මේ තරංග පන්ති දැන් බාවිතා වෙනවද ? (MW, SW1, SW2)?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Commercial radio channels අහනවාට වඩා වෙන communications අහන්න පුළුවන් හරියට හදා ගත්තොත්.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    රේඩියෝ එකක් නැතත් SDR එකක් aliexpress එකෙන් වගේ ගෙන්නගෙන SW/MW අහන්න පුලුවන්

    ඇමෙචර් රේඩියෝ කරන එවුන් ඕව අහනවා උන්ට කියන්නෙ SWL කියලා (Short wave listeners)
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කටුනායක අවට ඉන්න අයට ප්ලේන්වලට දෙන උපදෙස් ඇහෙනවා කියලා මම අහලා තියනාවා. (දැන් නෙමෙයි, ගොඩාක් ඉස්සර)
    ඇත්තද බොරුද කියලා දන්නෙ නෑ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    Commercial radio කියන්නේ radio channels. වෙන communications කිව්වේ unencrypted communication frequencies. Air, police, marine, fire, වගේ ඒවා.
    මේවගේ ඒවා 👇??
    කටුනායක අවට ඉන්න අයට ප්ලේන්වලට දෙන උපදෙස් ඇහෙනවා කියලා මම අහලා තියනාවා. (දැන් නෙමෙයි, ගොඩාක් ඉස්සර)
    ඇත්තද බොරුද කියලා දන්නෙ නෑ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,543
    10,317
    113
    44
    Living in an Atom
    මෙහෙමයි පුතාල මිඩියම් වේව් MW දැන් ලංකාවේ ඇත්තෙම නැති තරම්. හැබැයි ෂෝර්ට් වේව් නොහොත් කෙටි තරංග කියන කතාවම හරිම ඉන්ට්‍රස්ටින් සබ්ජෙක්ට් එකක්. තවම ලෝකේ විවිද රටවල කෙටි තරංග පාව්ච්චි කරනවා. හැබැයි හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පවා තවම sw පාවිච්චි කරන රේඩියෝ චැනල් තියනවා. ඒවා එයාල සලකන්නේ අතීත කාමය විදිහට. ඒවා එයාලට වගේම සමහරවිට අපටත් ඉතාම සුන්දර සමීප මතකයන්. ඇමරිකාවේ sw සමාජයක් පවා තියනවා. ඒවායේ සේවය කරන්නේ බහුතරය 60 පැනපු අය.

    sw ට්‍රාන්ස්මීටර් හරිම වෙනස් විදිහට ක්‍රියා කරන්නේ. අපේ පෘතුවියේ තිබෙනවා අයන ගෝලය කියලා එකක්. අපි හිතමුකෝ අපි SW භාවිතා කරලා යමක් ට්‍රාන්ස්මිට් කරනවා කියල. එතකොට එම Wave එක කෙලින්ම ඉහල අහසේ තියන අයන ගෝලයේ ගිහින් වැදිලා පෘතුවිය පුරාම විහිදෙනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයෙදී sw ඇහෙන්නේ නැහැ. එක්කෝ අඩුවෙන් ඇහෙන්නේ. නමුත් ඒ දවස් වල රාත්‍රියට විවද භාෂාවලින් තියන රේඩියෝ චැනල් සිය ගණනක් හසු වෙනවා . එකට හේතුව තමයි රාත්‍රියට අයනීකරණය වායුගෝලයේ වැඩි වීම. ඒ දවස්වලත් ලංකාවේ ආණ්ඩුවේ රේඩියෝ චැනල් වල අමු බොරු කියන්නේ. ඒ දවස්වල 80 - 90 දශකයේ අපි CNN , BBC වගේ ඒවා අහනවා. අපිට කලින්ම ඇත්ත නිවුස් එක දැනගන්න පුළුවන් නිසා. තව තිබ්බ ඒ දවස්වල වෙරිටාස් කියල පිලිපීන සිංහල සේවයක්.

