බොරු ප්‍රතිඵල සමාජ ජාලවලට දැම්මොත් වැඩ වරදී..
September 21, 2024 at 6:20 pm | lanka C newsමැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර හෝ පසු නිල නොවන ප්‍රතිඵල සකසා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.
මැතිවරණ උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යයේ වග කීමක් වන්නා සේම සමාජ මාධ්‍ය හසුරුවන්නන්ද එම වග කීමට අනුව කටයුතු කළ යුතු යැයි පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ එම නිරීක්ෂණ කටයුතු විශේෂිත කණ්ඩායමක් මඟින් සිදු කරනු ලබන බවයි.
සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් යම් පාර්ශ්වයක් අගතියට පත්වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි මත පතුරුවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අංශ කීපයක් යටතේ සිදු වනු ඇතැයි ද පැවසුවේය.
– තාරක වික්‍රමසේකර
