මේක මම ලියන්න හිතන්නැතුව ඉදලා, ඒත් බැරිම තැන මේක ලියනවා, කිරියෙ ඉන්න වුන්ට දෙයක් තේරෙන නිසා...
අපිට දුවෙක් ලැබෙන්න හිටියේ ගිය අවුරුද්දේ, ඒ වෙනුවෙන් අපි දෙන්නම් උපරිම ලෑස්ති වුනා, පින් කරා එයා වෙනුවෙන්, කෑම බීම හැම දේකින්ම පරිස්සම් උනා. අපි චැනල් කරේ නුවර වැඩිම පිරිසක් යන වීඕජී ව (Dr Chaminda Kandauda), ආසිරි Asiri Kandy එකේ, බෙහෙත් ගත්තෙත් ආසිරි එකෙන්, අඩුම ගානෙ බොන වතුර එකෙන් පවා පරිස්සම් උනා...
මාස 8දි එක පාරම බබා දගලන් නැතුව ගියා, ඒ වෙලෙම අපි ලගම හොස්පිටල් එකට අරන් ගියාම එයාල කීව ඉක්මන්ට වීඕජී ගාවට අරන් යන්න කියල, විනාඩි 15න් අපි වීඕජී ගාවට ගියා, ඒ වෙලෙ ස්කෑන් කරද්දි බබා හොදට ඉන්නව කිවා, ස්කෑන් එකත් අපිට පෙන්නුවා (හැමදාම මම බලන්ව මොනිටර් එකෙන්). ගෙදර ඇවිත් ආයෙත් දගලන්නෑ කියලා ඩොක්ටර්ට (3 times) කෝල් කරා, ඒක සාමන්‍ය දෙයක් කියල කීවා (අපෙත් පලවෙනි බබා නිසා, හොදම වීඕජි නිසා අපිත් හිටියා).
ඊළග විසිට් ඩේට් එකට දවස් තුන හතරකට කලින් අපි වීඕජී ගාවට, වෙනදා වගේම හොදට කතා කරලා, ස්කෑන් කරන්න ගත්තා, ඩොක්ටර් කලබල වෙලා එක පාරම කීවා, හාර්ට් බීට් එක වැඩ නෑ බබාගේ කියල, මට ඒ වෙලාවෙ ඇත්තට්ම මොකක් කරන්නද තෙරුන්නෑ, ඉක්මන්ට බබාව ගනන් ඕනි කීව, මම හිතුවෙ මොකක් හරි කරලා බබාට අවුලක් නැති වෙයි කියලා, ඊට පස්සේ කීවා නැති වෙලත් දැන් දවස් ගානක් වගේ කියලා... මට සැක නිසා තව එතන වීඕජි කෙනෙක්ගෙන් (Dr Champika Gihan) බැලුවා, එයත් ඒකම කීවා (හැබැයි ඩොක්ටර් ෆී එක ගන්න අමතක කරේ නෑ ) එතනින් එහාට මේ ලෝකේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් විදිහට දැනෙන්න පුලුවන් උපරිම දුකයි, ඒ අත්දැකීම කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...

අපි ඊට පස්සේ නුවර හොස්පිටල් එකට ඇඩ්මිට් උනා බබාව ගන්න, මගේ යාලුවගේ වයිස් වැඩ කරා (අපේ නන්ගි කෙනෙක්) ඒ නන්ගියි යාලුවයි ගෙදර මිනිස්සුයි නිසා තමා ඒ දවස් ටිකේ ජීවත් උනේ. ඒ වගේම හොස්පිට්ල් එකේ නර්ස්ගෙ ඉදන් ඩොක්ටර්ට යනකල් පුදුම විදිහට මහන්සි උනා ඒ මිනිස්සු (වීඕජි කෝල් කර එක පාරක්, එයාගෙ හොස්පිට්ල් එකට අරන් එන්න කීවා, මම බෑ කිවා)...
නැති වෙච්ච බබෙක්ව ගන්න එක ටිකක් සන්කීර්ණ දෙයක්, මාස 8ක් නිසා, සතියකට වැඩිය හිටියා, අන්තිමට සිකුරාද දවසක රෑ 9ට වගේ තියටර් එකට ගත්තා බබාව ගන්න, මම එලියෙ ඉදන් ඉන්නව මගෙ මැණිකව බලන්න, හැමදේම මතක් වෙනව රෝල කෝස්ටර් එකක් වගේ. අපි හැමදේම ලෑස්ති කරලා එයාට ඉපදෙන්න විතරයි තිබ්බේ මචන්ලා... වයිෆ්ව පරිස්සම් කරලා එයාලා බබාව අරන් තිබ්බ මන් යද්දි, හැමෝම කීවේ දැන් දවස් ගානක් නිසා බලන්න දෙයක් නැති වෙයි කියලා, නෑ මචන් එයා මැණිකක් වගේ ලස්සනට හිටියා හොද බබෙක් වගේම.මන් එයාව අරන් බැලුවා, මන් දන්නෑ ඒ වෙලාව ගැන කොහොම කියන්නද කියලා...

