හේතුවක් නැති හිස්තැනක්

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    මේක මම ලියන්න හිතන්නැතුව ඉදලා, ඒත් බැරිම තැන මේක ලියනවා, කිරියෙ ඉන්න වුන්ට දෙයක් තේරෙන නිසා...😞

    අපිට දුවෙක් ලැබෙන්න හිටියේ ගිය අවුරුද්දේ, ඒ වෙනුවෙන් අපි දෙන්නම් උපරිම ලෑස්ති වුනා, පින් කරා එයා වෙනුවෙන්, කෑම බීම හැම දේකින්ම පරිස්සම් උනා. අපි චැනල් කරේ නුවර වැඩිම පිරිසක් යන වීඕජී ව (Dr Chaminda Kandauda), ආසිරි Asiri Kandy එකේ, බෙහෙත් ගත්තෙත් ආසිරි එකෙන්, අඩුම ගානෙ බොන වතුර එකෙන් පවා පරිස්සම් උනා...😞

    මාස 8දි එක පාරම බබා දගලන් නැතුව ගියා, ඒ වෙලෙම අපි ලගම හොස්පිටල් එකට අරන් ගියාම එයාල කීව ඉක්මන්ට වීඕජී ගාවට අරන් යන්න කියල, විනාඩි 15න් අපි වීඕජී ගාවට ගියා, ඒ වෙලෙ ස්කෑන් කරද්දි බබා හොදට ඉන්නව කිවා, ස්කෑන් එකත් අපිට පෙන්නුවා (හැමදාම මම බලන්ව මොනිටර් එකෙන්). ගෙදර ඇවිත් ආයෙත් දගලන්නෑ කියලා ඩොක්ටර්ට (3 times) කෝල් කරා, ඒක සාමන්‍ය දෙයක් කියල කීවා (අපෙත් පලවෙනි බබා නිසා, හොදම වීඕජි නිසා අපිත් හිටියා). 🥺

    ඊළග විසිට් ඩේට් එකට දවස් තුන හතරකට කලින් අපි වීඕජී ගාවට, වෙනදා වගේම හොදට කතා කරලා, ස්කෑන් කරන්න ගත්තා, ඩොක්ටර් කලබල වෙලා එක පාරම කීවා, හාර්ට් බීට් එක වැඩ නෑ බබාගේ කියල, මට ඒ වෙලාවෙ ඇත්තට්ම මොකක් කරන්නද තෙරුන්නෑ, ඉක්මන්ට බබාව ගනන් ඕනි කීව, මම හිතුවෙ මොකක් හරි කරලා බබාට අවුලක් නැති වෙයි කියලා, ඊට පස්සේ කීවා නැති වෙලත් දැන් දවස් ගානක් වගේ කියලා... මට සැක නිසා තව එතන වීඕජි කෙනෙක්ගෙන් (Dr Champika Gihan) බැලුවා, එයත් ඒකම කීවා (හැබැයි ඩොක්ටර් ෆී එක ගන්න අමතක කරේ නෑ ) එතනින් එහාට මේ ලෝකේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් විදිහට දැනෙන්න පුලුවන් උපරිම දුකයි, ඒ අත්දැකීම කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...🥺😢

    අපි ඊට පස්සේ නුවර හොස්පිටල් එකට ඇඩ්මිට් උනා බබාව ගන්න, මගේ යාලුවගේ වයිස් වැඩ කරා (අපේ නන්ගි කෙනෙක්) ඒ නන්ගියි යාලුවයි ගෙදර මිනිස්සුයි නිසා තමා ඒ දවස් ටිකේ ජීවත් උනේ. ඒ වගේම හොස්පිට්ල් එකේ නර්ස්ගෙ ඉදන් ඩොක්ටර්ට යනකල් පුදුම විදිහට මහන්සි උනා ඒ මිනිස්සු (වීඕජි කෝල් කර එක පාරක්, එයාගෙ හොස්පිට්ල් එකට අරන් එන්න කීවා, මම බෑ කිවා)...😭

