මැද මහනුවර දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලාගත් සැටි.

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    April 17, 2024
    Divaina'

    මැද මහනුවර (ඌරුගල) අන්තිම සිංහල රජු සැඟවී සිටි තැන සිහි කරවන දැනට ඇති සිහිවටනය.
    1815 මැද මහනුවර අන්තිම සිංහල රජු සැඟවුණු තැනින් අල්ලාගෙන ඊම පිණිස ගිය මහ පිරිසේ තුප්පහි නිලය දැරූ මම එක්නැලිගොඩ මොහොට්ටාලත් සමඟ වෙලේ ඇවිදින්නට පිටත්වුණාය. ඔහු සමඟ සපරගමුවේ පන්සියයක් පමණ සෙනග ද ඉඹුලන්වල ආරච්චි සහ යටිපහුවේ කංකානම ද සමග යනවිට වයස දහයක දොළහක කොළුගැටයෙක් දුවනවා දැක එළවා ගෙන ආවාම මහත් බයෙන් වැඳගෙන ‘දෙවි හාමුදුරුවෝ වැඩ සිටින තැන් මම පෙන්වා දෙංඤාය” කීවාය. එතකොට එක්නැලිගොඩ මොහොට්ටාල මේ කොලුවාගේ තුනටියෙ” වැල් පොටක් බන්දවා අල්ලාගෙන ඉස්සර කරගෙන අපි සැම දෙනම ගියාය. ටික දුරක් ගිය පසු “ඔන්න දෙවි හාමුදුරුවෝ මාලිගාවට ඉහළින් තිබෙන ගහ” නුග ගහක් පෙන්වූවාය.
    සැතපෙන ගෙයි අප්පුහාමිගේ ක්‍රියාව
    එතනට අපි ළංවුණු විට පියා තිබුණු ගෙයි දොර ළඟ ආරච්චි ගෙයි ගෑනු දෙන්නෙක් සිටියාය. මිදුලේ සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් ලංසයක් ගෙන සක්මන් කරමින් සිට “හා! එක්නැලිගොඩරාළ! කොයි යනවාද? ඇසුවාම “අපිත් මෙහාට ආවා තමයි” කීවිට සැතපෙනගෙයි අප්පුහාමි අතේ තිබුණු ලංසයෙන් එක්නැලිගොඩට ඉතාම සැරෙන් ඇන්නාය. ඒ ඇනුම ඔහුගේ වාසනාවෙන් නොවැදී ලංසේ බිම ඇනී කැබලිවලට කැඩී ගියාය. එවිට සපරගමුවේ මිනිස්සු ඔහු අතින් අතට ඉහළට ගත්තා දුටුවා මිස ඔහුගේ ශරීරය මක්වුණා ද නොදනිමි. එවිට එක්නැලිගොඩ ගෙයි දොර ළඟට ගොස් රජ්ජුරුවන්ට දොර අරින්ඩ කීවාය. රජ්ජුරුවෝ දොර නෑර ‘එක්නැලිගොඩ අපේ නෑයා ද?” ඇසුවාය. ” ඒ මම තමා දොර අරින්ඩ. යම් යුද්ධ ආයුධ ඇත්නම් එළියට දමන්ඩ ” කිව්වාය.

    වඩන තුවක්කු එළියට දැමීම

    එතකොට සොරොව්වකින් රිදී වැඩ කළ වඩන තුවක්කු තුනක් ද ක්‍රිස් දෙකක් ද එළියට දැම්මාය. එහෙත් රන් කඩුව එළියට දමන්ඩ කිව් නමුත් නොදැම්මාය. එතකොට එක්නැලිගොඩගේ කීම පිට මිදුලේ තිබුණු වංගෙඩි ගෙන දොරට ගැසුවාම දොර පැළී ගියාය. ඉන්පසු හබරගමුවේ මිනිස්සු ගෙට වැද කෝලාහාලකොට දේවීන්නාන්සේලා ගේ ඇඳුම් පැලඳුම් කඩා ගෙන රෙදි හතර රියන පිටින් දොරට දැම්මාය. එවිට දේවීන්නාන්සේලා දෙනම ඒ මේ අත බෙලිකපාපු කුකුළෝ වගේ පෙරළෙමින් සිටින අතර ගෙට නොවැදී කිසිවක් නොකර මගේ මිනිස්සු දෙන්නෙක් සමග සිටි මම “අම්මයියාර් නිංගපයප්පංඩ වාංඩම් ඉංගාලේ වාංගෝ” කීමි. එවිට ඔවුන් දෙදෙනා “නාංග කාපාත්ති කොංගෝ” වචනයෙන් මගේ දෙවුරේ එල්ලී ගත්තාය. විනාඩි කීපයකදි මගේ රෙදි ලේ පෙවී තිබී බලනකොට බිසවුන් වහන්සේලාගේ කුණ්ඩලාභරණ කඩා ගනිද්දී කන් ඉරා දමා තිබුණාය. ඒ ලේවලින් මගේ රෙදි තෙමුණාය. ඒවායින් වූ තුවාලවලට ඉඹුලන්වල රාළ ලවා බෙහෙත් කොළ කොටවා ලේ හිටෙව්වෙමි.