බබාගේ අවසන් කටයුතූ කරන්න යද්දි, මම එතන තියෙන මල් ශාලා ලගට ගිහින් වීඅයිපී (Nuwara VIP) නුවර එකට ගියා, ඒකත් හොදටම කරන්න ඕනි කියක් ගියත් කමක් නෑ කියලා, ඇතුලට ගිහින් කතා කරාම, සතයක්වත් එපා, අපිට ඔක්කොම ඉවර කරලා කතා කරන්න කීවා, ඒ මිනිස්සු එහෙම මනුස්සකමට ගරු කරන එකට මන් දන්නෑ කොහොම ස්තුතී කරන්නද කියාල, කීව වගේම හැමදේම කරලා දුන්න.
අන්තිමට මගේ අතින්ම මහයියාවෙදි මගෙ මැණිකව තියලා එන්න උනා...

අපිට හේතුව හොයාගන්න ඕනි උනා, අපි ඉල්ලලා පැතලොජිකල් පෝස්ට්මෝර්ටම් එකක් කලා, ඒ දෙකම නෝර්මල් (රීපොර්ට් තියෙනවා මගෙ ලග), හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝර්ටම් එකත් කලා - ඒකත් නෝර්මල්, අපි හිතුවා ඩීඑන් ඒ වල අවුලක් ඇති කියලා, කොළඹ කැම්පස් එකෙන් ඩීඑන් ඒ ටෙස්ට් එකත් කලා - ඒකත් නොර්මල්.. අන්තිමට ඩොර්ක්ටලාට කියන්න දෙයක් නෑ කීවා, එයාලත් පව් පින් වලට බාර දුන්නා. මන් කාටවත් චෝදනා කරන්නෑ, උබලත් දවසක් තාත්තා කෙනෙක් වෙන දවසක් වෙයි, හැම දෙයක් ගැනම හොයපන් (ඒක ගැන හිතලා තමා මම මේක දැම්මේ) ඩොක්ටර් මොනවා කීවත්, මේවා ගැන කවුරුත් හොයන්නෑ, දන්නෙත් නෑ, හැබැයි එහෙම දෙයක් උන දවසට ඔක්කොම උන් මොකුත් දන්නෑ වගේ ඉදී..කාටවත් මෙහෙම දෙයක් අත්විදින්න වෙන්න නොලැබේවා කියලා මන් ඉල්ලන්නවා...
අපේ මැණික අපි ගාවට ආයෙත් එයි කියලා අපි බලන් ඉන්නවා තාම

Update -
ඇත්තටම හේතුවක් නෑ මචන්, ගොඩක් අය ලමයව කපන නිසා පෝස්ට්මෝර්ටම් එක එපා කියනවා, හැබැයි අපි කරන්න කීවා, අපිට හේතුව දැනගන්න සහ ඉස්සරහට තව ළමයෙක්ට එහෙම නොවෙන්න, පෝස්ට්මෝර්ටම් 2ක් කරා. (ඒ වගේම වයිෆ්ට සීනී, ප්‍රෙශර් කිසිම ප්‍රශ්නයක් නෑ තිබ්බේ)
1- හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝටම් (මේකත් නොර්මල්)
2 - පැතලොජිකල් පෝස්ට්මෝටම් (මේකෙදි හදවත, වකුගඩු, අක්මාව ඒවා බැලුවේ) ඒ ඔක්කොම නොර්මල්.
3 - ඩී එන් ඒ ටෙස්ට් එකක් කරා කොළඹ කැම්පස් එකෙන් - ඒකත් නොර්මල්
එතනින් එහාට ලන්කාවේ වෙන පරීක්ෂණ කරන තැනක් තිබ්බේ නෑ.
අනිවාර්යෙන්ම හේතුවක් ඇති, මේ වගේ කේසස් වලින් රිසර්ච් කරන්න පුලුවන්, එහෙම දේවල් වෙනවද දන්නෑ ලන්කාවේ.
Update -
උබලා හැමෝම දාපු කමෙන්ට් ගොඩක් වටිනවා මචන්,ෆෙස්බුක් කිසිම දෙයක් දැම්මෙ නැත්තේ තේරුමක් නැති නිසා, වටේ පිටේ මිනිස්සු උනත් හිත හැදෙන්න කියනවට වැඩිය පැරෙන්න කතා කියද්දි උබලවගෙ වචන ගොඩක් වටිනවා, මේක මාස 3ක් බලාගෙන ඉදලා හිතට අමාරුම වෙලාවක ලීවේ!
බුදු සරණයි මචන් හැමෝටම

Last edited: