Buddhism question

Emios

Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    👍මෙ වෙලාවෙ කියවන බව. මෙතැනදි මම මේක කියවනවා කියලා ගන්න බෑ. කියවන බව තුල තමා කියවන කෙනා හා කියවන දේ හමුවෙන්නෙ . අනික් එවත් එවගෙ .
    Etakota kiyawena eka mawena deyakda karmeta
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93

    ඔයාට මේක කියවන්න පුලුවන්ද පරණ දැනුමක් නැතුව . ? එන තේරුම කලින් දන්නා දේවල් වලින්ම නෙමේද මතු වෙන්නේ? මේක කියවන mood එක බලපාන්නේ නැද්ද කියවීමට . ඔයාට තේරන දෙමද වෙන කෙනක් කියවන කොට තේරෙන්නේ . ඔයා තව ටිකකින් ඇවිල්ල කියෙවොත් මෙකමමද කියවනන්නේ ,එකම දේ දෙපාරක් කියවන්න පුලුවන්ද?
    කලින් මේවගේ උත්තරයක් දීලා තියෙනවා "ඔයා" අහපු ප්‍රශ්නෙකට එත් එක කියෙව්වේ ඔය නෙමෙනී කියල ආයේ type කරා, එක type කරේ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    මේක හැම දේකටම සත්‍ය වෙන්නෙ නැහැ නේද නිපුන් මහත්තය? සමහර මිත්‍යා මත කොච්චර ලස්සනට කියල තියෙනවද කියල කියනවනම් සමහර අයට ඒවා profound කියල හැගෙනව. ;-)

    කලින් කිව්ව වගේ, ප්‍රශ්නෙ තියෙන්නෙ හරිද වැරදිද කියන එක නෙවේ තියෙනවද කියල දන්නෙවත් නැති (ගොචර වෙන්නෙ නැති ) ඩොමෙන් එකකට තර්කයක් ගොඩ නගන්නෙ කොහොමද?

    මෙහෙම හිතන්න..ඔබතුමාට හිතන්නවත් බැරි දෙයකට තර්කයක් ගොඩ නගන්න පුලුවන්ද?
    ඔබතුමා ආයෙත් ප්‍රශ්නය මගහරිනව වගේ, 🤔 අපි කලිනුත් කිව්වනෙ ඔය දන්නෙ නැති domain එකේ තර්කයක් ගැන නෙමෙයි මේ කතා කරන්නෙ කියල. හරි මම සරලව අහන්නම්කො, ඔය කියන domains දෙකේ කිසියම් හෝ සම්බන්ධතාවයක් තියෙනවද?
    එක හරියට මාලුව කියනව..මම ඉන්නෙ ටැන්කියක් ඇතුලෙ හිරවෙලා ඉන්නව කියල දන්නව...හැබයි ටැන්කියෙන් පිටක් තියෙනවද කියන්න තාම දන්නෙ නැ කියනව වගේ නෙවේ ද?
    අපෝ කොහෙත්ම නැහැ, එහෙම පිටතක් තියෙනව, ඇතුලේ හිරවෙල ඉන්නව කියන කතාවක් නෙමෙයිනෙ කිව්වෙ, ඔය කිසිම දෙයක් ගැන කියන්න බෑ කියලනෙ කිව්වෙ, ඇතුලතක් හෝ පිටතක් තිබීම, නොතිබීම, එහෙම දෙයක් ගැන කතා කරන්න බැරි කම... ඔය ඔක්කොම තමයි ඒකෙන් අදහස් වෙන්නෙ.
    ඔබතුමටත් සහ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...
    Thank you :-)
    ------ Post added on Jan 5, 2024 at 9:56 AM

    ටෙක්නිකලි රුපය, රුප ස්කන්දයක්ද, රුප උපාදාන ස්කන්දයක් ද කියල හදුනවන්නෙ, රුපය හැන්ඩ්ල් වෙන විදිහටනෙ..මම හිතන විදිහට

    මේක කියද්දි රුප උපාදාන ස්කන්දයක් විදිහට තමයි ගන්න වෙන්නෙ...පෘතක්ජනයෙකුට...
    ශේකයෙකුටත් මේක මෙහෙමද? නැත්නම් වෙනස්ද?
    ------ Post added on Jan 5, 2024 at 10:26 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඔබතුමා ආයෙත් ප්‍රශ්නය මගහරිනව වගේ, 🤔 අපි කලිනුත් කිව්වනෙ ඔය දන්නෙ නැති domain එකේ තර්කයක් ගැන නෙමෙයි මේ කතා කරන්නෙ කියල. හරි මම සරලව අහන්නම්කො, ඔය කියන domains දෙකේ කිසියම් හෝ සම්බන්ධතාවයක් තියෙනවද?

