[අභිධර්මය] ටිති අවස්ථාව

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක ඇත්ත නොවන බව දවසක දකීවි. බුද්ධ ධර්ශනය තුල විපස්සනා භාවනා උපදෙස් හා අත්දැකීම් තුන් විදියකින් යුක්තයි.ඒ විදි 3ම ප්‍රක්ඥ මාර්ගයේ යන කෙනාට පේනවා. සියුම් දෘෂ්ටි වැස්මක් නිසා සීල,ශ්‍රද්දා මාර්ග වල යන අයට ඒ වරප්‍රසාදය අහිමියි,

    මොනවද ඒ තුන් විදිහ ?
    ප්‍රඥා, සිල සහ ශ්‍රද්ධා යනුවෙන් මාර්ග තුනක් පෙන්වන්නේ මොන අර්ථයෙන් ද. ත්‍රිපිටකයේ හෝ අටුවාවේ කොතන පදනම් කරගෙනද ?
     
    • Like
    Reactions: lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    Copied
    පටිච්චසමුප්පාදී ඥාන දර්ශනය කියන්නේ...,, යථාර්ථවාදී භෞතිකයක් පවතී; නැත්නම් ඇත්තටම ලෝකයක් තියෙනවා කියලා පෘතග්ජන මනස දැඩිව ග්‍රහණය කරගත් දෘෂ්ටිය ඛන්ඩනය වීම පිණිස..., අනිත්‍ය, දුක්ඛ ,අනාත්ම ලක්ෂණ ප්‍රකට වන තැනට... තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සුවිශේෂී දැක්මයි; දෘෂ්ටිවේදයයි.
    බුදුන් වහන්සේ මෙබඳු ධර්ම පර්යායන් දේශනා කොට වදාළේ.., අවසිහියෙන් මුලාවූ සත්ව සන්තානය විමුක්ති සුවය ට... අධ්‍යාත්මීය සංහිඳියාව ට පත්ව නිවී සැනසීම ට ආධාර උපනිශ්‍රය සපයන ප්‍රතිවිරුද්ධ දෘෂ්ටියක් බව නොදකින තාක්... ඒ 'දිට්ඨි භාවය' යථාවත්ව නොපෙනෙන තාක්... ගැලවීම පිණිස පවත්නා මෙබඳු සුවිශේෂී ආධාරක ධර්ම වෙත නිත්‍ය සංඥාවෙන් බැඳී ඇතැම්හූ ඒ වසඟ සිත් රක්ෂා කරති.එතෙර නොයා.., මෙතෙර ලැග පාරුවේ හැඩ රුව වනමින්... දිග පළල මනිමින්... බහිරව කාර්යයට ද ඇද වැටෙති.
    ඇත්ත ධර්මය මේකයි කියලා ඔබ තුළ දෘෂ්ටියක් තියෙනවා කියන්නේ ඔබට රකින්න යමක් හම්බවෙලා. අප මෙහෙම කිව්වට...,ඔබේ සිතේ ලෝක සැකැස්ම නැත්නම් විඤ්ඤාණය හටගන්නා අයුරු හාත්පසින් නොදකින තාක්.., රකින්න යමක් ඉතිරිව තියෙනවා. එහි සාපේක්ෂ වෙනසක් ඇත්නම්..., ආර්ය පර්යේෂකයෙකු ධර්මතා තුළ අවබෝධය සියුම් වන විට... සිත බැඳෙන තැන් දකින විට... රැකිය යුතු දේ ක්‍රම ක්‍රමයෙන් ක්ෂීණ වෙමින් යාමයි.
    අමුතුවෙන් ධර්මය කියල... රකින්න කියලා... සුවිශේෂී මොකවත් හම්බවෙන්න නෑ ... සිතේ පැවති මෝඩකම නැත්නම් අවිද්‍යාව නිසා විටක සිත ලෝකය ඇත්තයි කියන මායාදර්ශනයේ පැටලෙනවා... එයින් ගැලවෙන මාර්ගයක් ගැන අදහස් සංකල්ප එකතු වෙනකොට... සිත මේ දැනගත් ගැලවෙන මාර්ගය ඇත්තයි කියන මායාවේ පැටලෙනව. විටෙක බව තණ්හාවෙන් මායාවේ පැටලෙනවා. විටෙක විභව තණ්හාවෙන් මායාවේ පැටලෙනවා. ඔය විදිහට සිත මොකක හරි ඇලෙන පැටලෙන ගතිය අවබෝධ වීම ඥාන දර්ශනයේ උදාවයි. විද්‍යාව පහළ වීමයි.
    අවසානයේදී ආයෙත් ඔබට සිහි කැඳවිය යුතු වැදගත් කාරණාවක් තියෙනවා. අවබෝධ වෙච්ච මොකක් හරි ඇතැයි යළි සිතේ (අනුසය සංඥාවක්) දැවටෙමින් රමණය වෙනවා නම්... ඒ වනාහි සිත පිළිබඳ අනවබෝධයේ සුවිශේෂී පැතිකඩක්ම තමයි.

