ගොඩක් කල් නතර කරලා නම් ආයේ කලින් dose එකම පටන් ගන්න එපා. පරණ clinic එකටම යන්න. Unipolar depression එන්නේ episodes විධියට. උබ ඕනේ ඕනේ විදියට බෙහෙත් නතර කළාම ඒ episodes අතර පරතරය අඩු වෙනවා. ඒ කියන්නේ ළඟ ළඟ depressive episodes එනවා. ආයේ ඒ බෙහෙත් වල effectiveness එකත් අඩු වෙනවා.
මම මචං උඹේ ජීවිතය ගැන දන්නේ නෑ. හැබැයි depression තියෙන අය අපේ mental health clinics වලට එනවා job stress එක කියාගෙන. එතන තියෙන්නේ job එකට අදාල stress එකට වඩා අර depression තත්ත්වය නිසා ආපු හිත පහළ වැටීම. මොකද උබ ඔයා job එක කලින් කළානෙ ප්‍රශ්නයක් නැතුව. බෙහෙත් නතර කළාට පස්සෙනේ මෙහෙම වුණේ. මට උඹේ තත්වේ judge කරන්න බෑ මොනවත් නොදැන. ඒත් බෙහෙත් ආයේ දොස්තර කෙනෙක්ට පෙන්නලා පටන් අරගත්තොත් ඔය තත්වේ අඩු වෙයි කියල හිතෙනවා. දොස්තර කෙනෙක්ට පෙන්නන කම්මැලියි හරි බෙහෙත් නතර කරපු එකට බණියි කියල බය වගේ දැනුනත් කොහොම හරි පෙන්නපන්. කලින් consultant නම් වඩා හොදයි. මොකද උඹේ තත්වේ දන්නා නිසා. ආයේ බෙහෙත් හිතු මතී නතර කරන්න එපා. බෙහෙත් නතර කරන ඒක consultant හොදයි කියල හිතෙන අවස්ථාවකදී කරයි. මොකද කවුරු මොනවා කිව්වත් උඹටම තේරෙනවානේ බෙහෙත් නතර කළාට පස්සේ අවුල් යනවා කියල.
අනික බෙහෙත් ආයේ බොන්න පටන් ගත්ත ගමන් ම depression නැති වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. සති කීපයක් යනවා effect එක එන්න. ආක නිසා දවස් දැක තුනක් බිල නවත්තන්න එපා. මම නම් කියන්නේ කලින් උඹට ගුණයක් දැනුන consultant ගාවටම යන්න කියල. Escitalopram කියන්නේ SSRI drug class එක. උඹට දැන් දීලා තියෙන class එක වෙනස් වෙන්න පුළුවං. ඒක නිසා කලින් clinic එකටම යන එක වඩා හොදයි ගුණයක් තිබ්බ නිසා.
Drug ගැන තව විස්තර මේකෙන් බලන්න අවශ්‍ය නම්
https://elakiri.com/threads/depression-හෙවත්-විශාදය-හැදෙන්නේ-ඇයි.2104875/