සමහර සිංහලු ඉන්නවා අසරණකම කියන. උන් කියනවා ආදායම් මාර්ගයක් නැල්ලු. බැලුවමත් අමාරුවෙන් තමයි ඉන්නේ. හරිහමන් ජොබ් නැහැ.
හැබැයි උන්ට සැහෙන ඉඩකඩම් තියෙනවා. ඉඩකඩම් වලින් මොනවා හරි කරන්න පුළුවන්. එක්කෝ වවන්න පුළුවන්, රෙන්ට් කරන්න පුළුවන්, බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මේ මුකුත් කරන්නේ නැහැ. ඕවා කරන්න කම්මැලි නම් අඩුම ගානේ ඉඩම් වලින් කොටසක් විකුනලා ඒවා FD එකකට දාලා ආදායමක් ගන්න පුළුවන්. හැබැයි මුන්ට ඉඩම විකුනන්න කැමතිත් නැහැ. ඉඩම තියාගන්නත් ඕන. හැබැයි සල්ලි නැහැ කියලා අපෙන් ඉල්ලනවා. බැලුවම අපිට වැඩිය මුන්ගේ මුළු වත්කම් වැඩියි (ඉඩම් හින්දා). ඒවුනාට අපෙන් තමයි සල්ලි ඉල්ලන්නේ සල්ලි නැහැ කියලා. මුන්ට තේරෙන්නේ නැහැ වත්කම තියාගෙන මෙලෝ තේරුමක් නැහැ කියලා ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැත්තන්.