    නැති වෙච්ච බබෙක්ව ගන්න එක ටිකක් සන්කීර්ණ දෙයක්, මාස 8ක් නිසා, සතියකට වැඩිය හිටියා, අන්තිමට සිකුරාද දවසක රෑ 9ට වගේ තියටර් එකට ගත්තා බබාව ගන්න, මම එලියෙ ඉදන් ඉන්නව මගෙ මැණිකව බලන්න, හැමදේම මතක් වෙනව රෝල කෝස්ටර් එකක් වගේ. අපි හැමදේම ලෑස්ති කරලා එයාට ඉපදෙන්න විතරයි තිබ්බේ මචන්ලා... වයිෆ්ව පරිස්සම් කරලා එයාලා බබාව අරන් තිබ්බ මන් යද්දි, හැමෝම කීවේ දැන් දවස් ගානක් නිසා බලන්න දෙයක් නැති වෙයි කියලා, නෑ මචන් එයා මැණිකක් වගේ ලස්සනට හිටියා හොද බබෙක් වගේම.මන් එයාව අරන් බැලුවා, මන් දන්නෑ ඒ වෙලාව ගැන කොහොම කියන්නද කියලා...😭😢🥺

    බබාගේ අවසන් කටයුතූ කරන්න යද්දි, මම එතන තියෙන මල් ශාලා ලගට ගිහින් වීඅයිපී (Nuwara VIP) නුවර එකට ගියා, ඒකත් හොදටම කරන්න ඕනි කියක් ගියත් කමක් නෑ කියලා, ඇතුලට ගිහින් කතා කරාම, සතයක්වත් එපා, අපිට ඔක්කොම ඉවර කරලා කතා කරන්න කීවා, ඒ මිනිස්සු එහෙම මනුස්සකමට ගරු කරන එකට මන් දන්නෑ කොහොම ස්තුතී කරන්නද කියාල, කීව වගේම හැමදේම කරලා දුන්න.

    අන්තිමට මගේ අතින්ම මහයියාවෙදි මගෙ මැණිකව තියලා එන්න උනා...😭😢😔🥺

    අපිට හේතුව හොයාගන්න ඕනි උනා, අපි ඉල්ලලා පැතලොජිකල් පෝස්ට්මෝර්ටම් එකක් කලා, ඒ දෙකම නෝර්මල් (රීපොර්ට් තියෙනවා මගෙ ලග), හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝර්ටම් එකත් කලා - ඒකත් නෝර්මල්, අපි හිතුවා ඩීඑන් ඒ වල අවුලක් ඇති කියලා, කොළඹ කැම්පස් එකෙන් ඩීඑන් ඒ ටෙස්ට් එකත් කලා - ඒකත් නොර්මල්.. අන්තිමට ඩොර්ක්ටලාට කියන්න දෙයක් නෑ කීවා, එයාලත් පව් පින් වලට බාර දුන්නා. මන් කාටවත් චෝදනා කරන්නෑ, උබලත් දවසක් තාත්තා කෙනෙක් වෙන දවසක් වෙයි, හැම දෙයක් ගැනම හොයපන් (ඒක ගැන හිතලා තමා මම මේක දැම්මේ) ඩොක්ටර් මොනවා කීවත්, මේවා ගැන කවුරුත් හොයන්නෑ, දන්නෙත් නෑ, හැබැයි එහෙම දෙයක් උන දවසට ඔක්කොම උන් මොකුත් දන්නෑ වගේ ඉදී..කාටවත් මෙහෙම දෙයක් අත්විදින්න වෙන්න නොලැබේවා කියලා මන් ඉල්ලන්නවා...🙏