    ඔබතුමා අහනව තර්ක කිරිම හරිද වැරදිද කියල...තර්ක කරන්නම තර්කයක් ගොඩනගන්න බැරිනම් තර්ක කිරිම හරිද වැරදිද කියල කියන්නෙ කොහොමද මහත්තය? මෙතනම සම්බන්දයක් ගොඩ නගන්න බැ කියන උත්තරයත් තියෙනවනෙ..

    මට තේරෙන්නෙ නැ මොකක්ද මෙතන මග අරින්න තියෙන්නෙ කියල...ඔබතුමාම කියන්න බලන්න..:unsure:

    අපෝ කොහෙත්ම නැහැ, එහෙම පිටතක් තියෙනව, ඇතුලේ හිරවෙල ඉන්නව කියන කතාවක් නෙමෙයිනෙ කිව්වෙ, ඔය කිසිම දෙයක් ගැන කියන්න බෑ කියලනෙ කිව්වෙ, ඇතුලතක් හෝ පිටතක් තිබීම, නොතිබීම, එහෙම දෙයක් ගැන කතා කරන්න බැරි කම... ඔය ඔක්කොම තමයි ඒකෙන් අදහස් වෙන්නෙ.

    ඔතන ඇතුලෙ හිරවෙලා ඉන්න කතාව කිව්වෙ උදාහරනයට..ඔතන කියල තියෙන්නෙ ලෝකය කතාකරන්න පුලුවන් නම් එපිට කතා කරන්න බැ කියන එක ඔය වගේ දෙයක් කියල

    ශේකයෙකුටත් මේක මෙහෙමද? නැත්නම් වෙනස්ද?
    ------ Post added on Jan 5, 2024 at 10:26 AM

    රහතෙකුටනම් ඔය ප්‍රශ්නයත් වැරදිනෙ..
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඔබතුමා අහනව තර්ක කිරිම හරිද වැරදිද කියල...තර්ක කරන්නම තර්කයක් ගොඩනගන්න බැරිනම් තර්ක කිරිම හරිද වැරදිද කියල කියන්නෙ කොහොමද මහත්තය? මෙතනම සම්බන්දයක් ගොඩ නගන්න බැ කියන උත්තරයත් තියෙනවනෙ..

    මට තේරෙන්නෙ නැ මොකක්ද මෙතන මග අරින්න තියෙන්නෙ කියල...ඔබතුමාම කියන්න බලන්න..:unsure:
    ඔය ඔබතුමා කියන නොදන්නා domain එකේ තර්කයක් ගොඩනගන්න බෑ කියන එක මට ප්‍රශ්නයක් නැහැ, මට හරියටම දැනගන්න ඕනිවුනේ ඔය ඔබතුමා කියන දන්නා සහ නොදන්නා domain අතර මොනාම හරි සම්බන්ධයක් තියෙනවද කියල... දැන් ඔබතුමා කිව්වනෙ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ කියල... එහෙම නම් ඇයි අපි නොදන්න, කිසිම සම්බන්ධයක් නැති domain එකක් ගැන worry වෙන්නේ? අපිට දැනෙන domain එකේ මේ පැවැත්ම සහ ඊට සම්බන්ධ problems වලට කොහොමද නොදන්නා සහ කිසිම සම්බන්ධයක් නැති domain එකක් pursue කිරීමෙන් පිළිතුරු ලැබෙන්නෙ?