    මම ඉස්කෝලේ යන කාලේ SW Transmitter එකක් හැදුව. හරිම ලේසියෙන් අයන ගෝලය හරහා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් ලෝකය වටා. අපේ ගෙවල් ළඟ හිටපු නැන්ද කෙනෙක් හිටියා. ඒ දවස්වල එයා වැඩකරේ ෆින්ලන්ඩ් වල තිබ්බ company එකක. එයා ලංකාවට අපු වෙලාවක ට්‍රාන්ස්මීටර් දෙකක් හදල එකක් එයට දුන්න අනෙක නැන්දගේ මහත්තයට ( මාම ) ට දුන්න . දෙකම ෆ්රිකන්සි රේන්ජ් දෙකක SW වැඩ කරන්න හදල දුන්නේ. එයාල ඒ ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා ෆින්ලන්ඩ් සහ ලංකාව අතර කතා කළා. ඒකාලේ බහුතරයක් මිනිස්සු සන්නිවේදනය කලේ ලියුම් හරහා විතරයි නේ. ඒකාලේ ගමේ ගෙවල්වල ටැලිෆෝන් නැහැ. රට ටැලිෆෝන් කෝල් එකක් ගන්න ඕනෙනම් ටවුමේ තැපැල් කන්තෝරුවටම යන්න ඕනේ. ඒ ගියත් අනුව දශකයේ එක විනාඩියකට රුපියල් 400 වගේ ගෙවන්න ඕනේ.

    ඉතින් මාමයි නැන්දයි ඒ දවස් වල මේ SW ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා මාස 7- 8 වගේ කාලයක් කතා කළා. පස්ස ඒ මාම නැන්ද ඉන්න ෆින්ලන්ඩ් වලටම ගියා. මම හදල දීපු ට්‍රාන්ස්මීටර් එක මටම අපහු දීලා ගියා. දැන්නම් ඒවා කොහෙද දන්නෙත් නැහැ. මේ ලගක් වෙනකන් තිබ්බ ගෙදර.දැන් එයාල යුරෝපේ ෆින්ලන්ඩ් වල පදිංචිවෙලා හොදින් ජිවත් වෙනවා. එයාල දෙන්න 2020 අවුරුද්දේ ළමයි දෙන්නයි නැන්දයි මාමයි ඇවිත් ගියා. අපි මේක ගැන ගොඩක් අසාවෙන් කතා කලා.

    අනේ මන්ද ඉතින් දැන් රේඩියෝ FM කවුරුත් අහන්නේ නැති තරම් . මම නම් රේඩියෝ එක අහන්නේ කාර් එකේ වැඩට යනකොට එනකොට විතරයි.
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113

    මෙහෙමයි පුතාල මිඩියම් වේව් MW දැන් ලංකාවේ ඇත්තෙම නැති තරම්. හැබැයි ෂෝර්ට් වේව් නොහොත් කෙටි තරංග කියන කතාවම හරිම ඉන්ට්‍රස්ටින් සබ්ජෙක්ට් එකක්. තවම ලෝකේ විවිද රටවල කෙටි තරංග පාව්ච්චි කරනවා. හැබැයි හරිම අඩුවෙන්. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ පවා තවම sw පාවිච්චි කරන රේඩියෝ චැනල් තියනවා. ඒවා එයාල සලකන්නේ අතීත කාමය විදිහට. ඒවා එයාලට වගේම සමහරවිට අපටත් ඉතාම සුන්දර සමීප මතකයන්. ඇමරිකාවේ sw සමාජයක් පවා තියනවා. ඒවායේ සේවය කරන්නේ බහුතරය 60 පැනපු අය.