    අපේ මැණික අපි ගාවට ආයෙත් එයි කියලා අපි බලන් ඉන්නවා තාම 🥺🙏🙏🙏

    Update -

    ඇත්තටම හේතුවක් නෑ මචන්, ගොඩක් අය ලමයව කපන නිසා පෝස්ට්මෝර්ටම් එක එපා කියනවා, හැබැයි අපි කරන්න කීවා, අපිට හේතුව දැනගන්න සහ ඉස්සරහට තව ළමයෙක්ට එහෙම නොවෙන්න, පෝස්ට්මෝර්ටම් 2ක් කරා. (ඒ වගේම වයිෆ්ට සීනී, ප්‍රෙශර් කිසිම ප්‍රශ්නයක් නෑ තිබ්බේ)

    1- හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝටම් (මේකත් නොර්මල්)
    2 - පැතලොජිකල් පෝස්ට්මෝටම් (මේකෙදි හදවත, වකුගඩු, අක්මාව ඒවා බැලුවේ) ඒ ඔක්කොම නොර්මල්.
    3 - ඩී එන් ඒ ටෙස්ට් එකක් කරා කොළඹ කැම්පස් එකෙන් - ඒකත් නොර්මල්
    එතනින් එහාට ලන්කාවේ වෙන පරීක්ෂණ කරන තැනක් තිබ්බේ නෑ.
    අනිවාර්යෙන්ම හේතුවක් ඇති, මේ වගේ කේසස් වලින් රිසර්ච් කරන්න පුලුවන්, එහෙම දේවල් වෙනවද දන්නෑ ලන්කාවේ.

    Update -

    උබලා හැමෝම දාපු කමෙන්ට් ගොඩක් වටිනවා මචන්,ෆෙස්බුක් කිසිම දෙයක් දැම්මෙ නැත්තේ තේරුමක් නැති නිසා, වටේ පිටේ මිනිස්සු උනත් හිත හැදෙන්න කියනවට වැඩිය පැරෙන්න කතා කියද්දි උබලවගෙ වචන ගොඩක් වටිනවා, මේක මාස 3ක් බලාගෙන ඉදලා හිතට අමාරුම වෙලාවක ලීවේ!
    බුදු සරණයි මචන් හැමෝටම 🙏 :love:

    400193030_6846853268735075_4128472315093902286_n.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    I have heard that on one occasion the Blessed One was staying near Sāvatthī at the Eastern Monastery, the palace of Migāra's mother. And on that occasion a dear and beloved grandson of Visākhā, Migāra's mother, had died. So Visākhā, Migāra's mother — her clothes wet, her hair wet — went to the Blessed One in the middle of the day and, on arrival, having bowed down to him, sat to one side. As she was sitting there the Blessed One said to her: "Why have you come here, Visākhā — your clothes wet, your hair wet — in the middle of the day?"

    When this was said, she said to the Blessed One, "My dear and beloved grandson has died. This is why I have come here — my clothes wet, my hair wet — in the middle of the day."

    "Visākhā, would you like to have as many children & grandchildren as there are people in Sāvatthī?"

    "Yes, lord, I would like to have as many children & grandchildren as there are people in Sāvatthī."

    "But how many people in Sāvatthī die in the course of a day?"

    "Sometimes ten people die in Sāvatthī in the course of a day, sometimes nine... eight... seven... six... five... four... three... two... Sometimes one person dies in Sāvatthī in the course of a day. Sāvatthī is never free from people dying."

    "So what do you think, Visākhā? Would you ever be free of wet clothes & wet hair?"

    "No, lord. Enough of my having so many children & grandchildren."

    "Visākhā, those who have a hundred dear ones have a hundred sufferings. Those who have ninety dear ones have ninety sufferings. Those who have eighty... seventy... sixty... fifty... forty... thirty... twenty... ten... nine... eight... seven... six... five... four... three... two... Those who have one dear one have one suffering. Those who have no dear ones have no sufferings. They are free from sorrow, free from stain, free from lamentation, I tell you."

