අද එහෙනම් පොඩ්ඩක් කතාකරමු මොනවද මේ "Barge" කියන්නේ කියලා බොහොම සරලවම.
බාර්ජ් එහෙම නැත්නම් "Barge" කියලා අපි සරලවම හදුන්වන්නේ කුඩා සාගර, ගංගා හෝ ඇළ මාර්ග හරහා මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා නිර්මාණය කර ඇති යාත්‍රා විශේෂයක්. ප්‍රදාන සාගර මාර්ගවල භාණ්ඩ / මගී ප්‍රවාහනය සදහා යොදවා ඇති යාත්‍රා හට ගමන් කල නොහැකි කුඩා සාගර / ගංගා සහ ඇළ මාර්ග වල භාණ්ඩ ප්‍රවාහනය සදහාත් මගින් ප්‍රවාහනය සදහාත් ප්‍රමාණයෙන් සාපේක්ෂව කුඩාවට නිර්මාණය කරන යාත්‍රා විශේෂයක්.
තවත් සරලව කියුවොත් ඉතින් ලොකු යාත්‍රා වලට යන්න බැරි පොඩි පොඩි නැව් මාර්ග, ඇල මාර්ග සහ ගංගා වල මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදාගන්නා ප්‍රමාණයෙන් කුඩා, පැතලි පතුලක් සහිත බෝට්ටුවක්.
සාමාන්‍යයෙන්, මෙම නැව් යාත්‍රා දිගු, පැතලි පතුලක් සහිත ස්වයංක්‍රීය යාන්ත්‍රණයක් නොමැති බෝට්ටු වේ. මෙම යාත්‍රා විශේෂයට තමන් ජනනය කරනු ලබන යාන්ත්‍රික ප්‍රචාලන ක්‍රමයක් නොමැති අතර, තෙරපුම් බෝට්ටු හෝ වෙනත් යාත්‍රා (tow or a tug boat) මගින් ඇදගෙන යනු ලබයි. එහි අන්තර්ගත පැතලි පෘෂ්ටය මත භාණ්ඩ සහ මගින් රැගෙන යනු ලබයි.
සාමාන්‍යයෙන්, බාර්ජ් එහෙම නැත්නම් "Barge" යාත්‍රාවක ධාරිතාව ටොන් 1500ක් වන අතර දිග අඩි 195ක් සහ පළල අඩි 35ක් වේ. යම් යාත්‍රා වල විවෘත මුදුන් (open tops) ඇති අතර වියළි හෝ දියර භාණ්ඩ ප්‍රවාහනය සඳහා ආවරණය කරන ලද (covered) බාර්ජ් යොදාගනු ලබයි.
"බාර්ජ්" ඉතිහාසය ගැන සැලකීමේදී, වසර 1300 සිට ප්‍රංශය මෙම යාත්‍රා ප්‍රබේදය බාවිතා කරඇති අතර "බාර්ජ්" යන වචනය ඕනෑම කුඩා බෝට්ටුවකට සමාන කල හැකිය. නුතන මොඩලය ප්‍රථමයෙන් ප්‍රාවාහනය සදහා යොදාගනු ලබන්නේ වසර 1420 පමණ සිටය. මහා බි‍්‍රතාන්‍යයේ බාවිතා කරන "බාර්ජ්" යාත්‍රා සදහා රුවල් සවිකිරීම විශේෂයක් වන අතරම වර්තමානයේ තේම්ස් නදියේ ඇති තොටුපළවල් ජනප්‍රිය "බාර්ජ්" යාත්‍රා ප්‍රවාහනය සදහා යොදාගනු ලබයි.
බාර්ජ් එහෙම නැත්නම් "Barge" ප්‍රදාන වශයෙන් පහත පරිදි වර්ගකර හැක

Dry Bulk Cargo Barges - මෙම වර්ගයේ බාර්ජ් වියළි භාණ්ඩ ප්‍රවාහනය කිරීමට භාවිතා කරයි. වැලි, ආහාර, ධාන්‍ය, ගල් අඟුරු සහ වානේ වැනි ඛනිජ වර්ග ප්‍රවාහනය සදහා මෙම යාත්‍රා යොදාගනු ලබන අතර විශේෂය වන්නේ බාර්ජ් පද්ධතිය හරහා එක යාත්‍රාවකින් තවත් යාත්‍රාවකට වියළි භාණ්ඩ මාරු කළ හැකි වීමයි.
