අමෝ අපේ ඩොකා දෙයියෝ. තැන්කූ වේවා. ලබන අවුරුද්දේ මම ලංකාවෙ නැති වෙයි මචන් ගොඩක් වෙලාවට, මාස 2න් දෙකට විසිට් දාන්න තමා ප්ලෑන් එක. ඒ නිසා contractor කෙනෙට සෙට් කරන්න තමා හිතුවේදන්න විදිහට උදව් කරන්නම් කැමති ටිකක් අහුල ගනින්.. හැබැයි මගේ මේ දවස්වල හදන්නේ ගෙවල් නෙවෙයි, අංගසම්පුර්ණ ක්ලිනික් ටිකක්. නමුත් කොන්ත්‍රාත් වියදම් ගනන් එකයිනේ.
නූල් අදින්න 10000, පස් කියුබ් කැපිම 5500, ගලුගල්බැම්ම කියුබ් 10500, දෙකේ දෙකේ බේස් 4500, තුන තුන බේස් 7000,හතර හතර බේස් 8500, නවේ නනේ බීම් 325, බ්ලොක් ගලක් බදින්න 50, හතර හය ලින්ටල් 160, හය ලින්ටල් 200 කපරාරුව 50, පොටිකපා පිලර් ඇද 45යි. ටයිල් 75 වගේ ගනන් ගියේ.
වයරින් කරද්දි නම් ස්විච්/ලයිට්/ෆෑන්/ ප්ලග් පොයින්ට් එකක් ගහන්න 1000ක්.
ඒසිඑල් එකෙන් 1044 - 5600, එකාමාර ට්වින් 21400, දෙකාමාර ට්වින් 33700 අර්ත් 14500 වගේ ගත්තේ.
මම එක තැනක ෆිනිෂින් වහල ගැහුවා. එතන ප්‍රධාන තැන විදිහට පේන්න ඕනා නිසා. ලී ගනන් හා වහල හදන්න යන කාලේ ගොඩක් වැඩි. අනිත් තැන් ඔක්කොම කලේ ස්ලැබ්. ඒක සමස්ථයක් ලෙස ලාබයි ඉක්මන්. මට ඔන උනෙ ඉක්මනට වැඩ ඉවර කරන්න.
සාමාන්‍ය කාමරයක් 10 12 උනත් ඇතිනේද. මාස්ටර් එකක් 16 12ට මොකද.
ටයිල් සේල් යනවා. මං ගත්තේ මැක්ටයිල්. හොද ලස්සන ඩිසයින් තිබ්බා.
මම හිතන්නේ මට ඉවර කරන්නම (එළියත් හදලා ගලුත් අල්ලලා) වර්ග අඩියට 7500ක් වගේ යන්න ඇති.
මතක තියාගන්, බිත්ති බදින එක වත් නග්ගන එකවත් අවුලක් නැ. අමාරුව පටන්ගන්නේ බිත්ති බැන්දට පස්සෙ.
ෆිනිෂින් වලදි දවසට ලක්ෂ 10යත් මදි වෙන වෙලාවල් එනවා. ඒ නිසා අවසාන කොටස ගැන වැඩිපුර හිතලා වැඩ පටන් ගනින්.
රෙන්ට් කරන්නම ඉන්නවානම් රෙන්ට් වලට හරියන්න ප්ලැන ඇදගන්න. ආකියෝ දන්නවා ඒකට ගැලපෙන්න වෙනස්කම් කරන්න. එහෙම ඇදලා ස්ට්‍රක්චර් කරන්න. එතකොට වියදම තව කළමනාකරණය කරගන්න.
සියලු බාස්ලා හොයාගත්තේ බුකියේ කන්ස්ට්‍රක්ෂන් ගෘප් වලින්
කෝටි 1.5 square feet කීයකටද?roof eka gahapan slab eka danna epa kalayak yaddi prashna enawa. full cost eka 15 Millon wage yai
------ Post added on Dec 8, 2024 at 7:54 PM