    sw ට්‍රාන්ස්මීටර් හරිම වෙනස් විදිහට ක්‍රියා කරන්නේ. අපේ පෘතුවියේ තිබෙනවා අයන ගෝලය කියලා එකක්. අපි හිතමුකෝ අපි SW භාවිතා කරලා යමක් ට්‍රාන්ස්මිට් කරනවා කියල. එතකොට එම Wave එක කෙලින්ම ඉහල අහසේ තියන අයන ගෝලයේ ගිහින් වැදිලා පෘතුවිය පුරාම විහිදෙනවා. සාමාන්‍යයෙන් දහවල් කාලය තුල ඇහෙන්නේ නැහැ. එක්කෝ අඩුවෙන් ඇහෙන්නේ. නමුත් රාත්‍රියට විවද භාෂාවලින් තියන රේඩියෝ චැනල් සිය ගණනක් හසු වෙනවා ඒ දවස් වල. එකට හේතුව තමයි රාත්‍රියට අයනීකරණය වායුගෝලයේ වැඩි වීම. ඒ දවස්වලත් ලංකාවේ ලංකාවේ ආණ්ඩුවේ රේඩියෝ චැනල්ට වල අමු බොරු කියන්නේ. ඒ දවස්වල 80 - 90 දශකයේ අපි CNN , BBC වගේ ඒවා අහනවා. අපිට කලින්ම ඇත්ත නිවුස් එක දැනගන්න පුළුවන් නිසා. තව තිබ්බ ඒ දවස්වල වෙරිටාස් කියල පිලිපීන සිංහල සේවයක්.

    මම ඉස්කෝලේ යන කාලේ SW Transmitter එකක් හැදුව. හරිම ලේසියෙන් අයන ගෝලය හරහා ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් ලෝකය වටා. අපේ ගෙවල් ළඟ හිටපු නැන්ද කෙනෙක් ඒ දවස්වල වැඩකරේ ෆින්ලන්ඩ් වල තිබ්බ company එකක. එයා ලංකාවට අපු වෙලාවක ට්‍රාන්ස්මීටර් දෙකක් හදල එකක් එයට දුන්න අනෙක නැන්දගේ මහත්තයට ( මාම ) ට දුන්න . දෙකම ෆ්රිකන්සි රේන්ජ් දෙකක SW වැඩ කරන්න හදල දුන්නේ. එයාල ඒ ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා ෆින්ලන්ඩ් සහ ලංකාව අතර කතා කළා. ඒකාලේ බහුතරයක් මිනිස්සු සන්නිවේදනය කලේ ලියුම් හරහා විතරයි නේ. ඒකාලේ ගමේ ගෙවල්වල ටැලිෆෝන් නැහැ. රට ටැලිෆෝන් කෝල් එකක් ගන්න ඕනෙනම් ටවුමේ තැපැල් කන්තෝරුවටම යන්න ඕනේ. ඒ ගියත් අනුව දශකයේ එක විනාඩියකට රුපියල් 400 වගේ ගෙවන්න ඕනේ.

    ඉතින් මමයි නැන්දයි ඒ දවස් වල මේ SW ට්‍රාන්ස්මීටර් දෙක පාවිච්චි කරලා මාස ගණනාවක් කතා කළා. පස්ස ඒ මාම නැන්ද ඉන්න ෆින්ලන්ඩ් වලටම ගියා. මම හදල දීපු ට්‍රාන්ස්මීටර් එක මට දීලා ගියා. දැන්නම් ඒවා කොහෙද දන්නෙත් නැහැ. මේ ලගක් වෙනකන් තිබ්බ ගෙදර.

    අනේමන්ද ඉතින් දැන් රේඩියෝ FM කවුරුත් අහන්නේ නැති තරම් . මමනම් රේඩියෝ එක අහන්නේ කාර් එකේ වැඩට යනකොට එනකොට විතරයි.
    මචෝ උබලා ඔය මාමා ට්‍රාන්ස්මීටරේ අරන් ගියේ කන්ටේනර් පෙට්ටියක් දාලයි?
     
    කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?

    ට්‍රාන්ස්මිටර් එකේ ඇන්ටනාව මොනවගේද ඩිෂ් එකක් වගේද?

    frequencyය ටියුන් කරන් ඉන්නෙ නිකං රේඩියෝ එකකින්නෙ. එතකොට communicate කරද්දි transmitter එකයි රේඩියෝ එකයි දෙන්නගෙම එක ලඟ තියන හින්දා echo වෙන්නෙ නැද්ද?
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,543
    10,317
    113
    44
    Living in an Atom
    කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?

