TRCSL හි නව IMEI ප්‍රතිපත්තිය විදේශයක සිට ගෙන ඵන දුරකථන වලට බලපාන හැටි..📵⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    sUlClvF.png



    ජනවාරි 29 දිනයෙන් පසු ලියාපදිංචි නොවූ උපාංග කිසිදු දේශීය ජාල සේවාවක් සමඟ සම්බන්ධ කළ නොහැකි වනු ඇතියි.
    විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් 2025 ජනවාරි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනය කෙරෙන සියලුම ජංගම දුරකථන සහ SIM පහසුකම් සහිත උපාංග සඳහා IMEI ලියාපදිංචිය අනිවාර්ය කිරීමට තීරණය කර ඇත.

    මෙම තීරණය අනුව, ජනවාරි 29 දිනයෙන් පසු ලියාපදිංචි නොවූ උපාංග කිසිදු දේශීය ජාල සේවාවක් එහෙම නැති නම් Network Provider කෙනෙක් සමඟ සම්බන්ධ කළ නොහැකි වෙනවා.

    2025 ජනවාරි 28 දිනට පෙර ශ්‍රී ලංකාවේ ජාල සේවා සමඟ සම්බන්ධ කර ඇති සියලුම උපාංග සඳහා මෙම නව නියාමනයේ බලපෑමක් ඇති වන්නේ නැහැ. එනම්, ඔබ දැනට (ජනවාරි 28 ට පෙර) භාවිතා කරන්න පටන්ගත් ජංගම දුරකථනය හෝ වෙනත් SIM සහිත උපාංගයක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත යුතු වන්නේ නැහැ.

    2025 ජනවාරි 28 න් පසු නව උපාංගයක් මිලදී ගැනීමේදී එය අනිවාර්යයෙන්ම TRCSL වෙළඳ බලපත්‍රලාභී ආයතනයකින් මිලදී ගත යුතු වෙනවා. මෙහිදී වැදගත් වන්නේ එම උපාංගය නීත්‍යානුකූලව ආනයනය කර, අදාළ බදු ගෙවා ඇති බවට තහවුරු කර ගැනීමයි.

    විදේශයක සිට නව උපාංගයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී එය ලංකාවේ භාවිත කිරීමට නම්, මිලදී ගැනීමේ බිල්පත හෝ invoice එක අත්‍යවශ්‍ය ලේඛනයක් ලෙස සැලකෙන අතර, මෙහිදී උපාංගයේ නම, IMEI අංක සහ මිලදී ගත පුද්ගලයාගේ නම පැහැදිලිව සඳහන් විය යුතුයි. මෙම ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවට පැමිණි පසු උපාංගය TRCSL හි ලියාපදිංචි කිරීමේ හැකියාව පවතිනවා.

    එමෙන්ම AliExpress වැනි මාර්ගගත වෙළඳසැල් හරහා උපාංග ගෙන්වන්නේ නම්, ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන උපාංග සඳහා මධ්‍යම තැපැල් කාර්යාලයේදීම අදාළ බදු ගෙවා ලියාපදිංචි කිරීමේ පහසුකම ඔබට හිමි වෙනවා.
    💡

    ඔබගේ උපාංගයේ IMEI අංකය සොයා ගැනීමට *#06# අංකය ඩයල් කිරීමෙන් හැකියාව ලැබෙනවා.

    ඔබේ දුරකථනය සිම්පත් දෙකක් භාවිත කල හැකි එකක් නම් ඔබ ට IMEI අංක දෙකක් පෙන්වාවි.

    IMEI අංකය ලියාපදිංචි දැයි තහවුරු කර ගැනීම සඳහා
    💡

    1909 අංකයට IMEI <හිස්තැන> <අංක 15 IMEI අංකය> ආකාරයට කෙටි පණිවිඩයක් යවන්න.

