නාරාහේන්පිට රඟ දුන් තුසිත හල්ඔළුවගේ 'වෙඩි ප්‍රහාර' නාටකය අතේ පත්තු වේ..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    පසුගිය පළාත් පාලන ඡන්දයට දින දෙකක් තිබිය දී ජනාධිපති අනුර සම්බන්ධයෙන් කිසිදා ඔප්පු කළ නොහැකි අමූලික මඩ අවලාදයක් වීරයා සේ මාධ්‍ය ඉදිරියේ එල්ල කළ, ඉන්පසුව ඒ පිළිබඳ ඔහුට එරෙහිව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත පැය 7 ක ප්‍රකාශයක් දීමෙන් අනතුරුව මාධ්‍යයෙන් සැඟවී, දිය බරියෙකු සේ පැන ගිය, කුප්‍රකට දේශපාලන යටි කූට්ටුකාර නළුවකු වන තුසිත හල්ඔළුව නමැත්තා තමාට 'වෙඩි ප්‍රහාරයක් එල්ල වූවා' යැයි නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    අසාර්ථක නාට්‍ය පිටපත..​

    ඔහුගේ පැමිණිල්ලට සහ පොලිස් ස්ථානීය පරීක්ෂනයට අනුව, කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී අද (17) රාත්‍රියේ වෙඩි තැබීම සිදුව තිබේ. ඔහු ගමන් කළ රථය පසු පස ආ යතුරුපැදි කරුවන් දෙදෙනෙක් රථය පසුකරමින් අහසට වෙඩි කිහිපයක් තබා පසුව රථය නතර කිරීමෙන් පසු ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ වම් පසට වන්නට එක් වෙඩිල්ලක් තබා තිබේ. වම්පස ඉදිරිපස ආසනයේ කිසිවෙකු ගමන් කර නැත.

    රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් පසුපස අසුනේ ගමන් කළ තුසිත හල්ලොලුව ට හෝ ඔහුගේ නීතිඥවරයා යැයි කියාගන්නා තවත් කුප්‍රකට නීලකාස කුමන්ත්‍රණකරුවෙකු වන දිනේෂ් දොඩන්ගොඩ නමැත්තා ට ද කිසිදු හානියක් සිදුව නැත. අඩුම ගණනේ රියැදුරුට ද කිසිවක් සිදුව නැත.

    පුදුමය වන්නේ වෙඩි තැබූ පුද්ගලයන් තුසිත හල්ඔළුවට පහරදීමක් කළ බවත් පහරකෑමට ලක්වූ හල්ලොලුව රෝහල්ගත කර ඇති බවයි.

    මෙම නාටකයේ වැදගත්ම කෑල්ල නම් වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව කියා සිටීමයි.

    වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇතැයි කියයි.

    අපි නොදන්න චෙස්..!​

    මේ නාටකය සම්බන්ධයෙන් එක්තරා සමාජ මාධ්‍ය තිබූ කොමෙන්ටුවකින් සියල්ල පැහැලි කර දෙයි. එනම් "ඌ මැරිලා නම් පාතාලේ වැඩක්, මැරිලා නැත්නම් හල්ඔළුවගේම වැඩක්.."

    දැන් හල්ඔළුවට සීඅයිඩියට කියන්නට ගැලවිල්ලට යමක් තිබේ. එනම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහු සතුව තිබූ සාක්කි ඇතුලත් ලිපි ගොනුව වෙඩික්කරුවන් විසින් පැහැර ගත් බවය. .

    අපි නොදන්න චෙස්..!

    කෙසේ වෙතත් හල්ඔළුව - දොඩංගොඩ නාටකය ගැන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (සීසීඩීය) පරීක්ෂන පවත්වයි.

    පරීක්ෂන කළ යුත්තේ මොනවාද?​

    සීඅයිඩිය හෝ සීසීඩීය සෙවිය යුත්තේ හල්ඔළුවගේ ප්‍රකාශ ගැන නොව, රබර් සෙරෙප්පු දෙකක් පැළැඳ කොළඹට සේන්දු වූ දුප්පතෙකු වූ හල්ඔළුව, කිසිදු ලියාපදිංචි ව්‍යාපාරයක් නොකර, ආණ්ඩු වල විවිධ දේශපාලන තනතුරු දරමින්, ඉතා කෙටි කලක දී උපයා ඇති අති මහත් ධනය සහ දේපොල ඔහු උපයා ගත්තේ කෙසේ ද යන්න ගැන 'අපරාධයකින් උත්පාදිත දේපොළ පිළිබඳ නීතිය' යටතේ පරීක්ෂන කළ යුතු ය.