    ඔතන ඇතුලෙ හිරවෙලා ඉන්න කතාව කිව්වෙ උදාහරනයට..ඔතන කියල තියෙන්නෙ ලෝකය කතාකරන්න පුලුවන් නම් එපිට කතා කරන්න බැ කියන එක ඔය වගේ දෙයක් කියල\
    එහෙනම් ඉතින් ප්‍රශනයක් නැහැනෙ... ලෝකය කතාකරන්න පුලුවන් නම් එපිට කතා කරන්න බැ නෙමෙයි... කතා කරන එක තේරුමක් නැහැ, එකත් අර ඔබතුමා කියන නොදන්න domain එක ගැන කතා කරනව වගෙ තමයි... එපිට විතරක් නෙමෙයි මෙපිට කිව්වත් ඔච්චරම තමයි...
    රහතෙකුටනම් ඔය ප්‍රශ්නයත් වැරදිනෙ..
    රහතෙක් නොවන ශේකයෙක් ගත්තොත්? එතන රූප ස්කන්ධයද? රූප උපාදාන ස්කන්ධයද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    මේක හැම දේකටම සත්‍ය වෙන්නෙ නැහැ නේද නිපුන් මහත්තය? සමහර මිත්‍යා මත කොච්චර ලස්සනට කියල තියෙනවද කියල කියනවනම් සමහර අයට ඒවා profound කියල හැගෙනව
    ධර්මය විස්තර කරන්නෙ සරල ගැබුරු දෙයක් කියලා . මට හිතෙන්නේ ඔබතුමා ගැබුර බලාපොරොත්තු වෙන හින්දා සරල තැන් මේක වෙන්න බෑ කියලා උඩින් පැනෙනවා.🤔😉
    කලින් කියපු එකමයි, පණිවිඩය දෙන එක තේරෙන්න අපේ පැත්තත් බලපානවා . ඒක බාරගන්න තමා ශ්ද්ධාව ඕන. ශද්ධාව ඇත්තටම ගත්තොත් ඒකට මට හම්බවුන හැගීම දෙන්න පුළුවන් වචනය "මචන්".
    හැම දේකටම නෙමෙ හැමදේම සත්‍ය වෙන්නෙ නෑ නේද ?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    Satipattana wadanna wadanna minissu rawanawa wediy.maraya ewillada?
    ‘In zen, we don’t find the answers. We lose the question’

    ප්‍රශ්න වලට යම්තාක් දුරට ගමන එක්ක යන්න පුළුවන් . ඊට පස්සෙ ප්‍රශ්නය එන්නෙ කෝමද කියලා බලන්න වෙනවා
    ------ Post added on Jan 5, 2024 at 11:48 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ධර්මය විස්තර කරන්නෙ සරල ගැබුරු දෙයක් කියලා . මට හිතෙන්නේ ඔබතුමා ගැබුර බලාපොරොත්තු වෙන හින්දා සරල තැන් මේක වෙන්න බෑ කියලා උඩින් පැනෙනවා.🤔😉
    කලින් කියපු එකමයි, පණිවිඩය දෙන එක තේරෙන්න අපේ පැත්තත් බලපානවා . ඒක බාරගන්න තමා ශ්ද්ධාව ඕන. ශද්ධාව ඇත්තටම ගත්තොත් ඒකට මට හම්බවුන හැගීම දෙන්න පුළුවන් වචනය "මචන්".
    හැම දේකටම නෙමෙ හැමදේම සත්‍ය වෙන්නෙ නෑ නේද ?
    සරල ගැබුරු දෙයක් කියන්නෙත් නිපුන් මහත්තය තවත් view එකක්... උඩින් පැන්නෙනවට වඩා, ඔබතුමා කලින් කියපු පාරමිතා/හේතු සකස්වෙල තිබීම/නොතිබීම කිව්වොත් වඩා උචිතයි මගෙ හිතේ... අපේ පැත්ත, ශ්‍රද්ධාව, කෙනෙක්ට අවශ්‍ය හැගීම යන මේ ඔක්කොම ඔය ඔබතුමා කලින් කියපු පාරමිතා/හේතු වලට ලඝු කොට දක්වන්න පුළුවන් නේද?