    Dual-SIM උපාංග සඳහා IMEI අංක දෙකක් තිබිය යුතු අතර, ඒවා වෙන වෙනම ලියාපදිංචි කළ යුතු බව මතක තබා ගන්න.
    මෙම නව පියවර මගින් උපාංග ආශ්‍රිත වංචා මැඩපැවැත්වීම සහ දේශීය විදුලි සංදේශ ජාලයේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන වශයෙන් අරමුණු වෙනවා.

    කෙසේ වෙතත්, 2014 වසරේදී ද මෙවැනි නියාමනයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක නම් වුනේ නැහැ. දශකයකට අධික කාලයකට පස්සේ තමයි මේ නීතිය නැවත ක්‍රියාත්මක වීම ගැන නැවත ආරංචියක් ලැබෙන්නේ, මේ වතාවේ මෙහි සාර්ථකත්වය කොයි වගේ වේවිද කියන එක අපිට නුදුරු අනාගතයේදී බලාගන්න පුළුවන් වේවි.

    උපාංග ආනයනය කිරීමේදී TRCSL හි අනුමැතියට අමතරව ශ්‍රී ලංකා රේගුව, ආනයන හා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය යන ආයතනවල අනුමැතිය ද අත්‍යවශ්‍ය වෙනවා.

    මේ ආකාරයෙන් ආයතන ගණනාවක අනුමැතිය හා අධීක්ෂණය යටතේ රටට ඇතුළු වන උපාංගවල නීත්‍යානුකූලභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම තමයි අපේක්ෂා කරන්නේ.

    මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා trc.gov.lk වෙබ් අඩවිය සහ භාවිතා කළ හැක.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ලොවත් නැති මරි මෝල් මෝඩ තීරණ. එතකොට වෙන රටක ඉන්න එකෙකුට ගිෆ්ට් එකක් විදියට ෆෝන් එකක් හම්බ උනත් බිලක් ඉල්ලන්න ඕනද ? වෙන රටක ඔෆිස් එකකින් දීපු ෆෝන් එකක් ලංකාවේ නිවාඩුවකට එන එකෙක්ට බිල ගෙනාවේ නැත්නම් යුස් කරන්න බැරිද ? ලංකාවට එන ටුවරිස්ට්ල කොහොමද ෆෝන් එකක් යූස් කරන්නේ ?

    ෆෝන් ගෙන්නන උන් ටිකක් චන්දෙට වියදම් කරලා ඇති. ඕකත් මේ ආණ්ඩුවේ අනිත් ඒවා වගේම රිවර්ස් වෙන්නේ නැද්ද බලපන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,384
    25,582
    113
    ඉන්දියාවේ, සිංගප්පුරු හොරකම් කරපුව මෙහෙ අඩුවට විකුනනවා. බලපන්කො අනුරාධපුර එකෙක් iphobe දෙනවා හිතාගන්න වත් බැරි ගානට.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඉන්දියාවේ, සිංගප්පුරු හොරකම් කරපුව මෙහෙ අඩුවට විකුනනවා. බලපන්කො අනුරාධපුර එකෙක් iphobe දෙනවා හිතාගන්න වත් බැරි ගානට.
    stolen iphone lock karanna puluwan ne
     
    • Like
    Reactions: Cypress and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    එව්වා අයින් කරන්න ක්‍රම ඇති මාලිගාවත්තේ එකෙක් ඉන්නවලු ime no වෙනස් කරන 🤣

