බොක්ස් සොකට් ගත්තම, ඩ්‍රයිවු සයිඩ් එක අනුව,
කොමන් සයිස් 4කින් එනව... ඒවයෙ සයිස් දෙන්නෙ අඟල් වලින්...
ඒව 1/4", 3/8", 1/2", 3/4" විදිහට තියෙනව... මේ සයිස් වලින් කියැවෙන්න, සොකට් එකේ හතරැස් පැත්ත එහෙම නැත්තං ඩ්‍රයිවු සයිඩ් එකේ සයිස් එක...
දැන් මම මේකෙදි පාවිච්චි කරන්නෙ, ඩ්‍රයිවු සයිඩ් එක 1/2 සොකට් සෙට් එකක්...
ඒවයින් 1/4, 1/8 සොකට් වලට වඩා ඩ්‍රයිවු එකේ ඩයමීටර් එක වැඩි නිසා වැඩි බලයක් යොදන්න පුලුවන්...
මම දන්න විදිහට,
ඩ්‍රයිව් සයිඩ් එක 1/4 ප්‍රමාණයෙ ස්පැනර් සෙට් එකක් ගත්තොත් 11mm වලට වඩා අඩු සොකට් වලින් කරන වැඩ වලට තමයි සුදුසු...
ඒ කියන්නෙ ලොකු ටෝක් එකක් යෙදෙන්නෙ නැති වැඩ, වාහන වලනං ඉන්ටීරියර් වගේ වැඩ වගේ දේවල් වලදි කියල හිතන්නකො...,
ඩ්‍රයිවු සයිඩ් 3/8, 1/2 කියන්නෙ සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන්... මම කරල තියෙනව වගේ,
සාමාන්‍ය වීල් නට් එකකට 120Nm විතර බලයක් යෙදෙනව... ඒ වගේ මට්ටමක වැඩක් උනත් 3/8 න් කරගන්න පුලුවන්.
3/4 කියන්නෙනං ගොඩක් ලොකු, හෙවි වැඩවලට පාවිච්චි වෙන සයිස් එකක්... සාමාන්‍ය වාහන වල එච්චර ලොකු දේකට, භාවිත වෙන්න තියෙන තැනක් ගැන මගේ පුංචි මොළේටනං එන්නෙ නෑ...
රැචට්,
එතකොට රැචට් වලදි, ඒවයෙ වෙනම මැකනිසම් එකක් තියෙන නිසා, T, L හැන්ඩ්ල් වලට වඩා දරන්න පුලුවන් බර සීමාසහිතයි...
උඩ හයිනඩායි දාපු ලින්ක් එකේ 310Nm විතර ගන්න පුලුවන් කියල තියෙනව... මටනං ශුවර් නෑ, අපේ තියෙන උපකරණ වලට එච්චර බලයක් දරන්න පුලුවන් ඇති කියල...
මොකද මම ගොඩක් දැකල තියෙනව, බර අල්ලන්න ගිහින් බෝල පැනපු රැචට්...
රැචට් එකේ මිටේ දිගත් එක්ක මනුස්සයෙකුට උපරිම 150Nm විතර දෙන්න පුලුවන් වෙන්නෙ,
ඒ මට්ටමට බෝල පනිනව කියන්නෙ, 310Nm ගැන හිතන්න අමාරුයිනෙ...
ඔර්ජිනල් හොඳ ඒවටනං සමහර විට පුලුවන් ඇති,
රැචට් ගැන කතා කරනකොට "ටීත්" ගාන අනුවත් රැචට් බෙදෙනව...
ඒ කියන්නෙ රැචට් එකේ ඩ්‍රයිවු ගියර් එකේ තියෙන ටීත් ගාණ...
උදාහරණයක් කිවුවොත්,
මගේ රැචට් එක 25 ටීත්... ඒ කියන්නෙ රැචට් එක ආපස්සට කරකවනකොට කට්ට 25ක් පනිනව...
එක කට්ටයක් ආපස්සට ගන්න, රැචට් එකේ මිට අඟල් දෙකක් විතර පස්සට කරකවන්න ඕනෙ... එතකොට අස්සක තිවෙන ඇණයක් ගලවන්න ගියාම මිට එහා මෙහා කරන්න ලොකු ඉඩක් යනව... ඒක අවාසියක්..