    රජතුමා බලහත්කාරයෙන් එළියට දැමීම

    රජ්ජුරුවන් වහන්සේ බලහත්කාරයෙන් එළියට දමා “වර තාගේ අප්පාට භාර දෙන්ට යන්ට” යි පරුෂ වචන එක්නැලිගොඩ කීවාය. මා මරන්ඩ ඕනෑනම් මරාපල්ලා කැමැති දෙයක් කරපල්ලා. මට පයින් යන්ඩ බැරියැ” යි රජු කීවාය. එවිට එක්නැලිගොඩ මොහොට්ටාල “මූ ඌරෙක් වගේ බැඳ කුදලාගෙන යන්ඩ කිරිඳිවැල් ගෙනෙව්” කියා බඳින්ට ජෝඩුකරන විට මම මොහොට්ටාලට කතා කොට “නිලමේ! සිංහලේ ඇත්තෝ වන තමුන්නාන්සේලා අද මේ පැය වනතුරු දෙවි හාමුදුරුවෝ, ස්වාමීන් වහන්සේ, දෙමාපියෝය කියූ රජ්ජුරවන් වහන්ස් බැඳ අපහාස වශයෙන් නෙරක්කු කිරීම යුතු නැත” යි කීමි. එතකොට එක්නැලිගොඩ මට බොහොම තද බලයෙන් “ඔතන කීම් ගන්ඩ අපි මෙහෙ ආවා නොවේ” යි කියා රජ්ජුරුවෝ කිරිඳිවැල් වලින් බඳින්ට ජෝඩු වුණාය. මෙසේ රජුට කරන ආපහාස වෙහෙස මහත් වික්ෂෝපයෙන් බලා කනගාටුව දරාගන්න බැරුව මගේ කරේ සාළුව ගලවා මේකෙන් බඳින්ට කියා ඒක දුනිමි. රජතුමා ඇල්ලූ බව ඩොයිලි උන්නාන්සේට ලියා අරින පිණිස කඩදාසි සහ පොත් ලොක්කූර ගන්ට උත්සාහ කළ මුත් දේවින්නාන්සේලා දෙන්නා මගේ උර දෙකේ එල්ලී සිටි නිසා නුපුළුවන්ව යටිපහුවේ කංකානමට කියා මගේ සාකකුවෙන් අරගෙන ඔහුගේ පිටේ තබා මෙසේ ලීවිමි.

    ඩොයිලිට යැවූ ලියුම

    ඒ නම් “ඩොවිල් උන්නාන්සේ බලාගන්නා පිණිසයි. සිංහලේ රජ්ජුරුවෝ අපට අසුවුණාය. එක්නැලිගොඩ රජ්ජුරුවන්ට බොහෝ නෙරෙක්කු කර අපහාස වශයෙන් බැඳගෙන එනවාය. දෝලා ගණනකුත් ගෙන තමුන්නාන්සේ කඩිනමින් මෙහි එන්ඩ ඕනෑය. රජ්ජුරුවෝ සහ බිසවුන් නාන්සේලා නිර්වස්ත්‍රව වගේ සිටින නිසා රෙදිත් ගේන්ට ඕනෑය” යනුයි.

    මේ ලියුම බොහොම ඉක්මනින් යටිපහුවේ කංකානම අත යැව්වාය. සිංහල පැයක් යන්ට පෙර කර්නල් හාර්ඩි – හුක් ඇතුළු ඉංග්‍රීසි පිරිසක් පැමිණ බිම එල එළා තල්ලු කරගෙන රජු ඇදගෙන ගිය සපරගමුවේ මිනිසුන්ට කස පහරවල් ගසා එළවා දමා අස්සයන් පිටින් බැස තොප්පි ගලවා රජුට දණ නමස්කාර කොට සැප පහසු ලෙස රැගෙන යෑමට කටයුතු යෙදූහ.

    (මේ පුවත සියැසින් දුටු 1815 ඉංගිරිසි යුද හමුදාවේ තුප්පහි නිලය දැරූ ඩී. වී. ඒ. දියෙස් මහතාගේ ලිපියකිනි. මෙය සපයා එවන ලද්දේ එවක නිට්ටඹුවේ නම්බාදළුවේ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති වරකාපොළ රතනසාර ස්ථවිරපාදයන් වහන්සේ විසිනි.)

    1955 ශ්‍රී ලංකා සඟරාවේ පළවූවකි.

    Copied
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,415
    113

    Lankawe godak rajawaru demala neda?
     