    Then, on realizing the significance of that, the Blessed One on that occasion exclaimed:

    The sorrows, lamentations,
    the many kinds of suffering in the world,
    exist dependent on something dear.
    They don't exist when there's nothing dear.
    And thus blissful & sorrowless
    are those for whom nothing
    in the world is anywhere dear.
    So one who aspires to the stainless & sorrowless
    shouldn't make anything
    dear
    in the world
    anywhere.

    Visākhā Sutta: "Visākhā" (Ud 8.8), translated from the Pali by Thanissaro Bhikkhu
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම නිකන් රූඩ් වගෙ කියල හිතෙයිද දන්නෙ නැ
    ඒත් මෙහෙම වෙනව බන්, අපි හිතනවට වඩා සෑහෙන ප්‍රිවිලන්ස් එකක් තියනවා

    අපෙ අයියට උනා, දෙවෙනි ලමයා, කොල්ලෙක්
    හිටි ගමන් දගලන්නෙ නැතුව ගියා, ගිහින් බැලින්නන් නැතිවෙලා දවස් ගානක් වෙනවලු,
    මීගමුවෙ හොදම තැනකින් චැන්ල් කරල තිබ්බෙ, ඊට පස්සෙ තව දෙපාරක් ඇබොර්ට් උනා
    ඉට පස්සෙ හරි ගියා, දැන් ඉන්නව කොල්ලෙක්

    තව, මගෙ ටීම් එකෙ ඉන්න කොල්ලෙක්
    බබා හම්බුනා, දුවෙක්, උපදිනකොට මිලියන් ගානකට එන කේස් එකක්,
    චැන්ල්, ස්කෑන් වලට අහු උනෙ නෑ, මාසෙකින් නැති උනා

    මේ කේස් 2කේම, උබ කරා වගෙ ටෙස්ට්, ඩී එන් ඒ ටෙස්ට් කරා
    ඔක්කොම නෝමල්

    ඩොකාල කියන්නෙ, "හැමදේටම උත්තර අපි ගාව නැ" කියල

    වයිෆ් ස්ටෙබල් උනාට පස්සෙ ආයෙ උත්සාහ කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    By all medical parameters, the fetus is healthy, everything is fine, but for some reason, a stillbirth happens simply because a life within is still choosing if it finds the wrong kind of body is happening. Life has its own karmic substance and the fetus has the karma of the parents. So it has made its choice
     
    🙏 🙏 🙏

    My deepest sympathy for your loss..! 🥲

    I hope that you and your family find strength to face the situation.
    Thanks brother 🙏
    ------ Post added on Mar 2, 2024 at 12:49 AM

    මම නිකන් රූඩ් වගෙ කියල හිතෙයිද දන්නෙ නැ
    ඒත් මෙහෙම වෙනව බන්, අපි හිතනවට වඩා සෑහෙන ප්‍රිවිලන්ස් එකක් තියනවා

    අපෙ අයියට උනා, දෙවෙනි ලමයා, කොල්ලෙක්
    හිටි ගමන් දගලන්නෙ නැතුව ගියා, ගිහින් බැලින්නන් නැතිවෙලා දවස් ගානක් වෙනවලු,
    මීගමුවෙ හොදම තැනකින් චැන්ල් කරල තිබ්බෙ, ඊට පස්සෙ තව දෙපාරක් ඇබොර්ට් උනා
    ඉට පස්සෙ හරි ගියා, දැන් ඉන්නව කොල්ලෙක්

    තව, මගෙ ටීම් එකෙ ඉන්න කොල්ලෙක්
    බබා හම්බුනා, දුවෙක්, උපදිනකොට මිලියන් ගානකට එන කේස් එකක්,
    චැන්ල්, ස්කෑන් වලට අහු උනෙ නෑ, මාසෙකින් නැති උනා

