දැන් වැඩක් නැද්ද දන්නෙ නෑ .කලින් ලියපු ට්කක දාන්නම්
logical
තර්කය හැමවිටම සාපේක්ෂයි, ඒ ගැන තියෙන දැනුම මට්ටමින් තමා තර්කය හරි වෙන්නෙ. ඒ දිහා බලන කෝණය වෙනස් වුනාම තර්කය valid නැති වෙනවා.
ඒ හින්දා තමා අපිට ගොඩක් අය කල්පනා(තර්ක) කරලා ගන්න තීරණ පට්ට ගොන් කියලා හිතෙන්නේ
අපි ගන්න තීරණත්......

වෙනසක් නැද්ද මන්ද (ඒ හින්දා තමා අපිට හැමොටම බනින්න පුළුවන් මෝඩ වැඩක් කියලා

)
................
ඕනමම තර්කයක් ,තියරියක් කතාවක් රදාපවතින්නෙ උපකල්පන (assumptions ) උඩ.
කතාවෙ හිල් (ශුන්‍යත්වය )බලන්න ඕන නම් උපකල්පන දිහා බලන්න . ඒත් ගොඩක් උපකල්පන ගැන ඔයාට සැකයක් වත් නෑ.
උදා -අනික් කෙනාට පේන්නෙ මට පේන දේමයි. හෙට ඉර පායයි . so on...
ඕන නම් ඒවට කියන්න පුළුවන් නිත්‍ය සංඥාව දරාගෙන ඉන්න තැන් කියලා . හැබැයි ඒව ඇත්තටම නිත්‍ය නෑ
............
පොස්ට් එකක්
මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ උන් ලෝකය දකින්නෙ උන්ගෙ මට්ටමෙන්.
ඔක සෑහෙන්න වටිනවා මෙහෙම කියෙව්වොත්
"මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ මම ලෝකෙ දකින්නේ මගෙ මට්ටමින්ම විතරයි "
ඇත්තටම දකින කෝණයට ලෝකෙ හම්බෙන එක තමා වෙන්නෙ.
unp කෙනාට imf හොඳ වෙන අතර jvp කෙනාට imf නරකයි.
ඔයාට ඔයාගෙ මතයට අනුව imf හොඳයි ,නරකයි, ඇල් වතුර වගෙ.
bias නැති ලෝකයක් නෑ

.................................
කලින් කියපුම එකක් එ වගෙම වැදගත්ම එක (මගෙ තර්කයට අනුව

)
සමහර විට තර්කයක් ඉදිරිපත් කරන්නෙ දරාගෙන ඉන්න මතය පොඩ්ඩක් හොල්ලන්න මිසක් ඉදිරිපත් කරන තර්කය හරි හින්දාම නෙමේ.