    • Like
    Reactions: reuse and NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    sNyxLVh.gif

    වැදගත් ලිපියක්.. බෙදාගත්තට ස්තූතියි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,118
    10,695
    113
    ඔය රජානම් තනිකරම පිස්සෙක් අහිංසක සිංහල මිනිස්සු සිය දහස් ගණනක් කෘර වද දීලා මැරෙන හැටි බලාගෙන එකෙන් සතුටුඋන විකුර්ති මනසක් තිබුන එකෙක් , සිංහලුන්ට සිංහල මිනිහෙක් රජෙක් කරගන්න කොන්ද පණනැති නිසා තමයි මේ වගේ ඉන්දියන් කාරයෝ රජ උනේ

    අද වගේම තමයි තමන්ගේ වාසියට මොකෙක්හරි බලයට ගෙනල්ලා තමන්ගේ වැඩ ටික කරගන්න බලපු රදලයෝ

    Why ekanligoda hated the king so much?

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් තමන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවනේ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඒ මිනිස්සු කිසිම වරදක් නොකර අපිත් එක්ක තියෙන නෑදෑ කම කියන හේතුව නිසා ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,975
    1
    6,851
    113
    Lankawe godak rajawaru demala neda?

    මතක විදියට අන්තිම සිංහල කෙනාගෙ නම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
    ඊටපස්සෙ ආවෙ දෙමළ පෙලවතක්, රාජසිංහ වරු
    ශ්‍රී වීර රාජසිංහ
    කීර්ති ශ්‍රී රාජසිංහ
    රාජාධි රාජසිංහ
    ශ්‍රී වික්‍රම රාජසිංහ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මතක විදියට අන්තිම සිංහල කෙනාගෙ නම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
    ඊටපස්සෙ ආවෙ දෙමළ පෙලවතක්, රාජසිංහ වරු
    ශ්‍රී වීර රාජසිංහ
    කීර්ති ශ්‍රී රාජසිංහ
    රාජාධි රාජසිංහ
    ශ්‍රී වික්‍රම රාජසිංහොව්
    අන්තිම සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු තමයි.
    ඊට පස්සෙ රජවුනු හැම කෙනෙක්ම සිංහල + නායක්කර්, වඩුග වංශික මුහුවීමක් සහිත රජවරු.
    බොහෝ වෙලාවට සිංහල රජවරු බිසෝවරු ඇන්න ආවේ නායක්කර් බිසෝවරු...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අන්තිම සිංහල රජු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු තමයි.
    ඊට පස්සෙ රජවුනු හැම කෙනෙක්ම සිංහල + නායක්කර්, වඩුග වංශික මුහුවීමක් සහිත රජවරු.
    බොහෝ වෙලාවට සිංහල රජවරු බිසෝවරු ඇන්න ආවේ නායක්කර් බිසෝවරු...
    ඕක වෙන්නෙ අන්තිම සිංහල රජාට දරුවෝ හිටියේ නෑලු. ඉඳලා තියෙන්නෙත් නායක්කර් බිසවක්. ලංකාවේ ගොඩක් රජවරු ඉන්දියන් බඩු ගහපු සීන් එකක් තියෙනවා මුල ඉඳන්ම.

    ඉතින් නායක්කර් සම්ප්‍රදාය මස්සිනාට ඊළඟ රජකම දෙන එක. ඔය විදිහට තමයි නායක්කර් සෙට් එක අතට බලය ගියාම දිගටම මස්සිනා අතට තමයි රජකම මාරුවෙලා තියෙන්නෙ.

    ඒ කාලෙ දෙමළෙන් කතා කරන එක පොශ් බව පෙන්වන ක්‍රමයක්ලු. උඩරට ගිවිසුමෙත් සිංහල නිළමෙලා ගොඩක් දෙමළෙන් අත්සන් කරලා තියෙන්නෙ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679

    කැප්පෙටිපොල නිළමේ තමයි මොණරවිල කියල සිංහලෙන් අත්සන් කරලා තිබිලා තියෙන්නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    ඔය රජානම් තනිකරම පිස්සෙක් අහිංසක සිංහල මිනිස්සු සිය දහස් ගණනක් කෘර වද දීලා මැරෙන හැටි බලාගෙන එකෙන් සතුටුඋන විකුර්ති මනසක් තිබුන එකෙක් , සිංහලුන්ට සිංහල මිනිහෙක් රජෙක් කරගන්න කොන්ද පණනැති නිසා තමයි මේ වගේ ඉන්දියන් කාරයෝ රජ උනේ

    අද වගේම තමයි තමන්ගේ වාසියට මොකෙක්හරි බලයට ගෙනල්ලා තමන්ගේ වැඩ ටික කරගන්න බලපු රදලයෝ

    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් තමන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නවනේ. ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඒ මිනිස්සු කිසිම වරදක් නොකර අපිත් එක්ක තියෙන නෑදෑ කම කියන හේතුව නිසා ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි
    එක්නැලිගොඩ හෝ වෙනත් කෙනෙක් රජාට පයින් ගහලා තියෙනවා ලු. අද වුනත් ඒ පරම්පරාවේ අයගේ කකුල් වල හොරි දාලා විඳවනවා කියනවා.
    පත්තරේ ක තිබ්බේ