මුලදි මොන විදියට මේ නූල් ගියත් අගට යනකොට සෑහෙන්න දේවල් ටිකක් එකතු වෙනව අලුතෙන් ඉගෙනගන්න. පින් ශෙයාර් කරාටඑහෙම එක පොතක් කියල නැ. ගොඩක් වෙලාවට අභිදම්ම පිටකයෙ ඉන්ග්ලිශ් ට්‍රන්ස්ලේශන් එක තමයි බලන්නෙ..සින්හල එකත් ලග තියගෙන..සමහර ට්‍රන්ස්ලේශන් වල, ඒ ලියපු අය, ඇනලසිස් එකක් කරල කොමෙන්ට්‍රි එකකුත් දාල තියෙනව සමරයිස් කරල.
මගෙ ලග අති තව, සිත් පිලිබද එහෙම ගොඩක් ටෙක්නිකල් එවා, මග්ග සිතේ චිත්තවීතිය, පල සිත් වෙන හැටි, එතනින් බවන්හ සන්තතිය, වෙනස් වෙන හටි, (භවන්ගය අනුව අයි අයෙත් සතර අපායට වැටෙන්නෙ නැත්තෙ ), හෙනම ටෙක්නිකල්. මම ඔෆිස් එකට ගියාම දාන්නම් හෙට. බලන්ගොඩ හාමුදුරුවොගෙත්, යුකේ වල ඉදන් කරපු බනක් තිබුන, ඔය වගේ, ටෙක්නිකල්. එකත් තියෙනවද බලන්නම්.
ps.
https://quangduc.com/a68869/abhidhamma
මේ තියෙන්නෙ, අනන්ද මයිත්‍රි හමුදුරුවොගෙ එක..ඕකෙ අන්තිමට යද්දි මාර ඉන්ටෙරෙස්ටින්ග්. නිවන ටච් කරන හැටි එහෙම චීත්ත විතියෙන් ඩීඩේල් වල්න් කියනව.

කොහොමත් අභිධර්මය කියල වෙනම කොටසක් දේශනා කරල නැති නිසා ඒකත් අනිවාර්‍යෙන්ම ත්‍රිපිටකයෙ තියෙන්න ඕනි නෙ. මුල් තියරි වලින් තේරුගැනීමේ පහසුවට හදාගත්ත අලුත් තියරි වගේ දෙයක් දෙයක් නේ ඔතන වෙන්නෙ.රෝශ් කියන මේ කතාව තමා මටත් තේරෙන දේ. අභිධර්මය ගැන ප්‍රකාශ කරන්න අපහසුයි ප්‍රකාශයක් කරන්න පුලුවන් මට්ටමට අභිධර්මය කියවල නැති නිසා. සූත්‍ර පාඨයක් ගෙනහැර දක්වන්න පුලුවන් සම්මාදිට්ඨි සූත්‍රයෙන්.
"නාමරූපය කවරේ ය? ......... ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ මේ නාමයත් මේ රූපයත් යන මෙය නාමරූපය යි කියනු ලැබේ."
- සම්මාදිට්ඨි සූත්‍රය.
ඒ වගේම ත්‍රෙඩ් එකේ යටින් දිවෙන ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නයකට පිලිතුරක් විදිහට පහත සටහන තියන්නම්.
ඔය නාම-රූප තේරුම් ගන්නකොට එක පදාර්ථ (ස්වාභාව) වශයෙන් තේරුම් ගන්න යන එක අවුල් සහගතයි. මොකද එහෙම තේරුම්ගත්ත කට්ටියක් හිටියා බුදුන් ජීවත්වූ කාලයේත්. ඒ අයත් එක්තරා විදිහක අනාත්මවාදයක් (ස්ට්‍රික්ට් සෙන්ස් එකකින් තේරුම්ගන්න හදන්න එපා) තමා කිව්වෙ. මේ අයගෙ ශාස්තෘ තමා පකුදකච්චායන. මොවුන්ට අනුව ලෝකය සකස්වෙලා තියෙන්නෙ ආපෝකාය, තේජෝකාය, වායෝකාය, පඨවිකාය, සුඛ, දුක්ඛ සහ ජීව වලින්. මේවා විනාශ කල නොහැකි සාස්සත ධර්ම (Atom).
ඒ වගේම පසුකාලීනව බෞද්ධ සම්ප්‍රදායන් (විශේෂයෙන්ම සාර්වස්තිවාදය) තුන්කල්හී ඒවා තුලින්ම නිපන් බාහිරින් පවත්නා පැවැත්මක් සහිත පදාර්ථ (ස්වභාව) ඇසියුම් කරලා නව විග්‍රහයන් කලා. මේවා තමා අභිධර්ම කියන්නෙ. මම දන්න පමණින් ඉස්සෙල්ලාම අභිධර්මය ඩිවලොප් කලේ සර්වාස්තවාදීන්, ඒ අයගේ නම පවා හැදෙන්නේ ඒ අය ඉදිරිපත් කරන තුන්කල්හී පවත්නා ධර්ම, ඒ කියන්නෙ "සර්ව අස්ති" කියන එක අනුව යමින්. ථේරවාදයත් මේ අලුත් ස්කොලර්ශිප් හමුවේ තමන්ගේම අභිධර්මය ගොනු කලා කියනවා. නමුත් මහාචාර්ය වයි. කරුණාදාසට අනුව ථේරවාද අභිධර්මය ඉහත කියපු බාහිරින් පවතින කතාවට ගියේ නැහැ. හටගන්න කලින් නොතිබූ නැතිවීමෙන් පසු ඉතිරි නැතිවම නැතිවෙන, නමුත් ඒ හටගෙන නැතිවෙන මොහොතේ යම්කිසි ලක්ෂණයක් අඟවන ස්වාභාවයක් තමා කතා කලා කියන්නෙ. ථේරවාද අභිධර්මය එතනදි පුලුවන් තරම් අස්ති-නස්ති කියන අන්ත දෙකට නොයා ඉන්න උත්සහ කරලා තියනවා කියන එක තමා මහාචාර්ය කරුණාදාස මතාගෙ මතය.