හොඳ රැචට් වල ටීත් 72,
ටීත් 120 විදිහට තියෙනව... ඒවයින් ගොඩක් ඉඩ අඩු තැනක අස්සක වැඩක් කරනකොට පහසුයි...
T හැන්ඩ්ල්, L හැන්ඩ්ල්
L හැන්ඩ්ල් කියන්න එක ෆික්ස් ඒක L අකුරෙ හැඩේට නැමිච්ච හතරැස් බාර් එකක්. සාමාන්‍යයෙන් T හැන්ඩ්ල් එකටත් වඩා වැඩි ටෝක් එකක් මේකෙන් ගන්න පුලුවන්.
T හැන්ඩ්ල් කියන්නෙ රවුම් ශාෆ්ට් එකේ මැද්දෙන් එහා මෙහා කරන්න පුලුවන් විදිහට ඩ්‍රයිවු සොකට් එක දාපු හැන්ඩ්ල් එකක්. මම බ්‍රේක් කැලිපර් ගලවන්න පාවිච්චි කරන්නෙ මේකක්...
T හැන්ඩ්ල් එකේ වාසිය, බොක්ස් සොකට් එකක් හයි කරල ඇණේකට දාල කරකවනකොට මිට කොහේ හරි වදිනවනං, මිට එහා මෙහා කරල වදින්නෙ නැති විදිහට හදාගන්න පුලුවන්...
කොහොමටත්,
100Nm වලින් එහා ටෝක් වෙන ඇණ වලට "L,T" හැන්ඩ්ල් පාවිච්චි කරන්න කියන එක තමයි මගෙනං මතය...
T,L හැන්ඩ්ල් වලට අතින් යොදන්න පුලුවන් බලය මදිනං තව යකඩ බාර් එකක් දාල ටෝක් එක වැඩි කරගන්නත් පුලුවන්...
බොක්ස් සොකට්
බොක්ස් සොකට් ගැන තව බැලුවොත්,
ඕවයෙ තියෙනව 12පොයින්ට් , 6 පොයින්ට් කියල වර්ග 2ක්.
12 පොයින්ට් ගන්නෙ ඇණ ඔලු ඩැමේජ් වෙලා, ස්ලිප් වෙලා තියෙන ඇණ ගලවන්න...
6 පොයින්ට් වල හරියටම හෙක්ස් හැඩය තියෙනව, වැඩි බලයක් දෙන්න ඕනෙ තැන් වලදි අනිවාරයයෙන් 6 පොයින්ට් සොකට්ම පාවිච්චි කරන්න ඕනෙ..
ඉම්පැක්ට් ටූල් වලට වෙනම බොක්ස් සොකට් එනව. ඒව 6 පොයින්ට් විතරයි තියෙන්නෙ, ඒ වගේම සොකට් වෝල් එක ඝණකමින් වැඩියි...
ටෝක් රින්ච්
ටෝක් රිංච් එක ගැනනං කියන්න ලොකු දෙයක් නෑ...
හැබැයි ලොකු වැඩක් කරන්න පුලුවන් භාණ්ඩයක්...
මේකෙ අපිට දෙන්න අවශ්‍ය ටෝක් එක සිලෙක්ට් කරන්න පුලුවන්...
ඒ කියන්නා වාහන වල එක එක බෝල්ට් වලට සයිස් එක අනුව තද කරන්න ඕනෙ බලයන් තියෙනව...
ඇණ වල හෙඩ් එකේ ඒව කෝඩ් විදිහට ලියල තියෙනව...
ඉතිං ඒ අදාල ටෝක් එක ටෝක් රින්ච් එකට දුන්නම,
ඒ ටෝක් එකෙන් එහාට රිංච් එක ස්ලිප් වෙනව, එහෙම නැත්තං "ටක්" ශබ්දයක් එනව, එහාමත් නැත්තං රිංච් එකේ මිටේ තියෙන පොඩි තිරේකින් ටෝක් එක ඩිස්ප්ලේ කරනව...
මේක..
https://www.daraz.lk/products/32pcs...-spanner-set-wrench-tools-set-i105612421.html
-