Barracks Barge - බැරැක්ක බාර්ජ් එකක් හවුස් බෝට් එකක් ලෙසද හැඳින්වේ. කැනඩාව, ඕස්ට්‍රේලියාව, උතුරු ඉන්දියාව (කාශ්මීරය), ලාඕසය සහ කාම්බෝජය වැනි ප්‍රදේශවල ගෘහ බෝට්ටු ඉතා සුලභ ය. මෙම වර්ගයේ බාර්ජ් ප්‍රධාන වශයෙන් නේවාසික අරමුණු සඳහා භාවිතා කරන අතර ඒවා විල්වල සහ ගංගාවල නිශ්චල වස්තූන් ලෙස නේවාසික අරමුණු සඳහා යොදාගනී.
Car-float Barges - රේල් කරත්ත ප්‍රවාහනය කිරීම සඳහා මෙම වර්ගයේ සමුද්‍ර බාර්ජ් ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලදී.
Liquid Cargo Barges - ප්‍රධාන වශයෙන් ද්‍රව තත්වයේ සහ අනෙකුත් කාර්මික ද්‍රව, රසායනික ද්‍රව්‍යවල භාවිතා වන පොහොර සහ ඛනිජ රසායනික ද්‍රව්‍ය රැගෙන යාමේදී මෙම බාර්ජ් බාවිතා කරනු ලබයි.
Split Hopper Barge - මෙවන් යාත්‍රා මගින් "dredged material" ගෙන යාම සිදුකරනු ලබයි. ඩ්‍රෙජ් කරන ලද ද්‍රව්‍ය, පස, වැලි ආදිය පැටවීමට සහ ගොඩබෑමට හැකි යන්ත්‍ර මෙම යාත්‍රා වල සවිකර ඇත.
Power barge - මෙම යාත්‍රා චලනය සහ පාවෙන බලාගාර ලෙස බාවිතා කරයි.
Royal Barges -මෙම යාත්‍රා රාජකීය උත්සව සැමරීම සඳහා තොටුපළවල් සහ ජාල මාර්ග මතුපිට වේදිකාවක් ලෙස නිර්මාණය කරයි. තවමත් එක්සත් රාජධානිය වැනි රටවල මේවා මෙවන් යාත්‍රා බාවිතා කරනු ලබයි.
Container barge - ප්‍රදාන වශයෙන් බහලුම් ප්‍රවාහනය සදහා යොදාගන්නා බාර්ජ් යාත්‍රා මෙලෙස හදුන්වනු ලබයි. දුපත් බහුල රටවල් සහ දියුණු අබයන්තර ජාල මාර්ග ජාල පිහිටි රටවල් තම රට ඇතුලත සිට ප්‍රදාන වරායන් වෙත බහලුම් ප්‍රවාහනය සදහා මෙවන් යාත්‍රා යොදාගනු ලබයි. මාවත් හරහා බහලුම් ප්‍රවාහනය කිරීමේදී සිදුවන ගැටළු මගහැර ගැනීමටද මෙම යාත්‍රා යොදාගනු ලබයි.
Passenger barge - ප්‍රදාන වශයෙන් මගින් ප්‍රවාහනය සදහා යොදාගන්නා බාර්ජ් යාත්‍රා මෙලෙස හදුන්වනු ලබයි. මෙහිදී පැතලි මතුපිටක් නොමැති වුවත් කුඩා බෝට්ටු පවා මෙලෙස හදුන්වයි. උදාහරණ ලෙස යාපනයේ සිට අප නාගදීප, ඩෙල්ෆ් වැනි දුපත් වෙත ගමන්කරන බෝට්ටු සහ පැතලි යාත්‍රා "passenger barge" ලෙස සලකනු ලබයි.
"Barge" බාවිතයේ ප්‍රතිලාබ
* අඩු පිරිවැය සමඟින් සැපයුම් දාමය "supply chain" සඳහා දරනු ලබන වියදම් අවම කරගැනීමට හැකිවීම.
* බාර්ජ් ප්‍රවාහනය සම්ප්‍රදායික ට්‍රක් රථවලට වඩා ඉතා අඩු විමෝචනයක් (emissions) නිපදවීම.
* වාහන තදබදය අවම කර ගත හැකි අතර එය වඩා හොඳ වාතයේ ගුණාත්මක භාවයට ද දායක වීම.
කෙටි සටහන : Walter White
චායාරුප සහ තොරතුරු : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී