Total ගානම withdraw කරන්න බැරිද බන් එතකොට. අර ගාන කපාගෙන withdraw කරගන්න පුලුවන්නම් ඒත් කමක් නෑ. දැනට මාසෙන් මාසට 14%ක interest එකකට හරියන්න පොලිය ඇවිල්ලා තියෙන්නේ. ඒ පොලිය වැඩියෙන් දීලා නෑ හරියට ඒ ගානම ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට කලින් මාස 6 පොලිය ඒ විදියටනේ ඇවිල්ලා තියෙන්නේ. කලින් close කරනවනම් අඩු පොලියක් දෙන්නේ ඉතුරු මාස 6ට. ඒ ගානද බන් කපාගන්නේ. ඒ සීන් එකනම් මට තේරුනේ නෑ තාම
මෙහෙමනේ බන්
උඹ අවුරුද්දට දාපු නිසා 14%ක් දුන්නට, මුලින්ම මාස 6ට දැම්මා නං 13%ක් වගේ නෙ රේට් තියෙන්න ඇත්තෙ (මේක කොහමද දන්නනෙ නැහැ පහුගිය කාලෙ මාස 3/6 වගේ ඒවට අවුරුද්දට දීපු රේට් එකට වඩා ලොකු රේට් එකක් දීපු කාලෙකුත් තිබුනා, අවුරුද්දට 14%යි මාස 6ට දානවා නං වාර්ශික පොලිය 15%යි වගේ, උඹට ගනිපු වෙලේ කොහොමද දන්නෑ තිබුනෙ)
දැං උඹ කලින් ක්ලෝස් කරන නිසා බැංකුවෙන් කිවුවොතින් උඹට මාස 6ට දෙන්නෙ 10%යි කියලා, එතකොට උඹට වැඩිපුර 4%ක් අර මාස 6ට ගෙවලානේ, ඒ ටික කපාගෙන තමයි උඹට දෙන්නෙ
උඹට පොලිය මාසෙ ගානෙ දුන්නට ඒ ගාන දෙන්නෙ උඹ අවුරුද්දම FD එක තියනවා නං නේ, ඒකනේ FD එකේ කල්පිරෙන්න අවුරුද්දක් යනවා කියලා කියන්නෙ. කලිං ක්ලෝස් කරනවා නං ඒ පොලිය දෙන්නෙ නැහැ.
ගාන හැදෙන විදිය බැංකුවෙන්ම තමයි අහන්න වෙන්නෙ. එක එක බැංකු වල එක එක terms තියෙන්නෙ