    මන්ත්‍රී චාමර සම්පත්ගේ බිරිඳගේ ද 'මාධ්‍ය ප්‍රකාශකයා' වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට සමහර විට තුසිත හල්ඔළුවගේ ද මාධ්‍ය ප්‍රකාශකයා වීමට බැරි කමක් නැත.
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963

    මේක නං පරීක්ෂණ කරන්න ඕනැ වැඩක් මෙ විදියෙම තව එකෙක් ඉන්නව "අනුර දිසානායක" කියල. හල්ඔලුව කියන එකාම කිවුව විදියට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ආපු, රස්සාවක් නොකර ග්‍රීසියෙ නැවු ගත්තයි කියන එකෙක්. දෙන්නා කලින් හොද යාළුවො.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මේක නං පරීක්ෂණ කරන්න ඕනැ වැඩක් මෙ විදියෙම තව එකෙක් ඉන්නව "අනුර දිසානායක" කියල. හල්ඔලුව කියන එකාම කිවුව විදියට රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ආපු, රස්සාවක් නොකර ග්‍රීසියෙ නැවු ගත්තයි කියන එකෙක්. දෙන්නා කලින් හොද යාළුවො.

    ග්‍රීසියෙ නැවු witharak newei ireland gewal ( gewal newei ewa raja maligalu)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    විහිළුවට වෙඩි තියපු එකා පොන්න අනුරට අල්ලගන්න බැරි වෙලා ද ඔයි😂

    ජාතික ආරක්ෂාව ගැන පන්ති යන්න වෙයි වගේ😂
     
    wdishan

    Active member
  • Mar 28, 2008
    431
    45
    28
    විහිළුවට වෙඩි තියපු එකා පොන්න අනුරට අල්ලගන්න බැරි වෙලා ද ඔයි😂

    ජාතික ආරක්ෂාව ගැන පන්ති යන්න වෙයි වගේ😂
    nedakin ponnaya tho nam adu mase huttige puthek
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,931
    113
    පෘථිවිය
    පසුගිය පළාත් පාලන ඡන්දයට දින දෙකක් තිබිය දී ජනාධිපති අනුර සම්බන්ධයෙන් කිසිදා ඔප්පු කළ නොහැකි අමූලික මඩ අවලාදයක් වීරයා සේ මාධ්‍ය ඉදිරියේ එල්ල කළ, ඉන්පසුව ඒ පිළිබඳ ඔහුට එරෙහිව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලක් මත පැය 7 ක ප්‍රකාශයක් දීමෙන් අනතුරුව මාධ්‍යයෙන් සැඟවී, දිය බරියෙකු සේ පැන ගිය, කුප්‍රකට දේශපාලන යටි කූට්ටුකාර නළුවකු වන තුසිත හල්ඔළුව නමැත්තා තමාට 'වෙඩි ප්‍රහාරයක් එල්ල වූවා' යැයි නාරාහේන්පිට පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

    අසාර්ථක නාට්‍ය පිටපත..​

    ඔහුගේ පැමිණිල්ලට සහ පොලිස් ස්ථානීය පරීක්ෂනයට අනුව, කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී අද (17) රාත්‍රියේ වෙඩි තැබීම සිදුව තිබේ. ඔහු ගමන් කළ රථය පසු පස ආ යතුරුපැදි කරුවන් දෙදෙනෙක් රථය පසුකරමින් අහසට වෙඩි කිහිපයක් තබා පසුව රථය නතර කිරීමෙන් පසු ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයේ වම් පසට වන්නට එක් වෙඩිල්ලක් තබා තිබේ. වම්පස ඉදිරිපස ආසනයේ කිසිවෙකු ගමන් කර නැත.

    රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් පසුපස අසුනේ ගමන් කළ තුසිත හල්ලොලුව ට හෝ ඔහුගේ නීතිඥවරයා යැයි කියාගන්නා තවත් කුප්‍රකට නීලකාස කුමන්ත්‍රණකරුවෙකු වන දිනේෂ් දොඩන්ගොඩ නමැත්තා ට ද කිසිදු හානියක් සිදුව නැත. අඩුම ගණනේ රියැදුරුට ද කිසිවක් සිදුව නැත.

    පුදුමය වන්නේ වෙඩි තැබූ පුද්ගලයන් තුසිත හල්ඔළුවට පහරදීමක් කළ බවත් පහරකෑමට ලක්වූ හල්ලොලුව රෝහල්ගත කර ඇති බවයි.

