2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

DP SARA

Active member
  • Feb 22, 2021
    104
    75
    28
    ජොන්-ලුම්බිණි වලි කියන්නෙ ආත්මීය ගත වලි .
    2010 දි ඔය වලියෙ මමත් හිටියා .
    ජොන් එකට ගහන්න ගිහින් එතන හිටිය පෙට්‍රල් ශෙඩ් එකෙ උන්ටික ආවා අපිට ගහන්න .
    අපි දිව්වා කොහුවල පැත්තට .

    ඊට කලින් වලියක් ගියා 2008 දි මන් ඕ ලෙවල් කරද්දි .
    අපෙ බස් එක කුඩු කරා ජොන් එකෙ උන් .
    ඒක නිසා අපෙ ආදායම් මාර්ගෙ නැති උනා (හොරෙන් ගිහින් ,සීසන් එකෙ ගිහින් සල්ලි ඉතුරු කරන එක ) .
    ඒ මලට අපි උන්ට ගහන්න ගියා .
    වලිය මැද්දෙ පොලිසියයි ,ස්පෙෂල් ෆොර්ස් එකෙ බයික්ස් 4 කුයි ආවා .
    අන්තිමට අපෙ 17 ක් ජොන් එකෙ ඉස්කොලෙ ඇතුලට ගියා .
    මමයි මගෙ වයසෙ තව 4 ක් හිටියා .අනික් උන් ටික අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උන්
    මිරිහාන පොලිසියෙන් තමා සමථයකට පත් කරෙ .
    uba lumbiniye da???
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Ow pora kotala powanne na
    Api poddak hithala mathala wade karaganna one
    පොර හැමතිස්සෙම කියන්නේ ආසියාවේ සහ ලෝකේ හොඳම පංතිය කියලා. මම දවසක් කිව්වා "ඉතියෝපියාවේ වෙන්න ඇති කියලා" පොරට මාට්ටු. ඒත් හිනාවෙලා නිකන් හිටියා. පොරගේ හොඳේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන්නේ, එළියට දාන සීන් නැහැ. කොල්ලොත් ඒක දන්නවා. කොල්ලෝ හූ කිව්වේ නැත්තම් මිනිහගේ ජෝක් එකකට මිනිහම කියනවා හූව නැද්ද කියලා. හූ පප්පා කියන්නේ ඒකයි. තව කියනවා "මැටි උනත් සම්පතක් නේ කියලා".
    උඹ දාලා තියෙනවා වගේ මිනිහගේ කොටලා පෙවිලි නැහැ. ඉස්සර පොර ජපුර සහාය කථිකාචාර්ය වෙලා ඉඳල මම හිතන්නේ අර කාලෙකට කලින් පේපර් එක පන්නපු නිසා ඒ පට්ටමෙන් නෙරපුවා. හැබැයි මෙතන කවුරුහරි උඩ දාලා තිබ්බා වගේ දෙන්නේ පට්ට අමාරු ගණන්. ඒ වගේම හොඳට කියලා දෙනවා.
    පළවෙනි සැරේ මම ටියුෂන් ගියේ ළමයි 10 විතර ඉන්න පන්තියකට. ඒකෙදි හොඳට වැඩ කරත් සමහර මාතෘකා හරියට ඔළුවට ගියේ නැහැ. ගෙදරින් දෙවෙනි සැරේ කරන්න කිව්ව නිසා කිසිම උනන්දුවක් නැතුව කළුවගේ පන්ති ගිහින් ලොකුවට වැඩක් කරන්නේ නැතුවත් පළවෙනි සැරේ ආපු ප්‍රථිපලයම ගත්තා. පළවෙනි සැරේම මිනිහා ගාවට ගියා නම් ඊට වඩා ප්‍රථිපලයක් අනිවා ගන්න තිබුණා.
    සුනිල් මෙන්ඩිස්, අමිත් පුස්සැල්ල ගාවට ගියත් දෙවෙනි සැරේ හරි ගියේම නැහැ. මම හිතන්නේ එක එක අයට වැඩේ සෙට් වෙන විදිය.
     
    • Like
    Reactions: HAneo

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    1998, 1999, 2000, 2001 වසරවල නුගේගොඩ AL tuition class ගිය සහෝදරවරුනි, මතකය අලුත් කරගමු.

    මම ගණිත විශය ධාරාවෙන් මුල්වතාවට උ.පෙල ලිව්වෙ 2000දි. (ඔව්, ටිකක් වයසයි තමයි)
    1998 ඉඳල 2000 වෙනකම් අවුරුදු දෙකේ නුගේගොඩ පංති ගියේ මේ ගුරුවරු ගාවට.