    ‘In zen, we don’t find the answers. We lose the question’
    ප්‍රශ්නය නැති කිරීමයි, ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවීමයි කියන්නෙ එකක්ද දෙකක්ද? This may be one of the differences between Zen and Buddhism :-)
    ------ Post added on Jan 6, 2024 at 2:39 PM
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    සරල ගැබුරු දෙයක් කියන්නෙත් නිපුන් මහත්තය තවත් view එකක්... උඩින් පැන්නෙනවට වඩා, ඔබතුමා කලින් කියපු පාරමිතා/හේතු සකස්වෙල තිබීම/නොතිබීම කිව්වොත් වඩා උචිතයි මගෙ හිතේ... අපේ පැත්ත, ශ්‍රද්ධාව, කෙනෙක්ට අවශ්‍ය හැගීම යන මේ ඔක්කොම ඔය ඔබතුමා කලින් කියපු පාරමිතා/හේතු වලට ලඝු කොට දක්වන්න පුළුවන් නේද?

    ❤️🙏. වෙන view එකක් ගේන්නෙ කතා කරන කෙනා තරයෙ මතයක ඉන්න බව හොලවන්න මොකද view නොවන දෙයක් හමුවෙන්නෙ බෑ.😉
    ඒක කෙනා කෙනා ප්‍රකාශයට දෙන තේරුම එක්ක එන දෙයක් නේද ? මට ඒ දෙකෙ වෙනසක් තියෙනවා නම් කර්ම කාරක ක්තෘ කාරක වෙනස. ඒක සමහර විට භාශාව මත හැදෙන දෙයක් . කතෘකාරක වාක්‍ය රටාවට හුරු උනාම කරන කෙනෙක් ඉබෙම ඉන්නවා .

    කලින් ලියවුන එකක්
    Accident
    අපට වැරදීමකින් වෙන අතර අනික් අය සිතා මතා සිදු කරයි. 😉

    ඇත්තටම accident එකක් කියලා හොදාකාරවම දන්නවා නම් හිත මාර නිදහස් .මොකද මම ඒක කරා කියලා යෙදෙන්නෙ නෑ.
    උදාහරණයකට එකපාරටම කකුලට ගොලුබෙල්ලෙක් පෑගෙනවා. කරන්න දෙයක් තිබ්බෙ නැති බව දන්නවා . සිද්ධිය කර්ම කාරක වාක්‍යයක් ......

    එහෙම නිදහසක් 😊
    නැත්නම් වීදුරුවක් වගෙ දෙයක් බිදිච්ච/ කාර එක හැප්පුන අවස්ථාවක් ගන්න . මෙ දෙකෙන් මොකද්ද කියවෙන්නේ
    1. ඒක වැරදිලා උනා
    2. කැඩුවා නේද

    කතෘ කාරක , කර්ම කාරක .

    නිකමට මෙකත් අහලා බලන්න .

    zen vs buddhist
    මට නම් package එකෙ skin එක විතරයි වෙනස්. මොකද්ද වෙනස් කියලා හිතෙන්නේ ?
     
    ඔව් මේක ඇත්ත, පාරමිතා/හේතු සකස්වීම කියන්නෙත් view එකක් නමුත් ඒක මට අනික් views වලට වඩා සමීපයි. Thanks for the video, මම මේක බලන්නම්...

    මම ඔය ප්‍රශ්නය නැති කිරීමයි, ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවීමයි කියන්නෙ දෙකක් කියල එක්තරා දේශනාවක අහල තියෙනව... ප්‍රශ්නය නැතිකිරීම extroverted දෙයක් නමුත් ප්‍රශ්නය තවදුරටත් ප්‍රශ්නයක් නොවීම introverted දෙයක්... යන අදහස තමයි එතන තිබුනෙ... මම Zen & Buddhism වෙනස් කියල claim කරනවට වඩා ඔබතුමාගෙ මේ ගැන අදහසක් තියෙනවද කියල දැනගන්න ඇහුවෙ.
     