    මෙම නාටකයේ වැදගත්ම කෑල්ල නම් වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව කියා සිටීමයි.

    වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇතැයි කියයි.

    අපි නොදන්න චෙස්..!​

    මේ නාටකය සම්බන්ධයෙන් එක්තරා සමාජ මාධ්‍ය තිබූ කොමෙන්ටුවකින් සියල්ල පැහැලි කර දෙයි. එනම් "ඌ මැරිලා නම් පාතාලේ වැඩක්, මැරිලා නැත්නම් හල්ඔළුවගේම වැඩක්.."

    දැන් හල්ඔළුවට සීඅයිඩියට කියන්නට ගැලවිල්ලට යමක් තිබේ. එනම් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඔහු සතුව තිබූ සාක්කි ඇතුලත් ලිපි ගොනුව වෙඩික්කරුවන් විසින් පැහැර ගත් බවය. .

    අපි නොදන්න චෙස්..!

    කෙසේ වෙතත් හල්ඔළුව - දොඩංගොඩ නාටකය ගැන කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය (සීසීඩීය) පරීක්ෂන පවත්වයි.

    පරීක්ෂන කළ යුත්තේ මොනවාද?​

    සීඅයිඩිය හෝ සීසීඩීය සෙවිය යුත්තේ හල්ඔළුවගේ ප්‍රකාශ ගැන නොව, රබර් සෙරෙප්පු දෙකක් පැළැඳ කොළඹට සේන්දු වූ දුප්පතෙකු වූ හල්ඔළුව, කිසිදු ලියාපදිංචි ව්‍යාපාරයක් නොකර, ආණ්ඩු වල විවිධ දේශපාලන තනතුරු දරමින්, ඉතා කෙටි කලක දී උපයා ඇති අති මහත් ධනය සහ දේපොල ඔහු උපයා ගත්තේ කෙසේ ද යන්න ගැන 'අපරාධයකින් උත්පාදිත දේපොළ පිළිබඳ නීතිය' යටතේ පරීක්ෂන කළ යුතු ය.

    මන්ත්‍රී චාමර සම්පත්ගේ බිරිඳගේ ද 'මාධ්‍ය ප්‍රකාශකයා' වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට සමහර විට තුසිත හල්ඔළුවගේ ද මාධ්‍ය ප්‍රකාශකයා වීමට බැරි කමක් නැත.

    ලංකාව කියන පුංචි රටේ
    වටේම ලුණු තියන රටේ
    අල්ලපු වත්තේ එකාට පුං එකක් ගියත් දන්නා රටේ
    තමන් විසින්ම තමන්ට වෙඩි තියා ගන්න, ඒක අහුවෙන බව දන්නා රටේ
    68 ලක්ෂයක් බුද්දිමතුන් ඉන්න රටේ
    මේ මනුස්සය මෙහෙම කරගනිද ?
    එහෙම නැත්නම් ආණ්ඩුව මේක වෙන විදිහිකට ලියනවද ?
    අපි නොදන්නා චෙස්
    අර අන්තර් විශ්වවිද්‍යාලය සෙට් එක පාරට බස්සල උන් අපේ නෙමේ කියල, රගපාල මිනිස්සු අන්දන්න දන්නා රටේ
    අපි නොදන්නා අනුරගේ චෙස්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ලංකාව කියන පුංචි රටේ
    වටේම ලුණු තියන රටේ
    අල්ලපු වත්තේ එකාට පුං එකක් ගියත් දන්නා රටේ
    තමන් විසින්ම තමන්ට වෙඩි තියා ගන්න, ඒක අහුවෙන බව දන්නා රටේ
    68 ලක්ෂයක් බුද්දිමතුන් ඉන්න රටේ
    මේ මනුස්සය මෙහෙම කරගනිද ?
    එහෙම නැත්නම් ආණ්ඩුව මේක වෙන විදිහිකට ලියනවද ?
    අපි නොදන්නා චෙස්
    අර අන්තර් විශ්වවිද්‍යාලය සෙට් එක පාරට බස්සල උන් අපේ නෙමේ කියල, රගපාල මිනිස්සු අන්දන්න දන්නා රටේ
    අපි නොදන්නා අනුරගේ චෙස්

    anurata ithin ranil mahinda wage game karayek wenna bari wei,
    api nodannawata oka seratama wada game karayekda danneth naha ban