මී පැනි විකුනන අය ජෙනුයින් මී පැනි කියලා පේන්න උඩින් මී වද කෑලි ටිකක් දානවා (මොකද ගන්න අය හිතනවා මී වද කෑලි පේන්න තියනවා නං ඒව ජෙනුයින් කියලා

, ඒක නිසා සීනි පැනි හදන අය උඩින් මී වද කෑලි ටිකක් පොඩි කරලා දානවා මේක ජෙනුයින් මී පැනි වලටත් කරනවා)
මී වද ටික උඩ පාවෙනවා ඒක නිසා සමහරවිට දැන් ගන්නෙ පැනි වල උඩින්මනේ ඒක නිසා ඒ වද කෑලි ටිකේ රස එනවා වෙන්න පුලුවන්
මී පැනි ඉටි වෙන්නෙ නං නැහැ කල් යද්දි ක්රිස්ටලයිස් වෙනවා වගේ සීන් එකක් වෙන්නෙ
ඒක ප්රශ්නයක් නැහැ, ඒක සාමාන්යෙන් කරන දෙයක් හොර කරන්න නෙමෙයි ඒක කරන්නෙ
මොකද මී මැස්සො ඒ පිටින් දෙන සීනිටික මී වද වල පුරවන්නෙ නැහැ. සාමාන්යෙන් සීනි විතරක්ම එහෙම තියන්නෙ නැහැ සීන වලට රට ඉඳි වගේ දෙයක් කලවම් කරලා දියකරලා තියන්නෙ, ඔහොම කරන්නෙ වැස්ස කාලෙට (සමහර විට තද පායන කාලෙට) මී මැස්සො අඩු වෙන එක නතර කරන්න
ඒව උන් කාල දිරවල ආයෙ වමාරල හැදෙන පැනි තමයි වද වල පුරවන්නෙ ඒක නිසා පිටින් සීනි තිබ්බ කියලා උන් හදන පැනි වල composition එකේ වෙනසක් නැහැ
------
Post added on May 21, 2025 at 6:43 PM