    📸 Look at this post on Facebook
    https://www.facebook.com/share/jw52R5EqsWyk7Uzt/?mibextid=xfxF2i
     
    • Haha
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සුන්ඥත ,අනිමිත්ත ,අප්‍රනීහිත (ගොඩක් තැන්වල අනිමිත්ත ,අප්‍රනීහිත ගැන නම නොකියා විස්තර කරලා තියෙනවා.මට මතක විදියට පටිසම්භිධමග්ග පාලිය වගේම ධම්මසන්ගනීයෙත් තියෙනවා.

    මේ විමෝක්ෂ තුනනෙ. මෙතන උපදෙස් සහ අත්දැකීම් කොහෙද තියෙන්නෙ ?

    ප්‍රඥා, සිල සහ ශ්‍රද්ධා යනුවෙන් මාර්ග තුනක් පෙන්වන්නේ මොන අර්ථයෙන් ද. ත්‍රිපිටකයේ හෝ අටුවාවේ කොතන පදනම් කරගෙනද ?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙම නැතිනම් ඔබ ඒ ගැන හිතන්න එපා.

    එහෙමනම්,
    ප්‍රඥා, සිල සහ ශ්‍රද්ධා යනුවෙන් මාර්ග තුනක් පෙන්වන්නේ මොන අර්ථයෙන් ද. ත්‍රිපිටකයේ හෝ අටුවාවේ කොතන පදනම් කරගෙනද ?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    deleted
     

    Attachments

    • gggggggggggggggggggggggggg.JPG
      gggggggggggggggggggggggggg.JPG
      62.5 KB · Views: 69
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේත් විමෝක්ෂ තුන ගැන පහැදිලි කිරීමක්නෙ.

    මෙතන කෝ,

    ප්‍රඥා, සිල සහ ශ්‍රද්ධා යනුවෙන් මාර්ග තුනක් පෙන්වන්නේ මොන අර්ථයෙන් ද. ත්‍රිපිටකයේ හෝ අටුවාවේ කොතන පදනම් කරගෙනද ?

    කියන එකට පිලිතුරක්.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔබට ධර්මය පැටලී ඇති බව තව ටික දුරක් ගීය විට වැටහේවි.

    තේරවාදයට අනුව බැලුවම එතන සඳහන් කරලා තියෙන්නෙ යෝගාවචරයෙක් වැඩුණු ඉන්ද්‍රිය අනුව නිවනට පැමිණෙන විමෝක්ෂ තුන. එතන ලංකාඑල්කේ කියන උපදෙස් කතාවක් නැහැ. විශුද්ධි මාර්ගයේ පටිපදාඥානදස්සන විශුද්ධිය යටතේ ඕක පැහැදිලි කරනවා.


    දෙවන ප්‍රශ්නයටත් ඒකම ස්ක්‍රීන්ශොට් එකක් දැම්ම නිසා;
    එතන ප්‍රඥා ශීල සහ ශ්‍රද්ධා යනුවෙන් මාර්ග තුනක කතාවක් කියවෙන්නේත් නැහැ.

    Edited - formatting
     
    Last edited:
    • Haha
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හොඳයි විශුද්ධි මාර්ගයේ යන්න සුබ ගමන් :ROFLMAO:

    අභිධර්මයේ, පටිසම්බිධාමග්ග පාලියෙ විමොක්ඛ කතා කියන කොටසෙත් ලංකා එල්කේ කියන කතා දෙක නැහැ. මොකක්ද කතා දෙක,


    බුද්ධ ධර්ශනය තුල විපස්සනා භාවනා උපදෙස් හා අත්දැකීම් තුන් විදියකින් යුක්තයි.

    සහ

    ඒ විදි 3ම ප්‍රක්ඥ මාර්ගයේ යන කෙනාට පේනවා. සියුම් දෘෂ්ටි වැස්මක් නිසා සීල,ශ්‍රද්දා මාර්ග වල යන අයට ඒ වරප්‍රසාදය අහිමියි,

    කියන දෙක.

    ග්‍රීන්තන්ඩර් අභිධර්ම ක්‍රමයට ධර්මය ඉගෙනගත් කෙනෙක් නෙමෙයි. ලොකු අවබෝධයක් නැහැ ඒ ගැන. ඒ නිසා ග්‍රීන්තන්ඩර්ට හොයාගන්න බැරිනම් පෙන්වන්න එතන උපදෙස් කතාවක් ? පෙන්වන්න විදි තුනක් ප්‍රඥා මාර්ගයක යන කෙනෙකුට පෙනීමක් සහ ශීල ශ්‍රද්ධා ප්‍රඥා කියලා මාර්ග තුනක්?

    මෙන්න පටිසම්බිධාමග්ග පාලියෙ විමොක්ඛ කතාවෙ ඔන්ලයින් පිටපතක්.
     
    • Haha
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එය මට කල නොහැකියි. ඔබ විසිනුයි කර ගත යුත්තේ.

    එහෙම නම්, ලංකාඑල්කේ කියපු කතා දෙක පටිසම්බිධාමග්ග පාලියෙත් සඳහන් නැහැ. විශුද්ධිමාර්ගය තුල සඳහනකුත් නැහැ. තේරවාදය තුල පදනමක් නැහැ.

    Edited - added visuddhimagga
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    මෙතැන කතා කරන අය ඇත්තටම උනන්දුවක් ඇති අය නැවතත් වැටෙන්න පුළුවන් තඩි වලවල් ගැන දාන්නෙ.
    මඩ මඩ බවින් හමුවීම තුල මඩ නොවෙන්නක් හමු වෙනවනම් වලක්. 🙂

    copied
    ඔබ ධර්ම මාර්ගයේ යන කෙනෙක් කියල ගමු.ඔබ හිතනව මට ධර්මය හමුවීම කොයිතරම් හොද දෙයක්ද කියල.දැන් තවත් ඉගෙනගෙන,ඒ විදිහට කරල මම නම් කලින්ට වඩා ගොඩක් දියුණුයි කියල දැනෙනව වෙන්න පුලුවන්.

    ඒක තවත් වැඩි වෙන්න,ධර්මය දරාගෙන මොළය උලුක්කු වෙන තරමට එහෙට මෙහෙට කලවම් කර කර නොයෙක් වෙනස් නිගමන කරා යනව වෙන්න පුලුවන්.ඔය අස්සෙ අනුන්ටත් උගන්වන්න ලෑස්ති වෙනව වෙන්නත් පුලුවන්.එතකොට තව ටිකක් දුර ඔහොම කරගෙන යනකොට,මම නිවනට පත්වෙයි කියලත් දන්නව.

    දැන් ඔක්කොම හරි නිසා පොඩ්ඩක් නවතින්න.ඔබ නුවන,ඔබේ අයිතියට අරන් පොඩි මඥ්ඥනවක ඉදල තියෙන්නෙ.

    ධර්මය කියන්නෙ නිවනට යන කෙනෙක්ගෙ මැප් එක පමනයි.ඒ තුළ ප්‍රායෝගික කෙනෙක්ට කිසිවක් ලැබෙන්නෙ නැ.ඔබට ඕන යමක් ලැබෙන්න,දැන් ඉන්න තැන දැනගන්න වගේ රගපෑමක් කරන්න.මම ඔක්කොම දන්නව කියල මාන්නයෙන්,ඒක අගවන්න ඕන .

    කොයිතරම් ධර්මය පිලිබද දැනුම තිබුනත්,සාමාන්‍යය පොඩි දේකින් ගොඩක් කලබල වෙලා,දගලන අය ගොඩක් දැකල තියෙනව.ඒක වැරදි කියාන්නත් බැ,ධර්මයෙන්ම දමල ගහනව.

    ඔතන වෙන්නෙ කලින් සිදූඋන දේවල් අරගෙන හිතල,ඒ අනුව වෙන්න ඕන අවසාන බලාපොරොත්තු හදල ඒ තුළ විසීමක්.ඒක පැවත්මෙ කොටසක් පමනයි.බුදුන් වහන්සේ මූලපරියාය සූත්‍රය තුළ දේශනා කලේ ඔය ස්භාවය හෙවත් නිවන මඥ්ඥනාවීම.

    නිවන අතීත දත්ත මත නිර්වචනය කරන්න බැ.මේ තරගයේ විශේෂය තමයි,ජයග්‍රහණය සමගින්ම,සමරන්න කෙනෙක් නැති වීම.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    සුන්ඥත ,අනිමිත්ත ,අප්‍රනීහිත (ගොඩක් තැන්වල අනිමිත්ත ,අප්‍රනීහිත ගැන නම නොකියා විස්තර කරලා තියෙනවා.මට මතක විදියට පටිසම්භිධමග්ග පාලිය වගේම ධම්මසන්ගනීයෙත් තියෙනවා.

    https://elakiri.com/threads/නිවන-යනු-කුමක්ද.2133348/#post-29422544

    මෙතන මාර්ග තුනක් පෙන්නනව ද? මට තේරෙන විදිහට මෙතන කියන්නෙ..කෙනා ගේ චයිතසික ඉන්ඩ්‍රිය වර්දනය අනුව, කෙන කෙනාට මාර්ග පල සිත අරමුනු වෙන විදි තුනක් නෙවේ ද?