    Physics - රෝහණ පෙරේරා. ගොඩක් ලමයි එන්නෙ නෑ. නුගේගොඩ, පානදුර group class කරපු සර් කෙනෙක්.
    Chemistry - මුලින්ම ගියා දෙවුරුවන් අල්විස්. ලමයි වැඩියි. මට ඇල්ලුවෙ නෑ. ඒ පාර ගියා ධම්මික සෝමරත්න සර්ගාවට. මෙයා නම් හොඳට ඉගැන්වුවා. නුගේගොඩ විජේරාමෙ පංසලේ තමයි පංති තිබුනෙ. ඒ කාලෙ මගේ ප්‍රියතම විශය උනේ Chemistry.
    Combined Maths- 2000ට කලින් pure, applied කියල විශයන් දෙකක් තිබුනු එක combine කරේ අපේ අවුරුද්දෙ. මම නුගේගොඩ රොටරි එකේ ගිය combined maths පංතියෙ pure කොටස ඉගැන්වුවේ ආරියරත්න කියල සර් කෙනෙක්. applied කොටස ඉගැන්වුවේ කලු සර් කෙනෙක්, නම මතක් වෙන්නෙ නෑ. දන්න උන් කියාපල්ලා... අමිත් වගේ නමක්ද කොහෙද..
    2000 දි මගේ AL result උනේ C 2යි S1. S1 තිබුනෙ Physics වලට. රෝහණ පෙරේරා සර් පුංච් පුංච් ගනන් හද හද හිටියා.. AL පේපර් එකේ ගනන් හදාගන්න බෑ ඒ දවස්වල. :)

    ආපහු දෙවෙනි වතාවට 2001 AL කරද්දි ගියේ මේ සර්ලගාවට.

    Physics - අමිත් පුස්සැල්ල. මේ තමයි මගේ දෛවය වෙනස් කරපු ගුරුවරයා. පලවෙනි සැරේ S එකක් අරන් අප්‍රියම විශය වෙලා තිබුනු Physics පේපර් එක ලියන්න දෙවෙනි වතාවෙ ගියේ A එක sure කරගෙන. අන්තිමට මම නතර උනේ, ජපුර university එකේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධියක් අරගෙන. පුස්සැල්ල සර්ගෙ revision ක්ලාස් තිබුනෙ බ්‍රහස්පතින්දා රොටරි එකේ. 8ට පටන් ගන්න පංතියට 7 වෙනකොට ගිහින් ඉන්නවා ඉස්සරහ සීට් එකක් අල්ලගන්න.
    Chemistry - මේක තමයි මම ඇනගත්තු විශය උනේ. පලවෙනි පාර ප්‍රියතම විශය දෙවෙනි පාර අප්‍රියම විශය උනා. ධම්මික සෝමරත්න සර්ගෙ theory class හොඳ උනාට revision හරිගියේ නෑ. පස්සෙ ගියා ප්‍රසන්න බද්දෙවිතාන සර් ගාවට. පාට පාට ටියුට් මිටියක් දෙනවා. ඒත් මට හරිගියේ නෑ.

    Combined Maths - සරත් කියල රත්නපුරේ ඉඳන් නුගේගොඩ රොටරි එකේ class කරපු සර් කෙනෙක් ගාවට ටික දවසක් ගියා. ඊට පස්සෙ දංගල්ල සර් ගාවට ගියා. කොහුවල සක්යා එක පටන්ගනිපු මුල් දවස්... මට මතකයි එක දවසක් ත්‍රිකෝණමිතිය පාඩමක් කරා දවසෙම.. ඒක ඉවර වෙලා මම ගෙදර ආවෙ syllabus එක ඇතුලෙ එන ඕනෑම ත්‍රිකෝණමිතිය ගානක් හදන්න පුලුවන් වෙලා. Physics වලට අමතරව Combined Maths වලටත් මට A එකක් තිබුනා 2001 AL වලට..

    ඒ කාලෙ පංති ගියපු අය..මතකය අලුත් කරගනිමු......
    Hmm..
    මමත් 2000

    Chemistry-K siri Vithanage
    Bio- Mathaka naa ban..
    Physics-Ananda Kaluarachchi for his papers and Sunil Mendis for his theory.

