Daily Tools 👨🏻‍🔧

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    sssss.jpg


    ඔයාල ලග තියෙන, ගෙදර එදිනෙදා පාවිච්චි කරනTools, ඒ වගේම ගොඩක්ම උවමනාවෙන Tools මොනවද කියල අපි මේ Thread එකේ කතා කරමු.
    ඒ වගේම ඔයාල recommend කරන brand මොනවද සහ ගන්න හිතන් ඉන්න Tools මොනවද කියලත් අපි කතා කරමු
    ගොඩක් අයට මේක වැදගත් වෙයි කියල හිතෙනවා.
    :D:D


    ------ Post added on Aug 5, 2023 at 6:27 AM
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    26f51659-ece4-4573-bb79-eb25a876aa46.jpg


    m12fiw38_602x_TOOLFORCE__05980.1677254985.jpg


    අපේ ගෙදර දැනට පාවිච්චි කරන්නේ Samsung Vacuum Cleaner එකක් සහ Milwaukee M2 Fuel Driver එකක්. තව මට ගන්න ඕනේ හොද Floor Polisher එකකුයි හොද Tool Set එකක්. එහෙන් මෙහෙන් අරගත්ත පොඩි පොඩි Tools කෑලි ටිකක් තියනවා. එත් ඒවා කොලිටි නෑ.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    2006 waladi gaththe chinese me set ekak thinawa adatath use karanawa eka.
    3cd9c1e9-6512-4ed0-9ae4-830e5588af02.929d0f68c737dc1e4104d877f887c173.jpeg

    1USD walata aduwuen 10yrs kalin gatta pry tools watinawa laptop ehema galawaddi
     
    • Like
    Reactions: Cee7

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    විශේෂ දේවල් වලට, මේ සෙට් එක තියෙනව...
    https://www.daraz.lk/products/32pcs...-spanner-set-wrench-tools-set-i109248035.html

    අවශ්‍ය වෙලාවට වාහනේ උස්සගන්න මමම හදාගත්ත, ජැක් ස්ටෑන්ඩ් දෙකක් සහ ලීවලින් හදපු රෑම්ප් දෙකක් තියෙනව,

    මීට අමතරව,
    8-21 කම්බිනේශන් රින්ච් සෙට් එක, ශිෆ්ටරය,
    115mm ග්‍රයින්ඩරේ, හෑන්ඩ් ඩ්‍රිල් එක...
    ආයෙ ඉතිං, අඬු,මිටි,නියන් තමයි...

    සේරම චීන බඩු, හැබැයි හොඳට වැඩ අරන් තියෙනව,
    ඩ්‍රිල් එක 2008දි රු 500ට ගත්තෙ, හැමර් නෑ,රිවස් නෑ, එක ස්පීඩ් එකයි
    වාහනේ පවා පොලිශ් කරන්නෙ ඒකෙන්...😊
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,643
    1
    10,917
    113
    විශේෂ දේවල් වලට, මේ සෙට් එක තියෙනව...
    https://www.daraz.lk/products/32pcs...-spanner-set-wrench-tools-set-i109248035.html

    අවශ්‍ය වෙලාවට වාහනේ උස්සගන්න මමම හදාගත්ත, ජැක් ස්ටෑන්ඩ් දෙකක් සහ ලීවලින් හදපු රෑම්ප් දෙකක් තියෙනව,

    මීට අමතරව,
    8-21 කම්බිනේශන් රින්ච් සෙට් එක, ශිෆ්ටරය,
    115mm ග්‍රයින්ඩරේ, හෑන්ඩ් ඩ්‍රිල් එක...
    ආයෙ ඉතිං, අඬු,මිටි,නියන් තමයි...

