නීති උපදෙසක් අවශ්‍යයි. දැනට අවුරුදු එකහාමාරකට කලින් වයිෆ්ගේ ගෙදරට ඒ අල්ලපු ගෙදර ඉන්න කුඩු කාරයෙක් ඇවිත් දොරත් කඩලා ඇතුලේ වීදුරු ටේබල් එකකුත් කුඩු කරලා ගෙදර කට්ටියව බය උදැල්ලක් ගෙනත් බය කරලා රුපියල් 100000ක් කප්පම් අරන් ගියා. ගෙදර හිටියෙ අම්මයි තාත්තයි දුවල දෙන්නයි ඒ වෙලාවේ. ඒ මිනිහගේ ගෑනිත් කුඩු විකුනනනවා. ඌත් කුඩු ගහන කෙනෙක්. වැඩිපුරම ඉන්නෙ පොලිසියේ. ඔය ගහපු දවසේ cctv video ඔක්කොම තියනවා. අපි ගමේ පොලිසියට ගිහින් කිව්වත් කිසිම දෙයක් උනේ නෑ. අපිට වන්දියක්වත් හම්බුනේ නේ. මම හිතන්නේ පොලිසියෙ ඉන්නෙත් ඒ මිනිහගේ අදුරන අය. පොලිසිය ගනන් ගන්නෙවත් නෑ. මේකට ඉහලට පැමිනිලි කරන්න බැරිද? මොකද්ද ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ? දැනටත් ඒ මිනිහා මාසෙකට කලින් වගේ හිරේට ගියා.