    මේ කේස් 2කේම, උබ කරා වගෙ ටෙස්ට්, ඩී එන් ඒ ටෙස්ට් කරා
    ඔක්කොම නෝමල්

    ඩොකාල කියන්නෙ, "හැමදේටම උත්තර අපි ගාව නැ" කියල

    වයිෆ් ස්ටෙබල් උනාට පස්සෙ ආයෙ උත්සාහ කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
    Ow mchan - true... no reason aththtama 🥺
    ------ Post added on Mar 2, 2024 at 12:50 AM

    By all medical parameters, the fetus is healthy, everything is fine, but for some reason, a stillbirth happens simply because a life within is still choosing if it finds the wrong kind of body is happening. Life has its own karmic substance and the fetus has the karma of the parents. So it has made its choice
    🙏🙏🙏
    ------ Post added on Mar 2, 2024 at 12:51 AM
     
    • Like
    Reactions: rukshrulz and NRTG

    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    පුදුම වෙලාවක මේ සින්දුව අහන ගමන් මේ ත්‍රෙඩ් එක බලන්න වුනේ.. :(

    :cry: 🥺 🙏

    Next time Hamduru kenekgen ahala balanna pin dena eka harida weradida kiyala ipadenna inna ekenekta.deva athma ewilla yanna puluwan manussa body eka match wenne nethi hinda.
    Thanks mchn 🙏 man balanm eka 🙏
    ------ Post added on Mar 2, 2024 at 1:05 AM

    stay strong bro <3
    Thanks brother 🙏
    ------ Post added on Mar 2, 2024 at 1:05 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    අඩෝ ඇඩුනා බං කතාව කියවලා 😥 චූටි පැටියා ආයෙත් උබලා ගාවට එයි 🙏 පුලුවන්නම් ඩොක්ටර්ගෙ නමත් එක්ක fb දාපන් කතාව. මොකද මෙතන වැරැද්ද ඩොකාගෙ නං තව ලමයෙක්ට මෙහෙම නොවෙන්න.

    ප.ලි :-

    තව අපි අදුරන අයියා කෙනෙක්ගෙත් පලවෙනි බබා බඩේදිම නැතිඋනා දැන් අවුරුදු කීපෙකට කලින්. ඒගොල්ලොත් පලවෙනි බබා නිසා මාර පරිස්සමක් උනේ. කොටින්ම ඒ අක්කට කන්න එලවලු පවා වෙනම කෙමිකල් පොහොර නොදා හදන මනුස්සයෙක් ගෙන් අරං ආවෙ අයියා කිලෝමීටර් ගානක් වාහනේ ගිහිං ඒකටම. ඒත් නැති උනා බබා. බබා නැති උනාම ඒ අයියගෙ අම්මා අඩ අඩ කියනවා "මුං මෙච්චර පරිස්සම් උනා කරන්න පුලුවන් බබාට හොද හැමදේම කරත් බබා නැති උනා. ඕනවට වඩා පරිස්සම් කරන්න යන්නත් හොද නෑ, ගම්වල හරියට කන්නවත් නැති පවුල්වල ලමයා ලැබෙන්න සති දෙකතුනක් වෙනකනුත් ගෙදර ඔක්කොම වැඩ තනියෙන් කරපු ගෑනුන්ට, බබා හම්බෙන්නත් අමාරු උනාම ත්‍රීවිල් කටුවකින් හොස්පිට්ල් එකට ගිහිං රජයෙ ඉස්පිරිතාලෙන් හම්බෙන ලමයිත් හොදට ඉන්නවා" කිය කිය. කොහොම හරි දැන් ඒ අයියලට තව බබෙක් හම්බුනා. නැති උනේ දුවෙක්, දැන් හම්බෙලා ඉන්නෙ පුතෙක්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    එතකොට මොකක්ද හේතුව? හේතුවක් නෑ??? 🤔
    සමහර අය ඉන්න තැන නොගැලපීම වගේ හේතු නිසා කලලය අත්හැරලා යනව ලු. හේතුව ඉතින් දන්නෙ එයා ම තමයි