    සේරම චීන බඩු, හැබැයි හොඳට වැඩ අරන් තියෙනව,
    ඩ්‍රිල් එක 2008දි රු 500ට ගත්තෙ, හැමර් නෑ,රිවස් නෑ, එක ස්පීඩ් එකයි
    වාහනේ පවා පොලිශ් කරන්නෙ ඒකෙන්...😊
    me set eka hard use ekata hondaida machan.wahane wada walata
     
    • Like
    Reactions: PHBhagya

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    6323e3be9cfbd454120520.jpg


    :P :P :P :P :P :P :P :P :Pතොපි ළග නෑනේ මේ ජාතියේ මිටීයක්


    මම 2010දි විතර කොටුවේ ගිහින් රු 10000කට වාහන ගලවන ආයුධ සෙට්, මල්ටි මීටර්, බවුත්, ෆෝන් ටූල් සෙට් වගේ කෑලේ හෙන තොගයක් අරගෙන ආව බන්. දැන් රු 10000කට අර්ත් වයර් රෝලක්වත් ගන්න බෑබන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    me set eka hard use ekata hondaida machan.wahane wada walata
    පුලුවන් මචං...,
    මේක 1/2 සෙට් එකක්... හැබැයි මමනං රැචට් එකට වැඩිය බර දෙන්නෙ නෑ... ටයිට් කරනකොට t හැන්ඩ්ල් එක තමයි පාවිච්චි කරන්නෙ...


    මේකෙ තියෙනව ටූල් ගැන මගේ අත්දැකීම් අනුව මම දන්න විදිහට කරපු පොඩි විස්තරයක්, මේ ත්‍රෙඩ් එකේම 4,5,6 පේජ් වල ටූල් ගැන ගියපු පොඩි සාකච්ඡාවකුත් තියෙනව... ගිහින් බලන්න...
    බොක්ස් සොකට් ගත්තම, ඩ්‍රයිවු සයිඩ් එක අනුව,
    කොමන් සයිස් 4කින් එනව... ඒවයෙ සයිස් දෙන්නෙ අඟල් වලින්...

    ඒව 1/4", 3/8", 1/2", 3/4" විදිහට තියෙනව... මේ සයිස් වලින් කියැවෙන්න, සොකට් එකේ හතරැස් පැත්ත එහෙම නැත්තං ඩ්‍රයිවු සයිඩ් එකේ සයිස් එක...

    දැන් මම මේකෙදි පාවිච්චි කරන්නෙ, ඩ්‍රයිවු සයිඩ් එක 1/2 සොකට් සෙට් එකක්...

    ඒවයින් 1/4, 1/8 සොකට් වලට වඩා ඩ්‍රයිවු එකේ ඩයමීටර් එක වැඩි නිසා වැඩි බලයක් යොදන්න පුලුවන්...

    මම දන්න විදිහට,
    ඩ්‍රයිව් සයිඩ් එක 1/4 ප්‍රමාණයෙ ස්පැනර් සෙට් එකක් ගත්තොත් 11mm වලට වඩා අඩු සොකට් වලින් කරන වැඩ වලට තමයි සුදුසු...
    ඒ කියන්නෙ ලොකු ටෝක් එකක් යෙදෙන්නෙ නැති වැඩ, වාහන වලනං ඉන්ටීරියර් වගේ වැඩ වගේ දේවල් වලදි කියල හිතන්නකො...,

    ඩ්‍රයිවු සයිඩ් 3/8, 1/2 කියන්නෙ සාමාන්‍ය වැඩක් කරගන්න පුලුවන්... මම කරල තියෙනව වගේ,
    සාමාන්‍ය වීල් නට් එකකට 120Nm විතර බලයක් යෙදෙනව... ඒ වගේ මට්ටමක වැඩක් උනත් 3/8 න් කරගන්න පුලුවන්.

    3/4 කියන්නෙනං ගොඩක් ලොකු, හෙවි වැඩවලට පාවිච්චි වෙන සයිස් එකක්... සාමාන්‍ය වාහන වල එච්චර ලොකු දේකට, භාවිත වෙන්න තියෙන තැනක් ගැන මගේ පුංචි මොළේටනං එන්නෙ නෑ...

    රැචට්,

    එතකොට රැචට් වලදි, ඒවයෙ වෙනම මැකනිසම් එකක් තියෙන නිසා, T, L හැන්ඩ්ල් වලට වඩා දරන්න පුලුවන් බර සීමාසහිතයි...
    උඩ හයිනඩායි දාපු ලින්ක් එකේ 310Nm විතර ගන්න පුලුවන් කියල තියෙනව... මටනං ශුවර් නෑ, අපේ තියෙන උපකරණ වලට එච්චර බලයක් දරන්න පුලුවන් ඇති කියල...

    මොකද මම ගොඩක් දැකල තියෙනව, බර අල්ලන්න ගිහින් බෝල පැනපු රැචට්...
    රැචට් එකේ මිටේ දිගත් එක්ක මනුස්සයෙකුට උපරිම 150Nm විතර දෙන්න පුලුවන් වෙන්නෙ,
    ඒ මට්ටමට බෝල පනිනව කියන්නෙ, 310Nm ගැන හිතන්න අමාරුයිනෙ...
    ඔර්ජිනල් හොඳ ඒවටනං සමහර විට පුලුවන් ඇති,

    රැචට් ගැන කතා කරනකොට "ටීත්" ගාන අනුවත් රැචට් බෙදෙනව...
    ඒ කියන්නෙ රැචට් එකේ ඩ්‍රයිවු ගියර් එකේ තියෙන ටීත් ගාණ...

    උදාහරණයක් කිවුවොත්,
    මගේ රැචට් එක 25 ටීත්... ඒ කියන්නෙ රැචට් එක ආපස්සට කරකවනකොට කට්ට 25ක් පනිනව...
    එක කට්ටයක් ආපස්සට ගන්න, රැචට් එකේ මිට අඟල් දෙකක් විතර පස්සට කරකවන්න ඕනෙ... එතකොට අස්සක තිවෙන ඇණයක් ගලවන්න ගියාම මිට එහා මෙහා කරන්න ලොකු ඉඩක් යනව... ඒක අවාසියක්..

    හොඳ රැචට් වල ටීත් 72,
    ටීත් 120 විදිහට තියෙනව... ඒවයින් ගොඩක් ඉඩ අඩු තැනක අස්සක වැඩක් කරනකොට පහසුයි...

    T හැන්ඩ්ල්, L හැන්ඩ්ල්

    L හැන්ඩ්ල් කියන්න එක ෆික්ස් ඒක L අකුරෙ හැඩේට නැමිච්ච හතරැස් බාර් එකක්. සාමාන්‍යයෙන් T හැන්ඩ්ල් එකටත් වඩා වැඩි ටෝක් එකක් මේකෙන් ගන්න පුලුවන්.

    T හැන්ඩ්ල් කියන්නෙ රවුම් ශාෆ්ට් එකේ මැද්දෙන් එහා මෙහා කරන්න පුලුවන් විදිහට ඩ්‍රයිවු සොකට් එක දාපු හැන්ඩ්ල් එකක්. මම බ්‍රේක් කැලිපර් ගලවන්න පාවිච්චි කරන්නෙ මේකක්...
    T හැන්ඩ්ල් එකේ වාසිය, බොක්ස් සොකට් එකක් හයි කරල ඇණේකට දාල කරකවනකොට මිට කොහේ හරි වදිනවනං, මිට එහා මෙහා කරල වදින්නෙ නැති විදිහට හදාගන්න පුලුවන්...

    කොහොමටත්,
    100Nm වලින් එහා ටෝක් වෙන ඇණ වලට "L,T" හැන්ඩ්ල් පාවිච්චි කරන්න කියන එක තමයි මගෙනං මතය...

    T,L හැන්ඩ්ල් වලට අතින් යොදන්න පුලුවන් බලය මදිනං තව යකඩ බාර් එකක් දාල ටෝක් එක වැඩි කරගන්නත් පුලුවන්...

    බොක්ස් සොකට්

    බොක්ස් සොකට් ගැන තව බැලුවොත්,
    ඕවයෙ තියෙනව 12පොයින්ට් , 6 පොයින්ට් කියල වර්ග 2ක්.

