන අර්ථය දක්වන අදහසක්. සමාජ මාධ්‍ය ඇතුළේ විතරක් නෙවෙයි, ඕනෑම තැනක, ඕනෑම අදහසක් සෑම විටම සියයට සියයක් නිවැරදි ය, පරිපූර්ණ ය කියල ඔබ හිතනවා නම්... කිසිම සොයා බැලීමකින් තොරව ඒවා අත්හදා බලන්න යනව නම්, එතන ප්‍රශ්නයක්...
විහිළු කරන්න ඕනෙ. නමුත් මේ විදියේ සංවේදී ව, මානුෂීයව සිතිය - බැලිය යුතු සිදුවීමක් විහිළුවක් බවට පත් කරගැනීමේ ගැටළුවක් නැති ද කියන කාරණය ගැන අවධානයෙන් සිතා බැලිය යුතුම යි.
මේ ගැන නම් කියන්න තියෙන්නෙ,
මඟුලක් නෙවෙයි වෙන්නෙ!
#spn
#2306231608 #2306231612 #2306231628
#magulakneweiwenne
#ekathamaimatathprashne #ekatmp

Last edited: