මෙතැන කතා කරන අය ඇත්තටම උනන්දුවක් ඇති අය නැවතත් වැටෙන්න පුළුවන් තඩි වලවල් ගැන දාන්නෙ.
මඩ මඩ බවින් හමුවීම තුල මඩ නොවෙන්නක් හමු වෙනවනම් වලක්.
copied
ඔබ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියල ගමු.ඔබ හිතනව මට ධර්මය හමුවීම කොයිතරම් හොද දෙයක්ද කියල.දැන් තවත් ඉගෙනගෙන,ඒ විදිහට කරල මම නම් කලින්ට වඩා ගොඩක් දියුණුයි කියල දැනෙනව වෙන්න පුලුවන්.
ඒක තවත් වැඩි වෙන්න,ධර්මය දරාගෙන මොළය උලුක්කු වෙන තරමට එහෙට මෙහෙට කලවම් කර කර නොයෙක් වෙනස් නිගමන කරා යනව වෙන්න පුලුවන්.ඔය අස්සෙ අනුන්ටත් උගන්වන්න ලෑස්ති වෙනව වෙන්නත් පුලුවන්.එතකොට තව ටිකක් දුර ඔහොම කරගෙන යනකොට,මම නිවනට පත්වෙයි කියලත් දන්නව.
දැන් ඔක්කොම හරි නිසා පොඩ්ඩක් නවතින්න.ඔබ නුවන,ඔබේ අයිතියට අරන් පොඩි මඥ්ඥනවක ඉදල තියෙන්නෙ.
ධර්මය කියන්නෙ නිවනට යන කෙනෙක්ගෙ මැප් එක පමනයි.ඒ තුළ ප්‍රායෝගික කෙනෙක්ට කිසිවක් ලැබෙන්නෙ නැ.ඔබට ඕන යමක් ලැබෙන්න,දැන් ඉන්න තැන දැනගන්න වගේ රගපෑමක් කරන්න.මම ඔක්කොම දන්නව කියල මාන්නයෙන්,ඒක අගවන්න ඕන .
කොයිතරම් ධර්මය පිලිබද දැනුම තිබුනත්,සාමාන්‍යය පොඩි දේකින් ගොඩක් කලබල වෙලා,දගලන අය ගොඩක් දැකල තියෙනව.ඒක වැරදි කියාන්නත් බැ,ධර්මයෙන්ම දමල ගහනව.
ඔතන වෙන්නෙ කලින් සිදූඋන දේවල් අරගෙන හිතල,ඒ අනුව වෙන්න ඕන අවසාන බලාපොරොත්තු හදල ඒ තුළ විසීමක්.ඒක පැවත්මෙ කොටසක් පමනයි.බුදුන් වහන්සේ මූලපරියාය සූත්‍රය තුළ දේශනා කලේ ඔය ස්භාවය හෙවත් නිවන මඥ්ඥනාවීම.
නිවන අතීත දත්ත මත නිර්වචනය කරන්න බැ.මේ තරගයේ විශේෂය තමයි,ජයග්‍රහණය සමගින්ම,සමරන්න කෙනෙක් නැති වීම.