    • Love
    Reactions: nipund

    👍.
    imho ගුරු කුල වල වෙනසක් වගෙ දෙයක්
     
    • Love
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඔය ඔබතුමා කියන නොදන්නා domain එකේ තර්කයක් ගොඩනගන්න බෑ කියන එක මට ප්‍රශ්නයක් නැහැ, මට හරියටම දැනගන්න ඕනිවුනේ ඔය ඔබතුමා කියන දන්නා සහ නොදන්නා domain අතර මොනාම හරි සම්බන්ධයක් තියෙනවද කියල... දැන් ඔබතුමා කිව්වනෙ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ කියල... එහෙම නම් ඇයි අපි නොදන්න, කිසිම සම්බන්ධයක් නැති domain එකක් ගැන worry වෙන්නේ? අපිට දැනෙන domain එකේ මේ පැවැත්ම සහ ඊට සම්බන්ධ problems වලට කොහොමද නොදන්නා සහ කිසිම සම්බන්ධයක් නැති domain එකක් pursue කිරීමෙන් පිළිතුරු ලැබෙන්නෙ?

    මේක හරි සරලයිනෙ මහත්තය...

    අන්දයකුට තියෙන ඩොමේන් වලට සම්බන්දයක් නැති වර්න ඩොමේන් එක ලබා ගන්න පුලුවන් නම්...එයා වොරි වෙන්නෙ නැතුව අනේ අපි දන්නෙත් නැති ඩොමේන් එකක් ඕනෙ නැ කියල නිකන් ඉන්න ඕනෙද, එක ලබාගෙන ඒකෙ ප්‍රයොජන ගන්න ඕනෙ කියලද ඔබතුමා හිතන්නෙ?

    එහෙනම් ඉතින් ප්‍රශනයක් නැහැනෙ... ලෝකය කතාකරන්න පුලුවන් නම් එපිට කතා කරන්න බැ නෙමෙයි... කතා කරන එක තේරුමක් නැහැ, එකත් අර ඔබතුමා කියන නොදන්න domain එක ගැන කතා කරනව වගෙ තමයි... එපිට විතරක් නෙමෙයි මෙපිට කිව්වත් ඔච්චරම තමයි...

    ඔබතුමා කියන්නෙ ලෝකය තියෙන්නෙ එක ඩොමේන් එතනින් එහා වෙන ඩොමේන් එකක් කියලද?

    රහතෙක් නොවන ශේකයෙක් ගත්තොත්? එතන රූප ස්කන්ධයද? රූප උපාදාන ස්කන්ධයද?

    රහත් නැතිනම් ඉතින් තාම උපාදන්ස්කන්දයනෙ පරිහරනය කරන්නෙ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    මේක හරි සරලයිනෙ මහත්තය...

    අන්දයකුට තියෙන ඩොමේන් වලට සම්බන්දයක් නැති වර්න ඩොමේන් එක ලබා ගන්න පුලුවන් නම්...එයා වොරි වෙන්නෙ නැතුව අනේ අපි දන්නෙත් නැති ඩොමේන් එකක් ඕනෙ නැ කියල නිකන් ඉන්න ඕනෙද, එක ලබාගෙන ඒකෙ ප්‍රයොජන ගන්න ඕනෙ කියලද ඔබතුමා හිතන්නෙ?
    ඉතිං රෝෂ් මහත්තය, මේ අන්ධයගේ උදාහරණය අනුව බැලුවොත් සම්බන්ධයක් තියෙනවනෙ.... අන්ධය, වර්ණ කියන domain එක දැනගෙන ප්‍රයොජන ගන්නේ මොන domain එකේද?? කලින් ගෝචර වෙලා තිබුන domain එකේද? නැත්නම් අලුතෙන් දැනගත්ත වර්ණ කියන domain එකේද?
    ඔබතුමා කියන්නෙ ලෝකය තියෙන්නෙ එක ඩොමේන් එතනින් එහා වෙන ඩොමේන් එකක් කියලද?
    මම එහෙම කියන්නෙ නැහැ නමුත් කෙනෙක්ට එහෙම වෙන domain එකක් තියෙනව කියල හිතාගන්න පුළුවන්, හැබැයි එකේ කිසිම තේරුමක් නැහැ...
    රහත් නැතිනම් ඉතින් තාම උපාදන්ස්කන්දයනෙ පරිහරනය කරන්නෙ..
    (y)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඉතිං රෝෂ් මහත්තය, මේ අන්ධයගේ උදාහරණය අනුව බැලුවොත් සම්බන්ධයක් තියෙනවනෙ.... අන්ධය, වර්ණ කියන domain එක දැනගෙන ප්‍රයොජන ගන්නේ මොන domain එකේද?? කලින් ගෝචර වෙලා තිබුන domain එකේද? නැත්නම් අලුතෙන් දැනගත්ත වර්ණ කියන domain එකේද?
    ප්‍රයොජනය ගන්නෙ මොන ඩොමේන් එකේ ද? එහෙම ප්‍රොජොයන ගන්න ඩොමෙන් එකක් කියල දෙයක් තියෙනවද?