ඊට පස්සේ ඔතනට එනවා නාගර්ජුනපාදයන්. උන්වහන්සේට මේ අභිධර්මයේ කතාකරන ස්වාභවයේ සැඟවිලා තියන අනතුර පෙනුනා කියනවා. බුදු හාමුදුරුවෝ එකල පැවති ලොකුම ස්වාභාවය, ඒ කියන්නෙ බාහිරින් (ස්වායත්ත) තමන්ගේම ස්වයං පැවැත්මක් ඇතැයි කියලා සැලකූ "ආත්මයට" වැරෙන් පහරදීලා අනාත්මය තහවුරු කරා. එහෙම ආත්මයක් හොයාගන්න බැහැ කියලා ධර්මය දේශනා කලා. ඒ කියන්නෙ පුද්ගලනිර්ආත්මය තහවුරු කලා. නමුත් මේ පශ්චාත්කලීන බෞද්ධ පඬිවරුන් පුද්ගලනිර්ආත්මය පිලිගත්තත් යම් යම් ධර්ම කොටස් වලට ඒවා තුලින් නිපන් (ස්වාභාව) බාහිරයේ පැවැත්මක් තියනවා කියන ධර්ම-ආත්මයක් පනවාගෙන තියනවා කියලා නාගර්ජුන ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා කියනවා. ආන්න ඒ ස්වාභාව මතය ඛණ්ඩනය කරලා "පුද්ලනිර්ආත්මයත්, ධර්මනිර්ආත්මයත්" කියන දෙකම තහවුරු කරන්න නාගර්ජුනපාදයන් ගත් වෑයමට තමා මූලමාධ්‍යමකාරිකාව කියන්නෙ.
අද වෙනකොට ඔතන ගැටළුවක් ඉතිරිවෙලා තියනවා. ආභිධර්මිකයන්ද හරි නාගර්ජුනපාදයන්ගේ මූලමාධ්‍යමකාරිකාවද හරි. දෙපැත්තටම තර්ක තියනවා. නමුත් නාගර්ජුනපාදයන් මහායානිකයෙක් කියන මතය පවතින නිස බොහොමයක් තේරවාදීන් ඒ මතය ප්‍රතික්ෂේප කරනවා. ඔන්න ඔතනදි තමා මට හැඟෙන විදිහට කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ එන්නෙ. උන්වහන්සේ එකදු මහායාන සූත්‍රයක්/ඉගැන්වීමක් භාවිත නොකර තේරවාද සූත්‍රම භාවිත කරමින් ථේරවාදය තුල යටගිහින් පැවතුන මේ නිස්සවභාවය, ශූන්‍යතාවය මතුකරලා පෙන්වනවා. උන්වහන්සේගෙ වචනයෙන් සඳහන් කලොත්,
"I didn’t quote from the Mahāyāna texts in the Nibbāna sermons,” he says, “because there was no need. All that was needed was already found in the Suttas. Teachers like Nāgārjuna brought to light what was already there but was hidden from view. Unfortunately his later followers turned it in to a vāda.” He goes on to quote two of his favourite verses from Ven. Nāgārjuna’s Mūlamādhyamakakārikā (as usual, from memory):
Śūnyatā sarva-dṛṣtīnaṃ proktā niḥsaranaṃ jinaiḥ,
yeṣāṃ śūnyatā-dṛṣtis tān asādhyān babhāṣire [MK 13.8]
The Victorious Ones have declared that emptiness is the relinquishing of all views. Those who are possessed of the view of emptiness are said to be
incorrigible.
Sarva-dṛṣti-prahāṇāya yaḥ saddharmam adeśayat,
anukampam upādāya taṃ namasyāmi gautamaṃ [MK 26.30]
I reverently bow to Gautama who, out of compassion, has taught the doctrine in order to relinquish all views.
Bhante doesn’t bother translating the verses; the ones provided above are by David Kalupahana.
“When I first read the Kārikā I too was doubting Ven. Nāgārjuna’s sanity”he laughs. “But the work needs to be understood in the context. He was taking a jab at the Sarvāstivādins. To be honest, even the others deserve the rebuke, although they now try to get away by using Sarvāstivāda as an excuse. How skilled Ven. Nāgārjuna must have been, to compose those verses so elegantly and filling them with so much meaning, like the Dhammapada verses. It’s quite amazing. This has been rightly understood by Prof. Kalupahana.” Prof. David J. Kalupahana is an eminent Sri Lankan scholar who stirred up another controversy when he portrayed Ven. Nāgārjuna as a reformist trying to resurrect early Buddhist teachings. He had been a lecturer during Bhante Ñāṇananda’s university days as a layman at Peradeniya. “If there is no substance in anything, what is left is emptiness. But manypeople are afraid of words. Like śūnyatā. They want to protect their four.” With that ‘irreverent’ comment about the four paramattha dhammas of the Abhidhamma, Bhante Ñāṇananda breaks into amused laughter.
- The Heretic Sage, Page 12
ධර්මකීර්ති හාමුදුරුවො අයිති වෙන්නෙ මොන කොටසටද?
------ Post added on Jul 28, 2023 at 12:22 PM
Last edited: