2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,043
    4,590
    113
    kalen kaleta eke un run karanawa nugegoda....ita passe un jeewathaya chater karagena vidinawa. camel, taka, carl....chatura. piliyandala sudesh, sudu hadun...... :lol: :lol:
    mun samaharak ewun apiwa dan dakkama shape eke maru wenawa...samahara ewun 3 wheel business. harima modai ban.....
    කැමල් කියන එකා තමා ජොන් එක රන් කරෙ ඒ කාලෙ.
     
    • Haha
    Reactions: BruceWayne92

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    eh kaale patta bn. sahenna fun ekak gaththa kaalayak :) kiyanna nam kathaa ematai e dawas gena :):( deparak kohomhari AL karanna wunaa.

    1st shy CSF. mata kohomath 1st shy kela wuna nisaa physics epaama welaa hitiye yantham C ekak dagaththa ilaga paara physics walata. AAC damma 2nd attempt eke.

    Combined maths - Ajantha Dissanyaka
    Chemistry - Ksiri
    Physics - Mahen Jecob

    maths nam ajaage shy dekama giye. ajaa karana wada tika karoth nam A ekak miss wenna widihak naha.
    chem walatath ithin ksiri sir genma thama igena gaththe. Ksiri sir hodatama karanawa habayi thaman thaniyen loku wada kotasak karanna wenawa.
    physics nam jecob niyamai ithin. physics akamethi nisaa yantham witharai baluwe. mata epaama wela hitapu padam tikak hodatama karagaththa.
     
    Last edited:
    • Love
    Reactions: NaiRobi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    kalen kaleta eke un run karanawa nugegoda....ita passe un jeewathaya chater karagena vidinawa. camel, taka, carl....chatura. piliyandala sudesh, sudu hadun...... :lol: :lol:
    mun samaharak ewun apiwa dan dakkama shape eke maru wenawa...samahara ewun 3 wheel business. harima modai ban.....
    අහිංසක යක්කු බන් .
    තමන්ට සෙට් එක ඉන්නකන් විතරයි .
    අපෙත් ඔය රන් කරපු ඩෑල් සෙරොම ත්‍රීවිල් කාරයො තමා .
    සමහරු කුඩු විකුණනවා .
    අනාත ඩයල්ස් .
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,670
    5,791
    113
    KALUTHARA
    මන් මැත්ස් ගියෙ -ඩි ඩබ්ලිව් දංගල්ල
    ෆිසික්ස් - සුනිල් මෙන්ඩිස්
    කෙමිස්ට්‍රි -ප්‍රසන්න බද්දෙවිතාන

    දංගල්ල නම් ගණන් කටපාඩමෙන් හදන්නෙ.
    සිගරට් මරුවා
    2009 අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච පොර දංගල්ල සර් ගෙයි සොලාගෙයි ක්ලාස් ගිහින් තිබුණා .
    ඒ අවුරුද්දෙ සොලා -දංගල්ල පට්ට වලියකුත් ගියා පොර නිසා.

    ෆිසික්ස් ගත්තොත් සුනිල් මෙන්ඩිස්
    පොර පට්ට ආත්මාර්ථකාමියා .
    ඒක මට තෙරුණෙ ටිකක් ලඟින්ම ආශ්‍රය කරපු නිසා.
    පොරගෙ පුතා මගෙ යාළුවා නිසා මට විරිෂන් ෆ්‍රී කාර්ඩ් එහෙම දුන්නා.
    පුස්සැල්ල සර් ට බනින එකම තමා කරෙ .
    මොකද පුස්සා නිසා ගොඩක් පරණ ෆිසික්ස් ගුරුවරුන්ට බඩෙ පාර වැදුනා.
    පුස්සාත් දක්ෂ ගුරුවරයෙක් .

    ඒ වගෙම කෙමිස්ට්‍රි ගියෙ ප්‍රස්න්න බද්දෙවිතාන ගාවට .
    පොරගෙ කටෙම තියෙන්නෙ "පොන්නයා " කියන වචනෙ.
    කොල්ලො එහෙම බැනුම් අහනවා "පොන්නයා" කියලා.
    පොරටත් පුස්සැල්ල එක්ක පොඩි ඇරියස් එකක් තිබුණා.
    මොකද ක්ලාස් ක්ලැෂ් වෙන්න දාලා නිසා.

