ඔව් මාත් ඕකමයි කල්පනා කරේ.
හරි අපි මැද තැනක ඉඳල මේක ගැන බැලුවත් බං, සකන්ඩ් හෑන්ඩ් මාකට් එකට වාහන මැච් කරන කොහෙත්වම ලොජිකල් නැති විහිළුවක්, එතැන කිසිම පදනමක්/තර්කයක් නෑ.
එතකොට ඊළඟ ප්‍රශ්නෙ ඩොලර් සංචිත සීමිතයි නම් ඒකට තියෙන විසඳුම අසාමාන්‍ය විදියට ටැක්ස් ගහන එක නෙමෙයි. ඒක ලිමිට් කරන්න වෙන මොනවහරි ක්‍රමවේදයක් ගේන එක. අර පර්මිට් කැන්සල් කරා වගේ, මොනවහරි කෝට එකක් Introduce කරල හෝ වාහන පන්තියෙන් පන්තිය ඕපන් කරල හෝ වෙන ක්‍රමයක් හදන්න ඕන. නැත්නම් සංචිත පාලනය කරන්න ටැක්ස් ගැහුවම වෙන්නෙ ඔක්කොම අසමතුලිත වෙන එක. ඒ කියන්නෙ සිස්ටම් එකම ෆුල් අවුල් යනව. මොකද මේ ගහපු බදු ආයිත් අඩු කරන්න බෑනේ ජීවිතේට, අඩු කර ගමන් අර මුල් හරියෙ ගෙනාපු එවුන්ට කරන අසාධාරණයක්, මොකද ඒ ගෙනාපු අය ඇත්තටම මේකට අහුවනව මොකද ලීගලි බදු වැඩි කරල ගණං ගිය නිසා. අර සකන්ඩ් හෑන්ඩ් මාකට් එක එහෙම හැදුන දෙයක් නෙමෙයි නේ.
කවුද මංද බං මුංට උපදෙස් දෙන්නෙ. අනිත් එක මෙතැන සෙල්ලම් ගානක් නෙමෙයි වාහන ගේන්න වෙන් කරල තියෙන්නෙ. ඩොලර් බිලියන 1.2ක්. ඒ කියන්නෙ 2015 වාහන හොඳටම අඩු උන කාලෙ පර්මිට් ඇතුලුව අවුරුද්දටම එච්චර ගෙන්නල නෑ.