    එහෙම දෙයකින් ඩොමේන් දෙක අතර සම්බන්ද තාවයක් එනවද? එක් ඩෝමේන් එකක් අනෙක් එකකින් ක්‍රියෙට් කරන්න පුලුවන්ද?

    මම එහෙම කියන්නෙ නැහැ නමුත් කෙනෙක්ට එහෙම වෙන domain එකක් තියෙනව කියල හිතාගන්න පුළුවන්, හැබැයි එකේ කිසිම තේරුමක් නැහැ...

    (y)

    තියෙනව කියල කියන්නෙත් නැ...හැබයි තියෙනව කියල හිතන්නත් පුලුවන්...හැබය් තේරුමක් නැ? :unsure:

    මේ කියන්නෙ ඔබතුමාට් අනුව ලෝකය තියෙන්නෙ එක ඩොමේන් එතනින් එහා වෙන ඩොමේන් එකක් කියලද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ප්‍රයොජනය ගන්නෙ මොන ඩොමේන් එකේ ද? එහෙම ප්‍රොජොයන ගන්න ඩොමෙන් එකක් කියල දෙයක් තියෙනවද?

    එහෙම දෙයකින් ඩොමේන් දෙක අතර සම්බන්ද තාවයක් එනවද? එක් ඩෝමේන් එකක් අනෙක් එකකින් ක්‍රියෙට් කරන්න පුලුවන්ද?
    ඉතිං domain සංකල්පය ඔබතුමාගේම සංකල්පයක්නෙ... දැන් එහෙම domains නැද්ද?

    තියෙනව කියල කියන්නෙත් නැ...හැබයි තියෙනව කියල හිතන්නත් පුලුවන්...හැබය් තේරුමක් නැ? :unsure:

    මේ කියන්නෙ ඔබතුමාට් අනුව ලෝකය තියෙන්නෙ එක ඩොමේන් එතනින් එහා වෙන ඩොමේන් එකක් කියලද?
    මම ඔබතුමාගේ ප්‍රඥා ඉන්ද්‍රිය පිලිබඳ සංකල්පයට එකඟයි නමුත් එකෙන් තව domain එකක් ගැන දැනගන්නව කියන එක ගැටළු සහගතයි. මට ඔහොම domain සංකල්පයක් නැහැ, සරලව කිව්වොත් ලෝකය කියන්නෙ යම් process එකක් නිසා විද්‍යමාන වන දෙයක්... හරියට ඔය පහල image එකේ නෙනෙක්ට සුදු පාට පෙනෙනව වගෙ...
    1704671629330.png

    සුදු පාට සහ එහි observer කියන්නෙ ඔය process එක තුලම තියෙන දේවල්. එහෙනම් සුදු පාට තියෙනවද, නැද්ද යන මේ ප්‍රශ්න දෙක තියෙන්නෙත් ඔය process එක තුලමයි. ඉතිං process එක දන්නව නම් ඔය ප්‍රශ්න දෙක තවදුරටත් ප්‍රශ්නද?
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    ඉතිං domain සංකල්පය ඔබතුමාගේම සංකල්පයක්නෙ... දැන් එහෙම domains නැද්ද?

    ඔතන ඩොමේන් කියල අදහස් කලේ, එක එක ඉන්ඩ්‍රියට ගෝචර වීමනෙ...හිතන්න..අන්ද කෙනෙකුට ශබ්දය කියන ඩොමේන් එක සෙන්ස් කරන්න පුලුවන්...දැන් එයාට ඇස් පෙනීම ලැබිල වර්න කියන ඩොමේන එක සෙන්ස් කරන්න පුලුවන්...