    apple eken nam kiyanne ehema baha kiyala. parana ewa puluwan athi samahara wita

    https://support.apple.com/en-nz/120340
    එමි එක වෙනස් කරලා නෙමෙයි ඕක කරන්නෙ
    ෆෝන් එක ලොස්ට් මෝඩ් හරි ලොක් වෙලා හරි තිබුනත්, ඇපල් එකට ඒ ෆෝන් එක ගනිද්දි ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් දීපු බිල දුන්නොතින් ලොස්ට් මෝඩ් දාපු ෆෝන් එක අන්ලොක් කරලා දෙනවා
    සමහර ඇපල් ස්ටෝ වල වැඩ කරන එවුන් ඉන්නවා හොරට ඇපල් ස්ටෝ බිලක් හදලා දෙන එවුන්. ඉස්සර නං ebay එකේ පවා තිබුනා දැන් එහෙම ඕපන්ලි වෙන්නෙ නැහැ, හැබැයි වැඩේ වෙනවා. ඔය අන්ලොක් කරන එවුන් කොහොම හරි ඒ වැඩේ කරන්න පුලුවන් එකෙක්ගෙ කන්ටැක් එකක් හදාගෙන ඉන්නෙ
    එතකොට ලොස්ට් මෝඩ් දාපු ෆෝන් එකට ඇපල් ස්ටෝ එකකින් ඔරිජිනල් බිලක් හදලා ඒක Purchasing proof එක විදියට ඇපල් ස්ටෝ එකකට දීලා අන්ලොක් කරනවා
    Apple care ඇක්ටිවු වෙන්නෙ නැති ෆෝන් වලටත් Purchasing proof හදලා Apple care ඇක්ටිවු කරලා දෙන එවුන් ඉස්සර ebay එකේ හිටියා දැන් නං කොහොමද දන්නෑ

    දැනට උනත් ඔරිජිනල් බිල තියනවා නං සහ ඇපල් කෙයා හරියටම අවුරුද්ද නැත්තං සපෝට් එකට බිල දැම්මම ඇපල් කෙයා හරියට ගනිපු දවසෙ ඉඳන් හදලා දෙනවා
    (ලංකාවෙ කඩෙන් ගනිපු බිල හරියන්නෙ නැහැ ඇපල් ස්ටෝ එකකින් හරි ඇපල් Authorized reseller කෙනෙක් ගෙන් ගනිපු බිල ඕන)
    https://support.apple.com/en-us/102261
     
    Last edited:

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    තවත් රිවර්ස් එකක් කමින් සූන්.... ලපයගේ අම්මට බල්ලොවට්ග් හිකුවෙ නෑ මෙච්චර...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    Touristsලගේ ෆෝන්ස් airport එකේදිද register කරන්නේ? :lol:
    උතුරු කොරියාවට ගියා වගේ :lol:

    මුන්ගෙ අම්මලාට පෝලිම් දාල හුකෝලා ගන්න ඔනෙ. ගොන් විදියට ටැක්ස් ගහනකොට ජාවාරම් ඇති වෙනව තමා. ඒකට කරන්න ඔනෙ මේ වගේ මරි තීරණ අරන් පොලිස් ස්ටේට් එකක් හදන එක නෙවෙයි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    මුන් මෙක කරන්නෙ ටැක්ස් ගහන්න! දැනට හොර පාරෙන් එන ෆොන් ටැක්ස් කරගන්න බැරිව ඉන්නෙ!

    එත් මෙ මරි මොඩ හැත්ත තෙරුම් ගන්නෙ නැ, මෙකෙක් පිට රට ඉදන් එන මිනිස්සුන්ගෙ ෆොන් ලන්කාවෙ වැඩ කරන්නෙ නැති බව!
    එ වගෙම සුද්දො කැමති වෙද උන්ගෙ ෆොන් ගැන තොරතුරු ලන්කාව වගෙ කිසිම ආරක්ශාවක් නැති රටකට දෙන්න! රෙවාගන්න යන්නෙ!

    Suddo On arrival visa ganiddi Imei eka submit karanna oneda?
    උබට පිස්සුද? සුද්දො එහෙම උන්ගෙ ඉමි නම්බර්ස් වෙන රටකට දෙන්න කැමති වෙයිද? එවා අතිශය පුත්ගලිකයි!
    ------ Post added on Jan 9, 2025 at 5:14 PM