    ඒ කාලෙ සෙරොම මන් ක්ලස් ගියෙ සක්යා එකෙ.
    උන්ගෙ ස්ටාෆ් එක ගත්තොත් හෙනම පණ්ඩිතයො.
    මට පෙන්නන්න බැහැ උන්ව ඒ කාලෙ.
    කැන්ටින් එකෙ උන් විතරයි හොඳ .

    අපිට ඒ කාලෙ ටියුෂන් ගුරා කියන්නෙ දෙවියෙක් ,වීරයෙක් වගෙ චරිත .
    ඉතිං අපි ගුරා වෙනුවෙන් මරා ගන්නවා.
    දැන් තෙරෙනවා එව්ව හෙන බොලඳ වැඩ කියලා.

    මැත්ස් /බයො කරන්න හිටිය කෙල්ලො එච්චර පෙනුමක් තිබ්බ උන් නෙමෙ.
    තනිකරම ඇන්ටි ටයිප් එකෙ උන්.
    මෙලො රහක් නැහැ .
    ඉතිං අපි කරන්නෙ දංගල්ල සර් ඉන්ටර්වල් දුන්නහම ටක් ගාල කාල ඇවිත් පුටුවෙ ඉඳගෙන ඉන්නවා බණ්ඩාර සර් ගෙ ක්ලස් එකෙ ඉන්ටර්වල් එක දෙනකන්.
    කෙල්ලන්ට නෙ මුලින්ම එලියට යන්න දෙන්නෙ.
    ඉතිං අපි ඉන්නෙ කෙල්ලො ටික එනකන් කෙල්ලො බලන්න.
    කොමර්ස් ක්ලාසස් වල හිටියෙ පට්ට කෑලි .

    පස්සෙ රොටරියෙ මන් මැත්ස් රිවිෂන් ගියා නිරොෂ් චාමින්ද සර් ගාවට .

    අන්න නියම ගුරුවරයෙක්.
    දංගල්ල වගෙ කටපාඩමෙන් උගන්වන ගුරෙක් නෙමෙ.
    නියමෙටම කියලා දෙනවා .
    ado mat asama sir kenek mchn Nirosh chaminda sir.wadiya kala bala nati decent porak. dn ekka bLaddi ekale kochra nidahs da
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    කෙමිස්ට්‍රි දෙව්රුවන් අල්විස් සර් ගාවට. උබට මතක නම් අපේ හිටියා 30 සෙට් එක කියලා එකක්. රොටරි ඒ කාලේ මෙන් හෝල් එකේ නේ තිබ්බේ. 30 ම එනකොට ඔක්කොම උන් හු කියනවා. අම්මෝ ඔලු පාත් කරගෙන එන්නේ. දෙය්යා ලගට ගිය උනාට මතක ඇති ෆෙමස් ෆැන් බ්රෙක්දවුන් එක. පස්සේ තිබ්බ ෆැන් එකක් කඩාගෙන අපේ සෙට් එකේ ඔලුවට වැටුනා යකෝ . මහරගම ප්‍රසිඩන්ට් එකේ උන් නුගේගොඩ ජෝන්ස් එකේ උන් එක්ක තිබ්බ වලිය තමා ප්‍රදානම ඒ කාලේ තිබ්බ දේ. ඕකට හැම ඉස්කෝලෙක ම වගේ උන් ගැයුනා . අන්තිමට 138 පාරේ කොල්ලෝ එක 1000 ක් විතර බස් නවත්තලා පාරේ ඉදගත්තා. අනන්න්දේ නාලන්දේ දර්මපාලේ ඔක්කොම මෑත බයෝ සිංහල කරන උන් ඔක්කොම ගවුනා ඕකට.

    දෙය්යාගේ මතකේ තමා ගේම. "ඔය 7 වෙනි පෙලියේ ඉන්න එකා මිට මාස 3 කට කලින් ඇදන් අවේ රතු කොටු ෂර්ට් එකක්. ඊට පහු වෙනි මාසේ .... අම්මෝ ඉතින් අරු ගේ මාස ගානක ඉවෙන්ට් ලොග් එක කියනවා මතකෙන්." අනේ මන්ද මම නම් ගොඩ ගියේ පොර නිසා ඉතිං.

    කාටද මතක ආනන්ද කළුආරච්චි සිර ව . ලීඩ්ස් එකේ තිබ්බේ ක්ලාස්. ගානක් දෙනවා සිකරට් එකක් බොනවා. පොරගේ ගණන් ඔක්කොම හදන්න පුලුවන්නම් අනිවා උපරිම ගොඩ.අමිත් ලොක්ක වගේ කොටලා පොවන්නේ නැ . අපිම තියරිය හොයාගෙන අපිම ගැන හදන්න ඕනේ. මම නම් හිතන්නේ පිසික්ස් ගොඩ දියේ ඒ බර අපිට දුන්න නිසා. අදටත් දෙයක් හිතලා කරගන්න පුල්වුඅන් ඒක නිසා. පොරගේ ෆෙමස් එක "මැටි සහිත ප්‍රදේශ ". අම්මෝ ගානක් හදන්න බැරි උනොත් කැ ගහලා අතල් ගන්න උන්ට බනින්නේ නැ . ඇගිල්ල දික් කරනවා "මැටි සහිත ප්‍රදේශයක් දිස් වෙනවා " . නිකන්ම කටවල් වැහෙන්නේ .

    රොටරි වත්තේ කඩේ පාන් කාල සහ සිකරට් එක තමා දවල් ආහාරය. ලීඩ්ස් උදේ 7.30 ට පටන් ගන්නේ කුකුලා අතේ කරේ අරගෙන යන්නේ ඔයි . මුකුණුවැන්න දාපු පරිප්පු වැඩේ කාරයෙක් පාරේ උදේ ඉන්නවා. එකෙන් එකක් කෑවම දවල් වෙනකන් අදින්න පුළුවන්.

    ඔන්න ඒ කාලේ මෙහෙමයි තිබ්බේ
    View attachment 119302


    මෙතන ඉන්නවා ඩොකාල දෙන්නෙක්. ඉන්ජෙක් . රටක තානාපති දෙවෙනියෙක්. Software Architect කෙනෙක් , නළුවෙක් , එකෙක් ගැන නම් මතකයක් නැ.
    View attachment 119303
    මමත් ගියේ කළුවා ගාවට (ලීඩ්ස්) රිවිෂන්. ක්ලාස් එකේ පට්ට ආතල් එකක් දුන්නේ.හූ පප්පා කියලා කියන්නේ. ගාණක් දීලා බටයක් ඇදල එන්නේ. ආතල් අස්සේ පාඩම් ටිකත් හොඳට කියලා දුන්න.ආලෝකය පාඩම එහෙම මට හරියට තේරුණේ නෑ මුලින් හැබැයි කළුවා හොඳට කියලා දුන්නා.
    හැබැයි දැන් නම් පොරගේ හෑන්ඩ් බිලක්වත් දැකපු කාලයක් මතක නෑ.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    දෙවුරුවන් අල්විස්, දංගල්ල, කලුආරච්චි, ආරියරත්න, අමිත් ෆොන්සේකා, බද්දෙවිතාන, ධම්මික සෝමරත්න, රෝහණ පෙරේරා කියන සර්ලගෙ දැන් විස්තර දන්න කෙනෙක් ඉන්නවද? අමිත් පුස්සැල්ල සර් නම් තාමත් පංති කරනව කියල දන්නව.
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මම ඉස්කෝලේ දංගල්ලයගේ පංතියේ , පංතියට එන්නේ එක පීරියඩ් එකක් පහුවෙලා, ඉස්කෝලේ සිගරට් බොනවා, දවසක් මූ මාව පංතියෙන් එලිය දැම්මා ගෙදර වැඩ කරලා නැතුව, මුගේ පංතියේ ලමයි 4 දෙනෙකුට මැත්ස් ෆේල් වෙලා තිබුනා.
    uba koi kaleda A/L kale?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    දෙවුරුවන් අල්විස්, දංගල්ල, කලුආරච්චි, ආරියරත්න, අමිත් ෆොන්සේකා, බද්දෙවිතාන, ධම්මික සෝමරත්න, රෝහණ පෙරේරා කියන සර්ලගෙ දැන් විස්තර දන්න කෙනෙක් ඉන්නවද? අමිත් පුස්සැල්ල සර් නම් තාමත් පංති කරනව කියල දන්නව.
    බද්දෙවිතාන සර් තාම කලාස් කරනවා .
    ඔය නුගෙගොඩ සියොකෙම් කියන්නෙ පොරගෙම ක්ලාස් එකක් .
    ඒ කාලෙ පොරට ක්ලාස් එකක් කියලා තිබ්බෙ කළුතර විතරයි .
    දංගල්ල සර් නම් ක්ලාස් නවත්තලා කියලා ආරංචියක් ආවා. මොකද ඒ දවස් වලම පොරගෙ ජනප්‍රියතාව අඩුවෙගෙන ගියෙ ( අපෙ කාලෙ )
     
    • Like
    Reactions: aneasarayana

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    2022
    Physics - අමිත් පුස්සැල්ල පට්ට. (A)
    Chemistry - කේසිරි සර් - බයයි අම්බෝ. රතු පාට ටීෂර්ට් එකක් ඇදලා ගිය දවසක බැනුම් ඇහුවා තරු විසි වෙන්න. ආයි රතු ටීෂර්ට් එක ක්ලාස් එකට ඇන්දෙ නෑ. ඒ තරම් නෝට් වෙන්න ඇති අනිත් උන්ට. (B)

    C maths - දුෂ්‍යන්ත මහබදුගේ අව්ලක් නෑ. (B)

    දෙවුරුවන් අල්විස්, දංගල්ල, කලුආරච්චි, ආරියරත්න, අමිත් ෆොන්සේකා, බද්දෙවිතාන, ධම්මික සෝමරත්න, රෝහණ පෙරේරා කියන සර්ලගෙ දැන් විස්තර දන්න කෙනෙක් ඉන්නවද? අමිත් පුස්සැල්ල සර් නම් තාමත් පංති කරනව කියල දන්නව.
    පුස්සා නම් තාම තරුණයි. තාම නිහතමානී. මට මාස 6කට විතර කලින් හම්බුනා. ඒ වගේමයි.
    ------ Post added on Apr 7, 2021 at 12:40 PM
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,210
    113
    Nugegoda
    Physics - tilny de silva
    C maths - praja renuka
    Chemistry - deiya
    ටිල්නි ස තාමත් ඉන්නවද? එයා ක්ලාස් කරන එක නැවැත්තුව කියල ආරංචි වුනා ඉස්සර, එයාගෙ දුව මොකක් හරි නාසා එකේ එකකටත් තේරුණා කියල ටීවි එකේ ගියා ඒ කාලේ (2003).
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ජොන්-ලුම්බිණි වලි කියන්නෙ ආත්මීය ගත වලි .
    2010 දි ඔය වලියෙ මමත් හිටියා .
    ජොන් එකට ගහන්න ගිහින් එතන හිටිය පෙට්‍රල් ශෙඩ් එකෙ උන්ටික ආවා අපිට ගහන්න .
    අපි දිව්වා කොහුවල පැත්තට .

    ඊට කලින් වලියක් ගියා 2008 දි මන් ඕ ලෙවල් කරද්දි .
    අපෙ බස් එක කුඩු කරා ජොන් එකෙ උන් .
    ඒක නිසා අපෙ ආදායම් මාර්ගෙ නැති උනා (හොරෙන් ගිහින් ,සීසන් එකෙ ගිහින් සල්ලි ඉතුරු කරන එක ) .
    ඒ මලට අපි උන්ට ගහන්න ගියා .
    වලිය මැද්දෙ පොලිසියයි ,ස්පෙෂල් ෆොර්ස් එකෙ බයික්ස් 4 කුයි ආවා .
    අන්තිමට අපෙ 17 ක් ජොන් එකෙ ඉස්කොලෙ ඇතුලට ගියා .
    මමයි මගෙ වයසෙ තව 4 ක් හිටියා .අනික් උන් ටික අපිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් උන්
    මිරිහාන පොලිසියෙන් තමා සමථයකට පත් කරෙ .
    koheda ban umbe school?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මමත් ගියේ කළුවා ගාවට (ලීඩ්ස්) රිවිෂන්. ක්ලාස් එකේ පට්ට ආතල් එකක් දුන්නේ.හූ පප්පා කියලා කියන්නේ. ගාණක් දීලා බටයක් ඇදල එන්නේ. ආතල් අස්සේ පාඩම් ටිකත් හොඳට කියලා දුන්න.ආලෝකය පාඩම එහෙම මට හරියට තේරුණේ නෑ මුලින් හැබැයි කළුවා හොඳට කියලා දුන්නා.
    හැබැයි දැන් නම් පොරගේ හෑන්ඩ් බිලක්වත් දැකපු කාලයක් මතක නෑ.
    Ow pora kotala powanne na
    Api poddak hithala mathala wade karaganna one
     
    • Like
    Reactions: aneasarayana