    දැන් ඔබතුමා අහන ප්‍රශන අන්දය දැන් ප්‍රයොජන ගන්නෙ කලින් ඩොමේන් එකද දැන් ඩොමේන් එකේ ද, කියන ප්‍රශ්නය පැහදිලි නැ...ඩොමේන් එකේ ප්‍රයොජන ගන්නව කියන්නෙ මොකක්ද?

    ඒ වගේම ඔබතුමා කියන ඩොමේන් දෙක අතර සම්භදයත් පැහදිලි නැ...

    මම ඔබතුමාගේ ප්‍රඥා ඉන්ද්‍රිය පිලිබඳ සංකල්පයට එකඟයි නමුත් එකෙන් තව domain එකක් ගැන දැනගන්නව කියන එක ගැටළු සහගතයි. මට ඔහොම domain සංකල්පයක් නැහැ, සරලව කිව්වොත් ලෝකය කියන්නෙ යම් process එකක් නිසා විද්‍යමාන වන දෙයක්... හරියට ඔය පහල image එකේ නෙනෙක්ට සුදු පාට පෙනෙනව වගෙ...
    View attachment 222379
    සුදු පාට සහ එහි observer කියන්නෙ ඔය process එක තුලම තියෙන දේවල්. එහෙනම් සුදු පාට තියෙනවද, නැද්ද යන මේ ප්‍රශ්න දෙක තියෙන්නෙත් ඔය process එක තුලමයි. ඉතිං process එක දන්නව නම් ඔය ප්‍රශ්න දෙක තවදුරටත් ප්‍රශ්නද?

    එකම තමයි මමත් ඇහුවේ, ලෝකය දැනගෙන එතනින් එහා (නිවන ) දැන ගන්න වපසරිය වැඩි වෙන්න ඕනෙ කියන්නෙ මොකක්ද කියල...ප්‍රොසෙස් එක දන්නවනම්, එකක් දැනගෙන අනෙක නොදැනෙ ඉන්නවද?...අර මලුවගේ කතාවත් කිව්වෙ එකම තමයි
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    ඔතන ඩොමේන් කියල අදහස් කලේ, එක එක ඉන්ඩ්‍රියට ගෝචර වීමනෙ...හිතන්න..අන්ද කෙනෙකුට ශබ්දය කියන ඩොමේන් එක සෙන්ස් කරන්න පුලුවන්...දැන් එයාට ඇස් පෙනීම ලැබිල වර්න කියන ඩොමේන එක සෙන්ස් කරන්න පුලුවන්...

    දැන් ඔබතුමා අහන ප්‍රශන අන්දය දැන් ප්‍රයොජන ගන්නෙ කලින් ඩොමේන් එකද දැන් ඩොමේන් එකේ ද, කියන ප්‍රශ්නය පැහදිලි නැ...ඩොමේන් එකේ ප්‍රයොජන ගන්නව කියන්නෙ මොකක්ද?

    ඒ වගේම ඔබතුමා කියන ඩොමේන් දෙක අතර සම්භදයත් පැහදිලි නැ...
    මම හිතාගෙන හිටියේ ඔබතුමා domain කියන්නෙ, ලෝකය සහ නිවන කියල, දැන් තේරුනා ඔබතුමා අදහස් කරපු දේ... no problem here.
    (y)
    එකම තමයි මමත් ඇහුවේ, ලෝකය දැනගෙන එතනින් එහා (නිවන ) දැන ගන්න වපසරිය වැඩි වෙන්න ඕනෙ කියන්නෙ මොකක්ද කියල...ප්‍රොසෙස් එක දන්නවනම්, එකක් දැනගෙන අනෙක නොදැනෙ ඉන්නවද?...අර මලුවගේ කතාවත් කිව්වෙ එකම තමයි
    එතන අදහස් කලේ process එක සහ එය දැන ගැනීම යන කාරණා දෙක නැතුව process එක තුල ඇත/නැත නෙමෙයි.