    12 පොයින්ට් ගන්නෙ ඇණ ඔලු ඩැමේජ් වෙලා, ස්ලිප් වෙලා තියෙන ඇණ ගලවන්න...
    6 පොයින්ට් වල හරියටම හෙක්ස් හැඩය තියෙනව, වැඩි බලයක් දෙන්න ඕනෙ තැන් වලදි අනිවාරයයෙන් 6 පොයින්ට් සොකට්ම පාවිච්චි කරන්න ඕනෙ..

    ඉම්පැක්ට් ටූල් වලට වෙනම බොක්ස් සොකට් එනව. ඒව 6 පොයින්ට් විතරයි තියෙන්නෙ, ඒ වගේම සොකට් වෝල් එක ඝණකමින් වැඩියි...

    ටෝක් රින්ච්

    ටෝක් රිංච් එක ගැනනං කියන්න ලොකු දෙයක් නෑ...
    හැබැයි ලොකු වැඩක් කරන්න පුලුවන් භාණ්ඩයක්...

    මේකෙ අපිට දෙන්න අවශ්‍ය ටෝක් එක සිලෙක්ට් කරන්න පුලුවන්...
    ඒ කියන්නා වාහන වල එක එක බෝල්ට් වලට සයිස් එක අනුව තද කරන්න ඕනෙ බලයන් තියෙනව...
    ඇණ වල හෙඩ් එකේ ඒව කෝඩ් විදිහට ලියල තියෙනව...

    ඉතිං ඒ අදාල ටෝක් එක ටෝක් රින්ච් එකට දුන්නම,
    ඒ ටෝක් එකෙන් එහාට රිංච් එක ස්ලිප් වෙනව, එහෙම නැත්තං "ටක්" ශබ්දයක් එනව, එහාමත් නැත්තං රිංච් එකේ මිටේ තියෙන පොඩි තිරේකින් ටෝක් එක ඩිස්ප්ලේ කරනව...


    මේක..
    https://www.daraz.lk/products/32pcs...-spanner-set-wrench-tools-set-i105612421.html
    -
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    විශේෂ දේවල් වලට, මේ සෙට් එක තියෙනව...
    https://www.daraz.lk/products/32pcs...-spanner-set-wrench-tools-set-i109248035.html

    අවශ්‍ය වෙලාවට වාහනේ උස්සගන්න මමම හදාගත්ත, ජැක් ස්ටෑන්ඩ් දෙකක් සහ ලීවලින් හදපු රෑම්ප් දෙකක් තියෙනව,

    මීට අමතරව,
    8-21 කම්බිනේශන් රින්ච් සෙට් එක, ශිෆ්ටරය,
    115mm ග්‍රයින්ඩරේ, හෑන්ඩ් ඩ්‍රිල් එක...
    ආයෙ ඉතිං, අඬු,මිටි,නියන් තමයි...

    සේරම චීන බඩු, හැබැයි හොඳට වැඩ අරන් තියෙනව,
    ඩ්‍රිල් එක 2008දි රු 500ට ගත්තෙ, හැමර් නෑ,රිවස් නෑ, එක ස්පීඩ් එකයි
    වාහනේ පවා පොලිශ් කරන්නෙ ඒකෙන්...😊
    කොටුවේ තියනවා සුපිරි බඩු. හැබැයි ටිකක් ඇවිදින්න ඕනේ හොයාගන්න. ගොඩක් අඩුවට ගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    තීන්ත ගාන වැඩට ඕනෙ ටූල් සෙට් එකම වගේ තියෙනවා.
    පොටි හැන්ඩල්, ස්ක්‍රේපර්, බ්‍රශ්, රෝලර්, ....

    මේසන් වැඩට ඕනෙ ටිකත් තියෙනවා. මට්ටම් ලී නම් ගොඩක් නෑ එක එක සයිස් වලින්.

    මම ඉතින් ඔය ආතල් එකට ගෙදර පොඩි පොඩි වැඩ ටික කරනවා.

    ඒ ඇරුනාම අනික් බේසික් ඒවා, මිටියක්, අඬුවක්, යතුරු දෙක තුනක් වගේ තියෙන්නෙ.

    ඩ්‍රිල් එකක් නම් ගෙදර ඕනෙම ටූල් එකක්. තාම ගත්තෙ නෑ.