මේ ඊයේ පෙරේදා ගෙවල් ගාව ඩයල් එකක් මට කෙල්ලෙක්ගෙ නම්බර් එකක් දුන්නා පොර එක්ක වැඩ කරන කෙල්ලෙක් කියල. මම ඌ වැඩ කරන තැන දන්නෙත් නෑ ලඟදි ඒ ජොබ් එකට ගියේ. මට කිව්වා කතා කරලා බලන්න කියල. කෙල හොඳයි කිව්වා. මාත් නම්බර් එක සේව් කරගෙන බැලුවා වට්සැප් ඉන්නවද කියල. බලද්දී පොෂ් ලුක් එකක් තියෙන ලස්සන කෙල්ලෙක්. ලොවෙත් දන්නවා මෙව්වා සෙට් වෙන්නේ නෑ කියල. අරූ කියපු නිසා මැසේජ් කරලා බැලුවා. මේකි 2000 කෙල්ලෙක්. ගාමන්ට් එකක වැඩ. පැකින් සෙක්ෂන් එකේ කිව්වා. මම කිව්වා මම 92 අවුරුදු 8ක් නේ ගැප් එක කියල. අරූ මේකිට කියල තියෙන්නේ මට 26යි කියලලු. මම කිව්වා එයා බොරු කියල තියෙන්නේ කියල. මම ඉතින් එහෙම කියල සද්ද නැතුව හිටියා වයස ගැප් එක වැඩි නිසා මෙකි අකමැති ඇති කියල. ඊට පස්සේ ඒකි අහනවා එෆ්බී ඉන්නවද කියල. මම එෆ්බී දිඅක්ටිවෙට් කරලා තියෙන්නේ. මම කිව්වා මේ දවස්වල එෆ්බී දිඅක්ටිවෙට් කරලා තියෙන්නේ ඇයි ෆොටෝ බලන්නද කියල. ඔව් කිව්වා. මම එහෙනම් ෆොටෝ එවන්නම් කියල යැව්වා. දෙකක් මුලින්. ඒක සීන් කරපු ගමන් මම තව එකක් යැව්වා ලඟදි ගත්ත එකක්. අර දෙක ටිකක් පරණ නිසා. හැබැයි ඊට පස්සේ සෙන්ට් වුනා විතරයි කවදාවත් මැසේජ් එක ඩිලිවර් වුනේ නෑ. බලද්දී මාව බ්ලොක් කරලා. ඔන්න ඔහොමයි අපිට ගෑනු සෙට් වෙන්නේ. enough is enough..