උබලා, පොඩි කාලේ ගෙදර තනියම ඉන්න සෙට් වුනාම මොකද කලේ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොඩි කාලේ ඉදලා හිටලා මෙහෙම චාන්ස් අපි හැමෝටම සෙට් වෙනවා. දෙමව්පියෝ දවල් කෑමත් උයලා තියලා, පරිස්සමෙන් ඉන්න උපදෙස් හැටක් විතර දීලා, අපිව තනියෙන් තියලා ගිහින් හවස් වෙලා එන.

    ඉතින් ඒ වගේ දවස්වල උබලා මොනා වගේ අපත වැඩද කලේ? :lol:


    මම නම ගෙදර තියෙන රේඩියෝ, කැසට් එහෙම හෙමීට ගලවලා බලලා, තිබුන විදිහටම හයි කරලා තියෙනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,427
    36,350
    113
    මැදමහනුවර
    tU61gif.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,927
    113
    මම නම ගෙදර තියෙන රේඩියෝ, කැසට් එහෙම හෙමීට ගලවලා බලලා, තිබුන විදිහටම
    හයි කරන්න උත්සාහ කරනවා. ඒත් බෑ ගොඩක් වෙලාවට ඇණ ටිකක් හරි ඉතුරු වෙනවා.
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ගේම් ගහන්න ගත්තේ 7 වසරෙදි ඊට කලින් මමත් ඔය වගේ වැඩ කෙරුවේ, ටෝච්,රේඩියෝ ගලවනවා ඇතුළ මොන වගේද බලන්න. 😁ඒ දවස් වල තිබ්බේ බටන් පෝන් එකක්.ඒක තියලා ගියොත් වොයිස් රෙකෝර්ඩ් කරලා ආපහු අහනවා.සෙල්ලම් බඩු කඩලා ඒවා වැඩ කරන විදිහ බලනවා.මුලින්ම 8 ගැහුවෙ 10 වසරෙදි ( අහලා තිබුණට කරන විදිය දැනගෙන හිටියේ නෑ කලින් 🥲 ) එදා ඉදන් තනියම ඉන්න වෙලාවට කරන්නේ ඕක තමයි :lol:
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    පරණ meter board වල නියුටල් එක open තියෙන්නේ. පරණ ගේ කඩලා අලුත් ගෙදරට board එක මාරු කරන්න කලින් ඕක තිබ්බේ මගේ උසට. මොකද පරණ ගෙදර පහලින් තිබ්බ නිසා පස් පුරවලා තිබ්බේ. හෙමීට ගිහින් කල්පනා කරලා බලලා බලලා ඇගිල්ල තිබ්බ. වැදුණු පාර විසි උනා.. තව ජීවත් වෙන්න කල් තිබිලා.

    ආයේ අල්මාරිය දිග නැගලා බිත්තියට නගින්න ගිහින් ඇද ගෙන වැටුණා. මම බිම දිගවෙන්නම වැටුණා. අල්මාරියේ පැත්තක් ඇදේ වැදිලා නැවතුනා. ඒ කොස් අල්මාරිය වැටුණා නම් එක්කෝ මැරිලා, නැත්තම් අබ්බගාත වෙලා... එක ඇවිල්ලා ඇදේ වැදුණු වේගේ තාම මතකයි . :lol:

    ආයේ දවසක් කුලියට හිටපු ගෙදරක main board එක බල බල ඉද්දී තේරුණා breaker වලට live එක connect කරලා තියෙන්නේ වයර් වලින් නෙමේ කියලා. Current එක තිබ්බේ නැති නිසා. අත ගාලා බැලුවා. එදා තමා දැන ගත්තේ copper bar එකකින් breaker ටික connect කරන්න පුළුවන් වයර් ඕනේ නෑ කියලා. හැබැයි අතගාලා ඉවර වෙලා අනිත් පැත්ත හැරිලා බලද්දී ලයිට් එක පත්තු වෙලා. තප්පර ගණක වෙලාවක් තිබිලා තියෙන්නේ.

    එදා තමා current එක එක්ක සෙල්ලම් කරපු අන්තිම දවස. Safety තියන උපරිම දේවල් කරලා තමා වැඩ කරන්නේ දැන්..

    පොඩි කාලේ ගලෝපුව එකක්වත් හරියට හයි කරගන්න බැරි උනා. ඒවගේ දේවල් පොඩි කාලේ ඔළුවට වැදුනම හෙනම අවුල්. මොකද දැන් උනත් ඒ බය හිතට එනවා ගලවන්න පුළුවන් වෙයිද? ආපහු හයි කරන්න පුළුවන්ද? හෙනම ස්ට්‍රෙස් වෙලා තමා වැඩේ කරන්නේ.