    set eka pitin nugegoda basse api thamayi...:)
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොර හැමතිස්සෙම කියන්නේ ආසියාවේ සහ ලෝකේ හොඳම පංතිය කියලා. මම දවසක් කිව්වා "ඉතියෝපියාවේ වෙන්න ඇති කියලා" පොරට මාට්ටු. ඒත් හිනාවෙලා නිකන් හිටියා. පොරගේ හොඳේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන්නේ, එළියට දාන සීන් නැහැ. කොල්ලොත් ඒක දන්නවා. කොල්ලෝ හූ කිව්වේ නැත්තම් මිනිහගේ ජෝක් එකකට මිනිහම කියනවා හූව නැද්ද කියලා. හූ පප්පා කියන්නේ ඒකයි. තව කියනවා "මැටි උනත් සම්පතක් නේ කියලා".
    උඹ දාලා තියෙනවා වගේ මිනිහගේ කොටලා පෙවිලි නැහැ. ඉස්සර පොර ජපුර සහාය කථිකාචාර්ය වෙලා ඉඳල මම හිතන්නේ අර කාලෙකට කලින් පේපර් එක පන්නපු නිසා ඒ පට්ටමෙන් නෙරපුවා. හැබැයි මෙතන කවුරුහරි උඩ දාලා තිබ්බා වගේ දෙන්නේ පට්ට අමාරු ගණන්. ඒ වගේම හොඳට කියලා දෙනවා.
    පළවෙනි සැරේ මම ටියුෂන් ගියේ ළමයි 10 විතර ඉන්න පන්තියකට. ඒකෙදි හොඳට වැඩ කරත් සමහර මාතෘකා හරියට ඔළුවට ගියේ නැහැ. ගෙදරින් දෙවෙනි සැරේ කරන්න කිව්ව නිසා කිසිම උනන්දුවක් නැතුව කළුවගේ පන්ති ගිහින් ලොකුවට වැඩක් කරන්නේ නැතුවත් පළවෙනි සැරේ ආපු ප්‍රථිපලයම ගත්තා. පළවෙනි සැරේම මිනිහා ගාවට ගියා නම් ඊට වඩා ප්‍රථිපලයක් අනිවා ගන්න තිබුණා.
    සුනිල් මෙන්ඩිස්, අමිත් පුස්සැල්ල ගාවට ගියත් දෙවෙනි සැරේ හරි ගියේම නැහැ. මම හිතන්නේ එක එක අයට වැඩේ සෙට් වෙන විදිය.
    තනියෙන් ගේමක් ගහන එකෙක්ට හොද පොට් එකක් මචන්
    මට තේරුණා මුලදීම මු දෙන ගණන් එහෙම හදන්න බැ . යකෝ අපි තියරි දන්නෙත් නැ . පස්සේ තමා මට තේරුනේ අපි තියරි ටික බලාගෙන යන්න ඕනේ . ඊට පස්සේ පොරගෙන් ඉතුරු ටික ගන්න පුළුවන් කියන එක. එකෙන් තමා මම නම් ගොඩ ගියේ
    මැටි සහිත ප්‍රදේශ කියන එක ප්‍රසිද්ද කතාවක්. කෙල්ලොන්ට තමා වැඩි පුරාම කියන්නේ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2000 කියන්නෙ මම A/L කරන්න පටන් ගත්ත අවුරුද්ද. ක්ලාස් ෆීස් රු. 100 - 150 වගේ ගණන් තිබුනේ. ඒ කාලේ ඉගෙනගන්න කිසිම උනන්දුවක් තිබුනේ නැහැ. දැන් හිතෙනවා අපරාදේ කියලා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    2002-2003 සවුසිරි ඇබකස් ඉන්ස්ටිට්‍යුට් එකෙ අයි ටි ඩිප්ලොමා එක කරා, 3ඩි මැක්ස් උගන්නපු බුවා පිරමිඩ් එකක් දාල කොල්ලො අල්ලන් කොල්ලො ගානක් ලොස් උනා,, පස්සෙ උන් සිනිගම ගිහින් මිරිස් ඇබරුවා, උව ඇක්සිඩන්ට් වෙලා කකුල් අතපය 8 පට්ටම් වෙලා නන්න පොල් වෙල ගියා මැන්,,

    අර බො ගහ ගාව මුස්ලිම් කඩෙ එ කාලෙ දවල් කැම එකක් 250ක්ද කොහෙද , ලයිසියම් එක ගාව පොට් එකෙ 90යි, ඇත්ත්ටම කොල්ලෙක් උනාම 20-25 කාලෙ නුගෙගොඩ ඉන්න ඔන හැදෙන්න,,, එක්කො නැති වෙන්න,,,

    පාර පලල් කර්ලා දැන් වැඩක් නෑ එරියා එක, කිසිම ගතියක් නෑ,,
     

    chanakadesilva

    Junior member
  • May 7, 2009
    99
    67
    18
    I also went classes in Nugegoda. Specially for combined Mathematics, But can't remember the name of the teacher. But as I remember, a nice decent person with a moustache. Oh I have lots of nice memories in these classes. But I didn't work hard or had no good results. C,C,S (s for maths.)
    Then went to IIT & did a degree there. then did my masters in the UK. Now living in Germany. such a long way from Home. But still remember those lovely times in Nugegoda.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Uncle you're closing the half century!

    I think if you can remember those uncomplicated, internet & mobile free era you'd be so nostalgic and sad.

    Even a decade later when I do A/Ls life was simpler than now.
    ow bn dan me reddq complex wela tyne, e dawaswala full fun eke hitiya. athe sathe na habai athal eke hitiya 🥲