    ට්‍රාන්ස්මිටර් එකේ ඇන්ටනාව මොනවගේද ඩිෂ් එකක් වගේද?

    frequencyය ටියුන් කරන් ඉන්නෙ නිකං රේඩියෝ එකකින්නෙ. එතකොට communicate කරද්දි transmitter එකයි රේඩියෝ එකයි දෙන්නගෙම එක ලඟ තියන හින්දා echo වෙන්නෙ නැද්ද?

    කොහොමද වෙන්නෙ එතකොට අපි හිතමු frequency එක 1000kHz කියලා ඒකම වෙන කෙනෙක් අරන් නම් මොකද කරන්නේ?

    ඔව් එතන ප්‍රශ්නයක් තියනවා. මොකද වෙන කෙනෙක් අරගෙන නම් දෙක එකට මික්ස් වෙලා ඇහෙන්නේ. ඒ දවස්වල ලෝකේ SW සඳහා සම්මත ජාත්‍යන්තර නීති රීති පද්ධතියක් ලොකුවට තිබ්බේ නැහැ. කොහොමත් ඒ දවස්වල ඔක්කොම මික්ස් වෙලා ඇහෙන්නේ ගොඩක් වෙලාවට . ඉතින් ඒ වෙලාවට ටියුන් කරලා disturbance අඩු ෆ්රිකන්සි රේන්ජ්ස් දෙකක් දෙන්නා දෙපැත්තෙන් තෝර ගන්න ඕනේ. වැඩේ ටිකක් අමාරුයි තමා. නමුත් කාලයක් පුරුදු උනාම වැඩේ ලේසියි. ඉතින් ඒ දවස්වල වෙනත් විකල්ප තිබ්බේ නැති නිසා මේ ක්‍රම වේදය භාවිතා කරලා නොමිලයේ කතා කරන්න පුළුවන් උනා. එකම ප්‍රශ්නය Latency අගය ගොඩක් වැඩියි. අනෙක මේ ක්‍රමවේදය පාවිච්චි කරනකොට හැබැයි ඉතින් රෙද්ද ගැලෙවුවා වගේ තමයි. හැමෝටම ඉතින් කතාකරන ඒවා ඇහෙනවා. කොහොමත් වෙන රටවල උන්ට සිංහල බැරි නිසා අවුලක් නැහැ. ලංකාවේ උන් SW ඇහුවේ හරිම අල්ප ප්‍රමාණයක්.

    ට්‍රාන්ස්මිටර් එකේ ඇන්ටනාව මොනවගේද ඩිෂ් එකක් වගේද?

    මෙතැනදී සිද්ද වෙන්නේ කොමර්ෂල් බ්‍රෝඩ්කාස්ටින් වැඩක් නොවන නිසා අපිට භාවිතා කරන්න පුළුවන් තරමක දිගින් වැඩි ග්‍රීඩ් ඇන්ටනා එකක්. එක ඇන්ටනා ඇලුමිනියම් බටයක් අඩුම තරමේ අඩි 8 හෝ 10 ක් වත් වෙන්න ඕනේ. ෆින්ලන්ඩ් වලින් එවැනි ඇන්ටනාවක් අරගෙන නැන්ද කාටද කියල හයි කරගෙන තිබ්බා. ලංකවේ හිටපු මාමට මම එකක් හදල දුන්නා.

    frequencyය ටියුන් කරන් ඉන්නෙ නිකං රේඩියෝ එකකින්නෙ. එතකොට communicate කරද්දි transmitter එකයි රේඩියෝ එකයි දෙන්නගෙම එක ලඟ තියන හින්දා echo වෙන්නෙ නැද්ද?

    අනිවාර්යයෙන්ම වෙනවා. මම 2way Switch එකක් දාල දුන්න. එක්කෙනක් කතා කරලා ඉවර උනාම switch එකෙන් මයික් එක ඔෆ් කරන්න ඕනේ .

    මචෝ උබලා ඔය මාමා ට්‍රාන්ස්මීටරේ අරන් ගියේ කන්ටේනර් පෙට්ටියක් දාලයි?

    කොමර්ෂල් Broadcast නොවෙයි නේ බන්.
    ------ Post added on Sep 11, 2023 at 1:23 AM
     
    Last edited: